10 |

53 19 4
                                    

-" ඔම්මා... "

-" තමුසෙ මොකටද කැරකෙන්නෙ ආහ්... සල්ලිනන් ඉල්ලන්නෙ පලයන් යන්න... තඹ සතයක් දෙන්නෑ... "

-" අනී ඔම්මා... "

-" කියන දෙයක් කියලා ඉක්මණට පලයන්... මට වැඩ තියෙනවා... "

කටේ තිබ්බ සිගරට් කොටේ වීසි කරලා තව එකක් පත්තු කරන් ඔම්මා ඒක ආපහු උරන්න ගත්තෙ මෙතන මම ඉන්නවද කියලවත් බලන්නෙ නැතුව. එයා ආපහු නපුරු වෙලා. ගොඩක් නපුරු වෙලා. ඉස්සර වගේමයි. එයා ගොඩක් නපුරු වෙලා...

එයාට පුළුවන් ද මට එහෙම කරන්න...

-" ඔම්මා... මට බැලේ ඉගෙන ගන්න ඕනෙ... "

ඔම්මා නැඟිට්ටා. එයා ගොඩක් පුදුම වුණා කියලා එයාගෙ ලොකු වුණ ඇස් වලින් මට හොඳටම කියන්න පුළුවන් වුණා. ඒත් ඒ බෝල වුණ ඇස් එක පාරටම රතු වුණා. ගොඩක් රතු වුණා.

-" තමුසෙ ආපහු ඔය බැලේ කියන නමවත් මේ ගේ ඇතුළෙ කියලා තිබ්බොත් මම තමුසෙ ව හමගහන්නෙ පණ පිටින්... දැන ගන්නවා පණ පිටින් හමගහන්නෙ... "

ඔම්මා කිව්වෙ තර්ජනය කරන්න වගේ. මම කවමදාවකවත් එයා ඒ තරම් තරහා ගන්නවා දැකලා නෑ.

ඒත්,

මට ඕනෙ... මගේ හීනෙට යන්න ඕනෙ...

ඔම්මා කැමති වුණත් නැතත් මම මගේ හීනෙ​ට යනවා කොහොමහරි... මේක මගේ ජීවිතේ... මේක එයාට අයිති නෑ...

ඔව් ~ මට වැරදුණා...

මම හිතුවෙ නෑ මේ තීරණේ මගේ ජීවිතේ මෙච්චර වෙනස් කරයි කියලා...

ජීවිතේ ගත්ත නරකම තීරණේ මම ගත්තා. එදා එහෙම නොකළනන් සමහරවිට අද මම මීට වඩා සතුටින්... දුකක් වුණත් මගෙ ඔම්මා එක්ක සතුටින්...

I ❤️ HIM (completed) Where stories live. Discover now