දහතුන්වන හුස්ම

235 26 0
                                    

" අද කොල්ලො ටික බැහැලම වැඩ වගේ නේ.."

" ඒකනම් ඇත්ත... උන් බොක්කෙන්ම බැහැලා සහිරුවෝ.."

තව දවස් තුනයි අපේ ස්පෝට්ස් මීට් එකට.. කොල්ලො ටික දාඩිය කාගෙන මහන්සි වෙනවා.. වෙලාවකට පව් කියලත් හිතෙනවා.. ඒත් උන් උන්ගේ සතුට සැනසීම ඒ අස්සෙන් උන්ට ලැබෙනවා... ඉස්කෝලේ යනවා කියන්නේ දවසම පොතක් බදාගෙන ඉන්නවා කියන දේම නෙමෙයි.. යාලුවො එක්ක පොර කාගෙන එක බත් එක කාලා.. කොහෙවත් යන වැදගම්මකට නැති ප්‍රශ්නයක් අල්ලගෙන එකාට එකා ගහ මරාගන්න එක..අන්තිමට ප්‍රින්සිපල්ගෙනුත් ගුටි කාලා ඔෆිස් එකේ ඉස්සර දනගහගෙන ඉන්න එක... ඒවා ඉස්කෝලේ කාලේ ගන්න වෙනමම ආතල්.. මොන තරම් උගත් කෙනෙක් උනත් අපේ භාෂාවෙන් කිව්වොත් සමාජෙට වැටිලා තැලිලා පොඩි වෙලා නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන්න අමාරුයි.. හොදටම අමාරුයි..
ඉස්කෝලෙක තියෙන ස්පෝට්ස් මීට්, exhibition , අවුරුදු උත්සව, සංගීත ප්‍රසංග, අධ්‍යාපන චාරිකා මේ හැමදේකින්ම කරන්නේ සමාජේ එක්ක ගනුදෙනු කරන්න කියලා දෙන එක..

මේ වෙනකොට ස්පෝට්ස් ඉවෙන්ට් සෑහෙන්න ඉවර නිසා සහිරුයි මමයි මේ දවස් ටිකේ නිදහස්.. ආය ගමකට වැඩ තියෙන්නේ ස්පෝට්ස් මීට් දවසට.. නිවාස හතරේ කොල්ලෝ ටික දාගෙන නිවාස හදනවා.. ඒත් තාම හිතා ගන්න බෑ උන් මොනවා හදන්න යනවද කියලා..
අපේ නිවාසෙ උන් නම් කියන්නේ උන් දළදා මාලිගේ පත්තිරුප්පුව හදන්න කතාවක්.. ඒක සෑහෙන්න සංකීර්ණයි හැබැයි... අපේ උන්ට මහන්සි වෙන්න වෙයි අම්බානක.. ග්‍රව්න්ඩ් එක දකුණු පැත්තට වෙන්න කෙරෝලේ තිබ්බ ලොකු ගහට හේත්තුවක් දාගෙන මමයි සහිරුයි කයියක් දාගෙන කොල්ලෝ වැඩ කරන දිහා ඔහේ බලන් හිටියා..
මොකද තව ටිකකින් අපිට යන්න වෙනවා උන බටයි, පොල් අතුයි හොයන්න යන්න.. මේ ටවුන් වල ඒවා හොයන්න නෑනේ.. පොඩ්ඩක් ටවුන් එකෙන් පිටට යන්න වෙනවා...

" සහිරු..."

අපි ලගින්ම හුරුපුරුදු කටහඩක් ඇහුන නිසා සහිරු එක්ක එහෙම්මම මමත් පිටිපස්ස හැරුනා...
ආයෙත් එයා හ්ම්.. ඒ රුචිරු හිටියෙ ලස්සන හිනාවක් දාගෙන.. එයා එයාගෙ bf හොයන් ඇවිත්.. එදා සිද්ධියෙන් පස්සෙ මන් මේ එයාව දැක්කමයි.. තවත් ලස්සන වෙලාද මන්දා එයා.."

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now