ජිනී එක්කම ඇතුලට යද්දි ටේ ඉන්නවා අපේ අක්කා දිහා කන්න වගේ බලාගෙන,
අපෙ අක්කත් මෙලෝ රනක් නැතුව ටේගේ ගණන් පේපර් එකක් බලන ගමන්.
හිතට පොඩියට අමුත්තක් දැනුනත් මං කෙලින්ම ගියේ කාමරේට, ගිහින් ටක් ගාලා ඇදට පැන්නා.
පැයකට විතර ඔඅස්සේ මගෙ කාමරේ දිරට කවුරු හරි තට්ටු කරද්දි මං හිටියේ සැප නින්දක,
නිදි ගැටත් කඩලා ඇස් පියාගෙන ගිහින් දොර ඇරලා එක ඇහැක් ඇරලා බැලුවේ මොකාද මේ ඇවිත් ඉන්නෙ කියලායි.
"කෝ අහකට වෙනවාකො අල බෝලේ..."
"අනේ වඳුරෝ, මේ ගෙදර අච්චර කාමර තියෙනවා ඔහේට මගේ කාමරේ විතරමද පේන්නෙ.... මේක මොකක් කියලා හිතුවද... ඕනි ඕනි වෙලාවට එන්න යන්න..."
"අයියෝ වාත නොවී එහාට වෙනවකො මට එන්න, අන්න අක්කා හෝම් වර්ක් වගයක් දීලා අපෙ අයියා එක්ක එළියට ගියා. එද්දි හදලා තියන්න කිව්වා."
අන්න එතකොට නම් මගෙ නිදිමත කොහෙන් ගියාද මන්දා එකෙන්ම අතුරුදහන් වුනා...
ඒත් එක්කම මං ටක් ගාලා ටේව කාමරේ ඇතුලට ඇදලා අරන් දොර වහලා දැම්මා.
දොර වහලා ආපහු ටේගෙ පැත්තට හැරෙද්දි ටේ ඉන්නවා නිකන් අර මැරයෝ ගෑණු ළමයින් කාමරේට දාලා දොර වහලා කරදර කරන්න ළඟට යද්දි පපුව හරහට අත් දෙකත් තියාගෙන බය වෙලා වගේ ඉන්නේ, අන්න ඒ වගේ ඇක්ශන් එකක් දීගෙන ඉන්නවා හෙන ඩ්‍රාමා ටයිප් එකෙන්, ඒ විතරක් නෙමේ මං දිහා බලන් ඉන්නෙ ඒ මැරයා මං කියලා හිතාගෙන.
පුදුම රඟපෑමක් තමා මේ ටේටත් තියෙන්නේ. මේකගෙ තියෙන මේ කැටයන් ඇම්බැක්කෙත් නැතුව ඇති.
"ඇයි මොකද ටේ, තමුන් ඔය පපුව අල්ලන් ඉන්නේ, ඔතන තියෙන ඒවා වැටෙයි කියලද අල්ලන් ඉන්නේ ආහ්... ඕවර් ඇක්ටින් කඩේ..."
එහෙම කියලා මං හයියෙන් හිනාවෙන්න ගත්තේ පොරව ටිකක් අවුස්සන්න හිතාගෙන.
"ඔව්, ඇයි අවුල්ද..."
"මට නම් අවුලක් නෑ ඉතිං, වැටුනොත් වැටෙන්නෙ ඔයාගෙ දෙයක්නෙ, ඔයාටම තමා එහෙම වුනොත් අවුල... මගේ නෙමේනේ."
YOU ARE READING
Caring Kiss
Fanfictionචූටි කාලේ ඉදන්ම හිතට දැනුන ආදරයක්, ඇත්තටම ඒ ආදරය ද නැද්ද කියලා තෝරා බේරාගන්න බැරුව, හිත පුරා දැනුන ආදරයක්. කාලයත් එක්ක තේරුම් ගනිවිද....