04

1K 192 109
                                    

සලාං......

වීදුරුක් බිදෙනවා ඇහුන සද්දෙ නිසා ශාන් ඉස්සරහට යන්න තිබ්බ අඩිය ආපහු අරගෙන පිටිපස්ස හැරිලා බලනවත් එක්කම දැක්ක දේ නිසා කොල්ලගෙ ඇග හිරිවැටිලා ගියා...

"ලියෝ... එපා...."

ශාන් කෑ ගහනවත් එක්කම යීබෝ බිඳුනු වීදුරු කෑල්ලක් අහුලන් එයාගෙ මැණික්කටුව ලගින් කපා ගත්තා... වීදුරු කෑල්ල තදින් අල්ලං හිටිය නිසා එයාගෙ අත් දෙකම කැපිලා නොනවත්වාම ලේ ගලන්න පටන්ගත්තා...

ඉක්මනින් යීබෝට ලං වුන ශාන් කොල්ලගෙ අතින් අල්ල ගන්න හැදුවත් යීබෝ අත ගසලා තවත් පිටිපස්සට ගියා...

"බෝ... ඔයා මොකක්ද දෙයියනේ මේ කර ගත්තෙ...."

"ලගට එන්න එපා බනී..."

මේ වෙනකොටත් අතෙන් ලේ ගොඩක් යන නිසා යීබෝට ක්ලාන්ත ගතියක් දැනුනා. ශාන් ඉක්මනින් රෙදි කෑල්ලක් අරං යීබෝගෙ අත වෙලුවා. සිහියත් අසිහියත් අතර හිටිය යීබෝ උත්සාහ කලේ ශාන්ගෙන් ගැලවෙන්න...

"බ.. නී... දැ.. න්ව..ත්... ම.. ම.. මගේ.. ආද.. රේ.. ඔ.. යාට.. වි.. ශ්... වාසද..."

අමාරුවෙන් වචන ගැට ගහගත්ත කොල්ලට අවසානෙදි සිහිය නැතිවුනා...

ශාන් සිහිසුන් වුන යීබෝවත් අරගෙන ඉක්මනට හොස්පිට්ල් එකට ගියා. යීබෝව ඉක්මනට ඔපරේෂන් තියෙටර් එක ඇතුලට ගත්තා. පැයක පමණ කාලයක ශල්‍යකර්මයකින් අනතුරුව යීබෝව සාමාන්‍ය කාමරයකට මාරු කලත් කොල්ලට සිහිය ඇවිත් තිබ්බෙ නෑ...

ශාන් යීබෝගෙ බැන්ඩේජ් කරපු අත් දෙක ඉඹිමින් අඩන්න ගත්තෙ මේ වුන හැමදේටම වගකිව යුත්තෙ තමන් නිසා...

'ඇයි බෝ එහෙම දෙයක් කර ගන්න ගියේ... ඔයාට මොනව හරි වුනා නං මට මොකක්ද වෙන්නෙ.. ඔයා හරිම ආත්මාර්ථකාමී යීබෝ..."

ඒත් එක්කම වගේ දොර ඇරගෙන එතනට ආවේ ශාන්ට කලින් බෙහෙත් කල ඩොක්ට. ඒ ඩොක්ටම තමයි යීබෝගෙ ඔපරේෂන් එක කලෙත්...

'Mr.ශාන්....'

"අනේ ඩොක්ට... මගේ බෝට දැන් හොදයි නේද.. අනේ එයාට තාම සිහිය නෑ..."

ශාන් ඇඩුම්බර හඩින් කියද්දි ඩොක්ට ශාන් ලගට ඇවිත් කොල්ලගේ ඔලුව අත ගෑවා...

Misunderstand ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now