Wanna be your sunshine

136 36 16
                                    

සෝල් නගරයට අලුත් දවසක් උදාවෙලා... මහජන උද්‍යානයේ කෙළවරක තිබුණ බංකුවක ලස්සන තරුණ ගෑනු ළමයෙක් ඉඳගෙන හිටියා.

ඒ පාර්ක් ජියා...

ඒ ඇස්...  මොකක්දෝ ලොකු කතාවක් බිමට බරවෙලා තිබුණ ඒ ඇස්වලින් එළියට පනින්න උත්සාහ කළා.

'ඇයි එයා එහෙම කරේ?' එයාගෙම යටි හිත එයාගෙන් එහෙම අහද්දි ඒ ඇස් අගින් පුංචි කඳුළු කැට දෙකක් මෝදු වුනා.

Flashback

'"පාක් බෝගම්, තමුන් මහ නරුමයෙක්" ජියා කෑගැහුවේ බෝගම්ගෙ කම්මුලට හයියෙන් පාරක් ගහන ගමන්.

"දැන් ද තේරුණේ? හහ්! තමුන් වගේ කමකට නැති දුප්පත් කෙල්ලෙක්ට ආදරේ කරන්න තරම් මට ඇති පිස්සුවක් නෑ."

තමන් පණ වගේ ආදරේ කරපු කෙනා ඒ විදිහට කතා කරද්දි ජියාට දැනුනේ තියුණු කිණිස්සක් එයාගේ හදවත පසාරු කරගෙන යනවා වගේ හැඟීමක්.

ජියාගේ ඇස් ඉස්සරහම බෝගම් එයාට බොරු කරලා තිබුණා. සල්ලිකාර බෝගම්ට දුප්පත් ගෑනු ළමයි කියන්නේ සෙල්ලම් බඩුවක් විතරක්ම බව ජියාට තේරුනේ
එයාව අතෑරලා දාපු බෝගම් ජියාගේ හොඳම යාළුවා වුන සෝහි එක්ක සම්බන්ධයක් පටන්ගත්තට පස්සෙයි.

Flashback end

ජියාගේ ඇස්වලින් ගලාගෙන ආපු කඳුළු කැට එකින් එක පහළට වැටුණත් ඒ කඳුළු කැට පිහිදාන්නවත් එයාගේ දුක බෙදාගන්නවත් කවුරුවත් එයා ළඟ හිටියේ නැහැ.

හිත පුරාම පිරිලා ඉතිරිලා තිබුණ පරණ ලස්සන මතක හැම එකක්ම ඇස් ඉස්සරහ ආයෙමත් මැවෙද්දි කෙල්ලගෙන් පිටවුනේ ලොකු හුස්මත් විතරයි. ඒත් දැන් ඒ හැම මතකයක්ම මිරිඟුවක් වෙලා ඉවරයි.

බෝගම්ගෙ ආදරේ ලැබුණ මොහොතේ ජියා හිතුවේ තමන්ට ලැබුණේ පුර හඳක් කියලා. ඒත් හඳත් අමාවකට බැහැලා යන බව තේරුම්ගන්න එයාට බැරිවුනා. ඒත් දැන් ඇත්තටම ඒ අමාවක උදාවෙලා.

කෙල්ලගෙ මුළු හිතම ලොකු පීඩනයකින් පිරිලා තිබුණා. අහන්න කවුරුවත් ළඟපාතක හිටියේ නැතත් හිතට ආපු හැමදේම එයා ඔහේ කියෙව්වා. ඉමක් කොනක් නොපෙනෙන ඈතක් දිහා බලාගෙන තමන් එක්කම කතා කළා. වෙලාව ගතවෙන එක ගැනවත් හැඟීමක් නැතිවම අනන්තය දිහා බලාගෙන හිටියා.

🎉 You've finished reading 𝙒𝙖𝙣𝙣𝙖 𝙗𝙚 𝙮𝙤𝙪𝙧 𝙨𝙪𝙣𝙨𝙝𝙞𝙣𝙚 || 𝙅𝙃𝙎 (𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙) 🎉
𝙒𝙖𝙣𝙣𝙖 𝙗𝙚 𝙮𝙤𝙪𝙧 𝙨𝙪𝙣𝙨𝙝𝙞𝙣𝙚 || 𝙅𝙃𝙎 (𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙)Where stories live. Discover now