3 කොටස...🖤🕊️

315 70 70
                                    

වෙලාව පාන්දර හයයි...වෙනද පුරුද්දටම අදත් මට හය වෙනකොටම ඇහැරුනා...ඊයේ රෑ එක විතර වෙනකම්ම ඇහැරන් ඉදිය නිසා ඇස්වල නිදිමත ඉතුරු වෙලා තිබුනා...තව ටිකක් නිදා ගන්න ඕන උනත් අද එයා එනවා කිව්ව නිසාම මම නිදිමත පැත්තකට දාල මූනත් හෝදගෙන කුස්සියට ආවා...හීටර් එකට වතුර එකකුත්  දාල ස්විච් එකත් දාල මම ටැනීට කතා කරා...

ටැනී...චූටි පුතා කෝ මගේ...යොන්ටෑන් තාම නිදිද කොලුවො...

අප්පේ ඉතින් මම හිතුවා හරී...හැකරැල්ලා වගේ වකගහගෙන සාලෙ තිබ්බ එයාගෙ පුංචි ගේ ඇතුලේ එයා නිදි....පව් එයාට සීතල ඇති...වෙනදට උදේම නැගිටලා මාවත් නැගිට්ටන එයා අද තාම නිදි...ඇහැරවන්නත් ලෝබ හිතුන කොට කුස්සියෙන් ඇහුන වතුර එක උනු වෙන සද්දෙට මම මගේ චූටි පුතාගේ ඔලුවත් අතගාල කුස්සියට ආව..

එයා එනවා කිව්වට වෙලාවක් කිව්වෙ නෑ...මාව ගේ ලගින් දාල ගියපු වෙලේ ඉදන් පටන් ගත්ත අපේ මැසේජ් කිරිල්ල නතර උනේ රෑ එකත් පහුවෙලා..එයා මහ ගොඩක් කතා නොකරත් මං යවන හෑලි එක්ක එයාටත් කතා නොකර ඉන්න.බැරි උනා..හිකිස්..මගේනෙ දැන්...මගේ විදියට හදලා ගන්න ඕන නැද්ද මං අහන්නෙ..ඔහොම කතා නොකර ඉදියා කියලා එයාට සතරමහ නිදානෙ පහත් එවවැයැ....

ටැනී එන්න මගේ චූටි පුතේ...දැන් නැගිටින්න කොලුවෝ...කම්මැලි කොල්ලෙක් වෙලානෙ මෙයා...

මම ටැනීව වඩා ගත්තා...අනේ මගේ කම්මැලි පුතන්ඩියා මගේ බෙල්ල අස්සෙ සුට්ටන් නැති මූන හන්ගන් කෙදිරි ගානවා..පව් එයාට හදවත් රෝගයක් තියනවා..කොන්කරලා.වගේ පැත්තක ඉන්න කොට ඒකමයි මම එයාව අරන් හදාගත්තෙ...බල්ලෙක් උනත් ඌ ලග තිබුනෙ මිනිස්සුන්ට නැති ගතිගුන...දොඩන් ගෙඩි දෙකක් උස නැති උනත් මේකා බුරන්න ගත්තමනම් මට ගෙයි වහල අල්ලගන්න කබ දාන්න වුනා...පුංචි උනත් ගම්බිරිස් ඇටේ සැරයි කියනවා නේ...ටැනී හැමතිස්සෙම හෙව්වෙ ආදරේ...ටැනීව ගන්නවෙලේ මට එයාල කිව්වෙත් ආදරෙම්ම ඉන්න කියලා...එයාගෙත් අම්මලා තාත්තල නෑ...මං වගේම...

අම්මා නෑ කියනකොට මට එයාව මතක් උනා...අනේ මගේ ගෞරව් ටත් අම්මා නැහැලු...එයා හැදුනේ තාත්තා ලගලු...එයාට තියෙන්නෙ තනිකරම අම්මගෙ රූපෙලු...එයාගෙ අම්මා හරි කරුණාවන්තයිලු...ඒ කරුනාවන්ත කමමලු සාපයක් වෙලා ඒ අම්මට පඩිසන් දුන්නෙ.. එයාගෙ ගතිගුන තාත්තා වගේලු..පුතත් මෙහෙම නම් එයාගෙ තාත්තා කොහොම ඇත්ද..මොනවා උනත් මගේ ගෞට අම්මගේ ගතිගුණ වලින් දශමයක් හරි ඇවිත් තියනවා...ඒකනේ මෙච්චර කරුණාවන්ත...මගේ ගෞරව්....

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Tahanan ng mga kuwento. Tumuklas ngayon