06. Chocolate and Vanila with KitKat

9 0 2
                                    

හවස අමතර පන්තිත් ඉවර වෙලා ගේට් එක ගාවට ආවේ ජිනි ඉන්නවද බලාගෙන,

අද මගේ ටේ ආවෙත් ගොඩාක් පරක්කු වෙලා. එයත් මාත් එක්කම වගේ ගේට් එක ගාවට ආවා.

වෙනදට ටේ එහෙම පරක්කු වෙලා කොලේජ් ආව දවසට තව රෑ වෙනකන්ම පාඩම් වැඩ කරනවා වුනත් අද අමතර පංති ඉවර වුනාට පස්සෙ නවතින්නෙ නැතුව මාය්හ් එක්කම ආවා.

"මේ හරු, අද මං එනවා ඔයාලගෙ දිහා පාඩම් වගයක් අහගන්න, යූනා ඉන්නවා නේද..."

"ඔව් ඔව් එයා ඉන්නවා, මේ දවස්වල කොහොමත් එයා ගෙදර තමා ඉන්නේ, මේ ටේ ඔයා ඇයි අපෙ අක්කට නම කියලා කතා කරන්නේ..."

"ඔයා අපෙ අයියට නම කියලා කතා කරන නිසා."

"ඒ මං එයාට පොඩි කාලෙ ඉදන්ම කිව්ව නමනෙ, අනික ඒක එයාගෙ නම නෙමේනෙ,"

"කොහොම හරි නම කියලනෙ කතා කරන්නේ, අයියේ කියන්නේ නෑනේ..."

"විකාර අනේ ඔයාට, ..."

"ඔව් විකාර තමා ඒත් ඔයා තරම් නෑ, අඩුම ගානේ මං අක්කට එයාගෙ නම කියලා කතා කරන්නෙ, ඔයා නිකන් බු බු ගගානෙ අපෙ අයියට කතා කරන්නේ."

"මේ ටේ ටේ මගෙ කට අවුස්සාගන්න එපා හරිද..."

"අනේ මං බය වෙයි ඔය චුට්ටන් කටට, කෝ අනේ අපේ අයියා බූ..."

ඒත් එක්කම මාත් බැලුවේ කෝ ජිනිබු කියලා. මේක කටක් නෙමේ වක්කඩයක්.

"ආහ් අර එන්නේ ජිනිබු..."

අපි දෙන්නා තරගෙට වගේ ගිහින් ජින් අයියගෙ අත් දෙකේ එල්ලුනා.

"මේ අයියේ, අද මං හරුලා ගෙ දුහා යනවා පාඩම් වගයක් අහගන්න යූනාගෙන්, ඔයත් යමුකෝ."

"මං එන්නම් ඒත් ටේ මං ඇවිත් මොනා කරන්නද,.."

"ඇයි මේ ඔයාගෙ සුදු මැණික ඉන්නේ එයාට වද දෙන්න ටිකක්, මතකද ඔයා ඉස්සර එයාව අවුස්සනවා කියලා මට කියන්නේ, කාලෙකට ඔඅස්සෙනෙ දැන් මේ සෙට් වුනේ, පොඩ්ඩක් අවුස්සන්න එයාව ඉස්සර වගේ."

"ඒ ඉස්සරනෙ ටේ, අනික දැන් ඔයාලා පොඩි ළමයි නෙමේ, තේරුණාද..."

අයියා මලෝ දෙන්නගෙ කතාවත් අහගෙන මාත් හිනා වෙවී ආවට, තාමත් මං කල්පනා කළේ ජිනිබු ළඟ ඉද්දී දැනෙන හැඟීමයි ටේ ළඟ ඉද්දි දැනෙන හැඟීමයි වෙනස් නේද කියලා.

Caring KissWhere stories live. Discover now