හද දවන සිතුවිලි

120 17 2
                                    

මියගියෙමි
ඉපදුනෙමි
යළි මියගියෙමි
යළි ඉපදුනෙමි
මැරි මැරී ඉපදුනෙමි
ප්‍රශ්න පිට ප්‍රශ්න පොදි
පසුපසින් පැමිණියත්
දිවිමගෙහි ඉදිරියටම
දිවගියෙමි
මිතුරුදම් පෙම් හැඟුම්
පැතු පැතූ හැම බැඳුම්
අතරමග බොඳ වුනත්
හති වැටෙද්දිත් තවත්
ඒවාම ලුහුබැන්දෙමි
රිදුම් හද තුළ තියන්
නිහඬවම වැළපුණෙමි
ගතට වෙහෙසයි
සිතට වෙහෙසයි
දුටු සිහින තවමත්
අත්හරින්නට නොහැකියි
හද අයැදි බැඳුම් ළඟ
තවම ළතැවුල් දැනෙයි
හුදකලාවම දිවිය
ඉදිරියට ගෙනයන්නට
නුවණැසින් අණ කියයි
නමුත් හද තවමත් බයයි
එකම එක මිතුදමක්
මහද තවමත් සොයයි
අනාථ වූ සෝ සුසුම්
මා අසල විසිරයයි

#feelings

🎉 You've finished reading සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔) 🎉
සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Where stories live. Discover now