Chapter 6

124 11 25
                                    

"උබට කියන්නෙ බන්.. දුන්නා ආයෙ.. කම්මුල් පාර තාම උගෙ මූනෙ ඇති මයෙ හිතේ.. "

"සිරාවට.. මං හිතුවෙ නෑ ඌ එහෙම අවුල් එකෙක් කියලා.. "

"කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කවුද දන්නෙ බන්.. "

සතියකට පස්සෙ සඳුදා මං කැම්පස් ආවා.. හපෝ ලොකු සැනසීමක් දැනෙන්නෙ.. නැත්තම් කාලකන්නිය වගෙ වැඩකුත් නොකර දවසම ඇඳ බදාගෙන සතියම ගෙදරට වෙලා ඉන්න එපැයි..

උදේ ලෙක්චර්ස් ඉවර වෙලා මායි අපේ යලුවො ටික එක්ක ඔක්කොටම කලින් දිව්වේ කැන්ටීන් එකට.. උදේ කාලත් නැතුව ඇවිත් තිබ්බ බඩගින්නක් ආයෙ බඩේ පනුවො හිඟන්නෝ වෙලා වගෙ කලකෝලාහල කලා.. කන්න බොන්න දේවලුත් අරගෙන ඔක්කොම ඒ ළඟ තිබ්බ මේසෙකට පුටු ටික වට කරගෙන කියවනවා.. වෙන මොකවත් නෙමේ මුන් ටික එකතු වෙලා හොඳ කෝප්පයක් හෝදනවා.. මුන්ටත් ඉතින් වෙන එකෙක්ගෙ කෝප්පයක් හම්බුනා කියන්නෙ දවසම ලිඳ ළඟ සංගමේ වගේ තමයි..

තර්ඩ් ඉයර් එකේ පහන් කියලා කොල්ලෙක් ඉන්නවා.. හිටිහැටියෙම එයාට කෙල්ලෙක් ඇවිත් පාර මැද්දෙම කෑගහලා දෙයියො බුදුන් සිහි වෙන්නම කනට හොඳ පාරක් දීලා ගියපු එකක් ගැන මුන් ආව වෙලේ ඉඳලා කියවනවා.. ඇත්තටම මං හිතුවෙත් නෑ පහන් ඒ වගේ පහත් වැඩ කරන කොල්ලෙක් කියලා.. ඒත් ඉතින් අර දෙව්නක කිව්ව වගේ කවුරු බොරු කියනවද කවුරු ඇත්ත කියනවද අපි දන්නෙ නැහැනේ.. ගෑනුත් ඉතින් හම්මෙහ් එක වෙලාවකට හෙන බෝමබ නෙ..

" මෙහ්.. ඔය කෝප්පේ හෝදලා ඉවර නැද්ද බන්.. "

"මොන කෝප්පේද? ආහ් උබට ඉඳහන් මේක හොඳල තේ ටිකක් ගෙනත් දෙන්නම්.. "

හනේ දෙයියනේ දෙයියනේ යසස් ට කියන කට හොඳයි ගලක උලාගත්තා නම්.. අතේ තිබ්බ කෝප්පෙන් ගහන්න හිතෙනවා උට. හෙනම ටියුබ්ලයිට් බලන් ගියාම..

"උබත් අමු ගවයා නේහ් බන්.. "

සේයා නෝන්ඩියටත් එක්ක හිනා වෙලා යසස් ගෙ ඔලුවට ගැහුවා.. දැන් ඒකා සේයට ගහනවා.. දෙන්නත් එක්ක රුසියාවයි පලස්තීනෙයි වගේ ඇන කොටාගන්නවා. අපි රෙස්ලින් බලන ක්‍රීඩාලෝලි ජනතාව වගෙ කට උඩ බලියන් බලන් ඉන්නවා.. උන් දෙන්නට ඇති වුනහම උන් දෙන්නම නවත්තනවා..
අයේ දෙන්නගෙන් එකෙක් මොකක් හරි කියලා අවුස්සනවා.. වටේ පිටේ ඉන්න උනුත් ඕකට පිදුරු දානවා උන් දෙන්නා අයේ ඇනකොටාගන්නවා..
සේයයි යසසුයි එක්ක හිටියොත් රෙස්ලින් ශෝ එකකට හරි වාද විවාද තරඟෙකට හරි ෆ්‍රී ටිකක් හම්බෙනවමයි..

වස්සාන වර්ෂා l WASSANA WARSHAWhere stories live. Discover now