පස්වන පරිච්ඡේදය

255 60 19
                                    

" අනේ මගෙ අතට මොකක්වත් අහුවෙන්නෑනෙ උබට දමල අතාරින්න.. "

මියුරු කෑගහල කිව්වම මං හිනා වුණා.. අර වෙලාවෙ නිකේෂ් කෝල් කරලා රිසාල්ට්ස් ඇවිල්ලා කිව්වත් මං බලන්න ගියේ නෑ.. එහෙන්මම හිතේ ගැස්සෙන්ම ඉක්මනට ගෙදරට ආවා දිගට හරහට මට කෝල් එද්දි.. අම්මා වුණත් මං එනකන් මිදුලට වෙලා බලාගෙන හිටියෙ.. හවස මේ මියුරු ඇවිත් අපේ ගෙදර මං කාගෙවත් කෝල්ස් ආන්ස්වර් කරේ නැති නිසා මොකද වුණේ බලන්න..

" කෝල්ස් ආන්ස්වර් නොකරනකොට මං හිතුවෙ වෙන එකක් යකෝ..! මූ මෙතන පොතක් කියවනෝ ආතල් එකේ..!!

පොඩ්ඩක් ඉදහන් අනිත් එවුන්ට කෝල් කරලා කියන්නෝනි උබ මැරිලා නෑ කියලා.. "

මට බැන බැනම මියුරු ෆෝන් එක අතට අරන් එළියට ගියා.. ඌ එද්දි මං ශ්වේත්ට රිසාල්ට්ස් ගැන කියලා ලියුමක් ලිය ලිය හිටියෙ.. මියුරු එනවා දැක්ක නිසා මං ඒක ළග තිබ්බ නවල් එක ඇතුළට දැම්මා.. ඉතින් ඌ හිතුවෙ මං පොතක් කියවනෝ කියලා..

" කෝ මියුරු පුතා..? "

අම්මා තේ හදාගෙන ඇවිත් මගෙන් ඇහුවම මං ඔලුවෙන් එළිය පෙන්නුවා.. මියුරු තාම කෝල් එකේ ඉදන් මට බනිනො ඇහෙනො.. ඇත්තටම රිසාල්ට්ස් බැලුවට පස්සෙ මගෙ ඔලුවට ආපු එකම දේ ශ්වේත්ට ලියුමකින් මේ ගැන කියන්න ඕනියි කියන එක.. ඉතින් මට එන කෝල්ස් ආන්ස්වර් කරන්න සිහියක් තිබ්බෙ නෑ.. උන් අපෙ අම්මට කෝල් කරත් අම්මගෙ ෆෝන් එකත් බිසීනෙ එයාට දිගට හරහට මගෙ රිසාල්ට්ස් අහලා එන කෝල්ස් නිසා..

" ආ කතා කරපන්..! "

මියුරු ගෙට ඇවිත් ෆෝන් එක මට දික් කරලා මං ඌට ඔලුවෙන් අම්මා තියලා ගියපු තේ බන්දේසිය පෙන්නලා ෆෝන් එක අතට ගත්තා.. කෝල් එක කිසල්ගෙන්..

" __ "

" නෑ බං..! මුල ඉදන්ම මං හිටපු තීරණේ තමයි.. "

" __ "

" මං හිතුවට වඩා රිසාල්ට්ස් හොදයිනෙ.. බයොලොජිකල් සයන්ස් යනෝ මං.. කොළඹ අහුවෙවීනෙ.. "

" __ "

" ඇත්තටමද උබ කියන්නෙ..? "

" __ "

" හා හා බං.. කොහොම හරි ගොඩදාගනිම්.. උබට බැරි නෑ..! "

" __ "

අලු ඇස් | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now