Part 6

227 30 0
                                    

ටේහ්‍යුන් ඊලග දවසේ යුනි යන්න ඉවසීමක් නැතුව හිටියේ. මොකද එයාට එයාගෙ චූටි හුරතල් bunny මේට්ව බලන්න උවමනා උනා. කලින් දවසේ රෑ එයාගෙ මේට් ගැන දෙමව්පියන් එක්ක කතා කරද්දි ටේහ්‍යුන්ගේ අප්පා මුලු කතාව පුරාවටම කිසිම දෙයක් නොකියා හැමදේම කල්පනාකාරීව අහගෙන හිටියත් ටේහ්‍යුන්ගේ අම්මානම් ගොඩක් කැමති උනා ටේහ්‍යුන්ගේ මේට් ගොඩක් අහින්සක උන එකට.

පේන හැටියර ටේහ්‍යුන්ගේ අප්පටත් ටේහ්‍යුන්ගේ මේට් ගැන තිබ්බේ ජිම්ගේ ප්‍රශ්නෙමයි. නැම්ජූන් පවා මුකුත් කියන්න ගියේ නැත්තේ එයාට අප්පගෙ තීරණේට පිටින් මුකුත් කරන්න බැරි නිසයි. ඒවගේම එයා දන්නවා ටේහ්‍යුන්ට මොනාහරි උවමනා උනොත් එයා ඒ දේ කොහොම හරි ලබාගන්නවා කියලා. ඇරත් මේ සාමාන්‍ය දෙයක් නෙමෙයි.. ටේහ්‍යුන්ගේ මේට්.. ටේහ්‍යුන් දැන් කොහොමත් ජන්කුක් ගැන possesive.

ටේහ්‍යුන්ට උදෙන්ම තිබ්බේ second year එකේ students ලාට ලෙක්ච එකක්. ඒ කියන්නෙ ජන්කුක් ඉන්න බිල්ඩින් එකට එහා බිල්ඩින් එක. ටේහ්‍යුන් ජන්කුක්ව බලන්න තියෙන උවමනාවටම ටිකක් කලින් යුනි එකට ගියා.

සුපුරුදු විදිහටම ටේහ්‍යුන් එන පාර දෙපැත්තෙ යුනි එකේ ලමයි පොරකෑවත් ටේහ්‍යුන්ගේ අවධානය දිනාගන්න, ටේහ්‍යුන්ගේ ඇස් හෙව්වේ එකම එක බෝල ඇස් දෙකක් විතරයි.. ඒත් එයා හොයන ඒ බෝල ඇස් වල අයිතිකාරයා එතන හිටියේ නෑ.

ටේහ්‍යුන්ට පුලුවන්කම තිබ්බා ජන්කුක්ගේ පන්තියට ගිහින් එයා ගැන අහන්න. ඒත් අහංකාර ටේහ්‍යුන් කැමති උනේ නෑ කාගෙන්වත් උදව් ගන්න. ටේහ්‍යුන් දන්නවා ජන්කුක් මේ වෙලාවෙ මේ යුනි එක ඇතුලේ ඉන්නවා කියලා. මොකද එයා ජිමින්ව පැය 24ම ජන්කුක්ගේ ඔත්තු බලන්න යොදවලා තිබ්බේ.

ටේහ්‍යුන් ජන්කුක්ගේ සුවද එනවද කියලා වටපිටාව ඉව කරලා බැලුවා. ඒත් ටේහ්‍යුන් බලාපොරොත්තු උන විදිහට එයාට එතනදි ජන්කුක්ගේ සුවද දැනුනේ නෑ. මොකද ලමයි සිය ගානක් ඉන්න තැන එයාට එක පුද්ගලයෙක්ගේ සුවද ඉව කරන එක අමාරුයි.

වෙනදා පුරුද්දටම නෝටිස් බෝඩ් එක ලගට ආපු ටේහ්‍යුන් ඒක දිහා බලාගෙන ඉන්නකොට එතනින් කැම්පස් එකේ පරිපාලනය භාර ගුරුවරු දෙන්නෙක් කතා කරකර යනවා ටේහ්‍යුන් දැක්කා.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now