♛ අග්නි ♛

由 Bulbz_D

170K 34.3K 29K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... 更多

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

57 - ඉතිරි කොටස [ Special Chapter ]

1.7K 264 24
由 Bulbz_D

සුලෝධජ සිය මුහුණට ඇද වැටුණු , කුඩා ඇට්ටේරියා කුසුම සුරතට ගනු මිධුනාථ බලා සිටියේ ය.

'' සැබවින්ම ඇට්ටේරියා සුවද විලවුන් තිබේ ද මිධුනාථ ? '' ඔහු එකවරම කුතුහලය පිරි හඩකින් විමසනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු සුලෝධජ වෙත රළු බැල්මක් හෙළුවේ ය.

'' තිබෙනවා.. මිලාධික හෝ ජනප්‍රිය නැහැ.. '' මිධුනාථ පැවසුවේ ය.

'' සැබවින්ම ? කිමද මිලාධික නොමැති ? ඇට්ටේරියා බෙහෙවින් සුගන්ධවත්..... ම්ම්.. මත් වන සුළුයි.. සුවද විලවුන් තිබෙනවා නම් , මා සෑම දිනකම නොවැරදීම එය භාවිත කරනවා.. '' සුලෝධජ සැහැල්ලුවෙන් සිනාසී පවසනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු ද මදක් එදෙසට නැඹුරු වී සුලෝධජගේ හිස මෘදුව , හා ආදරණීයව සිපගත්තේ ය.

'' සුවද විලවුන් භාවිත කිරීම නම්, යහපත් තීරණයක්.. '' එවර මිධුනාථ පැවසුවේ නාසය හකුලමිනි.

'' ආා.. මිද්දෝ... නුඹ පවසන්නේ මගේ හිස පිළිබදව ද ? දුගද නම් ඇයි දැන් සිපගත්තේ ? '' සුලෝධජ දෙතොල් උල් කරමින් විමසුවේ ය. ඔහු තමාව පසෙකට තල්ලු කර නැගී සිටිනු මිධුනාථ සිතින් සිනාසෙමින් බලා සිටියේ ය.

සුලෝධජ නැවතත් මිධුනාථ මතම ඇද වැටුනේ පය පැකිළී යාමෙනි. මිධුනාථගේ රෞද්‍ර මුහුණෙහි ක්ෂණික සිනහාවක් සටහන් වූයේ පණ්ඩිතකමින් නැගී සිටිමට තැත් කළ සුලෝධජගේ මුහුණ ඇඹුල්ව යනු දැකීමෙනි. මිධුනාථ සෙමින් ඔහුගේ ඉග වටා දැත් තර කර දෑස් සන්සුන්ව පියවා ගත්තේ සුලෝධජගේ සිරුර හරහා විනිවිද තිබූ ඇට්ටේරියා සුවද නාසය විනිවිදිමින් ගමන් කරද්දියි.

'' අහාාාා.. කිමද මට නැගී සිටීමට නොහැකි ? '' සුලෝධජ දෙතොල් උල් කරමින් විමසුවේ පහව නොගිය නොරිස්සීමෙනි. මිධුනාථ හා දබර කිරීමෙන් අනතුරුව මෙලෙස නින්දිත අයුරින් ඔහුගේම සිරුර මත ඇද වැටීමට සිදුවේයැයි ඔහු කෙලෙසකවත් අනුමාන නොකළේ ය. ඉදින් මිධුනාථ තවමත් නිහඩය. ඔහු තව තවත් සුලෝධජ තම සමීපයට ගනිමින් වැළද ගත්තේ සුලෝධජගෙන් නික්මෙන ගැඹුරු සුසුම් ඔහුගේ දහදිය වියළමින් සිරුරේ ගැටෙද්දියි. මිධුනාථ එතරම් , ඒ පහස ප්‍රිය කළේ ය. අන් අවස්ථාවල මෙන් සුලෝධජගේ නිමක් නොමැති කියවීමින්ද ඔහු මුකුත්ව සිටීම මිධුනාථට සැනසීමක් විය.

මිධුනාථ කෙලෙසක සිතුවද සුලෝධජගේ සිත වසාගනිමින් තිබුනේ සුළුපටු වරදකාරී හැගීම් නම් නොවීය. මෙහි අදුර නොවූයේ නම් තමා මිධුනාථගේ මුහුණ දෙස යළි බලන අකාරයක් සුලෝධජට වැටහුම් නොවී ය. ඔහු නිහඩවම මිධුනාථගේ උර්ධවකාය මත හිස හොවාගත්තේ දරාගත නොහී වරදකාරී හැගීමත් , ලජ්ජාවත් ඔහුව වෙළාගනිද්දියි.  මෙහි කිමද මිධුනාථම එයට පටළාගත්තේ ? සුලෝධජ තමාටම දොස් නගාගත්තේ ය. හැගීම් සදහා තමාගේ පාලනය නොදිය යුතු වග සුලෝධජ උගත්තේ සත් හැවිරිදි වියේ දී වූ මුත් , ඔහු තවමත් හැගීම් කෙරේ දුර්වල වන්නේ කෙලෙසකදැයි ඔහුටම පැනයක් විය.

නිර්භය ශේෂ්ඨ පාලකයෙකු කිසිදා තම  හැගීම්වලට වහල් නොවිය යුතු විය. එක් යහපත් මිතුරෙක් තම මිතුරාගේ විශ්වාසය, ගෞරවය රැකිය යුතු විය. ඉදින් ඒ සියලු න්‍යායන් එක් ක්ෂණයෙන් සුනු විසිනු කරලීමට මිධුනාථගේ එක් උණුසුම් සුසුමක් වුව හොදින්ම ප්‍රමාණවත් විය. නමුත් තමාට තරම් වේ ද මෙවැනි දේ සිදු කිරීම ? එවිට මිධුනාථ ? ඔහු කිමද එයට එකගවුයේ ? සුලෝධජගේ සිත පැනයන් රැසක උපත්ති ස්ථානයව හමාරය.

නමුත් දැන් ඒ පිළිබද සිතීමට කාලය ද ? දැනටමත් තම දෑස් පියවෙමින් යනු සුලෝධජට දැනේ. මිධුනාථගේ දහදියෙන් ඇලෙන උරහිස් සුලෝධජට නම් හිස්නයකට වඩා සුවපහසුදායක විය. සිය සිරුර වටාම තරයේ වෙලී ඇති මිධුනාථගේ දෑත් විල්ලුද පොරෝනයකට වඩා සුවපහසු විය. වදනින් නොපැවසූව ද ප්‍රේමයෙන් මුසපත්වූ  ආලිංගනයක අවසානයේ අන් කුමන සැපතක් ද ? සුලෝධජ සෙමින් දෑස් පියාගත්තේ මද සුළගෙහි දැවටී නාසය විනිවිදින ඇට්ටේරියා සුවදින් මත් වෙමිනි.

.
.
.
.
.

වෛශව අසපුවට තවත් එක් දිනයන අරුණලු උදාවී නම් හෝරා කිහිපයක්ම ගතව ගොසිනි. පිටත අංගනයෙහි පුහුණු පිටියෙහි අසිපත් ගැටෙන හඩ පවා සුලෝධජගේ දෙසවන්හි හොදින් පතිත වේ. කවුළුව හරහා සිය මුහුණ මතට වැටුණු මධ්‍යනය හිරු එළිය අග්නි ජාලා පරයන තරමින් රස්නයකින් යුතු විය. මේ තරම් දිවා වන තුරු තමන් කුමක් සිදු කළේ දැයි ඔහුටම වටහා ගත නොහැකි විය.

'' ආහ්... කම්නොවෙයි , තවත් මදක් සැතපුණාට කාරියක් නොවේනේ.. '' සුලෝධජ දෙතොල් උල් කරමින් තමාටම පවසා ගත්තේ උන්නිද්‍රාවතින්ම සයනයෙහි අනෙක් පස හැරී හිස්නය ද වැළදගනිමිනි. සිය සිරුරෙන් දැනුන සුවදායී පහසුවෙන් හා තමා කෙරෙන් නික්මෙන සදුන් සුගන්ධයෙන් කවුරුන් හෝ තමාව පිරිසිදු කර ඇති වග සුලෝධජ වටහා ගත්තේ ය. ඔහු නිද්‍රාවතින්ම කුටිය පුරා දෑස් යැව්වේ ය. ඉදින් හේ නිවැරදිය. එය වනාහී අන්කවරෙකුගේවත් නොව මිධුනාථගේ පලකට නොවන කුටියම විය.

'' එවිට මිධුනාථ කොහිද ? ඔහුගේ අසිපත ද අතුරුදහන්... ආාා.. මේ උද්ධච්ඡ ඉස්ගෙඩියා... '' සුලෝධජ නාසය පුම්බමින් බැන වදිමින් සයනයෙහි ඍජුව අසුන් ගත්තේ ය. නැත. සිය සිරුරෙහි ඔතා තිබූ පොරෝනය මිස කිසිදු සළුවක් ඇගළා නොමැත. කිසිවෙකු හෝ කුටිය තුළට පැමිණියේ නම් ? මේ උද්ධච්ඡ ඉස්ගෙඩියාට එහි කිසිදු තැකීමක් නැති හැටි සැබවින්ම !!! සුලෝධජ දොස් පවරිමින් නැගී සිටියේ ය.

එවිට ඔහුට එය සිහිපත් විය. පෙරදින මහාමාත්‍ය ඝූරෂ ආශාලා හා ඉසුරුපුරයට පැමිණියේ නම් , නිසැකවම ඔවුන් නවාතැන් ගැනීමට ඇත්තේ වෛශව අසපුවෙහි විය යුතු විය. එනම් අද උදෑසනද ඔවුන් මෙහී රැදී සිටුනු ඇත. එවිට මිධුනාථ ද ආගිය අතක් නැත. ඉදින් අශාලා , ඕ නම් සියලු මායාවන්ද සහිතව අසපුවෙහි ඕනෑම ස්ථානයක සැරිසැරිය හැක.එවිට මිධුනාථ ??? සුලෝධජ මුහුණ ඇඹුල් කරගත්තේ ය. මිධුනාථගේ වස්ත්‍ර අතරින් ඔහු ඉතිරිව තිබූ ස්වේත පැහැ වස්ත්‍ර හැකි ඉක්මනින් තෝරාගත්තේ ය. ඔහුගේ වුව කිම ? මා ඔහුගේ මිතුරානේ... සුලෝධජ නිදහසට කරුණු තමා වෙතම පවසා ගනිමින් සුදු පැහැති වස්ත්‍රවලින් සැරසී ගත්තේ හැකි විගසිනි.

ඉදින් ඔහුට දිව යාමට ද නොහැකිය . පෙරදින රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අද්භූත ගණයේ කොර ගැසීමකින් හේ පීඩාවට පත්ව ඇත. සියල්ල මිධුනාථගේ වරද විය. ඔහු නීතිවිරෝධී ලෙස තමා කොර බාවයට පත් කර ඇත. ප්‍රමාද විය ද නොහැකි ය. ආශාලා කොයි මොහොතේ හෝ මිධුනාථ මුණ ගැසී මහා විනාශයක් සිදුවීමට ද ඉඩකඩ ඇත.

'' අශ්ශීල දාසයා.. නුඹ කොහිද යන්නේ ?  '' ආලින්දය අවසන් වීමට පෙරම සුලෝධජගේ කන්වැකුණේ මහීධගේ නොරිස්සුම් සහගත ස්වරයයි.

'' කිම ද කිම ද ? '' සුලෝධජ නොරිස්සීමෙන් විමසුවේ නොකඩවා උද්‍යානය දෙසට ගමන් කරමිනි. මහීධ ද තමා පසුපසින් දිව එනු ඔහු නොතැකූ තරම් විය.

'' නුඹ කොහිද පිටව යන්නේ ? ඔය ඉසව්වට යාමට හැකි ජේෂ්ඨ මුනි පුත්‍රයන්ට පමණයි... ඒයි... අග්නි... අසනු.. '' මහීධ කෑගැසුවේ ය.

'' කොහිද නුඹේ අය්යණ්ඩි ? .. '' සුලෝධජ දැනෙන නොදැනෙන ලීලාවෙන් විමසුවේ මහීධ දෙස දෑසගින් බලමිනි.

'' නුඹට කුමකටද එය ? මා පවසන්නේ නැහැ නුඹ හට.. නුඹ මා හට අසිපත් සටන් පුහුණු කළ යුතුයි.. එවිට පවසනවා ? එකග ද ? '' මහීධ විමසුවේ රෞද්‍රව රවා බලමිනි. සුලෝධජ ද පෙරළා රැව්වේ ය. මේ කුඩා අනුරුවෙන් නම් ඔහුට කිසිදු ගැළවීමක් නැති සෙයකි. නමුත් ප්‍රමාද විය ද නොහැකිය. ඔහු මදක් නැවතී දෙතොල් උල් කළේ ය.

'' ආාාහ් ආහා්.... නුඹ සිතාගන්න මා එකග වග..දැන් පවසනු..කොහි ද නුඹේ මහ ලොකු අය්යණ්ඩිය ? '' සුලෝධජ දෙතොල් උල් කරමින් විමසුවේ මදක් පසුබසිමිනි.

'' චරික්ත්‍ර අංගනයෙහි.. සුග්‍රීව අය්යණ්ඩි ඇතුලු සියලු දෙනා එහි.. මා ද එහි යනවා.. නුඹ දන්නවා ද මහාමාත්‍ය ඝූරෂ හා ඔහුගේ දියණිය මෙහි සැපත් වී ඇති වග.. එහි මධු සම්භාෂණ්‍යක්...  '' මහීධ විශාල යමක් පවසන්නාක් සේ පැවසුවේ ය. සුලෝධජ සෑහිමකට පත් නොවී ය. ඔහු මහීධට රැව්වේ ය. ඉදින් ඔහුට කිමද ? මිධුනාථ , අශාලා හා සිනාසෙමින් සිටිනු ඇති වග ඔහු මවා ගත්තේ ය. එවිට මිධුනාථ ද නළ දත පෙන්වමින් සිනානගනු සුලෝධජට මැවී පෙනෙන්නට විය. කිසිවෙකුත් නැති ඇසළ සෙවනක් යට යුවල තනිවනු ද , මිධුනාථ අශාලා තමාගේ සමීපයට ගනු ද සුලෝධජට පැහැදිලිවම මැවී පෙනුණි. අශාලාගේ පොපියන දෙතොල් මිධුනාථගේ අඩවන් දෑසෙහි සියලුම බැල්මන් උදුරාගනු ඇත. නොවේ! නොවේ !! නොවේ !!!

'' හුහ්.. මා හට කිමද ? ඔහුට ඇවැසි නම් සිදු කරගනීවි.. මා හට කිම ද ? අදාළ නොවෙයි මා හට එය... ඔව්..අදාල නොවෙයි.. ''සුලෝධජ තමා වෙතම පවසාගත්තේ ය.

'' මා සුවෙන්... මා හට එය අදාළ නොවේනේ.. හුහ්... ඔහු වැනි උද්ධච්ඡයෙක්ට ඇය ගැළපෙනවා හොදින්ම.. මා හට කිමද ? චහ්...  '' සුලෝධජ නැවතත් තමා වෙතම තහවුරු කර ගත්තේ ය.

'' නමුත්..  නමුත්.. කම් නොවේ... කම් නොවේ... කුමක් වුවත් ඔහු මාගේ මිතුරා නොවේ ද ? ඉදින් මා හැර කවුරුන් සොයන්න ද ඔහු පිළිබද ? අනික කවුරුන් දනිත් ද අශාලා කුමන අන්දමේ මායාකාරියක් ද යන වග ? මිධුනාථ වැරදීමකින් හෝ අතුරුදන් වුවහොත් කුඩා මහීධට යන කල දසාව කුමක් ද ? එසේ විය නොහැකියි.. මහීධ වෙනුවෙන් අර ඉස්ගෙඩියා පිළිබද ඇස ගසාගෙන සිටියයුතුයි.. මා හට කම් නොවේ... මහීධ වෙනුවෙන්.... මහීධ වෙනුවෙන්ම පමණක්.. '' සුලෝධජ තමා වෙතම දැඩිව පවසා ගත්තේ දෙතොල් උල් කර චාරික්ත්‍ර අංගනය දෙසට පියවර නගමිනි.

සුග්‍රීව, ථිත , භීෂ ඇතුළු බොහෝ සිසුන් මහාමාත්‍ය ඝූරෂ පිළිගැනීමට චාරික්ත්‍ර අංගනයෙහි රැසව සිටියාේ ය. මහාමාත්‍ය තමාගේ මුහුණවර හැදින ගැනීමට ඉඩ ඇතැයි සුලෝධජ හොදින්ම දැන සිටියේ ය. ඔහු උෟර්ධව කාය වැසෙන පරිදි දමාගෙන සිටි මිධුනාථගේ සළුවෙනි මුව අඩක් ද වැසී යන පරිදි ආවරණය කරගත්තේ ය. එහි එකම ගාලගෝට්ටියකි. කුඩා මුනි සිසුන් පා ඇගිලිවලින් එසවී බලමින් මහාමාත්‍ය ඝූරෂ හා අශාලා දැකගැනීමට දතකෑහ.

'' ඇයගේ සුන්දරත්වය... ''

'' නුඹට නොපෙනේද මා නම් ඇය වැනි රැවැත්තියක් දැක නැහැ කිසිකලකත්.. '' තවත් මුනි ශිෂ්‍යයෙක් හූමිටි තැබුවේ සුලෝධජ නොරිස්සීමට පත් කරමිනි. ඉදින් ඕ සැබවින්ම රූමතියන්ගෙන් ද අග්‍රස්ථානයේ වූ වග සුලෝධජ දැන සිටියේ ය. මිධුනාථට වුවත් සුන්දර ඇයගේ වත කමල නෙව ද ? ඇරැත් ඇය සිනාසෙන විටද මිධුනාථට නම් ඇය සුන්දර ය. සුලෝධජ දෑස් නම් අශාලා කෙරේ වුවද ඔහුගේ දෙසවන් පිරී ගොසින් ඇත්තේ '' අශාලා වැනුමෙන් '' ය. ඇයගේ කුමක්ද එතරම් වර්ණනා කිරීමට තරම් ? සියල්ලන්ම චපලයි.. සුලෝධජ සිතින් බැණ වැදුනේ විවේකයෙන් තොර දෑසින් මිධුනාථ කොහිදැයි පිරික්සමිනි.

මුනි ශිෂ්‍යයන් අතර ඔහුට කිසිවෙක් නොපෙනන තැන සුලෝධජ අසළ තිබූ ගල මතට නැග ගත්තේ ය. ඔහුට අනුව මිධුනාථගේ උලව් වස්ත්‍රයන් තවත් ඔහුට හැද සිටීමට නොහැකි විය. මන්ද යත් මුළු වස්ත්‍රයන් පුරාම මිධුනාථයන්ගේ සුවද ඔහුගේ රන්ධ්‍රවය විනිවිදින්නට වූ බැවිනි.

'' සැබවින්ම ඇට්ටේරියා සුගන්ධයයි එය නම්... '' සුලෝධජ තමාටම මුමුණාගත්තේ විසල් ඝෝෂාව මධ්‍යයයේ වුව මදකට දෑස් පියාගනිමිනි. ආත්මයන් දහසක් ඔහුව වට කරගත්ත ද ඔහුට හැදිනිය හැකි සුවද , සුලෝධජ මුව ආවණය කරගත් සළුවෙහි විය. ඔහු නැවතත් සෙව්වන්දි සුවද විලවුන් භාවිත කිරීම ආරම්භ කර ඇති සෙයකි. සුලෝධජ දෙතොල් නොපිට පෙරළා මිධුනාථට බැන වැදුනේ හෙට උදෑසන වන විට ඔහුගේ සුවද විලවුන් බදුන බිද දමන වගට සපත කරමිනි. පෙර දින රාත්‍රිය සිහිපත් කිරීම ද සුලෝධජගේ දෙකොපුල් රත් පැහැ ගන්වයි.

මුවග රැදි ප්‍රමෝදපුල්ල සිනහව සුලෝධජගේ මන්දස්මිතිය පිටින් බලන්නෙකුට වුවද පෙන්වාලන සුළු ය. මිධුනාථගේ දෑතතර එහෙ මෙහේ පෙරළමින් ගත කළ පෙරදින රැය සුලෝධජව උන්මන්තක ලීලාවකට පත් කර තිබුණේ ය. මිධුනාථ උදෑසන සීරුවෙන් පීරා පිළිවෙලකට සකස් කළ කොණ්ඩය හේ නැවතත් සාර්ථක ලෙස අවුල් කරගත්තේ ය. විසි එක් වස් දිවිය පුරා ඔහු මෙවැන්නක් අත් විද නොතිබුණේ ය. නැවතත් එලෙස සිදු කිරීමට ඇවැසි වග මිධුනාථට පවසනවා ද ? නමුත් නොහැක.. එවිට මිධුනාථ තමා ගැන කුමක් සිතනු ඇත් ද ? නොවෙයි.. තමා එවැනි සල්ලාලයෙකු වූයේ කෙදිනක සිට ද ? තමාට සිහිපත් කාලයක සිට තමා අශ්ශිල සල්ලාලයෙකු වගට සුලෝධජගේ යටිසිත සිහිපත් කර දුන්නේ ය.

'' මිධුනාථ අය්යණ්ඩිම කිමද ..... '' කෙතරම් ඝෝෂාව මධ්‍යයේ වුවද මිධුනාථගේ නාමය ශ්‍රවණය වීමෙනි. එසේ නොවූයේ නම් හේ තවමත් මනෝලෝකයේ සැරිසරමින් මිධුනාථ හා රාත්‍රී කිහිපයක්ම ගත කරමින් සිටිනු ඇත. මෙවර මුනි ශිෂ්‍යයන්ගේ මිමිණීම් හේතුවෙන් සුලෝධජ නැගී සිටියේ සිය අසිපත '' ද්වීවත්‍රය '' සුරතෙහි තෙරපා ගනිමිනි. මිධුනාථ පෙනෙන්නට නැත. එසේ නම් එය තමාට ඇසුණු මුලාවකි....

නමුත් කුමක් හෝ වැරදී තිබේ. සියල්ල එලෙසම වූ මුත් , 

'' කොහිද මෙහි සිටි මායාකාරි !!!''  සුලෝධජ කඩිගුලක් සේ කුලප්පුය.. තමා සිහින ලොව සැරිසරමින් සිටිනාතුරයේ කුමක් හෝ සිදුව තිබේ. හෙතෙම තිගැස්සී ගියේ තම සළුවෙන් ඇදි ගිය නිසාවෙනි.

'' මහීධ ! '' සුලෝධජ පහව නොගිය තිගැස්සීමෙන් රැව්වේ ය. නැත. මහීධගේ මුහුණෙහි තවදුරටත් කෝපය නම් නොවී ය. හේ මුහුණ කජුලෙල්ලක් සේ ඇඹුල් කොටගෙන සුලෝධජ දෙස උණහපුළු ලීලාවෙන් බලා සිටියේ ය.

'' කිමද මේ ? '' සුලෝධජ විමසුවේ කුඩා මහීධ අසළින් දණ ගසාගනිමිනි.

'' අශ්ශීල දාසයා.. '' ඉදින් මහීධ පැරණි ස්වරූපයට පැමිණ ඇත. දෑස්ද රෞද්‍ර කොටගෙන අයය්ණ්ඩිව අනුකරණය කරමින් කෑගසන අයුරු !!!

'' නුඹ කුමක් හෝ සිදු කරන්න.. මෙහි බලාසිටින්නේ ? හුහ්.. අය්යණ්ඩිගේ මහ ලොකු මිතුරා නොවේ ද ? මට මාගේ අය්යණ්ඩිව අවශ්‍යයි.. නුඹලා සියලු දෙනා මායාකාරයන්.. බලනු බලනු..  නුඹ දුටුවාද ඇය....  ඇය අය්යණ්ඩි කොහි රැගෙන යයිදැයි කවුරුන් දනිත් ද ? නුඹ නම් අමන මිතුරෙක්... අශ්ශීල දාසයා.. '' මහීධ විරාමයකින් තොරව කෑගැසුවේ සුලෝධජගේ දෙසවන් දෙදරා යන අයුරිනි.

'' පවසා සිටිනු කුමක් ද සිදු වූයේ.. '' සුලෝධජ නොරිස්සීමෙන් දෙතොල් උල්කරමින් විමසුවේ සිය නොසන්සුන් බව පාලනය කරගනිමිනි.

'' නුඹට එයත් පැවසිය යුත්තේ මාද ? මහ ලොකු මිතුරා... බලනු.. පියාණන් පැවසුවා අය්යණ්ඩි හට අැයට අසපුව පෙන්වීමට රැගෙන යන ලෙස... නුඹ දුටුවේ නැතිද.. නුඹ මෙහි නොවේද සිටියේ ඉදින් ? නුඹට ඇසුණේ නැති ද එය.. නුඹ කුමන ආකාරයේ බිහිරෙක් ද ? මගේ අය්යණ්ඩිට ඇය වැන්නියක් අවශ්‍ය නැහැ...  අය්යණ්ඩිට ප්‍රේම කරනුයේ මා පමණයි.. වෙන කිසිවෙක්ම ඔහුට නැහැ ආලය කරනුයේ.. මදක් හෝ.. නුඹ හෝ නැහැ.. අය්යණ්ඩි.. '' මහීධ ගිරියත් පුප්පාගෙන කෑගසන්නට විය. සුලෝධජගේ හිස නම් යකා නැටූ කම්මල සේ ය . ඔහු අපේක්ෂා කළ පරිදිම සියල්ල සිදු වී තිබේ. දැන් මිධුනාථ අශාලා හා තනිවය. සිය කෝපය දුම් දමමින් උතුරායනු සුලෝධජට දැනුනි. ඔහු කෙලෙසකද එලෙස කරනුයේ තමාට ? තමාගේ එකම මිතුරාට ?

'' පියාණන් ඇයව අය්යණ්ඩිට විවාහා කර...  ''

'' උමතුවෙන්ද ? '' සුලෝධජ මහීධ වෙතටද කඩාපැන්නේ ය. මීළග ක්ෂණයෙහි ඔහු රත්‍රන් මාත්ස්‍ය උද්‍යානයට අතුරුදහන් වී හමාරය. දැන් සුලෝධජට නම් කෝපය පාලනය කිරීම සිතීමත් දුරය. කෝපය විසින් ඔහුව පාලනය අරඹා තිබෙන සෙයකි. වෛශව අසපුව දන්නා අග්නි නම් තවදුරටත් එහී නොවී ය. අසෙනියක් සේ වේගවත් පාදපතනයන් , ගජකේෂ්වරයෙකු ලෙස තේජවන්ත වූ ඌරා්දත්ත ලීලාවෙන් හෙතෙම ඇසළ අංගනය දෙසට ලුහු බදින්නට විය. හදිසියේම ඔහුට නැවතීමට සිදුවූයේ වනගත මාර්ගය හරහා ගමන් කරමින් සිටි මිධුනාථ හා අශාලා දැකීමෙනි. ඔහු ක්ෂණිකව අසළ වූ නුග ගසට මුවා වූයේ එවර සා පැටවෙකු වෙස් ගනිමිනි.

මිධුනාථ හා අශාලා අතර පරතරය අඩි දහයකටත් එහාය. නමුත් සුලෝධජ නම් පෙනෙන්නේ අශාලා මිධුනාථගේ සිරුරෙහි වැදෙන තරම් සමීපයෙනි. කාන්තාවන් නුරුස්සන මිධුනාථ වරක් හෝ අශාලා හා වදනක් හෝ නොදෙඩුවේ ය. ඇය සුලෝධජගේ අනුප්‍රාප්තික අගමෙහෙසිය බවද මිධුනාථ දැන සිටි අතර එය ඔහුව වඩාත් කෝපගැන්වූ කරුණ විය. තම පියාණන්ගේ විවාහ උන්මාදය කෙසේද යනවග මිධුනාථ හොදින්ම දැන සිටියේ ය. ප්‍රථමයෙන්ම අවිහිංසික සුග්‍රීව අය්යණ්ඩි ස්වප්නාදීට විවාහ කරදීමට උත්සහ කළේ ය. දෙවෙනුව භීෂ , මයුර අසපුවේ දෙටු දියණි යුවන්ධානි වෙත විවාහා කරදීමට තැත් කළේ ය. එය ද අසාර්ථක වූ තැන පියාණන් සාර්ථක ලෙස මෙවර තමාව තෝරාගෙන ඇතිවග මිධුනාථ නොරිස්සීමෙන් වටහා ගත්තේ ය.

ඉදින් මෙය සුලෝධජගේ කන වැකුණහොත් ?
'' ඇය වෙත නොයනු.. මා ප්‍රමාණවත් නොවේද නුඹට '' " ඇය මායාකරියක්.. '' වැනි දහසක් දේවල් පවසමින් , නාසයද බරකොටගෙන සුලෝධජ පවසනු මිධුනාථට මැවී පෙනුණි. එවිට තමාගේ හිස රදය දෙගුණ තෙගුණවනු ඇති වග ඒකාන්තය . වාසනාවකට සුලෝධජ තවමත් ආරක්ෂිතව කුටියෙහි සැතපී ඇති වග සිතා මිධුනාථ සැනසුම් සුසුමක් හෙළුවේ ය. පෙරදින රාත්‍රිය ඔහුගේ මුහුණට ගෙන ආවේ මද සිනහාවකි. කෝපයෙනි රත් පැහැ ගැන්වී ඇති මුහුණ මෙවර ප්‍රසන්න පැහැයක් ගෙන තිබේ .දෙකොපුල් ද පද්මයන් සේ පැහැ ගෙන තිබේ . සුලෝධජ හා ඔහුවේ හිසරදයක් වන මායාවන්ගේ නම් නිමක් නොවීය. සියුම් කැළලත් අතට දැනෙන සුලෝධජගේ උත්තුංග දේහය , රාජකීය සුරය සරාගී ලෙස රැදී තිබුණු  ශ්‍රෝණි මේඛලා දාරයන් වජ්‍රයක සැණින් මිධුනාථගේ සිතෙහි ඇදී ගියේ ය. නමුත් !!!!!!!!!!!!!

ඒ ක්ෂණයෙහිම ගෙම්බා ,නොව ඉස්ගෙඩියා පොළවේ ගැසුවාක් සේ මිධුනාථ පය පැකිළී බිම ඇදගෙන වැටුනේ අවාසනාවන්ත ආකාරයෙනි. සිය නහයද තදින් බොරළු පොළවෙහි වැදෙනු ද එක්වරම පෙනුනු සියදහසක් සක්වළ තරු මිධුනාථ පියවි සිහියට රැගෙන ආවේ ය. සිදු වූයේ නම් විසල් වූ ලජ්ජාවකි. අශාලා එහි අසළ බිම දණ ගසාගෙන කිංකිණි හඩතලමින් සිනාවනු මිධුනාථට ඇසේ . ඔහු ප්‍රථමයෙන් කිසිවක් සිදු නොවූවාක් සේ නැගී සිටීමට උත්සහ කළ ද උදරය වේගයෙන් පොළොවෙහි වැදුණු පහරට ඔහු තවමත් අප්‍රාණිකය. උදරය ඇදුම් කන තරමින් තමා කොපමණ වේගයකින් ඇද වැටෙන්නට ඇතිදැයි මිධුනාථ වටහා ගත්තේ ය. බොරළු මත ගැටුණු නළලින් සියුම් රුධිර ධාරාවක් ගලා එනු ද නාසය ඔස්සේද කැටි ගැසුණු රුධිරය පස් හා වැකී ගලා එනුද දැනුණු මිධුනාථ සෙමින් සිය සළුව අගින් රුධිරය පිස දැම්මේ ය. බොරළුවලින් දෑත් ද සිරී රුධිර බිදිති මතුවෙමින් තිබේ. සියල්ලට වඩා ඔහුගේ කෝපය නිම්හිම් නැත. මේ මොහොතේම අශාලා පණ පිටින් අපාගත කිරීමේ තරම් කෝපයකින් මිධුනාථ දැවෙමින් සිටියේ ය.

'' අහෝ.. මිධුනාථ කුමරුනි.. නුඹට කුමක්ද ඒ සිදු වූයේ සැබවින්ම ? හහහ් හාහාා.. බලන්න නුඹගේ ස්වරූපය... හහ්හහා.. සැබවින්ම නුඹ -  ........  '' අශාලාගේ නොනැවතෙන ස්වරය නැවතී ගියේ ඈ ගෙල මතට ක්ෂණිකව එල්ල වූ අසිපත් තලය හේතුවෙනි. ඇයගේ කලබලකාරී දෑස් අසිපත් තලය ඔස්සේ ගමන් කළේ ය.  ශුද්ධ වාංශික රද්කොළ ලෙයකට හිමිකම් කී ඈ කෙලෙසක නම් සූර්යය-සිංහ ද්වීවත්‍ර අසිපත හැදින නොගෙන සිටින්නේ ද ? එක් ක්ෂණයේම අසිපතෙහි අයිතිකරු කවුරුන්දැයි ඈ එදෙස නොබලාම වටහා ගත්තේ ය.

'' කවුරුන් හටද නුඹ සිනහා ගන්නේ !!!!? '' සුලෝධජ අශාලා වෙතින් විමසුවේ දැඩි කෝපයෙනි.

මෙවර ඒ දෑස්වල කිසිදු සැහැල්ලු පෙනුමක් නොවී ය. රෞද්‍ර බවින් පිරි දෑස්වල අශාලා වෙත පැහැදිලි අනතුරු ඇගවීමක් ලියවී තිබුණි . මිධුනාථ සිටියේ යම් කෝපයෙන් ද කෝපය පරයා නොසන්සුන්කම ද නැගෙන්නට වූයේ සුලෝධජගේ රෞද්‍ර දෑස් දැකීමෙනි. සුලෝධජ අශාලා වෙත රවා බැලූ මුත් මිධූනාථ වෙත උපකාරද නොකළේ ය. ඔහු පියවරක් මිධුනාථ දෙසට තබා සිය අසිපත  ද්වීවත්‍රයේ තුඩ මිධුනාථගේ ඉණට අනුකම්පා විරහිතව තද කළේ ඔහුගේ අසිපත දෙසට ඉගිකරමිනි. තමාගේ වස්ත්‍රයෙන් ද සැරසී සිටි කෝපාන්විත සුලෝධජගෙන් රාජකීය තේජස කැපී පෙනුණු වග පැවසීමට මිධුනාථට නොව මෙහි පැමිණෙන ඕනෑම අයෙකුට වුවද වටහාගත හැකි තරම් විය. සුලෝධජ ඔහුගේ අධිකාරය පෙන්වාලූයේ රද්කොළ තීර්ථයේ උසස්ම කුළ කුමාරියගේ ගෙල මතින් අසිපත තබමින් හා පංච අසපු අතුරුන් දක්ෂතම මුනි පුත්‍රයාට ද්වන්ධ යුධයකට ඇරයුම් ද කරමිනි.

'' අසනු.... ඔහුගේ වරදක් නැහැ.. බලනු... ඔහු ඇද වැටුණා පමණයි මී මැස්සෝ... නුඹ මදක්... සන්සුන්ව... ඔබේ මිතුරා නොවේ ද ඔහු.. කෝ ඔය අසිපත..............  ''

'' නුඹ නිහඩවනු !!!! '' සුලෝධජගේ වියරු ස්වරය මුවින් පිට පැන්නේ අශාලාගේ මුව භීතියෙන්ම වැසී යද්දිත් , මිධුනාථ තව තවත් කෝපයෙන් උද්වහනිත ද කරමිනි. අශාලාට කොහින් අධිකාරියක් වූයේ ද මිධුනාථ වෙනුවෙන් නිදහසට කරුණු දැක්වීමට තරම් ? !!!! සුලෝධජගේ කෝපය ද ඊට නොදෙවෙනි විය.

'' තමුන් උමතුවෙන් ද ? !!! '' සුලෝධජ එතරම් අධිකාරියක් පූර්ණ කර තිබියදීත් මිධුනාථ කෑගැසුවේ ඔහුට නොදෙවෙනි කෝපයෙනි. මේ දසුන කිසිවෙකුත් දකින්නට රිසි වූවක් නොවේ . කවුරුන් හෝ මෙය දුටුවහොත් සියල්ල අවසන්ව යනු ඇති වග මිධුනාථ දැන සිටියේ ය. ඊළග මිනිත්තු  කිහිපයේ මිධුනාථයන්ගේ '' රජතාභීනූ '' අසිපත  ඔහුගේ හස්තයෙහි දැරීය . එපමණකි . සිය උරිස හරහා එල්ල වූ අනපේක්ෂිත වේගයේ අසිපත් පහර ඔහු වළක්වාලූයේ අහම්බයෙනි. එක් නිමේෂයක මගහැරීමක් වූයේ නම් , සිය දිවියද ඒ අසිපත් පහරට උදුරාගැනීමට හැකි තරම් දරුණු වග මිධුනාථ දැන සිටියේ ය. මේ අඥානයාට කුමක් සිදුවී ද මෙතරම් කෝපයෙන් අන්ධ වීමට තරම් ? ඇරැත් ප්‍රවේසමින් කුටියෙහි සතපවා පැමිණි පසු , මෙලෙස පිටතට පැමිණීම ? !!!!!!...

'' තමුන්ට මිය යාමට ද ඇවැසි  ? '' මිධුනාථ කෝපයෙන් ගිගිරුවේ සුලෝධජ එල්ල කළ අසිපත් පහර වළකමිනි. ඕ අශාලා නම් ඉදින් ගිරිය යටින් හඩද තලනු මිධුනාථ තවත් කෝපගැන්වූයේ ය . මේ මොහොතේ ඇයගේ ආරක්ෂාවේ වගකීම තමා සතුව වග අපහසුවෙන් වුවත් වටහා ගනිමින් මිධුනාථ අශාලා තමාගේ පිටුපසට ඇද ගත්තේ පහව නොගිය කෝපයෙනි. අග්නි ජාලාවට දැමූ කපුරු දාහ්‍ය වන්නේ යම්සේ ද තමාගේ එම ක්‍රියාවෙන් සුලෝධජගේ දෑස්වල හැගීම් කියවාගත නොහැකි ක්ෂණිකයෙන් වෙනස්ව යනු මිධුනාථ බලා සිටියේ ය. එහි කෝපය , දැන් නම් වෛරයක් තරමට භයානක ස්වරූපයක් ගෙන තිබේ.

කුමට හානි කරනු ද , කුමක් බේරාහැරිය යුතු ද යන්නට වැටහීමක් නොමැති සෙයින් සුලෝධජගේ අසිපත රැදි හස්තය අධික කෝපයෙන් වෙව්ලනු මිධුනාථට පෙනේ. මිධුනාථ ද පසුවන්නේ ඊට නොදෙවෙනි කෝපයෙනි. සුලෝධජගේ මේ නොමනා කෝපය ! තමාගේ හැගීම් පාලනය කරගත නොහැකි නිරිදෙකුගෙන් රත්නද්වීපයට ඇති ඵලය කිම ද ? !! මිධුනාථ සිතාමතාම අශාලාගේ සියුමැදි හස්තයෙන් දැඩිව අල්ලාගත්තේ සුලෝධජ දෙස ඍජුව බලමිනි.
සුලෝධජගෙන් එක් ක්ෂයෙන් එල්ල වූ අසිපත් පහර මග හැර අශාලාව පසෙකට තල්ලු කළ මිධුනාථ සුලෝධජ වෙත හෙළුවේ දවා අළු කළ හැකි බැල්මකි.

'' දෑස් හැර බලනු , තමුන්ට නොපෙනේද නුඹ කොහිදැයි කියා ? රණ භූමියක් , වධකාගාරයක් නොවෙයි මෙය වෛශව අසපුව !!! කිසිවෙකුගේ හෝ දෘෂ්ඨිපාතනයක් සිදුවුවහොත් තගේ ඉරණම නුඹට හෝ විසදිය හැකි ද ? අඥානයා.. ඉදින් පැමිණෙනු.. නුඹට ඇවැසි මුග්ධයන් ලෙස සටන් වැදීමනේ.. '' කෝපයෙන් ගිගිරූ මිධුනාථ සුලෝධජ වෙත පා පහරක් එල්ල කළේ ඔහුව තවත් කෝපයෙන් දවමිනි. සුලෝධජගේ වේගවත් අසිපත් පහර , පහර පිට පහරම තමා වෙත වේගයෙන් එල්ල වත්ම මිධුනාථ ඒ සියල්ල වළක්වාලූයේ ද ඒ තරමින් වූ වේගයෙනි . පෙර වූ සියලු සටන් මෙන් නොව මෙවර සුලෝධජගේ වියරුව කෙසේද යත්, ඔහුගේ නියම අසිපත් සටන් ශිල්පය නොදැනීමකින් හෝ ඉස්මතුව තිබුණේ මිධුනාථට සටන අපහසු කරමිනි. අන් පසින් අශාලා ඔහුගේ සළුවල එල්ලෙමින් බාධාවක් වීම මිධුනාථ වියරු කළේ ය.

ක්ෂණයෙහි ගැටෙන්නා වූ අසිපත් තල හුදෙකලා උද්‍යානය පුරාම පැතිර යන්නට වූයේ මාරාන්තික සටන් බිමක් මොහොතකින් නිර්මාණය කරමිනි . සුලෝධජට හෝ මිධුනාථට තමා පහර දෙන්නේ කවුරුන්ටද යන වග හෝ වැටහුම් නොවූ සෙයකි. එහි එකුදු කැපීමක් ද නොවෙයි . එකදු වාග් ප්‍රහාරයන් ද නොවේ ය. හුදෙක් කෝපාන්විත අසිපත් තල වේගවත් රිද්මයකට අනුව ගැටෙන්නේ , එකිනෙකා ඝාතිත කරලීමේ අරමුණෙන් වුව ද තවමත් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ අනෙකාට කෙස් ගසකින් හානි නොපැමිණවූයේ ය. අසිපත් ද්වන්ධයේ ගැටීමට නොදෙවෙනි ගැටීමක් ඒ දෑස් යුග්මයන්හි හැගීම් අතර විය.

හස්තයෙන් පාදයෙන් එල්ල කෙරුණූ දැඩි ප්‍රහාර හමුවේ වුවද එකිනෙකා අඩපණ වීමට ප්‍රථම සටන අඩ හෝරාවක් පමණ පැවතියේ යැයි පැවසීම සාවද්‍ය නොවනු ඇත. මිධුනාථගේ කෝපය සටන අතහැරීමට මැළි වෙද්දි , සුලෝධජගේ අවිශද හැගීම් සියල්ල ඔහුටද නොදැනීම ඔහුගේ පාලනය සියතට ගෙන සේ ය. මිධුනාථට දැමූ නීතිවිරෝධී පාද මාට්ටුවෙන් ඔහුව පෙරළා දැමූ සුලෝධජ ඔහුගේ ගෙල මතින් සිය අසිපත තැබුවේ මිධුනාථ සිය දෑතින් ගිලිහි ගිය අසිපත යළි දෑතට ගැනීමටත් පෙරයි. සටන එතැකින් සමාප්තවේ යැයි කිසිවෙකු සිතූවද සියල්ල ව්‍යාර්ථ කරමින් මිධුනාථ ව්‍යාඝ්‍රයෙකු සේ කඩාපැන්නේ සිය මානසික ශක්තිය ද ආධාරයෙනි. මෙලෙස ගැටීමට හේතුව එකිනෙකා හෝ නොදත් සටනක තව තවත් දරුණු අදිරයකට සටන ඇදී යද්දි , සුලෝධජ ද බිම ඇද වැටුණේ මිධුනාථගේ මානසික ප්‍රහාරයක පහස බොහෝ කලකින් නිසි ලෙස විදීමට වරම් ලබමිනි.

සුලෝධජගේ දෑස් පියවී ගියේ මෙතෙක් අමතකව ගොසින් තිබූ යමක් සැනින් මිධුනාථගේ ස්මරණයෙහි රදවමිනි. සුලෝධජ බැඹක් පමණ ඉහළට පොළොවට එසවී ගියේ ළා නීල පැහැති රශ්මි ධාරාවකිනි. සිය සිරුරෙහි හිරිගඩු පිපී ගියේ අශාලා යටි ගිරියෙන් නැගූ විලාපයට ද නැතිනම් , සුලෝධජගේ අප්‍රාණික සිරුර තිමිරයෙන් එසැවුණු අකාරයට ද යන වග මිධුනාථ නොදත්තේ ය. ඔහුගේ කලබල කාරී දැස් චාරික්ත්‍ර අංගනය ඔබ්බෙහි වූ රක්ෂිත ද්වාරයන් පෙදෙස ගල් ගුහා දෙසට යොමු වූයේ නිතැතිනි. අශාලා එයට ද යටිගිරියෙන් හඩ නගයි.. අරුමයක් නොවෙයි. සුලෝධජගේ සිරුරෙන් නික්මෙන රශ්මි ධාරාවට සමාන ධාරාවක් එදෙසින් අම්බරයට නික්මෙනු ඕනෑම අයෙකුගේ නේත්‍රයන්ගේ පතිත වන ලෙස වේ.

'' විය නොහැකියි ... '' මිධුනාථගේ කලබලකාරී ස්වරය දෙතොල් අතර සිරවී ගොසින් තිබුණේ ය. සුලෝධජ සක්වල චක්‍රයට මෙතරම් ළගින් සිටිය දී , ඔහුට එදිරිව මානසික ශක්තිය භාවිත කිරීමට තරම් තමා කෝපයෙන් උමතු වූයේ කෙසේදැයි මිධුනාථට සිතාගත හෝ නොහැකි විය. ඔහුගේ ග්‍රහණය කෙමෙන් නිදහස් වද්දි , සුලෝධජ තෘණ බිම මත ඇද වැටුණේ ඩොග් හඩ නංවමිනි. මිධුනාථගේ දෙපා එසැවී තිබුණේ අසුරු සැණිනි. සුලෝධජගේ හිස ප්‍රවේසමින් සිය දෙදණ මතින් තබා ගත් මිධුනාථ ඔහුගේ කොපුලට තට්ටු කළේ ප්‍රවේසමිනි. ශ්වසනය හා සිරුරේ රස්නය ද සාමාන්‍ය වග වටහා ගත් මිධුනාථ සැනසුම් සුසුමක් හෙළුවේ ය. ඔහු නිහඩවම සුලෝධජගේ මුහුණ මතින් සිය නළළත තැබුවේ අප්‍රමිත සැනසීමෙන් දෑස්ද අඩවන් කරගනිමිනි. අශාලා එහි සිටියාද යනවග හෝ ඔහුගේ සිහියේ නොවී ය.

සිය දෙතොල තවමත් කම්පනයෙන් වෙව්ලනු මිධුනාථට දැනේ. හෘදය නම් තවමත් සිරව ගොසිනි. ඔහු සුලෝධජ වැළදගනිමින් ඔහුගේ හිස මතින් නළලත තබාගනිමින් රිසි සේ මිනිත්තු කිහිපයක්ම ගත වීමට ඉඩ හැරියේ ය. ඔහු සක්වල චක්‍රයේ යතුර වග දැනගෙනත් , ඔහුව එතරම් ප්‍රවේසම් කළ යුතුව තිබියදීත් තමා සිදු කළ දේට නම් මිධුනාථගෙන් ඔහුටම සමාවක් නොවී ය.

'' සුලෝධජ...'' මිධුනාථගේ මුවින් එවර නික්මුණේ , අශාලාගේ මුවින් නැවත වරක් උච්ච ස්වරයේ විලාපයක් පිටවෙද්දියි.

'' ඔබ.... ඔබ.... ඔහු කවුරුන්ද යන වග... '' අශාලා ගැටගසමින් විමසුව ද ඇයගේ මුව වැසී ගියේ මිධුනාථගේ දරුණු රැවීම හමුවේ ය.
ඇය කිසිදු විමසීමකින් තොරවම මුව වසාගත්තේ , මිධුනාථගේ පැටළිලි සහගත හැසිරීම් වටහාගත නොහැකිවයි. සුලෝධජගේ මුහුණ දෝතින්ම අල්වාගෙන එමතින් නළලත තබාගෙන මුමුණන මිධුනාථ අැයට නම් විශාල පැනයකි. විසදාගත නොහැකි පැනයකි.

'' ඔහු මියගොසින්ද ? '' අශාලා විමසුවේ සන්සුන්ව දෑස් පියාගෙන සිටි සුලෝධජ දෙස බලමිනි. ඉදින් , ඒ පැනයම සෑහේ නොවේද මිධුනාථ යක්ෂාවේෂ කරලීමට ? මෙවර මිධුනාථ තමා වෙතට හෙලූ බැල්මෙන් අශාලාට මරණ බිය පවා දැනෙන්නට වූවා ය. ඕ නැවතත් හඩක් නොනගමියි අධිෂ්ඨානයෙන් මුව වසාගත්තා ය.

'' දෑස් විවර කරනු... මෙහි එක්.. උද්ධච්ඡ ඉස්ගෙඩියෙක්... බලා සිටිනවා අඥානයා.. නැ-නැ-නැවත සිදුවන්නේ නැහැ.... '' මිධුනාථ සුලෝධජ වෙත ගිගිරුවේ ය. සුළු සිහිවිසඥවීමක් විනා සුලෝධජට අන් කිසිදු අනතුරක් සිදුව නොතිබීම මිධුනාථට සැනසීමක්ම විය. ඔහු දරාගත නොහැකි කම්පනයෙන් මිදීමට විළුඹ පොළවට තද කළේ ය.

'' මා හට කිමද ? ඔය ලෙසින්ම සිටිනු.. චහ්.. '' මිධුනාථ එවර පෙරටද වඩා කෝපයෙන් පැවසුවේ ය. කෝපයට වඩා ඔහු තමා සමගම නොරිස්සීමෙන් විය. සියලු හැගීම් පිටකරලීමට මිධුනාථ දැන සිටි එකම ආකාරය කෝපය විය. ඔහුට හැඩීමට ඇවැසි වුවුද , ඔහු එයද පිට කළේ කෝපාන්විත නාසය පිම්බුමකිනි.

'' ඔහු....  සුවෙන්... නම්... මා... මා.. එසේනම්..... පිටව.... යන්නම්.. '' අශාලා ගැටගසාගත්තා ය.

'' මෙයත් අසාගෙන යනු.. තමුන් කුමන මායම්  ක්‍රියාවක් සිදු කළද කම් නොවේ.. සිහියේ තබාගනු... ඔහු..... '' මිධුනාථ කෝපයෙන් ගුගුරා විරාමයක් ගත්තේ ය.

'' ඔහු.... තමුන්ට නොහැකියි ඔහුව හිමි කරගැනීමට... වැටහුණාද ?  '' මිධුනාථ තවමත් කෝපයෙනි.. ඔහුගේ ස්වරයට අශාලා බිරාන්තව සිටිය ද මිධුනාථගේ කෝපයේද අඩුවක් නොමැති සේය.

'' කිමද .... කිමද..... '' මිධුනාථ දත්මිටි කමින්ම පැවසුවේ ය.

'' කිමද යත්.... ඔහු ඔහු.... '' මිධුනාථ මදක් නවත්වා හුස්මක් ගත්තේ ය. දැන් දැන් අශාලා මුව ද විවර කරගෙන බලා සිටිනු ඔහුට පෙනේ...

'' ඔහු.... අප දෙදෙනා.. '' මිධුනාථ නැවතත් ආරම්භ කළේ කෝපයෙනි.

මිධුනාථ තව තවත් සුලෝධජ උර්ධව කායට තර කරගනිමින් වැළද ගත්තේ නාග මාණික්‍යයක් රක්නා නාගයෙකු සේ තේජවන්ත කමින් ද , මුව පොව්වෙකු රක්නා මිග නාම්බෙකු සේ අවිහිංසක අයුරින් ද , යාචකයෙකු සිය එකම බොජුන ප්‍රවේසම් කරන සේ අසරණ බවකින් ද , වල්ලභයෙකු සිය ප්‍රේමයට පුද දෙන ආකරයේ හෝ නොවූ තරම් සෙනෙහසක් යන මිශ්‍රත හැගීමකින් වග අශාලා දැනටද දැක තිබුණේ ය. මිධුනාථගේ එවැනි මෘදු බවක් ඇය මින් පෙර අසා නොතිබුණා ය. හදෙහි කොනෙහි ඇමිණෙමින් තිබූ ඊර්ෂියාවෙන් ඕ මිධුනාථයන් දෙසත් සුලෝධජ දෙසත් බලා සිටියේ නොරිස්සීමෙනි. ඇයගේ චපල හද මෙවර මිධුනාථයන් දිනාගෙන තිබුණද  , ඇයගේ කුඩා කල සිටම ඉලක්කය , තීර්ථ මාළිගාවේ අගමෙහෙසිය වීම විය.

'' පවසනු ඉදින්.....  '' අශාලා අවසානයේ අගුල් පත් තැබුවේ වික්ෂිප්තව යි.

'' තමුන්ට එයින් පලක් නොවේ.. පිටව යනු.. !!!!!!!! '' මිධුනාථ නැවතත් හදිසියේ කෝපගනිමින් කෑගැසුවේ ය.

අශාලා පිටව යන තුරු සිටි මිධුනාථ සෙමින් සුලෝධජගේ නළල ගැඹුරු සිපගැනීමකට නතු කරගත්තේ ය. සමාව ගැනීමට අන් ක්‍රමයක් ඔහු නොදැන සිටියේ ය.  සුලෝධජ තමාට ඔසවා ගත නොහැකි තරමින් ස්කන්ධයෙන් යුතු වග සිහිපත් වීමෙන් මිධුනාථ තවත් නොරිස්සීමට පත් විය. සුලෝධජගේ අසිපත කිසිවෙකුගේ දෑස් ගැටීමට පෙර කොපුව තුළට බැස්වූ මිධුනාථ සිය අසිපත ද දෑතට ගත්තේ ය. කිසිවෙකුත් දෑස මානයේ නොවූ තැන ඔහු නැවතත් සුලෝධජගේ කොපුල ද සිපගත්තේ ය. එක් සිපුමක් ප්‍රමාණවත් නොවූ කල ඔහු නැවතත් නළල මතින්ද , කොපුල මතින්ද මාරුවෙන් මාරුවට හාදු තැවරුවේ තරමක ආවේගයෙනි. එක් වරක් දෙවරක් මිස ඔහු අනවසරයෙන් සිපනොගත්තේ ය. මෙවර දඩුවමක් තිබිය යුතුය. මිධුනාථගේ ඇසින් සියල්ල අසාධාරණ විය .වරද සුලෝධජගේ ය. දඩුවම තමාගේ ය. 

සිහිය ආ සැණින් , දින කිහිපයකට හෝ සුලෝධජ තමා හා උරණ වනු ඇත. එවිට සිපගැනීම තබා ඔහුව දැකගැනීමට පවා ඇසළ අංගනයෙහි ද්වාරය අසළ මධ්‍යහ්න හිරු රැසින් දැවෙමින් දිනය පුරා රැදී සිටිමට වනු ඇත. ඉදින් අනවසරයෙන් වරක් සිපගත්තාට කිම ද  ? මිධුනාථ තමාවම සාධාරණීකරණය කරගත්තේ අසළ ශිලා පොක්ඛර්ණීයෙ වූ ජල බිදිතිවලින් සුලෝධජගේ මුහුණ තෙමමිනි. පශ්චාත්තාපය පිට කරලන අයුරු මිධුනාථ නොදත්තේ ය. ඉදින් හේ ඔහේ සුලෝධජගේ මුහුණ පුරා සිප ගත්තේ ය. දෙතොල් මගහැරියේ , එය මද්දහනේ සුරාවට ද අන්ත ලෙස ලොල් බවක් කැදවිය හැකි වූ බැවිනි. සුලෝධජගේ හස්තයෙන් අල්ලාගත් මිධුනාථ අසිපතින් රළුව තිබූ හස්තයද සිප ගත්තේ  ය.

ඇසළ සෙවණෙහි බාධා කිරීමට කිසිවෙකු නොවූ තැන මිධුනාථ සැනසුම් සුසුමක් හෙළුවේ ය. තවත් අඩ හෝරාවක් ගතව යාමට මත්තෙන් සුලෝධජගේ නෝක්කාඩුවලින් සිය දෙසවන් පිරී යනු ඇති වග සිහිපත් වීමෙන් මිධුනාථගේ මුවග සිනහාවක් ඇදී ගියේ ය. දෙතොල් උල් කරමින් නාසය සුරුස් හඩින් ඉහළට අදින සුලෝධජ ද , අශාලාට මායාම්කාරී යනුවෙන් බැන වදින සුලෝධජ ද , තමාට අැය අසළට යන ලෙස පවසමින් කෝපයෙන් හා ඉරිසියාවෙන් පුපුරමින් කෑගසනා සුලෝධජ ද , තමා හා උරණව තමාගේ වස්ත්‍ර අස්සට ගෙඹි පැටවුන් දමනා සුලෝධජ ද , හෙට දින තමාගේ සුවද විලවුන් අතුරුදහන් වන ආකාරය ද යනාදී සුලෝධජගේ උරණ ක්‍රියා සිහිපත් වීමෙන් මිධුනාථගේ මුවග මන්දස්මිතියක් ඇදී ගියේ ය.

එය එතැනින් කෙළවර වීම භාග්‍යයක් සේ විය. මිධුනාථ සැනසුම් සුසුමක් හෙළා සුලෝධජගේ හිස මෘදුව පිරි මැද්දේ ය. අවම වශයෙන් සුලෝධජ අසළ සිටිය දී ඔහුගේ විඩාබර දෙසවන් සදහා විවේකයක් ලැබුණු ප්‍රථම වතාව මෙය විය. සුලෝධජ පියවි සිහියෙන් සිටියේ නම් , තල් අත්තට බොරළු වැටෙන්නාක් සේ කච කච නගමින් කුමක් හෝ ප්‍රලාපයක් දොඩවනු ඇති වග මිධුනාථ දැන සිටියේ ය. සුලෝධජ සෙමින් සෙමින් පියවී තිබූ දෑස්  විවර කරගනිද්දි , එකී ප්‍රලාප රැස ඇසීමට සූදානමින් මිධුනාථ මනස එකාග්‍ර කර ගත්තේ ය.

ඉදින් , එතැන් සිට සුපුරුදු කතාවමය.......

.
.
.
.

~ නිමි ~






පුංචි වචනයක් -

ඇඹුල් දොඩම් පොතේ පළකරන ලද ඉහත විශේස පරිච්ඡේදය බොහො දෙනෙකුට මගහැරී ඇති බැවින් මෙහි පලකර තබමි.

繼續閱讀

You'll Also Like

4.5K 967 8
අග්නි පසුබිම් කතාංගයකි. ( එය නොකියවීම මෙය කියවීමට බාධාවක් නොවන වග සලකන්න )
801K 106K 124
ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවී...
97.7K 8.5K 68
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း ရွှီမိသားစုရဲ့ တိသမီးက လက်ထပ်ပြီးတော့ ယန်ကျင်းကို ရောက်လာပါတယ်။ သုံးနှစ်ကြာပြီးနောက်မှာ သူ့ယောက်ျားက အောင်မြင်တဲ့ စာသင်သား...
468K 48.8K 170
ဘာသာပြန်သူ- ညိမ်းမြတ် ဇာတ်လမ်းအကျဉ်း "ယွမ်ယွမ် မင်းက ကမ္ဘာကြီးကို မုန်းရင် ကိုယ် မင်းနဲ့အတူ နယ်မြေတွေကို သိမ်းပိုက်မယ်။" "ကျွန်မက ကမ္ဘာကြီးကို ချစ်တယ...