Chapter 7

211 9 14
                                    

අනේ හාහපුරා කියල හයයි කාලට ගෙදරින් එලියට බැස්සෙ දෙයියෝ බුදුන් රටේ ලෝකෙ නැති ඉන්න ඔක්කොම ටික මතක් කරල වැඳලා.. කවුද දන්නෙ අර ජන්මාන්තර වෛරක්කාරය මොනා කරයිද කියලා.. තප්පර තුනක් පරක්කු වුනා කියලා මුහුදටවත් දැම්මොත්..  දෙයියනේ දෙයියනේ.. තේවිය සහස් ට කඩෙන් තමයි නංගි කෙනෙක් ගෙනත් දෙන්න වෙන්නෙ එතකොට.. 

'මියෑව්... මියෑව්..'

දොරට අගුල් දාලා අනිත් පැත්ත හැරෙද්දිම ඇහුණා වොයිස් එකක්.. වෙන කාගෙවත් නෙමේ අල්ලපුවැටේ කලු තඩි පූස් තඩියගෙ.. ඔව් ඔව් කලු පූසෙක්.. මං නම් කියන්නෙ කලු පූසෝ තමයි ලස්සනම.. හූම්.. අපිට නෑනෙ ඔය කලු පූසා හෙනහුරා කියන සීන් කෝන්.. කලු මොකෝ සුදු මොකෝ.. මොකක් හරි නරක දෙයක් හරි හොඳ දෙයක් හරි වෙන්න තියෙනව නම් ඒක වෙන්නේ අපේ වෙලාවට..

"අඤෙ මයෙ සකුලුම් බුකුලුම්.. මාව මතක් වෙලා නේ.. "

එයාගෙ නම නම් මොකක්ද දන්නෙ නෑ මං කටට එන විවිධාකාර විරූප නම් වලින් ඌව ආමන්ත්‍රණය කරලා හැමදාම මාව බලන්න එනවට අතගාලා හුරතල් කරලා තමා ආවේ..

පපුවත් පොඩ්ඩ පොඩ්ඩ ගැහෙනවා.. මේ පාන්දර කාර් එකත් අරන් බයේ ගැහි ගැහි ගිහින් සිහිය නැතුව ගෙයක් අස්සටවත් ගියොත් කියලා සාධාරණ සැකයක් මට තිබුනා.. ඒ නිසා මං බස් එකේ බෝට් හවුස් එක ලඟට ගියා..

මේ ස්කූල් ටයිම් නිසා පාරෙ බ්ලොක් එක.. වෙලා යන නිසාම මං කල් තියා ආවා.. හයයි පනහ වෙද්දි මං හිටියෙ කැම්පස් එකේ බෝට් හවුස් එක ළඟ..

කැම්පස් එකට ලඟම මුහුද හරියේ තමයි බෝට් හවුස් (yacht house) එක තිබ්බේ.. මේකට එන්න කාගෙ හරි කැම්පස් එකේ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ හරි ලෙක්චරර් කෙනෙක්ගෙ හරි අවසර තියෙන්න ඕනි..මෙතන කැම්පස් එකේ එක විතරක් නෙමෙයි තව යාච්ට් හවුස් හතරක් පහක්ම තිබ්බා.. සාමාන්‍ය අපි දකින ඒවා වගේ නෙමෙයි.. ඔක්කොම හොඳ ලක්ශරි විදිහට හඳලා තිබුන හොඳ ලොකු යාච්ට් හවුස්.. කැම්පස් එකේ එක ඇරෙන්න ඉතුරු ඔක්කොම ප්‍රයිවට් ඒවා මං හිතන්නෙ.. ඒවත් ඔය සාගර විද්‍යාව සම්බන්ධව ඉන්න ප්‍රොෆෙසර්ස් ලගෙ වගෙ සල්ලිකාර පුත්තුන්ගෙ තමයි..

වස්සාන වර්ෂා l WASSANA WARSHAWhere stories live. Discover now