අවතාරෙ මට අරන් දුන්න චොකෝ එකත් කකාම අපි ගෙදර ආවා..කෝමහරි ආවට පස්සෙයි දන්නෙ අපෙ අසෝකම තමා කියල තියෙන්නෙ මාව ඉස්කෝලේ ගාවින් ඇන්න එන්න කියල මේ අවතාරෙට.. අසෝක දන්නෙ නැනෙ ඉතින් ඉස්කෝලේ ගාවදිත් කෑගහල තව පොඩ්ඩෙන් දිසදට මේ බූරු අවතාරෙ ලැජ්ජ කරනව කියල..
" දිසද...අද මොකෝ උනේ ඉතින්..පන්තියෙ වැඩ අවුලක් නැනෙ.."
මම ඇවිත් වොශ් එකක් දාගෙන එලියට එනකොට අපේ අසෝක අවතාරෙ එක්ක කතාවක්..මම නැති කතා මොකටත..ඒ නිසා මාත් ගීන් එයාල ගාවින්ම ඉදගත්ත.. අපේ අසෝකනම් මම දිහා බැලුව..ඒත් අර අවතාරෙ ආසාවට නිකන්වත් බැලුවෙ නැනෙ..ඔහොම යන්කො..මී හරක...
" අවුලක් නෑ අම්මි...ආ අම්මි අපේ වසුන්දලා මිස් තාත්තිට ඉස්කෝලේට එන්න කිව්ව.."
" ඉස්කෝලේට එන්න කිව්ව..? ඒ මොකෝ හදිස්සියෙ..?"
" හෙට ඉදන් අපේ හව්ස්මීට් පටන්ගන්නව අම්මි..ඔය මොකක් හරි කියන්න වෙන්න ඇති..."
" එහෙමද..හ්ම්හ්ම්..මහත්තය ආවම මම කියන්නම්කො..
දිලේක් පුතා බත් ටිකක් කමුද..?"
" එපා ආන්ටි..මට බඩගිනි නෑ.."
" බඩගිනි නැ කියල කොහොමද..ඉන්නකො..මම බෙදාගෙන ඇවිත් දෙන්නටම කවන්නම්.."
ඈහ්!!! යකු මගෙ ඇස් දොබ උනා..මම දැක්ක අවතාරෙත් එක පාරට අසෝක දිහා බලනව..මොකක්ද අසෝක ඔයා ඔය කොරන්න යන වැඩේ..? මහසෝනටයි මටයි බත් කවන්න..ඒකත් එකට..ජෙයියනේ...සාමාන්‍යෙන් මම ඉස්කෝලේ ඇරිල ආවම අපේ අසෝක මට බත් කවනව..ඒත් මට පේන්නෙ ඒකත් දැන් දෙකට බෙදෙන්න වගේර් යන්නෙ..මේ අලි පැටියට කවල මට කවන්න ඉතුරු වෙයිද මන්ද අප්ප ම්ම්හුක්..
හතර වටෙන්ම අදුර වැටිල... හවස 6හමාරත් පහු වෙලාද කොහේ.. ඒත් මම තාම එලියෙ..අපේ මිදුලෙ තියෙනව ලොකු රඹුටන් ගහක්..ඒක මුල පුටුවක් තියාගෙන ඉදගෙන මම පාර දිහා බලාගෙන හිටියෙ කරුවලේම..කන්ඩියක් උඩ වගේ ගේ තියෙන නිසා මෙතනින් පල්ලෙ තමා පාර..ඒ පාරෙන් එහා පැත්තෙ තමයි අර ගේ තියෙන්නෙ.මම එදා කිව්වෙ.. අර අවතාරෙ එන්න ඉන්න ගේ..ඒක දිහත් බල බල මම හිටියෙ කල්පනාවක..ඉයර්ෆෝන් දෙකත් කනේ ගහන් මනෝපරකට සෙට් වෙන සිංදු ටිකක් අහ අහ රෑට එලියට වෙලා මෙහෙම ඉන්න එකට දිසද බබා මාර ආසයි පෙන්ස්..
මට එහෙම ලොකු ප්‍රශ්නෙකුත් නෑ මෙහෙම කල්පනා කරන්න..ඒත් කරුවලේ මෙහෙම ඉන්න මම ආසයි..කදු අස්සෙන් පේන හදත් එක්ක මාර නිස්කලංක බවක් දැනෙන්නෙ..
දවල් බත් කැව්වට පස්සෙ අර අවතාරෙ ගියා....ආයෙ රෑට එනවයි ගෑව..ඔව් ඉතින් අවතාර රෑටනෙ කොහොමත් ගමන් යන්නෙ..බලන්න පෙන්ස් ජීවිතේ වෙනස් වෙන හැටි..මීට දවස් දෙක තුනකට කලින් මම නිකමටවත් හිතුවද මෙහෙම මගෙ ජීව්තේට අවතාරයක් එයි කියල..පිශ්ශු හැදෙනව...
~බීප් බීප් ~
වසන්තගෙ කැබ් එකේ හෝන් සද්දෙ..කැබ් එක ගෙදර මිදුලට දානකොටම තව වාහනයක එලියක් ආව..මම කුතුහලෙන් බලනකොටයි දැක්කෙ.. මේ අවතාරෙනෙ..අපේ වසන්ත එක්කම ඇවිත්..දැන් ඉතින් අපේ වසන්තටත් දිසද බබාව මතක නැති වෙයි..
" දිසද මොකෝ එලියෙ..?"
" නිකම් තාත්ති..දිසද බබා එලියට ආසයි..තත්ති දන්නෝනෙ.."
" දන්නෝ දන්නෝ..වැඩි වෙලා ඉන්න එපා පිනිබානව.."
" හරි තාත්ති.."
වසන්ත ගෙට ගියා.. මූනෙන්ම පේනෝ මහන්සි පාට..හැබෝ ඉතින් අපේ අසෝකගෙ තේ එකක් බිව්ව ගමන් වසන්තගෙ ඔය අමාරු කොහෙන් ගියාද නෑ..හඣේ ඉතිම් ඒ ආදරේ.. දිසද බබාට කවද ලැබෙයිද මන්ද අනේ එහෙම ආදරයක්..ම්ම්හුක්..
" තමුසෙට මොකක් හරි මානසික ලෙඩක් තියේද...!?"
ඒ සද්දෙට මම එකපාර ගැස්සිලා පිටිපස්ස බැලුව..හැපෝ මේ අවතාරෙනෙ..මට වසන්ත එක්ක කතා කරාට ඒ පිටිපස්සෙන් මෙයැයි ආව කියන එක අමතක උනානෙ..
" ඇයි එහෙම අහන්නෙ..?"
" මානසික ලෙඩ්ඩු හැසිරෙන විදියටනෙ තමුසෙ හැසිරෙන්නෙ ඒකයි!"
හහ්! ඒකටනම් දිසද බබාට දුක හිතුන..මේ මලසමයන් අවතාරෙය ඒක වැඩක් නැනෙ..දිසද බබා මානසික ලෙඩක් තියෙන ලමෙක් නෙවේනෙ..ඇයි අනේ මේ අවතාරෙ හැම වෙලේම දිසද බබාගෙ සිත රිදෙන ඒව කරන්නෙ..මට බැනල එයා ආයෙ හැරිල ගියාම මම ආයෙ ඉස්සරහ බලාගත්ත..එයාට මම කොච්චර හිතින් බැන බැන හිටියත් ඒම මූනට කිව්වම දුකයිනෙ..දිසද බබාගෙ වැලැද්දක් නැතුව ඒම කියනකොට දිසද බබාට ගුඩක් දුකයි..මම ඇස් වල තිබ්බ කදුලු පිහිද ගත්ත..මුනා උනත් එයැයිට වටින්නෙ නෑ ඒම කියන්න..
ඔයාල හිතනවද් පෙන්ස් දිසද බබා දැනුත් මේ දවල් වගේ බොරුවට අඩනව කියල...ඒම නෑ..දිසද බබාට ඇත්තටම දුකයි..මොකද කිව්වොත් මට මානසික ලෙඩා කිව්ව පලවෙනි කෙනා නෙවෙයි දිලේක්...අපේ ඉස්කෝලේත් ඉන්නෝ එහෙම අය. මේ දිසද බබා හැසිරෙන්නෙ තාම බබෙක් වගේ නිසාලු ඒ..එයාල මට වීලු කරල තියෙනව ඕන තරම්...දාසක් ගැහුවත් එක්ක..ඒත් ඉතින් දිසද බබා මොනා කරන්නද ඒකට...හිතල කරන්නෙ නැනෙ අනේ..නිකම්ම වෙනෝ ඒක..ම්ම්හුක්!
තවත් ඒ ගැන කල්පනා කලොත් මගෙ ඇස් වලින් වැටෙන කදුලු වලට අවසානයක් නැති නිසා මම ගෙට යන්න නැගිට්ට..ඒත් මම ඒ එක්කම දැක්ක අවතාරෙ..දිලේක් එයා ගෙට ගිහින් නෑ..දොරකොඩට වෙලා මම දිහා බලන් ඉන්නව..මුකක්ද දන්නෙ නැ තව බලන් ඉන්නෙ! දිසද බබාව අඩෝල..හිත හුදටම රිද්දල..දැන් බලාගෙනත් ඉන්නෝ..දෙන්න හිතයි මට මුගෙ කන පුපුරන්න..ඇයි අප්පා..එයැයිනෙ හොදට හොටපු මාව ඇඩෙව්වෙ..හොටුත් එනෝ...මම ආයෙ වාඩි උනා.. එයා ඉන්න තැනින් යන්න ඕන උනේ නැ මට..
ඒත් ටික වෙලාවකින් මම ගැස්සිලා ගියා එයා ඇවිත් රඹුටන් ගහ යට තිබ්බ ගලකින් වාඩි උනාම..නිකන් නෙවෙයි..එයාගෙ අතේ ගිටාර් එකක්..ඒ කියන්නෙ මෙයාට සිංදු කියන්න පුලුවන්ද..?එක්කො වැඩක් නෑ..මගෙ හිතත් රිද්දුවනෙ..ඕන නැ ඔය මූසලයව දැන්! ආශ්! ඒ පාර හීනියට පොදේකුත් යනව..වහින්න වගේ යන්නෙ..මම නැගිටල එන්න හැදුවත්..එයා වැස්සෙම ගිටාර් එකට පන දීල කියන්න හදන සිංදුව අහන්න මට ලොකු ආසාවක් තිබ්බා...ඒ නිසා මම එහෙම්ම ආයෙ පුටුවට හේත්තු උනා..
ඒත් එක්කම වගේ එයා ගිටාර් එක ගහන ගමන් සිංදුවක් කියන්න ගත්තම ටික වෙලාවකට මාව ගැස්සිලා ගියා පෙන්ස්.. ඒ කටහඩ...ආආආආඅ...ඒක මේ අවතාරෙ වගේම ලස්සනයි..මොන එහෙකට අච්චර නපුරු වෙනවද මන්ද මෙච්චර ලස්සන කටහඩක් තියාගෙන..ඒත් මට වැඩක් නෑ! මම තරහයිනෙ..!
රෑ පානේ තරුවක් දිස් වෙන්නේ...
නුඹ කෝ කියා ඇසුවා එදා...
මා ගාවින් තනියයි වැලපෙන්නේ...
කදුලින් සදා මල්දම් ගොතා...
හිරි වැටුණු සද සේයා...
නිදි වරපු රෑ මා...
තනිවෙන්න හදවත් දැන් හිගයි...
වැහිබිදු වැටෙනවානම්...
සුළගක් හමනවානම්...
මොහොතක් තනි වී විදිමී ආදරේ...
ලං වී ඉන්නෙ මා නම්...
රහසක් කියනවා නම්...
මොහොතක් තනි වී සොයමි ආදරේ....
දින්ත දින්ත දින්ත දින්ත නා නා
දින්ත දින්ත දින්ත දින්ත නා නා
මනලෝල රංග සේනා...
හදේ සියුම්ව දහරා...
නැවතිලා නැවතිලානේ...
නුඹ රහසෙ කියන ගීතා...
සෙමින් ඇසෙන්නෙ මාත්‍රා...
පැටලිලා පැටලිලානේ..
හිරි වැටුණු සද සේයා...
නිදි වරපු රෑ මා...
තනිවෙන්න හදවත් දැන් හිගයි...
වැහිබිදු වැටෙනවානම්...
සුළගක් හමනවානම්...
මොහොතක් තනි වී විදිමී ආදරේ...
වැහිබිදු වැටෙනවානම්...
සුළගක් හමනවානම්...
මොහොතක් තනි වී විදිමී ආදරේ...
ලං වී ඉන්නෙ මා නම්...
රහසක් කියනවා නම්...
මොහොතක් තනි වී සොයමි ආදරේ....
ලස්සනයි...ඇත්තෙන්ම ලස්සනයි..දිසද බබාට ඇඩිල්ල අමතක උනා පෙන්ස්..එයාම මාව අඩෝල , දැන් මාව සැනසුව ....වහින වෙලාවෙ ඒකටම ගැලපෙන්න දිලේක් ඒ කිව්ව සිංදුව නිසා දිසදට අමුතු හැගීම් දැනෙනව.. මම ඉස්සරහ වාඩි වෙලා නිකමටවත් මා දිහා නොබල එයා මේ සිංදු කියන්නෙ, මටද....? නැත්නම් වෙන කාටහරිද...? හරියටම කිව්වොත් පෙන්ස් දැන් ඈතින් බලන කෙනෙක්ට පේන්නෙ කපල් එකක් වගේ අපි දෙන්න..ඒත් මෙයැයිගෙ තියෙන ලොකු කම මමනෙ දන්නෙ...
මම එයා දිහා ටික වෙලාවක් බලන් ඉදල නැගිට්ට ගෙට යන්න..මොකද..මට මේ දැනෙන හැගීම් පාලනේ කරගන්න බෑ..එක එක ඒව හිතෙන්න අරගෙන..දිසදගෙ චූටි මොලේට බර වැඩී...මම ආයෙ ගෙට එන්න හැරෙනකොටයි දැක්කෙ.......
අසෝකයි, වසන්තයි දොරකොඩට වෙලා අපි දෙන්න දිහා හිනා වෙවී බලන් ඉන්නව..!!!!
හායි...
කෝමත ඒක...
මොනා හරි කියන් යම්න...
පස්සෙ එන්නාම්....
බායි 💗