01

1.4K 173 64
                                    

පැය කිහිපයක් තිස්සේ ඒ කුඩා අපාට්මන්ට් එක පුරා සරාගී කෙදිරීම් අනුරාගී කෑගැසීම් හඬින් පිරී ගියා. අන්තිමේදි විඩාබර වුනත් තෘප්තිමත් වට කිහිපයකට පස්සේ ඔවුන් දෙදෙනා එකිනෙකා තුරුලු කර ගෙන නින්දට වැටුනා...

"Good morning බේබි බනී "

Yibo තම පපුව මත නිදා සිටින හුරතල් හා පැටියගෙ කම්මුල සිප ගනිමින් කිව්වා.

"Good morning ලියෝ"

ඒ හාදුව නිසා නින්ද කැඩුන ශාන් යීබෝට ග්‍රීට් කලේ හුරතල් ලෙස හිරි අරිමින්...

"නැගිටින්න අයියෝ.. මේ.. තව ගුලි වෙනවා.. බනියෝ නැගිටපියෝ.. අද ලෙක්ච එකට ඉන්නෙ හිතං ඉන්නෙ හෝල් එකෙන් එලියෙ ඉදන්ද බං..."

"අනේව් අප්පා තව චුට්ටක් ඉන්න දෙන්නකෝ.. මගේ සුටි පස්ස නෑ වගේ..."

ශාන් එක ඇහැක් විතරක් ඇරලා නෝක්කාඩු ස්වරයෙන් යීබෝට කිව්වෙ තව තවත් යීබෝගෙ අස්සට රිංගමින්...

"අනේ අනේ.. නවත්වන්න හදනකොට කවුද දන්නෑ තව ඕනේ කියලා දැගලුවේ.. ඇගේ අමාරුවත් තියාගෙන මුලු ලෙක්ච එකම හිටගෙන අහන් ඉන්න එකත් මරු වෙයි නේද බනී.. ඒකත් අද ට්‍රයි කරලා බලලා මටත් කියන්න..."

මේ ටික ඇහුන ගමන් ශාන්ගෙ යක්ෂ මෝඩ් එක ඔන් වෙන්න ගියේ තත්පර ගානයි.. එහෙම්මම හැරුන ශාන් යීබෝගෙ පපුව හැපුවේ රටක් වටින හා දත් පාර පපුවෙ හිටින්නමයි...

"ආව්... ඊයේ මාව කෑවා මදිද දැන් තව කන්නෙ.. බනී නෙමෙයි යක්ෂ බනී.. ඔය දත් ටික කොයි වෙලේ හරි බඩේ හිටින්න පාරක් මං දෙනවා අම්මපා..."

යීබෝ කෑ ගහන අතරෙ ශාන් දිවත් දික්කරලා බාත්රූම් එකට පැනගත්තෙ එයා අන්තිමට කිව්ව ටික ඇත්තක් වෙන්න තිබ්බ ඉඩකඩ වැඩි නිසයි...

ශාන් ලෑස්ති වෙලා එලියට එනකොට  යීබෝ කිචන් එකෙන් එලියට ආවේ සැන්ඩ්විච් ප්ලේට් එකක් හා ජූස් එකක් අරගෙන.

"අද ඔයාට ලෙක්චර්ස් නැද්ද..."

සැන්ඩ්විච් එක්ක අතට ගත්ත ශාන් යීබෝගෙන් ඇහුවෙ එයා තවමත් ශෝට පිටින් හිටිය නිසා...

"අද ලෙක් එක කැන්සල් කියලා මැසේජ් එකක් ආවා. ඉතිං අද මං ගෙදර..."

Misunderstand ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now