"ආ මහත්තයා...එළි වෙද්දීම කොහෙද යන්නෙ උඹ.."
දවස් දෙක තුනක් තිස්සේ වැස්ස පායලා අවුව වැටෙද්දී , ගේ වහන්න පොල් අතු ලෝඩ් එක අරන් එන්න යන්න 9ට විතර මං පාරට බැස්සා...රස්නේ කාලෙට පොල් අතු ගේ කියන්නේ දිව්‍ය භවනක් උණත්, වැස්ස පටන් ගත්තාම නම් තනිකර අපායක්...දෙසැම්බර් වහින වැස්ස හේදිලා යන්නම වහිද්දී උළු ගෙවල්වලටවත් ඔරොත්තු නොදෙන වැස්ස පොල් අතු ගේකට කොහෙ ඔරොත්තු දෙන්නද...ඊටත් නොතෙමි,නොදිරා ගේ තියෙන්න නම් අවුරුදු 3කට අඩුම 4කට සැරයක්වත් මුළු ගෙදරටම අළුත් පොල් අතු බඳින්නම ඕනා වෙද්දි ,විටින් විට දිරන තැනකට වත්තකින් අරන් ඇවිත් වියා ගන්න පොල් අත්තක් එල්ලුවත්, මුළු ගෙයක්ම වහන්න පොල් අතු තොගයක් සල්ලි වලටම ගන්න උණා..
හැමදේටම මිලක් නියමවෙන රටේ නිකං වැටෙන පොල් අත්තටත් රුපියල් හැට හැත්තෑවක් ගාන කියද්දි , අගහිඟකම් නිසාම,අන්තිමට පොල් අතු බැඳලා අවුරුදු 5කටත් කිට්ටුව වෙද්දි මේ වතාවේ ගේ තිබුණෙ වැස්සට ඔරොත්තු නොදෙනම තත්වෙක..මාස ගාණක් ටික ටික සල්ලි එකතු කර ගත්තත් වැස්සට කලින් පොල් අතු ටික බැඳ ගන්න බැරි වෙද්දි තවත් කල් අරින්න බැරි නිසාම, ඊයේ කඩේ ගෙදරින් ඉල්ලන් ආපු ණය සල්ලිත් එක්ක මං ගෙදරින් ආවෙ පොල් අතු ලෝඩ් එක ගේන්න යන්න උණත්, යාන්තං ගේ පහු කරලා ඇවිත් පාරට එද්දීම මූණට හම්බ උණ බාප්පා දකිද්දීම මට හීන් දාඩ්ය දැම්මා...
"මං මේ.."
"ගෙට පොල් අත් බඳින්න යනවා කියන්නේ...උඹ මට කිව්වේත් නෑනෙ..ගමේ උන් කියනකං..."
"හවසට කියන්න හිටියෙ.."
අතේ සල්ලි තියෙනවා කියලා බාප්පට කියන එකම අවධානම් නිසා පොල් අතු ගෙදර ගෙනාවමම කියන්න හිටියත්, ඉතිං බාප්පගේ කණට කොහොම හරි ආරංචිය ගිහිං තියෙද්දි,උදේ ගෙදරින් ගිය බාප්පා මේ ආවේලාවෙ දැනෙන නොදැනෙන ගාණට සොට් එකකුත් දාගෙන,කාලෙ බෝතලේ අතෙන් අරන්ම ආපහු ගෙදර යන්න ආවෙ හොඳකට නෙමෙ කියලා ඉවෙන්ම තේරෙද්දි, මට බයටම කලිසමේ ඉස්සරහා සාක්කුවේ තිබුණ සල්ලි ටික උඩින් අත මිරිකුණා...
"හැබෑට... හා දැන් මං දැන ගත්තානෙ..ඊට කලින් වැඩක් තියේ.."
"මොන.."
"මට සල්ලි ඕනා.."
"සල්ලි...! ඒ මොකටද..මං ළඟ නෑ.."
"තෝ ළඟ නැත්තං කා ළඟද තියෙන්නේ..තෝ දැන් අර බංගලාවේ එකාට පු# දෙන්නත් යනවලුනේ..ඌ දෙන සල්ලි නැතෑ.."
"බාප්පෙ...!!!!"
මට කෑ ගැහුනා...මහ සද්දෙන්ම කෑ ගැහුනා..ඇයි යකෝ,එදා රෑ මුණ ගැහුණ දවසට පස්සෙ මං දැන් දවස් 4ක් තිස්සේ ඒ මනුස්සයාව මඟ අරින්න දන්න දහන් ගැට ඔක්කොම දානවා..එහෙම වෙලත් මොනාද මේ කියන සක්කිලි කතා...යකෝ මිනිහෙක් එක්ක කතා බහ කරපු පලියට බුදිය ගත්තා වෙනවාද..අනික..අනික...එයා එහෙම නරක කෙනෙක් නෙමෙ... මට කරපු අපහාසෙට වඩා එයා ගැන අහිතක් හිතන එක හිත රිද්දද්දී මගෙ හිත කෑ ගැහුවා...
"මොකද උඹ...හරි උඹ යන්නෑ කියමුකො..ඒත් උඹ ළඟ සල්ලි තියෙනවනේ..නැත්තන් කොහොමද උඹ මේ උදේම පොල් අතු ගේන්න යන්නෙ...ගණින්...මේ දැන්ම ගණින්..."
"බාප්පෙ කිව්වම අහන්න..ඒවා දීලා බෑ.... වැස්ස සැර වෙනවා...තව ගොඩක් දවස් පහු කරන්න බෑ...ගේ ඉන්න නෙමෙ වෙන්නේ තෙමෙද්දී..."
"ගේ ඉන්නත් බොල ඉඩම තියෙන්න එපැයි..තෙමෙනවානම් තෙමියල්ලා ගේ අස්සෙ...සල්ලි දීපන්.. නැත්තං හෙට අනිද්දට පාරට තමා බහින්න වෙන්නේ.."
පුළුවන් හැටියට තේරුම් කරන්න උත්සාහ කරත් ,ඊලඟට බාප්පා කියපු කතාව එක්ක ඔලුවට හෙනයක් වැදුණා වගේ වෙද්දි මං බලන් හිටියෙ බයවෙලා...ටිකක් නෙමෙ...මේ වටේම තියෙන අක්කර දෙකක කුඹුරු ඔක්කොම තිබුණෙ තාත්තාගේ නමට වෙද්දි ඒ එකින් එක පිට මිනිස්සුන්ට විටින් විට අයිති වෙන හැටි දන්න දා ඉඳන් කරන්න දෙයක් නැති කමට බලන් ඉන්න උණා වෙද්දි, අන්තිමට කුඹුරු වලින් වටවෙලා උන්නත් හාල් ඇටේ කඩෙන් ගන්න වෙලා තියෙද්දි , යාන්තං ගේ තියෙන ඉඩම් කෑල්ල විතරක් මේ තරම් කාලෙකට බේරිලා තිබුණා...දැන් අන්තිමට ඒකත්...
"ඒ..ඒ..මොකටද...ඒකත් උගස් තිව්වද බාප්පෙ...!!"
"මොකෝ උඹෙ සද්දේ ආ...!!! තිව්වා තමා ඇයි මොකෝ උඹට.."
"ඇ..යි...ඇ...යි ආපහු...ඔහොම..ක..රාම අපිට මොකද වෙන්නේ බාප්පෙ.."
මට ඇඬුනා...පපුව පුරවලා දැනෙන අසරණකම දරා ගන්න බැරිවම මට ඇඩුණා..දැන් ඉතිං..පොල් අතු වහලා ගේ රැක ගන්න එක පැත්තක තියෙද්දි ඉඩම රැකගන්න ඔට්ටු වෙන්න වෙන බව දැණෙද්දී මගේ පපුව හිර උනා...
"අමුතුවෙන් මොනා වෙන්නද..මෙව්වා මය අයියාගේ ඉඩම්...මං ඕනා දේ මං කරනවා..තොපිට එව්වාගේ වැඩක් නෑ... අක්කගේ කොල්ලා රට යවන්න සල්ලි ඉල්ලුවා...මං දුන්නා...තොපි වගේ කාලකණ්ණි නෑ උන්...උන්ට හරියන්න ඕනා දවසක..තොපි ඔය ඉන්න හැටියකටම ඉඳපල්ලා.."
"බාප්පෙ එපා...අනේ...එපා දෙයියනේ...."
මට කෑ ගහගෙනම බාප්පා ඇවිත් මගෙ අත් දෙකෙන් අල්ල ගද්දී මේ තරම් විස්තර කතා කර කර නොයිද දැකපු හැටියේ මඟ ඇරලා නොදුවපු එක ගැන මං දුක් උණා...ඒත් දැන් දුක් වෙන්න පරක්කු වැඩි වෙද්දි කොච්චර බිව්වත් දඩු අඬු වගේ හයිය ඒ අතක මගේ අත් දෙකම හිරවෙද්දී මං ගැලවෙන්න දඟලද්දී බාප්පා බලෙන්ම මගේ සාක්කු ඇවිස්සුවා...
"සල්ලි දීපන්...තොට පොල් අතු වහන්න ඕනා නම්...මහ එකි එවනවනෙ රට සල්ලි...එව්වා ඉල්ල ගණින්...මං මේක දෙනවා...ගිහිං මාතර මුදලාලිට..ලබන 15 වෙද්දි ජනවාරි මාසෙ පොලිය උඹම ගිහිං බැඳපන්...ඉඩම ඕනා නම්..."
මාව ඒ අත් අස්සෙ හිරවෙද්දී දෙකට නැමිලා සාක්කුව බේරගන්න හැදුවත් මාතර මුදලාලි කියද්දී බය උණ පාරට මටත් නොදැනිම මගෙ අත්පය බුරුල් වෙද්දි සාක්කුවේ තිබුණ 5000 කොල 4 බාප්පගේ අතට ගිහිං තිබුණා...බැංකුවකවත් තිව්වත් කමක් නෑ දෙයියනේ...පොලි කාරයෙක් ළඟ...ඒකත් ගිනි පොලි කාරයෙක් ළඟ....
"හු# තොට මං...මං එක්ක ඔට්ටුවෙන්න උඹ...කාල...කණ්ණි මූසලයා..."
හිතට ආපු ආවේගෙට බාප්පා කියන එකත් අමතක වෙද්දි, අතපය උස්සන්න බැරි උණත් මං බාප්පාගෙන් සල්ලි උදුරන්න ඔට්ටු උණා...දැන් ඔය සල්ලි අරන් ගියොත් පොලි මුදලාලිට කෙසේ වෙතත් හන්දියෙ බාර් එකට නම් ගෙවයි කියන්න මං දැනගෙන හිටියා...ඒත් ඒ හයිය අත පය එක්ක ඔට්ටු වෙන්න තරම් හයියක් මට නොවෙද්දි හොඳ පාර මූණටත් බඩටත් වැදුණ පාරවල් කීපෙකට පස්සෙ මාව තල්ලු කරපු පාරට මාව විසිවෙලා ගිහිං බිම තිබුණ ගලක ඔළුව වදිද්දි බිම වැටිලා කුඩුවෙලා තිබුණ බෝතල් කෑල්ලකට අල්ලයි ,උරහිසයි තියවෙද්දී වේදනාව කාගෙන ඔළුව උස්සන ටිකට බාප්පා එතනින් අතුරුදන් වෙලා හිටියා..
.
.
.
අසරණකමක්...ඒක වචන කරන්න බැරි තරම් පුදුමාකාර අසරණ කමක්...කේන්ති ආවත්, තරහා ගියත්,ආපිට ගහන්න තියා කුණුහරුපයක්වත් කියා ගන්න බැරි එක පුදුම අසරණකමක්...බැරිව නෙමෙ...ඒත් පොඩි කාලෙ ඉඳන්...මේ හැමදෙම මෙහෙම උණේ..වෙන්නේ මං නිසා කියන රින සිතුවිල්ල මගේ ආත්මේම වහගෙන ඉද්දී බාප්පා ඉස්සරහා මාව හැමදාම පුදුම තරම් දුර්වල උණා...ඉස්සර අක්කටයි මටයි පණ වගේ ආදරේ කරපු, අම්මාව මලක් වගේ බලා ගත්ත බාප්පගෙ රූපේ හිතෙන් මකන්න බැරි තරම් තදින් ඇදිලා තියෙද්දි...ඒ බාප්පා අද ඉන්න තත්වේට පත් කරේ මමයි කියන විස සිතුවිල්ල බාප්පාම ඔළුවට දාලා තියෙද්දි බාප්පට විරුද්ධව නැගී හිටින්න කවදාවත් මට ශක්තියක් තිබුණෙ නෑ..
"කිරුළු...මුකද..උණේ...කිරුළු..!!!"
ගොඩම ගොඩ දවසකට පස්සෙ මං උන්නේ මයිල ගහ යට බංකුවේ...බාප්පා ගියේ ගෙවල් දිහාට වෙද්දි ගෙදර යන්නත් බැරි වෙද්දී, සල්ලි නැතිව යන්න ආපු ගමන යන්නත් බැරි වෙද්දි මං බිමින් නැගිටලා මෙතැන්ට ආවා...මෙතන කොටේ උඩ එකතු උණ මතක එක්ක,
එක මොහොතකට බාප්පාව අමතක වෙලා ලෙවින් සර්ව මතක් වෙද්දි තිබුණාටත් වඩා වේදනාවකින් මගෙ පපුව හිර උණා...මේ දවස් ටිකේම එයා විටින් විට ඇවිත් මේ හරියේ ඉදගෙන ඉඳලා යන බව ගමරාළ සීයා මං එක්ක කීප සැරයක්ම කිව්වා..ඒ ඔක්කොම මතක් වෙද්දී ඇලේ නාපු හැටි, මෙතනම එකට ඇලිලා වගේ ඉඳගෙන උන්න හැටි මට මතක් උණා...එයාව ඇස් අස්සෙ මැවිලා වගේ පේන්න ගද්දී...ඒ කටහඬ ඇහෙනවා වගේ වෙද්දි , තුවාල උණ බවක්වත් ගාණක් නොවෙද්දී, දණිස් දෙකට බර දීපු අත් දෙකේ ඔළුව ගහන් හිතට වද දීපු ඒ අසරණකම්, වේදනාවන්, ඔක්කොම කඳුලු එක්ක දිය කරලා යවන්න මං උත්සාහ කරා වෙද්දි හිතේ සාංකාවටමදො අදත් මට ඒ කටහඬ ඇහුණා...
"කිරුළු...baby... මොකද උණේ ඇයි මේ..උයා හොදින්ද.."
"ස්..ස..ර්.."
"ඕහ්..ගෝඩ්..අදත් තුවාල කරගෙන..."
"තෝ...හ්..මාව රවට්ටන්න...!! කාලකණ්ණියා...රුපියල් පන්දාහකින් මොනා කරන්නද බොල...කපටියා...සල්ලි හංගන්න මගෙන්...!! යකෝ....පොල් අතු ලෝඩ් එකක ගාණ මන් දන්නේ නැද්ද..ඊයේ කඩේ ගෙදරින්ම 10ක් ගෙනාවලු..අහුවෙද්දෙන්...උඹ මට...භාවනවා අද...තෝ මට එක කොලයක් දීලා ඉතිරි 3න හංගා ගන්න...!!!"
ඒ කටහඬ අදත් මායාවක් නොවෙද්දී,
කොච්චර මඟ අරින්න හැදුවත් මං පාරෙන් මේ පැත්තට එන ටිකට එයා මං ඉස්සරහා ඉද්දී, මං දිහා බයවෙලා බලාගෙන මාව උරහිස් වලින් අල්ලන් එහෙටත් මෙහෙටත් හරව හරව බලන එයා එක්ක වචනයක් කතා කරන්නත් කලින් බාප්පා කෑ ගහ ගහා ආයි එන සද්දේ ඇහෙද්දී මන් කලබලෙන් උන්න තැනින් නැගිටලා කලින් වැටුණ තැනට දුවද්දී එයත් මගේ පස්සෙ දුවන් ආවා...
"මං එක්ක එන්න.."
"මට බෑ සර් යන්න.."
"කිරුළු..!!"
"මං කිව්වනේ...යන්න...මං වෙළෙන් එගොඩට යන්නම්.."
හිතුවා වගේම සාක්කුවෙන් ගත්ත 5000 කොළ 4න් 3ක්ම පොර බදන වෙලාවේ බිම වැටිලා තියෙද්දි ඒක ඇහිද ගත්ත මං සැනසුම් සුසුමක් හෙළද්දී මං එක්කම ඇවිත් උන්න එයා මගෙ අතෙන් ඇද්දා...
"අ... ද....අද අහුවෙන්න එපා තෝ මට....මූසලයා....මරණ එක මරනවා මං.."
"යන්න.!! උහොම ලේ ගලාගෙන කොහෙ යන්නඩ..අර මිනියා මගෙන් ගුටි කන්න ඌනා නෙට්ටන්..එන්න දෙන්ම..බංගලාවේ ගිහිං බේට් දාන් යන තෙනක යන්න.."
"ස්...ස.ර් ඒත්...."
බාප්පට අහු නොවී මෙතනින් පැන ගන්න ඕනා වෙද්දි,මං කියන මොකුත් නාහම එයා මගේ අතින් ඇදගෙන පාර දිගේ ඉස්සරහට ගියා..අනේ බෑ...බෑ...කියලා හිත කෑ ගැහුවත්...එයාට තවත් විරුද්ද වෙන්න හිතක් නැති වෙද්දී දිගම දිග අඩි තිය තිය වේගෙන් යන එයා පිටිපස්සේ මං හුළං පෙත්ත වගේ ඔහේ ඇදිලා ගියා...
"දෙයියනේ කොල්ලො...මේ මොකෝ..."
මේ බංගලාව මෙතන හැදිලාම අවුරුදු බර ගාණක් වෙද්දි, අද මුල් වතාවට මං බංගලාවට ආවා වෙද්දි සර්ගේ පිටිපස්සෙන් ඇදිලා ආපු මාව දකිද්දීම ගේට් එක ළඟ පුංචි ගාඩ් රූම් එකේ උන්න ආරි මාමා මාව දැකලා ළඟට ආවෙ කලබලෙන්...
"කටා කරලා එටුලට එන්න..ආරි කුල්ලට යන්න දෙන්න එපා..බෙහෙට් දාන්න එතුළට එවන්න.."
"හ..හරි..සර්..අදත් අර බේබද්දද..මේ උඹෙ කම්මුලෙත් ලේනෙ බන්..උරිහත් තුවාල වෙලා."
"ආහ්.. ඒ මේ අතේ ඒවා.."
එයා මගේ අත අත ඇරලා ඇතුලට යන්න යද්දි ආරි මාමාත් මාව එහෙට මෙහෙට හරව හරවා තුවාල උණ තැන් හෙව්වා වෙද්දි අත් දෙකෙන් මූණ වහගෙන අඩද්දී අල්ලේ තුවාලෙන් ආපු ලේ මූණේත් ගෑවිලා කියන්න මට තේරුණා...
"උඹත් අනේ මන්දා බන්...කාගෙන කාගෙන ඉන්නෙ...අප්පා නෙමේනෙ උඹෙ...දීලා ඇදපන්කො වෙලාවක වෙරි බහින්න..."
.....
"කෝ දැන් අත කැපුණයි කිව්ව එක හොඳද.."
"ආහ්.."
"ආ..සර් මට කිව්වා..පහුගිය ටිකේ හරියට වද උණා උඹ ගැන.. දවසට 4 පස් ගමනෙ යනවා ඇල දිහාට..උඹ ඉදිද බලන්න...වැඩ කිව්වනේ වැඩ ඇති කියන් ආපහු හැරිලා එනවා මූණ එල්ලන්...ගොඩක්ම වද උණේ උඹෙ තුවාලේ ගැන..අපේ සර් අතින් පෑරුනාලුනෙ.."
.....
මාමා මගේ ඇගිල්ලෙ තුවාලේ ගැන කියද්දි ඇත්තටම පුදුම උණා..ඒත් එක්ක කියාපු දේවල් ඇහෙද්දී...තව දුරටත් පුදුම වෙන්න අමතක වෙද්දි ආයිමත් මගේ පපුව හිරවෙන්න ගත්තා... මං මොකද කරන්නේ...මේ හැම දෙයක්ම කොහෙං කෙළවර වෙයිද...අනේ මට බයයි සර්....
"මොකෝ උඹ මේ බයවෙලා කොල්ලො..අපේ සර්ට බයයිද..ඔය ගමේ උන් කියන ඒවා අහන්න එපා බං.. සර්ට කේන්ති යනවා තමා ටිකක්..ඒ උනාට නරක මහුස්සයෙක් නෙමෙ..අපේ ලොකු මහත්තයාටත් වඩා හොඳයි..දැන් පලයං..බලන් ඇති එනකං.."
"ඒ..ඒ..ත් මාමේ මං..මං.."
"සර් උඹ වැඩ කියලා හැරිලා ආවට...මං දන්නවා බං..උඹ අපේ සර්ව හිතා මතා මඟ අරිනවා නේද...උඹ සර් ළඟට යන්න බය වෙන්න..ඔය ගමේ එකාලා කියන්නා වගේ සර් කොල්ලෙක්වත් ළඟින් තියන්න බැරි විදිහෙ එකෙක් නෙමෙ බං..පවුලේ එකෙක් එහෙම උණා කියලා හැම එකෙක්ම එහෙම වෙනවාද..දැන් මාස 2ක් ඇති මාත් ඉන්නෙ උන්දෑ එක්කනෙ...කොල්ලො තියා කෙල්ලො ගැනවත් උනන්දුවක් නැතිදෝ කියලා හිතිලා තියෙන්නේ මට..මමා.. ගැනා..ගාගෙන කොච්චරවත් මැඩම්ලා එක්ක කතාව පොඩි එකා වගේ..එහෙව් එකාට ඔය කතා කියන කටවල් වලට හෙන වදින්න ඕනා හෙන..."
.......
"අපේ සර්ට තියෙන්නේ පාළුව සාංකාව..මෙහෙ ඇවිත් මුල් ටිකේ උන්න හැටි බලන්න තිබ්බෙ..බියර් ගොඩ බීපු හැටියට බේබද්දෙක් වෙලා මෙලහකටත් උඹ නොහිටින්න..උඹ දැක්ක දවසේම මගෙන් ඇවිත් ඇහුවේ අහවල් ගෙදර උන්න කොල්ලා හොඳද කියලා..උබම හින්දා මට හිතට හොඳයි..අනික් උන්ට අහු උණා නම් බිලා ගෑණු පස්සෙ ගිහිං නහින්නෙ..කට්ටියම දත කෑවේ සර්වත් නම්ම ගන්න උන්ගේ කුපාඩිකම් වලට...බීගෙන බජව් දාගෙන නටද්දී දවසයි දෙකයි බැලුවේ...කියා දුන්නා රංචුවටම හොඳ එකෙන්.."
......
මගේ හිත කියෙව්වා වගේ මාමා උත්තර දෙද්දී ආපිට කියන්න දෙයක්වත් මං දැනගෙන උන්නේ නෑ...ඒත් ඒ වචන හිතේ බය නැති කරනවාට වඩා මගේ හිතට ඇති කරේ බයක්...එයා ගැන බයවෙනවාට වඩා මං බයවුණේ මගේ හිත ගැනම වෙද්දි...මට ඕනා උණේ නෑ...එයාගෙ ප්‍රතිරූපේ මං ඉස්සරහා තව තවත් හොඳ වෙනවා දකින්න...එහෙම වෙන්න වෙන්න මගෙ හැඟීම් දුර යන්න නොදී නතර කරගන්න මට අමාරු උණා...හිතේ බය නැති වෙනවාටත් වඩා ඒ වචනයක් ගානේ එයාට තව තව බැඳෙන්න මට හේතු ලැබෙන ගමන් තිබුණා...
"යාළුකමටනෙ ළඟ ඉන්න කියන්නේ...සර් එක්ක හිටපන්..උඹට උදව් එහෙමත් ලැබෙයි.."
"මටෝන් නෑ..."
"හ හ්..හා...උඹෙ ආඩම්බර.. මං දන්නේ නැද්ද උඹෙ හැටි..මට ඒත් ඇගිල්ලට දාන්න බෙහෙත් ගිහිං දෙන්න කියද්දි මං කිව්වා..උඹෙ ලොකුකම ගැන..ඔය හින්දාමයි සර් උඹට ළංවෙනවාට මං බයක් නැත්තෙත්...වෙන උන් නම් ලාබ බලාගෙන ඔන මඟුලක් කරයි.."
....
"හරි හරි..දැන් පලයං ලොකු කම පැත්තට දාලා...දැනුණ කෙනෙක්ට හිත සතුටින් දෙයක් දුන්නොත් ඇරෙන්න අපෙ සර් කාටවත් අනුකම්පා කරලා පහතට දාන ජාතියේ එකෙක් නෙමෙ...ලොකු මහත්තයා වගේ අනුකම්පාවේ නාමෙන් අහක යන කරදර ගේ අස්සෙ දාගන්න මනුස්සයෙකුත් නෙමෙ...."
.....
"ඔහොම්ම ඇතුලට...සර් බලන් ඇති.."
ඒ කතාවට නම් මට කේන්තිත් ගියා..වැඩිය තියෙන නිසා හිත සතුටින් දෙයක් දුන්නම ගන්න එක වෙනම දෙයක්..ඒත් අනේ නෑනෙ..පවුණේ ගගා අනුකම්පා කරනවාටනම් මං කැමැතිම නෑ...කොච්චර නැති බැරි උණත් ආත්ම ගවුරවයක් කියලා එකක් තියෙනවනෙ කාට උණත්..උදව්වක් උණත් මං ගත්තෙ මට ළඟින් දැනුණ කෙනෙකුගෙන් විතරයි...නොදන්නම කෙනෙකුගෙන් ගත්තත්..ඔය කොහෙටවත් නැති..උදව් කරලා කියවන ජාතියේ අයගෙ උදව්නම් හදිසියකටවත් මන් බලාපොරොත්තු උණේ නැ වගේම ඒ වගේ අය දෙන දෙයක්වත් ගත්තෙ නෑ... මොකද මේ ජීවිතේ පුරා ඉගෙන ගත්ත පාඩම් හුගාක් තිබුණ මට...අනික කෙනෙක් හිතනවානම් මං එහෙම ලාබ ප්‍රයොජන ඉස්සරහා ඔලුව නමන මිනිහෙක් කියලා ඒ තරම් කේන්ති යන දෙයක් මට තවත් නෑ..කොහොම උණත් ආරි මාමට මගේ කේන්තිය තේරෙද්දී මාමා ඒ කතාව පැත්තක තියෙද්දි මාව පිටිපස්සෙන් තල්ලු කරන් දොරෙන් ඇතුලට තල්ලු කරද්දි...මගේ ඇස් ඉස්සරහා තියෙන ආගන්තුක ලෝකේ දිහා මන් බලන් හිටියෙ බයවෙලා...
"ඔටන බලන් ඉන්නෙ මුකඩ කුල්ලෝ...කෝ එන්න මෙහෙට.."
......
"ඔයාට බයවෙන්න දෙයක් මෙහෙ නෑ...කිරුළු..කෝ එන්න.."
ඒ වගේ ගෙදරකට අඩිය තියනවා තියා දැක්කෙත් අදම වෙද්දි..මොකක්දෝ භාජනෙකුත් අත් දෙකෙන් අරන් ගේ ඇතුලේ ඉඳන් ආපු එයා ඒක එතන තිබුණ ස්ටූල් එකකින් තියන ගමන් මට එන්න කිව්වත්, මූණ පේන තරම් දිලිසෙන ටයිල් පොලවේ අඩිය තියන්නත් මට බය හිතුණා...ලිස්සලා යාවිදෝ...මගේ කකුල් වල කුණු ඒ ඒවයේ ගෑවෙයිදෝ බය හිතෙද්දි එයාම ඇවිත් මාව අතින් අල්ලන් එක්ක ගිහින් සොෆාවෙන් වාඩි කරලා මගේ ඉස්සරහින් විදුරුවක් දාලා තිබුණ ස්ටුල් එක උඩින් වාඩි උණා...
"කෝ..ඒක...දැන් හුඳයිද..ම්ම්...මං එදා ගුඩක් සිදෙව්වා නේද.."
"එහෙම නෑ..දැන් හොඳයි ඒක..ස..ර් ඉන්න..මං..මං බෙහෙත් දාගන්නම්.."
"ආරි කිව්වා හරි..උයා අහිංශක උනාට හරි පඩිතයි.."
මුල්ම රාජකාරිය විදිහට මගේ මාපටගිල්ලෙ පරන තුවාලේ හොයන් තත්වේ පරික්ෂා කරපු එයා..සුසුමක් හෙළන ගමන් කිව්ව කතාවට මට හිනා යද්දි එයා මට බොරුවට රවන ගමන් මගේ අල්ල දිග ඇරගෙන අලුත් තුවාලේ බැලුවා..මාපට ඇගිල්ලට පහලින්ම ගොඩක් ගැඹුරු නැති අඟලක විතර කැපුමක් තියෙද්දි එයා අරන් ඇවිත් තිබුණ යාන්තං රස්නෙ වතුරට දාපු මොනාදෝ බෙහෙත් ජාතියකින් රෙදි කෑල්ලක් පොඟවලා එයා හරි පරිස්සමට මගේ තුවාලේ පිහ දැම්මා... ආයි සේලයින් වතුර වලිනුත් හෝදලා බෙහෙත් දාද්දී මගේ මූණට හුස්ම වැටෙන තරම් ළඟින් උන්න ඒ මූණ දිහා නොබලා ඉන්න මං පුදුමාකාර උත්සාහයක් ගත්තා...
"බලන්න ඕනා නම්...කෙලින් බලන්න...ඔහොම හොරකම් කර කර..කෝලම් කරද්දි තමා මට බලන් ඉන්න බෙරි.."
එයා මගේ අත දිහා බලන්ම කට කොනෙන් හිනා වෙවි කියද්දි මං ඉක්මනින් මොකුත් නොවුණ ගාණට බිම බලා ගත්තා...
"ම්ම්..මට..බලන්න ඕ..නා නෑ.."
"ආ..හ්..එට්ටට....ම්ම්..හාකෝ.."
"ම..න්.. මන්.. පිහාගන්නම්කො...."
"ස්...මමයි ඩොක්ටර්..මෙතන...රිදෙනවාද ගුඩක්... අයිස් ටියන්නම්...ඉන්නකො.."
මගෙන් අවසර නොයිල්ලාම අළුත් කැපුමට විතරක් නෙමෙ තාම හොඳටම හොඳ නොවුණ පරණ කැපුමටත් බෙහෙත් දාලා ප්ලාස්ටර් කරපු එයා මගේ නිකටින් අල්ලන් කම්මුලේ තිබුණ ලේ එක්ක නලල ළඟ තැල්මත් පිහදාද්දි මං එයාව නතර කරන්න හැදුවත් එයා මට බොරුවට සැර කරන ගමන් අයිස් ගේන්නම් කියලා නැගිටලා යද්දී, මගේ මූණ පුරා කලබලෙන් දුවපු ඒ නිල් ඇස් බැල්මට බයේ.... පපුව අස්සෙ හිරවෙලා තිබුණ හුස්ම මං හරි අමාරුවෙන් පහලට දැම්මා..
"දෙන්නකෝ සර්..මං.."
"ස්ස්..මං කිව්වනේ..මමයි ඩොක්ටර්...උයාට වෙඩක් ඌනම නම්..බයෙන් බයෙන් ඇස් දුවන් නෙතුම් මගේ ඇශ් ඩිහා බලන්න."
"ආ..හ්.."
අයිස් කැටත් අරන් අපහු ආව එයා ආයීමත් මං ඉස්සරහා වාඩි වෙලා රෙදි කෑල්ලක ඔතා ගත්ත අයිස් වලින් එයාම මගේ නළල තවන්න හදද්දී නවත්වන්න හැදුවත් වැඩක් උණේ නෑ...ඒ මදිවට කියපු දේ එක්ක මාව ගැස්සිලා යද්දී එයාට ඕනා උණා වගේම එයා මාව ඒ නිල් ඇස් අස්සෙ අතරමන් කර ගත්තා...
"හවසටත් එනවද..හෙට උඩෙත්.. දවාලෙට්..එනවාඩ...මේවා හොඳ වෙනකං..මං බේත් දාන්නම්..වෙඩ තිබුණට්.. එනවාඩ...වෙඩ කරන්න...ටුවාල..හුඳ වෙන්න ඌනනේ...හුඳ කරන්නම්..එනවාඩ මාව බලන්න...ඊයේ..පෙරේඩා.. මට පාළුයි කියලට් ආවෙ නැටි නිශා...ටරා වින් නෑ... හෙට...ඉඩන්වට් එනවාද කිඅන්න...එලේ එන්න ඌන නේ..වැශ්ශෙ...මෙහෙ එනවාඩ...වෙඩට් අරන් එන්න..මං..මං උදව් කරන්නම්..මටත් පුළාන් කිඅලා දුන්නොට්..මං..ටුවාල හුද වෙනකම්...උදව් කරන්නම්..එන්න හාද.."
මං ඉස්සරහා ස්ටූල් එකේ වාඩි වෙලා..මගේ කකුල් දෙක දෙපැත්තෙන් කකුල් දාගෙන ඉස්සරහට නැමිලා උන්න එයා මගේ නිකට යටින් අල්ලන් අනික් අතෙන් අයිස් කැටේ මගෙ නළලේ තියන් ඉන්න ගමන් මගෙ ඇස් දිහා බලන් පොඩි එකෙක් වගේ ඔහේ කියෙව්වා...එයාව බලන්න එන්න බෑ කියන්න තවත් බොරු හේතු දෙන්න එපා වගේ බැල්මක් ඒ ඇස් වල තියෙද්දි,එයා ඔහොම නෙමෙ කොහොම කිව්වත් දේවල් දුර දිග නොයවා එයාව මඟ අරින්න මන් මටම පොරොන්දු වෙලා තියෙද්දී.. ඒ වචනයක් ගානේ මගෙ පපුව හිර උණා...වහින ගමන් උන්න අහසකට ආයි වහින්න උත්සාහයක් ඕනා නැති වෙද්දී, එයා නොදැන උණත්..අඬන්න හිටපු මනුස්සයාට ඇඟිල්ලෙන් අනින ගමන් හිටියා වෙද්දි, එයා අන්තිමට කියපු දේ එක්ක මගෙ තොල් වෙව්ලලා ගිහිං මේ තරම් වෙලා අමාරුවෙන් හිරකරන් උන්න කදුළු පාලනයක් නැතිව කම්මුල් දිගේ ගලන් යද්දි එයා මං දිහා බැලුවේ බයවෙලා...
"අ..නේ..අ..නේ...මට රි...දෙනවා ස්..ර්... ගොඩ..ක්...ගොඩ..ක් රිදෙ...නවා...ඕ..හෝ..ම..ඔහොම රිද්දන්න ඒ..එපා සර්.."
"සෝ...සොරි...බබා..අනේ සොරි...හිතලා රිද්දුවේ නෑ...මං මං මගෙ mind එකට පිෂ්සු හෙදිලා...කල්පනාව ගිආ..සෝ..රි..මං මං රිදෙන් නැටි වෙන්න හෙමින් බේත් දාන්නම්...අපි..අපි ඉක්මනින් බේට් ඩාලා painkiller බොමු..ම්ම්..උයා කාලඩ...මං කාලා නේ ටාම..අපි කාලා බේට් බොමු..බීලා මෙහෙට වෙලා ඩවල් විනකං නිඩා ගන්න...රිඩෙනවා අඩු උනාම ගිදර යන්න..කෝ අඬන්න එපා...ඔහොම හිනා...වෙන්න..හෙමදාම.."
......
"වෙන වටුර එකක් අරන් එන්නම්..ආයි අඬන්න එපා.."
......
"උයා අඬදද්දි..මටත් රිදෙනවා.."
මගෙ කඳුලු දැක්ක එයා සෑහෙන්න කලබල උණත්,එයා ඇල්ලුවොත් මට තව රිදවෙයි වගේ,එයා එයාගෙ දඹර ඇඟිල්ල විතරක් මගෙ කම්මුල් පුරා අරන් යන ගමන් කඳුලු පිහන්න හදන ගමන් එයා කියෙව්වා.... මාව හුරතල් කර කර,අම්මයි ආච්චියි අස්සෙ හුරතල් වෙලා පුරුද්දටදෝ නොදැනිම මං ඉස්සරහා හුරතල් වෙන උස දිගංචියාට ආදරේ නොකර ඉන්නෙ කොහොමද කියලා මගෙ හිත මගෙන්ම ප්‍රස්න කරා...රිදෙන්නේ මගෙ ඇගේ තුවාල නෙමෙ හිතේ තුවාලේ කියලා නොදැනම කියවන අස්සේම එයා නැවති නැවති මගෙ නළලේ තිබුණ තැල්මට කටින් පිඹිද්දි මට කදුළු අස්සේම හිනාවක් ආවත්, ඒ හිනාව එක්ක මගේත් එක්කම හිනා උණ එයා මගෙ නහයත් මිරිකන් එතනින් නැගිටලා යන ගමන් එයාටම කියාගත්ත දේ මට ඇහෙද්දී ආයි මගෙ හිනාව අතුරුදන් උණා...
මන් අඩද්දී...එයා නිසා රිදුණේ මගෙ හිත කියන්නවත් නොදන්න එයාට....මං නිසා රිදෙන්න.... ඇයි ඒ...
"ෂර්ට් එක ගලවන්න.."
"ආ..හ්..!!"
මං ඔළුවත් විකාරවෙලා කල්පනාවේ ඉද්දී වෙන වතුර එකකුත් අරන් ආපු එයා මට කියද්දි මං එයා දිහා බැලුවේ බයවෙලා...
"මෙටන...මෙටන ටුවාලෙට බේත් දාන්න...ලේ ගුඩක් ඇවිට් එතන...ඕක අයින් කරලා මගෙ එකක් ඩෙන්නද එද ගන්න.."
......
"හරි..ෂර්ට් ගලාන්න ඌන නේ...බට්න් ගලවන්න...බේට් ඩාන්න.."
"ආ.. හ්..හා...හරි.."
"කෝ එන්න මං ගලවන්න"
ඇලේ බාගෙට ඇඳගෙන එයා එක්ක ඇති තරම් නාලා තිබුණත්, අද එයා ෂර්ට් එක ගලවන්න කියද්දි, මං මුලින් ගැස්සිලා යද්දි, එයා උරහිසට තට්ටු කරන ගමන් ගලවන්න කිව්ව හේතුව පැහැදිලි කරද්දි මට ලැජ්ජාවට එතනම වැළළෙන්න හිතුණා වෙද්දි..මන් මොකාදෝ එකා වගේ බලන් උන්න නිසාදෝ එයා ෂර්ට් එක ඕනා නෑ බට්න් ගලවන්න කියද්දි මං තුවාල උණ මාපටගිල්ලයි අල්ලයි...ඒ අස්සෙ කලබලේට වෙව්ලන අතුයි එක්ක බට්න් එක ගලවා ගන්න බැරිව ලත වෙද්දි එයාම මං ළඟ පහත් වෙලා ෂර්ට් එකේ බට්න් 3ක් පන්නද්දී මං ගුලි කාපු එකා වගේ ඔහේ බලන් හිටියා..එහෙම්ම ලොකු ස්ටූල් එකේම වාඩි උණ එයා..බෙහෙත් දාන්න ලේසි වෙන්න මාව සෝෆාවෙන් නැගිට්ටවලා එතන තිබූන පොඩි ස්ටූල් එකක් අරන් එයාගෙ කකුල් දෙක මැද්දෙ තියන් මාව ඒකෙන් වාඩි කරවලා වතුර එක ළඟට ගත්තා...
.......
.......
"සර්."
"ආහ්..මේ.මෙ..හොස්පිට්ල් යන්න ඌනා නෑ...කිඅලා ශුවර්ද...ඒක ටිකක් ඔකුයි... ඉන්ජෙක්ෂන් ගාන්න වෙයි..."
"ළඟදී ගහලා තියෙනවා.. ඕනා නැති වෙයි ඒ නිසා.."
"හ්ම්ම්."
මගෙ පිටිපස්සෙන් උන්න එයා මගෙ ෂර්ට් එක වම් උරහිසෙන් පන්නනවා දැනුණත් ඊට පස්සෙ හැලහොල්මනක් නැතිවෙද්දී බැරිම තැන එයාට කතා කරද්දි එයා හොස්පිට්ල් යමුද අහද්දී, කටු කම්බියක් ඇනිලා මෑතක පිට ගැස්මට බෙහෙත් විදලා තිබූන නිසා මං ඕනා නෑ කියද්දී එයා මගෙ වම් උරහිස පිටිපස්සේ අත පටන් ගන්න තැන තිබුණ කැපුමට බෙහෙත් දාන්න ගත්තා...
"ගුඩක් රිද්දන්නේ නෑ හුදද.."
අල්ලේ තුවාලෙට වඩා දෙතුන් ගුණේක දැවිල්ලක්, වේදනාවක් උරහිසේ තුවාලේ සෝදන්න ගනිද්දීම මට දැණෙද්දී මටත් නොදැනිම මගෙ හොඳ අත මගෙ පැත්තකින් තිබුණ එයාගෙ කොට ශෝට් එකෙන් නිරාවරණය උණ දනිහට උඩින් තද වෙලා තියෙද්දි ඒ අත උඩින් අත තියලා රිද්දන්නේ නෑ කියද්දි සිහියට ආපු මං අද ඇදගන්න හැදුවත් එයා මගෙ අත අල්ල ගන්න ගමන් එහෙම තියාගන්න කියලා අගවද්දී මටත් නොදැනිම මං එයාට කීකරු උණා...
එයා බෙහෙත් දැම්මා... හරි පරිස්සමට බෙහෙත් ටික දාද්දී , කරන දේ හරිද නැද්ද නොදන්නවා උණත් මගෙ පිටිපස්සෙන් දැනෙන ඒ උණුහුමට, ඒ සුවදට ලෝබ කමේ මං ඇස් දෙක තද කරලා ඇස් පියාගෙන ඒ උණුහුම, සුවඳ විඳින ගමන් උන්නා...ජීවිතේ මුල් වතාවට විඳින ඒ හැඟීම අස්සෙ මං අතරමං වෙලා තියෙද්දි මං නොදැනිම මන් එයාගෙ පපුවට පිට දීලා තියෙද්දි බෙහෙත් දාලා ඉවරද කියන එක ගැන සිහිකල්පනාවක්වත් මට නොවෙද්දී හිටි ගමන් ආපු එයාගෙ අතක් මගේ ඉණ වටේ යවන් එයා මාව තව ටිකක් ඒ පපුවට තද කර ගත්තා..
එහෙම කරන්න එපා...ඔය දේ වෙන්න දෙන්න එපා කිය කිය මගේ මොලෙන් රතු පණිවිඩ මොනතරම් එව්වා...දැනටමත්..මං එයාට හිතින් බැඳිලා නිසා එයා එක්ක එකට ගැවසිලා එයා මට කිට්ටු වෙන්න හැදුවොත් එයාට අවනත නොවී ඉන්න බැරි වෙයි කියන එක මට කලින්ම දැනුණා...එහෙම උනොත්...නොවිය යුතු දේවල් ගොඩක් අපි අතරවෙයි..අපි ගොඩක් දුර යයි...එයා ගතෙන් සුවයක් හොයද්දි...මං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙලා හිත රිද්ද ගනී... දවසක එයා අපි අතර මොකුත් නොවුණ ගාණට අත ඇරලා යාවි...එදාට මට මොකක් වෙයිද...
"I wa..nt yo...u kiru...lu..."
පහුගිය ටිකේ මං මටම තේරුම් කරගන්න හදපු දේවල් හිතට එබි එබී අනතුරු ඇඟෙව්වත්..ඒ වෙද්දීත් ඒ උණුහුම ,ඒ ස්පර්ශෙ පිස්සුවෙන් වගේ මාව යටත් කරගෙන තියෙද්දි ඒ සීතල තොල් මගේ නිරුවත් උරහිස උඩ නතරවෙද්දී මාව සම්පූර්ණයෙන්ම හිරි වැටිලා ඇකිලිලා ගියා... මගේ අත් මටත් නොදැනිම එයාගෙ අත තව තවත් මගේ ඇඟට තෙරපන් තියෙද්දි ඈත ලෝකෙකින් ආවා වගේ ඒ කටහඬ මගේ කන අස්සෙ මිමිනුණා...වෙන්න එපා...වෙන්න ඕනා නෑ කියලා හිතපු දේවල්ම වෙන්න ගද්දී...දැනටමත් ඒ පහස ඉස්සරහා මගේ පාලනේ ගිලිහිලා තිබුණා...
"අ..හ්..නේ ස්..ස...ර්.."
"උයා.. ලං..ග...හරි සූ..ඳ යි.."
එයාගෙ තොල් හරි සීතලට මගේ උරහිස දිගේ ඇදිලා ඇවිත් බෙල්ල පාමුල නතර වෙන අතරෙ, මටත් නොදැනිම මගේ කටින් කෙඳිරියක් එළියට පණිද්දී ගැස්සිලා ගිය මං ඇස් ඇරියා... කලබලේට එයාගෙන් ඈත් වෙන්න හැදුවත් ඒ ලොකු අත පොඩ්ඩක්වත් ලිහිල් නොවී තියෙද්දි එයා අනික් අතින් මගෙ ෂර්ට් එක තිබුණ විදිහට හදලා, මගෙ බෙල්ල පාමුල මූණ ගහන් තනි අතින්ම මගේ බොත්තම් ටික දැම්මා....එහෙම්ම ඉණ වටේ තිබුණ අත ලිහිල්වෙලා පපුව දිගේ උඩට ඇවිත් මගේ ෂර්ට් එකේ සාක්කුව උඩින් නතර වෙද්දි අනික් තප්පරේ එයා මගේ උරහිට උඩින් එබෙන ගමන් ම සාක්කුවට අත දැම්මා...
"ම..ල්...!! ඒ..වයි...සුවඳ.."
සාක්කුව ඇතුලේ තිබුණ පින්න මල් තුන අනික් තප්පරේ ඒ අතේ තියෙද්දි ඒ දිග ඇගිලු මල් තුන වෙනුවෙන් මගේ සාක්කුව අස්සෙ ඕනාවට වඩා එහෙමෙහෙ ගියාදෝ මං කල්පනාවේ ඉද්දී මගේ කන පාමුල ඒ නහය ආපහු ඇතිල්ලෙද්දි , සිද්ද වෙන හැමදෙකම බරපතලකම ආයි මතක් වෙද්දී....
ඇඟේම හයිය ගත්ත මං ඒ අත් ගසල දාන ගමන් බඩු මුට්ටුත් පෙරලන් එතනින් නැගිට්ටා...
"කි..රු..ලු..ම.."
එයා මං ළඟට එන්න හදද්දී එයා දිහාට දඹර ඇගිල්ල උරුක් කරන ගමන් අඩියක්වත් එන්න එපා කියලා මං එයාව නතර කරා.....ටිකකට කලින් මන් උන්න විදිහට..මේ වගේ හැසිරීමක් බලාපොරොත්තු නොවුණ බවක් ඒ මූණේ ලියවෙලා තියෙද්දි..කියන්න දේවල් හුගාක් හිතේ තිබුණත්,ඇස් වලින් ආයි කදුළු පෝලිමක් ගලන් යන්න ගද්දී එක වචනයක්වත් පිටකරගන්න බැරිව මගේ තොල් වෙවුලද්දි,එදා අර තරම් එයාව මඟ අරින්න මටම පොරොන්දු වෙලා තියෙද්දීත්,අද ආයිමත් මුණ ගස්සපු දයිවයටත් හිතින් දොස් කිය කිය, උරුක් කරන් උන්න අත ගසලා දාලා මං එතනින් දුවගෙනම එන්න ආවා.......
මතුසම්බන්ධයි....
👩💻 dil
2024/01/10
🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺
වස්තුලා...ඕතරි ආවා ...🥺🥺
ගොඩක් වටින තෑග්ගකුත් හම්බ උණා...කිරුළ වෙනුවෙන් මුල්ම විඩියෝ එක...🥺🥺 MadhuniParis නංගාගෙන්....ඒක ගොඩක් ගොඩක් ලස්සනයි අප්පා....මං fb දැම්මා... ඉන්න අය ගිහිං බලන්න....ගොඩක් ස්තුතියි මැණික.....🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉතිං කතාව ගැනත් මොනාහරි කියන්නකෝ...🤗🤗
බප්පා වගේ අය දැකලා තියේද...😓😓
ඒ ඉඩමත් උකස් වෙයිද 🤧🤧
කිරුළ මඟ ඇරලා ඉන්න හැදුවාට පුළුවන් වෙයිද කරන්න...🥺🥺
ලෙවින්ගේ හැඟීම් ගැන මොකද හිතන්නෙ...🤧🤧
ඊයේ කියන්න අමතක් උනානේ friend with benefits ගැන පොඩ්ඩක් serch කරලා බලන්නකො..ලෙවින් ඔය කියන විදිහෙ සම්බන්ධයක්ද දැනටමත් එයාලා අතරෙ තියෙන්නේ බලන්න..☺️☺️
🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺
දුක දැනෙන හිතට ආදරේ එපා
හොදටම රැවටුනු හින්දා
තවම කදුලු නෙතට බර වෙලා
හුස්ම රිදෙනවා....//
අහිතක් නෑ ඔබ ගැන නම්
මම මෙතනින් නවතින්නම්
ඔබ ගිය තැන සතුටින් නම්
මේ දුක මම ඉවසන්නම්....
මා සතුව තිබු හිතත් ඔබ අරන් අතහැරලා යන්නට පවා
රුදුරු හදවතක් තිබුනදෝ
ඔබට ඔය පපුව මත සැගවිලා
අහිතක් නෑ ඔබ ගැන නම්......
දැන හදුන ගන්න කලින්
ඔබට මා පෙම් කෙරුව වරදට එදා... විදවනවා අදත් දුකට නෑ නිමක්
මගේ ජීවිතේ ඇති තුරා....
අහිතක් නෑ ඔබ ගැන නම්
මම මෙතනින් නවතින්නම්
ගායනය : තනුජ දර්ශන