🚫⚠️️කිසිම අයුරකින් මෙම කතාව උපුටාගැනීම හෝ තවත් තැනක පල කිරීම සපුරා තහනම්. එසේ පලකිරීමට අවශ්‍ය නම් කරුණාකර මාගෙන් ඒ සදහා අනුමැතිය ලබාගන්න⚠️️🚫
Vote gole 70
...........................................
Flashback
කැරළිකරුවන් වැම්පයර් මාලිගාවට පහරදුන් දවස.ජන්කුක් වෙරෝනිකා එක්ක මාලිගාවෙන් ඈතට යනවා දැක්ක ටේහ්‍යුන්ගේ මනසට ටිකක් හරි සැහැල්ලුවක් දැනෙන්න ගත්තා. දැන් තමන්ගේ දරුවා වගේම තමන්ගේ ආදරේත් ආරක්ශිතයි කියලා ටේහ්‍යුන්ට හිතුනා.
" මමත් ඔයාට ආදරෙයි හියුන්ගී.. "
ජන්කුක් එයාගෙ ඇස් මට්ටමින් නොපෙනීයන්න කලින් ටේහ්‍යුන්ගේ යටි හිතට මුමුනනවා ඇහිලා ටේහ්‍යුන්ගේ මුවට ලස්සන හිනාවක් ආවා.
ඒත් ඒ හිනාව තිබ්බෙ ටික වෙලාවයි.
සියගනන් කැරලිකරුවන් ටේහ්‍යුන්ව වටකරගෙනයි හිටියෙ. ටේහ්‍යුන්ට ඒ සේරම දෙනා එක්ක තනියෙන් හැප්පෙන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ටේහ්‍යුන්ගේ බලයන් පවා ඒ වෙලාවේ වෙහෙස නිසාම අඩපන වෙලා.
තමන්ගේ ලග හිටුය අන්තිම සෙබලාවත් කැරලිකරුවන් මැරුවා කියලා දැක්ක ටේහ්‍යුන්ට තේරුනා දැන් මෙතනින් තමන්ට ගැලවීමක් නෑ කියලා.
හොද හුස්මක් ගත්තු ටේහ්‍යුන් තමාගේ අවසන් හුස්ම වෙනකන් සටන් කරන්න ඉටාගත්තා. මොකද tiger vampire කියන ජාතිය එහෙම ලේසියෙන් තමාගේ සතුරාට යටත්වෙන පිරිසක් නෙමෙයි.
ටේහ්‍යුන්ට සටන් කරලා පිරිමහන්න බැරි තරම් පිරිසක් එකපාර එද්දිත් ටේහ්‍යුන් එයාගෙ උත්සාහය අතෑරියේ නෑ. සමහර විට ටේහ්‍යුන් දිගටම එහෙමම සටන අල්ලගෙන හිටියානං තව ටික වෙලාවක් එයාගේ උදව්වට තව අය එන්න තිබුනා..
ඒත් අවාසනාවට වගේ ටේහ්‍යුන්ගේ සතුරන් උනේ යුද්ධයක කිසිම සාධාරණයක් නොදන්න ගිජුලිහිනියෝ. ඒ අතර ටේහ්යුන්ගේම මාලිගාවේ ටේහ්යුන්ටම සේවය කරපු සර්පයෝ පවා හිටියා.
( දැං කල්පනා කරන්න එපා සර්පයෝ මොක්කුංද.. ගිජුලිහිනියෝ මොක්කුන්ද කියලා.. උං ඔක්කොම vampire ලා)
YOU ARE READING
𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎
Vampireඔයාට මගෙන් ගැලවීමක් නෑ හා පැටියෝ.." ලමයි පිරිච්ච කොරිඩෝවේ උඩ පැන පැන දුවන rabbit hybrid jungkook දිහා vampire taehyung බලාගෙන හිටියේ රතු ඇස් සමගින්.. ඔව්.. ජන්කුක්ගේ සුවද අදුරගත්තු පලවෙනි මොහොතේ~~ ජන්කුක් කියන්නෙ එයාගේ මේට් කියලා අදුරගත්තු පලවෙනි...