අටවන පරිච්ඡේදය

410 64 19
                                    


" ලොකූ.. කවුද පුතා ඔය..? "

ශ්වේත්ගෙන් මට ආපු ලියුමත් අරන් ගෙට එද්දිම පත්තරේ බල බල හිටපු තාත්තා මගෙන් ඇහුවා..

" යාලුවෙක් තාත්තෙ.. "

" ලියුම් එවන්නෙ..? ඇයි ඒ ළමයට ෆෝන් එකක් නැද්ද..? "

" ලොකූට ඒ ළමයා දැන් ගොඩක් කල් ඉදන් මේ ලියුම් එවන්නෙ මනෝජ්.. "

මං තාත්තාට මුකුත් කියන්නත් කලින්ම අම්මා කුස්සියේ ඉදන්ම එහෙම කිව්වෙ.. ඊටපස්සෙ තාත්තා කරේ දාගෙන හිටිය කණ්ණාඩි දෙකත් ගලවලා පැත්තකින් තියලා පත්තරෙත් නවලා මගේ දිහා බලපු එක..

" කොහෙ කෙනෙක්ද ඔය..? "

" මාතර.. "

මං ඒකට උත්තර දුන්නත් තාත්තගෙ බැල්මේ වෙනසක් නෑ.. ඒක නිකන් මාව ස්කෑන් කරනවා වගේ..

" කොහොමද දැන් ඔය අදුරන්නෙ..? කවුද කියලා දන්නෙවත් නැතුව ඇයි හොදයිකම් පවත්වන්න එහෙම එපා ලොකූ.. තේරුනානෙ..? දැන් කාලෙ ළගම අය වුණත් වැඩිය විශ්වාස කරන්න බෑ.. "

" අයියෝ තාත්තේ ඒ අයියා තමයි මට අර පොත් එව්වෙ.. ෆිසික්ස්, කෙමිස්ට්‍රි දෙකේම පොත් වගයක් එව්වා.. මං කිව්වෙ දවසක්.. මතක නැද්ද..? "

මං ලියුමත් අතේ තියාගෙනම පුටුවකින් වාඩි වුණේ තාත්තාගෙ ප්‍රශ්න තාම ඉවර නෑ කියලා හිතුන නිසා.. ඇත්තටම පුදුම වෙන්න දේකුත් නෑ.. අවුරුද්දක් තිස්සෙ මට එකම නමකින් ලියුම් ලැබෙද්දි එයාලටත් ප්‍රශ්නයක් ඇති කවුද මේ කියලා..

" ආ මතකයි.. ඉතින් දරුවො ලියුම් ලිය ලිය ඉන්නවට වඩා හොද නැද්ද නම්බර් එකක් ඉල්ල ගත්තනම්.. මොකද දැන් කාලෙ පහසුකම් නැතුවද.. "

තාත්තා එහෙම කිව්වම මං කරේ හිනා වුණ එක විතරයි.. ශ්වේත්වත් මංවත් එයා මගෙන්වත් කවදාවත් අහලා නෑ ෆෝන් නම්බර්ස් ශෙයා කරගමුද කියලා.. ඉතින් මට බෑ වගේ මුලින්ම එයාගෙන් නම්බර් එක ඉල්ලන්න..

" දැන් ඒ ළමයා මොනවද කරන්නෙ..? කැම්පස්ද..? "

" නෑ.. ශ්වේත් කැම්පස් ගියේ නෑ තාත්තෙ.. "

එයා කැම්පස් ගියේ නෑ කිව්වම තාත්තා ප්‍රශ්නාර්ථ බැල්මකින් මගේ දිහා බැලුවෙ.. මොකද ඒ දවස්වල අපි දොළහ වසරෙදි වගේ ශ්වේත්ලගෙ ඒලෙවල්ස් රිසාල්ට්ස් ආවම මං ඒ ගැන කිව්වනෙ ගෙදර අය එක්ක..

අලු ඇස් | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now