අමාවක සඳ 🌙 Ongoing

Da YUNHEE8431

12K 1.3K 240

⁣ඔබේ අදුරු ලොවට එළිය වී පැමිණියෙමි... Altro

Soon...🍁
0️⃣1️⃣ දිගහැරුම
0️⃣2️⃣ දිගහැරුම
0️⃣3️⃣ දිගහැරුම
0️⃣5️⃣ දිගහැරුම
0️⃣6️⃣ වන දිගහැරුම
0️⃣7️⃣ වන දිගහැරුම 🥀
0️⃣8️⃣ වන දිගහැරුම
0️⃣9️⃣ වන දිගහැරුම
1️⃣0️⃣ වන දිගහැරුම
1️⃣1️⃣ වන දිගහැරුම
1️⃣2️⃣ වන දිග හැරුම
1️⃣3️⃣ වන දිග හැරුම
1️⃣4️⃣ වන දිගහැරුම
1️⃣5️⃣ වන දිගහැරුම
1️⃣6️⃣ වන දිගහැරුම
1️⃣7️⃣ වන දිගහැරුම
1️⃣8️⃣ වන දිගහැරුම ❃
1️⃣9️⃣ වන දිගහැරුම ❃
2️⃣0️⃣ වන දිගහැරුම
2️⃣1️⃣ වන දිගහැරුම ❃
2️⃣3️⃣ කොටස
2️⃣4️⃣ කොටස
25 කොටස

2️⃣2️⃣වන දිගහැරුම ❃

463 41 9
Da YUNHEE8431

#මහින්ස

" කවදා ඉදන්ද වැඩට එන්න කිවේ ? "

තුහින අහන්නේ කොල්ලගේ මුහුණ⁣ට මදක් නැඹුරු වෙලා

" අයියා කොහොමද ඒක හරියටම කිව්වේ  ? "

පැනයට පිලිතුරක් නොදිම මහින්ස ආයිම තුහිනගෙන් ඇහුවා,
මොකද ඉන්ටවිව් ඉවරවෙලා ආවත් තාම ඒ ගැන කියන්න මහින්සට වෙලාවක් හම්බ වු⁣නේ නැ...

" ඔය මුණේම ඒක ලියවිලා තියනවා බං "


" මාව එච්චර ඕපන්ද  ? "


" ම්.........
එහෙමම නැහැ, හැබැයි මෙච්චර කාලයක් උඹේ ළඟ හිටිය මට ඒවා හංගන්න බැ "


" හෙට ඉදලාම වැඩට යන්න පුළුවන් වෙයි "



" පොඩි එකා ? "



" ඩේ-කෙයා එක කතා කරලා තියෙන්නේ අයියා "



" උ|ඹ|ට කමක් නැද්ද මල්ලි ? "


" දුකයි වුනත් මං ඒකට ලැස්ති අයියේ .....
එයාට මේ දේවල් හුරු කරන්න ඕනි ,
දවසක ඔයා මම අපි කවුරු නැති වුනත් තනියම දරාගෙන ජිවත් වෙන්න පුළුවන් තරමට එයාව ශක්තිමත් කරන්නයි මට ඕනි.
මොකද මං දන්න කේශ්වර එහෙම කෙනෙක් .....
එයාගේ ලේ|ත් එහෙම වෙන්න ඕනි "

" මොනවද බං මේ කියන්නේ ??? "

ඉදින් මහින්සගේ මුනිවත ඉදිරියේ තව දුරටත් තුහින ඒගැන විමසන්න හැකියවක් නැත....
ඕ ද නිහඬ වුයේ ඒ නිසාවෙනි.

" බී ස්ට්‍රෝන්ග් කොල්ලෝ ......
ම්ම්,
මං එහෙනම් යන්නද බං, රෙදි ගොඩකුත් තියේ හොදන්න "

" හරි අය්යා......"

" මං ගිහින් කෝල් බැක් කරන්නම්,
පිස්සෙක් වගේ ගිය පයින් ආපිට මට එන්න සලස්සන්නේ නැතුව ෆෝන් එක ගනි/න්  හරිද "


" හරි හරි ආයිම එහෙම වෙන්නේ නෑ......."

තුහින අයියා කියන්නේ ඔහොම දවසක   එයා මහ පාන්දර අපිව හොයාගෙන ආපු එක ගැන .......
මේ රටේ දන්න අදුරන කෙනෙක්ට අපි දෙන්නට ඉන්නේ අපි දෙන්න විතරක් වෙද්දී එයා කලබල වෙන එක සාධාරණයි .

පොඩි එකාවත් ළඟ තියාගෙන මං යන්තමට ඇස් පියාගත්තේ මොකක්ද රිදුමක් ඇස් වලින් දැනුන නිසා .....
තප්පරක් .... දෙකක් යන්න ඇති,
එක දිගට ඩෝ බෙල් එක වදින්න ගත්තා .....

' ඒ පාර කවුද ? ' මට දැනුනේ නොරිස්සුමක්

" හේයි !!!  ස යුල්... wtsp bro ......
After long time  ....?

" god....! ⁣ජේසන් , "

" ඔන්න මං ආවා මගේ පරණ යාළුවා බලලා යන්න "

" හේයි....හේයි.. පුදුම වෙන්න දෙයක් නැ , මං හදිසියේම කැනඩා ආවා, ඉතින් මට හිතුනා බලලා යන්න එන්න  "

ජේසන් .....
මට ඉන්ගලන්ඩ් වලදි හම්බ වුන යාළුවෙක් ,
යාළුවෙක්ට වඩා සහෝදරයෙක් , මගේ ජිවිතේ ගැන හැමදේම දන්න කිප දෙනා අතරින් ඔහු එක්කෙනෙක් ...

මං මෙහෙට ආවාට පස්සේ යාළුවෙක්ට කියලා කතා කලේ ඔහුට විතරයි ...
සෙහන්සට කතා කරන්න වුවමනා වුනත් , මං නිසා එයාව අවදානමක දාන්න මට ඕනි වුනේ නැ......

" ඩඩා...... "

කෙනුල් ඇවිත් කකුලේ එල්ලුනේ  මං පරක්කු නිසා ද කොහෙද....

" Oh...... such beautiful eyes ...
Woow ..... සයුල් .
ඒ වා....ඒවා හරියට ඩයමන්ඩ් වගේ ......"

" O..god..... .
Just like his dad....!! "

ජේසන් එකදිගට කියවන්නේ පොඩි එකා දැකලා ,
කේශ්වර photo එයා දැකලා තියනවා , අනික කේශ්වර ගැන මගේ හිතේ තියන දේවල් මං කිව්වේ ජේසන් එක්ක.....

" යමු ඇතුළට "

" ඕ...කේ "

" කූල්....  ඕ කෝෆි "


" කෝපි එකක් බොමු "



" සෝ.......... කෝ ⁣දැන් ඔයාගේ මේජර් ප්‍රින්ස් ,
ම්........?
කවුද ...මේ....කේෂ්...
නැ...කේශ්වර "

ජේසන් මේ කිසිම දෙයක් දන්නේ නැ......
ඔහු දන්නේ මං දැන් ඉන්නේ කැනඩා වල කියලා විතරයි ,
ඉතින් ඔහු එහෙම අහපු එක වැරදි නැ.....

ඒත් මං කොහොම කියන්න ද.....?
එදා මං පිස්සුවෙන් වගේ කියවපු කේශ්වර දැන් ඉන්නේ අපෙන් ගොඩක් දුර කියලා ....

ආයේ කිසිම දවසක එන්නේ නැති ගමනක්
ඔහු තනියම  ගිහින් කියලා ...

ඒ නිල් ඇස් සදහටම පියවිලා කියලා ....

හිනාවෙන්න බැරි වුනත්,
අඬන්න නැතිව ඉන්න හේතුවක් ඉතිරි කරලා ඔහු යන්නම ගිහින් කියලා .....

" ස්..සයුල් !........ වට්ස් රෝන්ග් මෑන් ?
ආ යු ඕකේ "

ජේසන්ට මගේ වෙනස තේරෙන්න අැති.....

" අයිම් ෆයින් ජේන් "


" වට්ස් රෝන්ග් ..... සයුල් ,,
මං දන්නේ නැත්තේ මොනවද ? "



" එයා...එ..යා  ගිහින් "

කැඩිච්ච වචන වලින් මං උත්තර දුන්නා...

' වට්..... ⁣මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැ "


" ඕ .. ගොඩ් , අයි කාන්ට් බිලිව් ඉට්, ඔයා හොදින් කියලා විස්වාස ද සයුල් "

ජේසන් ආයිම අහනවා....
ඊට පිලිතුරක් දෙන්න මං දන්නේ නැ, ඒත් ජිවත් වෙන්න හේතුවක් ඉතුරු වෙලා තියලා නිසා මං ඔළුව වැනුවා

        _______🍁🍁______

රුධිරය වැකි සළු එකිනෙක ඔහුගේ ගතින් ඉවත් වෙද්දී ... එක සීරුවට වතුර මලෙන් වැටෙන වතුර
නග්න සිරුර සිප ගෙන  රක්තවර්ණයට  හැරෙද්දී
ඒ ඇස් දිලිසුනා ..... මහ උමවතුවකින් ඒ වර්ණයට දෙනෙත් ලොභ බැන්දා...

වතුරේ පැහැය වෙනස් වෙන්ට හැර ඒ ඇස් නැවතුණේ ඉදිපස කණ්නාඩියෙන් දිස්වෙන තම රුව ලඟයි..
තවමත් සුව නොවු තුවාල කැලල්
ශරිරයේ අඩුවක් නැතු තිබුනා වුවත්,
ඒ රුවේ කඩවසම් බව මදකට හෝ අඩු වී නොමැත...
ඒ ගෙලේ කෙලවරක වන්න සර්පයකුගේ ටැටුවත් ,
කනක කළු පැහැ තෝඩුවක් ද   දිස් වුයේ පැරණි ඔහු තවදුරටත් නැ කියන්නට මෙනි...

තවමත් නැවුම් වු තුවල වතුර මුහු වෙලා දෙන වේදනා ඔහුට දැනෙනවා ද යන්න ගැන ඇත්තේ ප්‍රශ්නාර්ථක්....

නානකාමරයේ වතුර සද්දේට අමතරව ඔහුගේ වියරු හිනා හඬ ද එක් වුයේ දොංකාර දෙමින්......

අද රක්ත වර්ණය හැරි බොර පැහැ ගැන්වු තියුණු දෑස් කලකට පෙර විදුරු මෙන් පැහැදිලි අහස් නිල් ඇස් හිමිකාරයා විය.......

කේශ්වර ........
මින් වසර ත්‍රිත්වයකට පෙර මේ මිහිපිටින් සමුගත් පුද්ගයෙක් වු #ආදිත්‍ය_කේශ්වර නම් ඔහු තවමත් ජිවත් වන බව දන්නේ  කීප දෙනකු පමණකි......
නමුත් ඒ කලකට පෙර ජිවත් වු ආදිත්‍ය කේශ්වර තවමත් ඉතිරිව නැත,
දැන් ඔහු හුදෙක් ලේ පිපාසිත උන්මන්තකයකු වැනිය.....

ඔහු සතුටක් ලැබුවොත් ලබන්නේ රක්ත රුධිරයෙන් තම දෑත් තෙමා ගත් දිනක පමණි .....

අපහැදිලි අතීත මතකයක් විටෙන් විට ඔහු හට කරදර කරද්දී .....
ඔහුගේ එකම පිහිට වුයේ මත් වීම පමණි.

කුඩා බිළි⁣දෙකු දුටු හැම මෙහොතකම ඒ හදවත වේදනා දෙන්නේ කුමක් නිසාද යත් ඔහු නොදත්තේය .....
දිනක බලහත්කාරයෙන් කුඩා දරුවකු උදුරා ගන්න ගොස් එය අවසන් වුයේ විශාල ගැටුමකින් අනතුරුවයි ....

එදින සිට ඔහු කුඩා දරුවන් දකිනමා⁣නයේවත් ඉදින්නට කැමති නැත.....

නගරයේ කෙලවර වෙන්න පිහිටි විසල් පෙදෙසක් මධ්‍යයේ නිම වු නිවස...
ඉතා පැරණි නමුත් ,
තවමත් එය භාවිතයට සුදුසු මටිටමේ පවති...

කළුවම්වල වලව්ව ලෙස මුලදි හැදින්වුවත් දැන් දැන් එය ප්‍රදේශවාසින්ට අනුව යක්ෂ වලව්වක් පමණි ..
මෙහි මුල් අයිතිකරුවන් කවුද යන්න අදටත් කවුරුත් නොදන්නා රහසක් විය...
මිට පෙර බොහෝ අවස්ථාවලදී මෙහි වාසයට පැමිණියවුන්ට සිදු⁣ යම් යම් කරදර හේතු සහ හදිසියේම ඇතමුන්ට තම ජිවිත අහිවිම් නිසා අහල පහල අයගේ හිත් වල රැදුණේ යහපත් මතයක් නම් නොව

කළුවර පමණක් ශේෂ වු සිවිසල් මන්දිරය  ඔහුගේ නවාතැන වෙද්දී , ඉටිපන්දම් එළියක් හෝ දැල්වුන දවසක් එහි තිබුණේ නැත..

ඒ තරම් අදුර ඔහුගේ ජිවිතේ කොටසට වෙද්දී ,
නිදිවර්ජිත රාත්‍රින්....... කුසගින්නේ සිටි රාත්‍රි කොතෙකුත් ගෙවා දමා තිබුනත්
ඒ කිසිවක් ඔහුට දැන් දැන්  දැනෙන්නේ නැති තරම්..

බිත්ති තරමට උසට වැඩුන වල්.....
තට්ටු ගණන් ගොඩ ගැහුනු කොළ....
එහි මනුස්ස ජිවියකු වාසය කරවාද යන්නවත් දුටුවකු විස්වාස නොකරනු ඇත..

දිවා කාලයේ වුවත් එහි වටපිටාවේ ඇත්තේ අමුතුම අදුරක්,

බෙල්ල තෙක් වැවුන කොණ්ඩය......
වතුර බිඳු බේරෙන්නෙ නා එය පිස නොදැමු හෙයිනි..

උදේ ⁣ඉදන් වැස්සකට අර ඇදපු අහස ⁣,
අකාරුණිකව කඩා හැලෙන්න අරන්......

තුවයකින් පමණක් වැසුන ගතට....
සිසිලසක් නොදැනෙනවා විය හැකි ද.?

එහෙමම අසල පුටුවක් ඇද ගත් ඔහු,
දැල්වු Dunhill switch  දුමක් නිදහසේ වාතයට මුදා හැරිණි..


🍁 𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲.....

| © Yąʂɧ.....✍️

Continua a leggere

Ti piacerà anche

1.3M 13.6K 16
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...
603K 44.6K 46
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}
2.9K 640 5
ඒ පිපිරුවේ , බොයිලේරුව ද ? නැත්තන් මගේ කන් අඩිද ? එහෙමත් නැත්තන් ඒ අළු ඇස් දෙකේ හිර වෙලා තිබ්බ මගේ හදවත ද ? - සයිවර් කඩේ -
42K 5K 22
ස්වයංවින්දන යනු නූතන gay Love story එකක්. අනුරාග් සහ සෙහස් අතර ඇතිවන ශක්තිමත් ආදරණීය බැඳීමක් කතාව තුළින් අරගෙන එනවා. විශේෂත්වය තමයි අනුරාග් bisexual...