STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

Av JINius_MooN

4.4K 782 1.9K

දන්නව ද දෙයක්? ඕන ම කතාවක ඉන්න හැම අනු චරිතයකටමත්, එයාලට ම කියල කතාවක් තියෙනවා. එයාල ව පාවිච්චි වෙන්නෙ, ප්‍රධ... Mer

copyright & disclaimer
.එක:- ඇයි මෙච්චර රැඟිල්ල!
.දෙක:- Miss. First Place.
.තුන:- ඒ කම්මුල්..
.හතර:- Sorry..
.පහ:- මොකක්!?
.හය:- Will S҉t҉a҉y҉ No More..
.හත:- ඕයි !
.අට:- ඔප්පා..
.නවය:- Life Goes On...
.දහය:- පුංචි වැරදීම්..
.එකොළහ:- තුයිති..☆
.දොළහ:- ලොකේසන්.
.දහහතර:- දෙගිඩියාව..
.පහළොව:- රමෙන්..
.දහසය:- සතුට✧ (Final)
අනාගතයේ යම් දවසක්.. (EPILOGUE)
(ノ◕ヮ◕)ノෂූකරයාගෙන් ෂූඛර පැටවුන්ට..*:・゚✧

.දහතුන:- STAY*:・゚✧•

153 31 166
Av JINius_MooN

Jimin's POV

මා යි Jin Youngයි දෙන්න ම වොශ්රූම් දිහාට පය ඉක්මන් කළේ සැකෙන් වගේ. ඒත් මෙන්න ඇතුළට යන්න හදද්දි ම කෙල්ල එළියට එනව!

එකපාට්ට ම අපි ව දැක්ක ම පුදුම වෙලා වගේ අපි දිහා බලන් හිටිය. අපෙයි කියලත් වෙනසක් තිව්ණෙ නෑ. මොකෝ ඉටිම් මෙහෙම මූණට ම හම්බෙයි කියල කවු ද හිතුවෙ?

"අම්.......ඇයි...?" එයා ඔළුවත් පොඩ්ඩක් පැත්තට නවල එහෙම කිව්වෙ තාමත් පුදුමෙන් වගේ. මටයි අරූටයි මූණට මූණ බැලුණ. අපි දෙන්නට ම 'බකස්' ගාල හිනා ගියේ අපේ මෝඩ අදහස මතක් වෙලා ඔළුවත් දෙපැත්තට වැනෙද්දි. ඒකට කෙල්ල කොම්පියුස් උණා මයෙ හිතේ. එයා එකපාට්ට ම එයාගෙ ඇඳුම දිහා බලල ඒක හදන්න ගත්තා. එයා හිතපු දේ තේරුණා ම මටයි Jin Youngට යි තවත් හයියෙන් හිනා ගිය එකයි උණේ. ඒ වෙලාවෙ නං කෙල්ලගෙ කොම්පියුස් කට්ට පිපිරුව ද කොහෙ ද..

"මොක ද අනේ....?" ඇහිබැමත් රැලි කරන් අහන හැටි දැක්ක ම අපිට තවත් හිනා ගියා. මොනා කරන්න ද ඉටිම් ඕයි!

"මඟුලක් ද?" කියල එයා අපි දෙන්න මැද්දෙන් ගියෙත් ඔරවගෙන. ඒක දැකල අපිට තවත් හිනා. හිනා වෙවී ම අපි එයා පස්සෙන් ගියේ අපේ ටේබල් එකට. ගිහින් මුලින් ම ඉඳගත්තෙත් එයා. ඒ ඉඳඟෙන මුලින් ම කියවන්න ගත්තෙත් එයා ම තමයි.

"මෙහෙට එන්න කලින් මට මරාගන්න හදල ඒ චුට්ටට දැන් දෙන්නත් එක්ක මට ම හිනා වෙනව ද..?"

"ඔයාට මරාගත්ත?" මං ඇහුවෙ කෙල්ල ව අවුස්සන්නම යි..

"අ~?" එයා මගෙ දිහා බලපු ප්‍රස්නාර්ථ බැල්ම දැකල එකපාට්ට ම යන්න ආව හිනාව මං නවත්තගත්තෙ පුදුම තරං අමාරුවෙන්. Mime කෙනෙක් වගේ.

මං කරපු දේ තේරිලා Jin Youngත් ආව සප් එකක් දෙන්න. "ම්ම්ම්.. ඒකනෙ.. කවු ද ඔයාට මරාගත්තෙ?" තමන් බයිටක් වෙනව කියල දැං නං එයාට හොඳට ම තේරුණා මයෙ හිතේ..

"හඃහ්! අඃ!" ඔහොම හුම්ම පිට කර කර හිනාවෙන්න ගියොත් ඔහොම්ම ම පණ කෙන්ද යයි මැණිකේ.. "ආ හරි! හාකො! ඒක එහෙම නං හොඳයි ඉටිම්.. ම්ම්!" ඇස් දෙකත් ලොකු කරන් ඔළුව වන වන කියවනව. මං කලින් කිව්ව ද එයා තව ලස්සන වෙලා කියල?

ඒ වෙලාවෙ ම අයි පෝන් එහෙක රිගින්ටෝන් එකක් ඇහුණ ළඟින් ම. මං මගේ සාක්කුව අත ගාල බැලුවෙ ඒ මගෙ එක ද බලන්න. නෑ.

එතෝට තමා දැක්කෙ Jin Young එයාගෙ පෝන් එක දිහා බලම් ඉන්නව. අපි දෙන්න ම අයි පෝන් ද එතෝට?

..

.

හා කමක් නෑකො ඉටිම් ඒක වෙන්න පුළුවන් ඉඩකඩ වැඩීනෙ.

"වේ.., ඔම්මා?" ('ඇයි.., අම්මා?')

'----------------'

"ම්වෝ? අයිගූ! ආයිශ්!"

'-------------------------------'

"දැන්? අඩේ.... ඇත්තමයී.. ඔයාලට බලාගන්න ම බැයි ද අයියො?"

'--------------'

"ශ්ශ්ශ්..එහෙම ද?"

'----------------------'

"ම්ම්..හ්ම්ම්..හරි.."

'------'

"හරි අරි අරි.. තියනව!"

'----------'

"ම්ම්.."

කෝල් එකේ දි මිනිහගෙ මූණ අවුල් ගිය හින්ද මොකක් ද දන්නෑ කිව්වෙ එහා පැත්තෙන්.. මං කට අරින්න හදද්දි ම..,

"ඇයී..? මොකක්හරි අවුලක් ද?" Seo Ha කතා කළා.

.

.

...හ්හ්ම්ම්ම්හ්හ්හ්..

"නෑ මේ අර අපේ හ්‍යොන්ග්කාරය එකසිය ගාණට ගහගන ගෙදර ඇවිත් යකා නටනවලු. අප්පත් ගෙදර නෑ කියල ඔම්ම මට එන්නලු.."

"ආආහ්හ්හ්හ්>>! ආශ්!.. එයා ටිකක් අමාරුයිනේ..." ඒවත් දන්නව ද මෙයා..?

"හම්මට! හ්‍යොන්ග්ට කොහොම ද දැන්? අහන්නත් බැරි උණා.." මං ඇත්තට ම ඇහුවෙ ඉටිම්.. කෙල්ලගෙ ඇස් ලොකු වුණා.

"ඒ.... ඔයාල අඳුරනෝ ද..?" අපි දෙන්නට ම දබරැඟිල්ල දික් කර කර ඇහුව.

"ම්ම්.. මගෙ ක්න්අප්පගෙ පුතා මූ.. ඥාති සහෝල මෙහෙ ම හිටියට." මං එහ් ම කිව්වා ම කටත් ඇරුණ.

"ආහ්හ්හ්...! පක් ලා නේ.. දෙන්න ම...? ස්ස්ස්ස්ස්ස්!" ඔළුවත් වන වන අපි දෙන්න දිහා මාරුවෙන් මාරුවට බලනව. කටේ හැටි! මට අපේ නංගි ව හම්බුණු දවස මතක් උණා. Jin Young ඒකට හිනාවෙලා මගෙ දිහාට හැරුණ.

"ම්ම්.. අවුලක් නෑ.. Foreign Affairs Dep. එකේ බං. බීගත්ත ම තමා එක ම ලොකු ම අවුල.." මං හිනාවුණා.

"හපෝ ඔව්.. මටත් මතකයි.." ලාවට හිනාවෙලා Seo Ha කිව්ව. හ්ම්ම්.. මගේ නෑදෑයො ගැනත් මට වඩා දැනගෙන..

"හ්ම්ම්.. ඔයා දැක්කනෙ.." Jin Youngත් කිව්වෙ හිනාවෙලා.  ............................

"දැන් යන්නෝන ද එතෝට..?" මං එහෙම කිව්ව ම ඒ දෙන්න ම මං දිහා බැලුව. Seo Ha ඊළඟට Jin Young දිහා බැලුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන් වගේ.

එතකොටයි දැක්කෙ අරූ මං දිහා බලම් ඉන්නව. සැක්

මා ව එහෙම්ම ම පනපිටින් ගිලින්න වාගෙ බලාන ඉඳල එක පාට්ට ම Seo Ha දිහා බැලුවෙ උට තිබ්බ හොඳ ම හිනාව දාල. තාමත් පැණි බේරෙනව. එච්චරට කැමති ද? එයත් මුට ඒතරම් ම කැමති ද දන්නෑ..

"ම්ම්! ඔව්. මොනා කරන්න ද ඉතිං.. යන්නං එහෙනං ඇ. ආ තව එකක්! මං හෙට ලෙක්චර්ස් එන්නෑ. අප්පගෙ කම්පනි එකේ ඇනිවසරි පාටිය." 

"ඕ~.. අවුලක් නෑ මටත් හෙට ලෙක්චර්ස් නෑ කොහොමත්." Seo Ha කිවෙ හිනා වෙලා. අරුත් හිනාවෙලා එයාගෙ ඔළුවට තට්ටු කළා. මං බැලුව නෙමේ මට බැලුණ ඒ දිහා. නෑ.

මට ඉරිසිය නැහ්!

හරි හරි ඉටිම් සූට්ටයි..





ආආආශ්ශ්ශ්ශ්!

අමතක කරන්න.

මටත් මෙහෙම වෙයි කියල කවද් ද ඉටිම් හිතුවෙ.

අහෝ ඩුකකි ඉරකි ටිටකි.-

ඊළඟට Jin Young මං ළඟට ආව. මං එයා දිහා බැලුවෙ ආයිත් අවසර ඉල්ලන්න. එයා මං දිහා ටිකක් වෙලා බලාන ඉඳල ඇහැ කොනින් කෙල්ල දිහා බලනවත් මං දැක්ක. ඊළඟට මට ඔළුව වැනුවෙ අවසර දෙන්න වගේ. මං ලාවට හිනාවුණා. ආයෙමත් මට හිතුණෙ මං වැරැද්දක් ද කරන්නෙ කියල. සහෝදරය උණත් අඩුම ජරා යකෙක් නං මට යංතංවත් හිත හදාගන්න තිබ්බ. ඒත් දැන් මට හිතට හරි නෑ වගේ. මොක කරන්නත් Seo Ha එක්ක කතා කරන්න ම ඕන.

එයා යනගමන මගෙ පිටටත් තට්ටු කරං "ගෙදර අය ව මතක් කළා කියහං.." කියාගන ගියා.

"ම්ම්.. අපිත් මතක් කළා කියන්න.." මාත් කිව්ව. මං ඒත් ඌ දිහා බලාන හිතුවෙ මං උගෙ තැන හිටිය නං මෙච්චර සන්සුන් ව ඉඳී ද කියල.. මට මං ගැන ම ලාවට වගේවත් ලැජ්ජ හිතුණ් නෑ කිව්වොත් ඉතිම් අනිව ඒක බොරු.


✧FLASHBACK✧

අපි දෙන්න Seo Haට මොකෝ උණේ බලන්න යද්දි Jin Young මට කතා කළා.

"උඹ ආවෙ එයත් එක්ක කතා කරන්නනෙ..?" ඌ එකපාට්ට අහපු දේට මට උගෙ මූණ බැලුණෙ ඉබේටම යි.

"කතා කරපං.. මට එයාගෙන් කෙලින් ම අහන්න තරං හයියක් නෑ බං. අහන්න දේකුත් නෑනෙ ඉතිං. උඹ ම අහපං.." මේ කතා කරන්නෙ එයා ම ද කියල හිත හිත මුකුත් නොකිය මං ඌ දිහා ම බලන් උන්නා.

"එයාට මාත් එක්ක ඉඳල සතුටක් නැහ්නං මං බලෙන් ඉඳල කරන්නෙ දෙන්නගෙ ම සතුට නැති කරන එක. ඒ තරම් ම ආත්මාර්ථකාමී වෙන්න උවමනා උණත් එහෙම කරන්න බෑ බං මට. උඹ මගේ තැන හිටියනං මොනව කරයි ද?" එක පාරට ම මගෙ දිහාට හැරිල මගෙන් අහපු දේට දෙන්න මට කට උත්තරයක් තිබුණෙ නෑ. කට ඇරියත් ලොකු හුස්මක් පහළට දාපු එක විතරයි මං කළේ. ඒ දැකල ඌ හිනාවුණා.

"මට ඉරිසියයි අයිසෙ තවුසෙත් එක්ක. දන්නව ද එයා එවෙලෙ උඹෙ නම කිව්වා ම මට හිතිච්ච දේවල් තොගේ? ඒව දැන දැනත් උඹ රට ඉන්න නිසා ම යි පස්සෙන් ගියේ. ඒත් දැන් උඹ ඇවිල්ල..! කාලෙත් එක්ක හරි යයි කියල ඔය හැමෝම වගේ මාත් හිතුව. ඒත් සමහර දේවල්.. කාලෙටවත් වෙනස් කරන්න බෑ බං. සමහර වෙලාවට කාලෙට ඉඩ දෙන එකත් මෝඩ වැඩක්." මට තා ම කියන්න දෙයක් නෑ. එයාගෙ චරිතෙත් එක්ක මං මහ මොකෙද් ද කියලත් නොහිතුණාමත් නෙමේ.

"උඹ කතා කළාට පස්සෙ මාත් කතා කරන්නං.. මේව තව දිග ඇදෙන්න දීල කට්ටිය ම විඳවන්න ඕනි නෑනෙ, නේ?" මට තේරුණා එයා ඒ අන්තිම කතාව නං මටත් වැදෙන්න එක්ක ම යි කිව්වෙ කියල. ඒත් මං කිසි ප්‍රතිචාරයක් දුන්නෙ නෑ. මොක ද කියනව නං.., මට හිතුණ උට ඒකටවත් අයිතිය තියනව කියල.

END OF FLASHBACK


එයා කැෆේ එකේ දොර ළඟට යනකොට ම Seo Ha එයාට කතා කළා. Jin Young වගේ ම මාත් ඒ දිහා හැරුණෙ එතකොට.

"J-Jin Young-ah! ම්-මාත් එන්නං.." ඒක ගොඩක් දුරට ප්‍රශ්නයක් වගේ එයා කියුවෙ. එයාට ටිකක් දාඩියත් දාල. අපි දෙන්න දිහා මාරුවෙන් මාරුවට හරි ම කන්ස්සල්ලෙන් වාගෙ බල බල Jin Young ගාවට ඇදුණ. මට එතකොට යි කාරණාව තේරුණේ.

Jin Young බැලුවෙ මං දිහා. මං ලොකු හුස්මක් උඩට ඇදල හෙමීට පිට කරන ගමන් අහක බලා ගත්ත. හිතන් ආවෙ බලෙන් හරි තියාගන්න උණත් දැන් ඒකට ශක්තියක් නෑ වගේ.

Jin Young කෙල්ලට කතා කළා. "ඔයා එන්නෙ මොකට ද? තා ම හයයි ගාණයි. අනික දැන් අරුත් ඉන්නවනෙ. පොඩ්ඩක් කතා කරගන ඉන්නකො. කාලෙකින්නෙ හම්බෙලා තියෙන්නෙ.." එහෙම කියල එයා අපි දෙන්න දිහා බලල ම හිනා වුණා. 

"ඒත්-" Seo Ha ආයිත් කතා කරද්දි ම බස් එකක් ආව. කැෆේ එක තියෙන්නෙ බස් ස්ටොප් එක ළඟමයි. 

"ආ.. බස් එකත් ආව. එහෙනං අපි ගියා!" හොරාට ලොකු සැනසුම් සුසුමක් හෙළපු Jin Young හිනාවෙලා ගිහින් බස් එකේ එල්ලුණා. කැෆේ එකෙන් එළියට ඇවිත් මා යි Seo Haයි දෙන්න ම බලන් උන්නෙ එයාවත් අරගෙන යන බස් එක දිහා... 

Seo Ha උන්නෙ මට ටිකක් ඉස්සරහ. බස් එක ඈතට ම ගියාට පස්සෙ එයා හෙමීට මගෙ දිහාට හැරුණ. අපි දෙන්න ටිකක් බලාගන හිටියා. එයා ඇත්තට ම දැන් හරි ලස්සනයි. නිළියක්; නිරූපිකාවක්; බෝනික්කෙක් වගේ නැති උණත් මේකප්වත් නැති එයාගෙ මූණෙත් හරි අමුතු ලස්සනක් තිබුණා. දිගට ම උණත් ඒ දිහා බලා හිටිය හැකි.

බැල්ම දරාගන්න බැරි නිසාදෝ අපේ ඇස් හරියකට මුණ ගැහුණු සැනින් එයා අහක බලා ගත්ත. බෑග් එකේ පටිය තදින් අත ගගා එයා මූණ ටිකක් හරවල "මං යන්නං." කියල වේගෙන් කියල මහා වේගෙකින් එතනින් ඇවිදන් යන්න ගත්ත.

එතකොටයි මං මනෝ පාරෙන් එළියට විසික් උණේ. ඒ වෙද්දිත් ගිය වේගෙට එයා මීටර් ගාණක් ඈතට ගිහින්. මට දුවන්නත් උණා එයා ව අල්ලගන්න.

"ඉන්න.." එයා ඇහෙන්නෑ වගේ තවත් ඉක්මන් කරල යනව. මාත් ඊට වඩා වේගෙන් ගිහින් එයා ඉස්සරහින් හිටගත්ත. එයා නැවතිලා වට පිට බැලුවෙ මිනිස්සු බලනව ද කියල වෙන්නැති, නැත්තං... වෙන්නැති........

"කිව්වහ ම ටිකක් ඉන්න.." මං ආයෙත් කිව්ව. එතකොටයි මුල් ම පාරට ඔළුව උස්සල මං දිහා කෙළින් බැලුවෙ. ඒ ඇස්වල කඳුළු පිරිල තියනව දැක්ක ම මං කලබල උණත් ඒක පෙන්නන්න ගියෙ නෑ.

"ඇයි? ඇයි මං ඔයා කියන එක කරන්නෝන..? ඇයි ආවෙ? ඇයි මෙහෙම කරන්නෙ?" උස්සපු ඔළුවත් පැත්තට නවාගෙන එයා කියන වචනයක් ගාණෙ කඳුළු එන වේගෙ වැඩි වෙන්න ගත්ත.

"උත්තර දෙන්න තමයි ඉන්න කිව්වෙ.. කතා කරන්නෝන.. ගොඩක්.. දේවල්.."

"කතා කරන්න දෙයක් නෑ.." එහෙම කියල කඳුළුත් පිහිදාන ගමන් මාවත් ඉස්සර කරන් යන්න ගියා.

මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. අද මේක බේරුමක් කරගන්න ම ඕන. මං නැතත් ඔය දෙන්න වෙනුවෙන්වත්.

මං එයාගෙ අතින් ඇදන් එයාවත් ඉස්සර කරං ගියේ පාර්ක් එක දිහාට.

"යා.. මොකද් ද කරන්නෙ? තාමත් හිතන එකෙක් ව ඇදන් යන්න පුළුවන් කියල ද හිතන් ඉන්නෙ ආ!? අත අරිනව!" වටේ අයට ඇහෙන නිසා හයියෙන් කෑ නොගැහුවත් එයා කතා කළේ කේන්තියෙන්. අනිත් අතින් මගෙ අත ලෙහන්න හැදුවා ම මං කළේ තවත් හයියෙන් අල්ලගත්ත එක. එක මතකයක් මගෙ ඔළුවට ආව. මේකත් ඒ වගේ කෙළවර වෙයි ද..? අඩු ම මේ පාරවත්.., මට කැමැති දෙයක් වෙයි ද..?

එක එක විකාර හිතන ගමන් මං ඇවිත් ඇවිත් නැවතුණේ පාර්ක් එක ඇතුළේ. ඒත් මං ඒ අත අතෑරියෙ නෑ. අතෑරිය ගමන් අනික් පැත්තට දුවයි කියල සාධාරණ සැකයක් මට මතු වුණා.

Jin Young's POV

ඒ වෙලාවෙ බස් එක ආවෙ නිකං දෙයියො බැලුව වගේ. තව ටිකක් මං එතන හිටියනං දැන් මේ මූණ දිගේ ඔහේ ගලාගන යන කඳුළු එවෙලෙ ම පිට වෙනව...

බස් එකේ ගොඩක් සෙනඟ හිටපු එකත් හොඳක් උණා. කිටි කිටියෙ මිනිස්සු පිරිල යන නිසා කාටවත් කවුරුවත් ගැන තද අවධානයක් තිබුණෙ නෑ. මං හූඩි කැප් එකත් ඔළුවට දාගන බිම බලාගන ම ආව.

ගෙදරට බහින්න ඕන හෝල්ට් එකෙන් බහින්නෙ නැතුව මං දිගට ම බස් route එක ඉවර වෙනකන් ම ගියා. අන්තිම අන්තිම වෙද්දි කට්ටිය අඩු වෙලා හිස් ශීට් ඉතුරු වුණත් මං ඔහේ හිටගන හිටියා. මට තේරුණා ඉඳගෙන හිටපු කීප දෙනෙක් මං දිහා බලල අහක බලාගන්නව. ඒත් ඒව ගාණකට නොගෙන මං බස් එක බස් ස්ටේශන් එකේ නවත්තනකං ම එහෙම්ම ම හිටියා.

හිතන්නෙ ඔම්ම එන්න කියලත් මං නොගියෙ ඇයි කියල ද..?

හ්ම්ම්.. ඒක මං කිව්ව බොරුවක්. ඕනෙ නැති වුණත් මට සිද්ධ වුණා ඒ දෙන්නට ඉඩ දීල පැත්තකට වෙන්න. ඔම්මා මට කිව්වෙ හෙට ගිම්බප් හදන්න දශිමා ටිකක් ගේන්න කියල විතරයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

දන්න අය මේක බැලුවෙ නැතත් තරහක් නැත.🤓 

      Ⅰ․ ගිම්බප් / Gimbap / 김밥

             ⁓ තම්බපු බත්, රස ගන්වපු  එළවළු, මස්, මාළු වගේ දේවල් කෙල්ප්වලට පුරවල රෝල් හදල slice කරල කන Korean snack dish එකක් තමයි ගිම්බප් කියන්නෙ.

      Ⅱ․ කෙල්ප් / Kelp / 다시마 [දශිමා]

             ⁓ ආහාරයට ගන්න යකඩ බහුල මුහුදු පැළෑටි වර්ගයක්. කෑම පිරිය සහ රස වැඩිකරන්න, විශේෂයෙන් ම එයාල සුලබ ව කෑමට ගන්න සුප් වර්ගවල ඝනත්වය වැඩි කරන්න (Stock එක) කොරියානුවො මේව භාවිත කරනව බහුල වශයෙන්. ලංකාවෙ ඒ තරම් ම ප්‍රසිද්ධ නැතිවුණත් මුහුදු පැළෑටි කියන්නෙ එයාලට සාමාන්‍ය රසවත් ආහාරයක්. (ඒකනෙ සිංහලෙන් පැහැදිලි නමකුත් නැත්තෙ..🙂) උඩ කියාපු ගිම්බප්වල පිරවුම (Filling) එක වටේට දවටන්නෙත් දශිමා තමයි.

(ඕටර් : මාත් කාල නෑ. ඒට් කමක් නෑ ඩුකක් නෑ. කවදහරි කන්නන්කො🤧💔✨

තා දෙයක් කියන්න තියේ. බලන්න ඔය අන්තිමට තියන දශිමා පැකට් එක දිහා.. එක ඉංග්‍රීසි වචනයක් තියෙ ද අඩු ම බ්‍රෑන්ඩ් එකේ නමවත්..? අඩංගු දේ ශුද්ධ බර පෙන්නන්න 'g' ඒකක ලකුණයි, එයාලගෙ වෙබ් පිටුවෙ url එකයි ම විතරයි. ඒකට ලංකාව. නිෂ්පාදන 100ක් ගත්තොත් 99ක් ම ඉංග්‍රීසියෙන් යන්නෙ. සිංහල තිබ්බත් පැක් එකේ පැත්තක. ප්‍රධාන කවරෙ ඉංග්‍රීසි. ඒත් අපේ නිල භාෂාව සිංහල. කඩ 10ක් ගන්න. බාගෙට බාගෙක ම නම තියෙන්නෙ ඉංග්‍රීසියෙන් නේ ද? මං සිංග්‍රීසි නමුත් දැකල තියේ. ලාවට 'චී' කියලත් හිතුණ. පිටරට පටවන්න වෙන ම ස්ටොක් හදන්න ප්‍රාග්ධනයක් නැති නිසා කියල හොයල බලද් දි තේරුණා. ඒත් බැයි ද ඔය කියන දියුණු රටවල් වගේ මුල ඉඳන් පටන් ගන්න.? කොච්චර කල් ගියත් රටට වෙන්නෙ කොච්චර හොඳක් ද..

කොරියාව දැන් තියන තත්ත්වෙට එන්න දශක කිහිපියක් ගියා තමයි. ඒත් දැන් ෂෝක් නැද් ද? දන්නව ද ඇයි ලංකාවෙ අය මුඩුක්කුවලට 'කොරියාව' කියන්නෙ ඇයි කියල? ඉස්සර, ඒ කියන්නෙ දශක 5, 6කට කලින්, කොරියාවෙ හැමතැන ම වගේ තිව්ණෙ ඔහොම පේලි ගෙවල්. දුප්පත්කමෙත් අන්තෙට ඇවිත් පීඩනෙන් මිරිකිමෙන් හිටි රටක් ඒක එතෝට. ඒත් දැන් කොහොම ද? හිතන්නවත් පුළුවන් ද එයාලට එහෙම කාලයක් තිව්ණ කියල? ම්ම්?

ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හොඳයි; ගොඩක් හොඳයි, ජාත්‍යන්තරෙත් එක්ක ගනුදෙනු කරන්න මේ වෙද්දි ඉංග්‍රීසි ඕනමයි. ඒත් ඔයාල මොන දේ ඉගනගෙන කොච්චර උඩකට ගියත් මුල අමතක කරන්නෙපා. හිතල බලන්න මේ රටවල් ගැන.. චීනය, කොරියාව, රුසියාව, ජපානය, ඇමෙරිකාව.. ඒ රටවල පාවිච්චි කරන්නෙ එයාලගෙ ම නිෂ්පාදන 95%කට එහා. අපි කියලත් කොච්චර පාවිච්චි කරනව ද.. ඔය බයින්නෙ 'බාල චීන බඩු' කියල. එහෙම තමයි ඒවා. අපි තුන්වෙනි ලෝකෙ රට, අපිට එවන්නෙ බාල ලාබ කුණු ගොඩවල් තමයි.. ඒත් හිතනව ද තමන්ගෙ රටේ අයට ඒව ම යි දෙන්නෙ කියල? පිස්සු ද? උන්ට ඉස්තරමින්.. අපිට පුස්තරමින්.. ඒත් ඒ රටවල් දියුණු වෙලා, අපි එක තැන. තේරෙණව ද?

කොච්චර බැන්නත් උන් දියුණු වෙලා අපි එකතැන නවතින්න ලොකු හේතුවක් මේ පරගැති කම. මේ සිද්ධිය ම විතරක් නෙමේ මම කියන්නෙ. කොහොමත් ඒ කාලෙ ඉඳන් එහෙමනෙ. එහෙම නැති ව හිටි කාලෙක තමා අපි 'පෙරදිග ධාන්‍යාගාරය' වෙලා උන්නෙ. දැන් අපේ උන්ට ඉතිම් උන් 'රාවණ යක්ඛ ලේ ඇඟේ දුවන හෙළයෝ' ය කියල මතක් වෙන්නෙ තමන්ගෙ ලොවෙත් නැති පඩ සෝ දාන්න විතරනෙ. අනුන්ගෙ දියුණුවක් දකින්න බැරි තමන්ගෙ මිදුලෙ ගූ ගොඩට වඩා එහා ගෙදර මිදුලෙ රොඩ්ඩට රත් වෙලා වෛර කරන් නිකං ගොං ජෝක් වෙන මෝඩයො රැලක් මෙහෙ ඉන්නෙ. කට කහනවට නෙවේ මේ අද්දැකීම් ඇතුව කියන්නෙ. ලැජ්ජයි.

දියුණු ය රටවල විතරක් නෙමේ යකෝ කොහෙත් ඔය කියන තරං සංස්කaතියක් නෑ තමයි. මහ ලොකුවට 'සංස්කaතිය', 'සදාචාරය' කියාගන ඉන්න අපේ ලංකාව, ඉන්දියාව වගේ රටවලත් ඔය වෙන්න පුළුවන් හැම දහ ජරා වැඩේ ම වෙන්නැද් ද බොලව්!? එහෙම ලස්සන සමාජයක් තිබුණා ඇත්තට ම.., සියවස් ගාණකට කලින්. කෙල්ලෙක්ට ඕන තරං ආභරණ පටලං කිසි බයක් හැකක් නැතුව පේදුරුවෙ ඉඳන් දෙවුන්දරේට එන්න පුළුවන් ය කියල ඒ කාලෙ කතාවක් තිබිල තියෙන්නෙ අහේතුක ව වෙන්න බෑනෙ නේ..? ඒත් දැං නං ඕක නිකං ලේබලයක් විතරයි. අපේ උන්ට පඩ පීචං ෂෝ දාන්න විතරක් පාවිච්චි වෙන..

කොහෙත් එකයි. කළු චරිත ඉන්නව; සුදු චරිත ඉන්නව අඩු වැඩි වශයෙන්. ඒක සාමාන්‍යයි. දියුණු රටවල 'වැඩි ය' කියල අපි කොහොම ද කියන්නෙ? මොකෝ අපේ 'අඩු' ද? කොච්චර නං අපි නොදන්න කතා ඇති ද බම්..? ඔය මේ ළඟදිත් පොලිස්කාරයෙක් ම පොඩි කෙල්ලෙක්ට පොලිසියෙ දි ම කරදර කරන්න ගිහිම් තිබ්බෙ.. ඒ නිසා, ඒ රටවලට මෝඩයො වගේ බැන බැන ඉන්නැතුව උන් දියුණු වෙච්ච හැටිවත් හිතල රට ගොඩදාන්න හිතට ගන්න. මෙහෙ ඉපදුණ එකේ මැරෙන්න කලින් රටට යමක් දීල යන්න. මොක ද අපිට නිදහසේ ඉන්න දීපු මේ රත්තරං පොළොවට අපි ණයයි. රටට; තමන්ට ආදරේ කරන්න. තැන් තැන්වල පීචං කතා කියව කියව හේතු නැතුව වෛර බැඳන් විහිළුවක් වෙලා ලෝකෙට බරක් නොවී..

තව කියවන්න ගියොත් මගෙ ලේ රත් වෙලා වදන් හොඳ නැති වෙනව. දැනටත් වැරදි යමක් කියවුණා ද මන්ද.. ඒත් මට ඕණ වුණේ කිසියම්ම හෝ වැදගත් යමක් ඔයාලට වැදෙන්න කියන්න. ඒ කාලෙ ලෝකෙ ම පාලනය කරපු සක්විත්තො උන්නු, මෑතක දි පවා සිංගප්පූරුව වාගෙ රටකටත් ආදර්ශයක් වෙච්ච, ඉතා ම මෑතක දි දකුණු ආසියාවෙ වේගෙන් ම සංවර්ධනය වෙන නගරය පිහිටපු මගෙ රට.., සමහරු නමවත් අහල නැති, නිල භාෂාවත් වඳ වෙමින් පවතින භාෂාවක් වෙච්ච, තුන්වෙනි ලෝකෙ රටක් විදියට හංවඩු ගැහෙන එකට මං කැමැති නෑ. ඒකයි. එහෙනං ඕං මං නැවැත්තුව.

අපහසුතාවක් ඇති වුණානං සමාවෙන්න.)

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

(ඕටර් : කතාවත් අමතක උණා ද?😂💔 සොරි වේවා!)

එහෙම වුණත් මං ඔම්මගෙ කෝල් එක ඉවර උණාට පස්සෙත් බොරුවට ෆෝන් එක කනේ තියන් රඟපෑවා. එතකොට හෙට පාටිය..? ඔව් ඒකත් බොරුවක් තමා. මං බොන්නෑ. ඒක මගෙ ප්‍රතිපත්තියක්. ඉටිම් මගෙ ඔළුවෙ අවුල් ලිහාගන්න ගෙදර ඉන්නෝන නිසාමයි මං එහෙම කිව්වෙ.

බස් එක නැවැත්තුවට පස්සෙ මං ඔහේ ඇවිදගන ගියේ ඔළුව හැරුණ අතේ. මං තියන අඩියක් ගාණෙ මගෙ පිටේ එල්ලෙන් බෑග් එක ටිකක් එහාට විසි වෙලා ආය ඇවිත් මගෙ පිටේ ම වදිනව. ඒක නං මං යන තාලෙට රිද්මෙකට වෙනව. ඒත් මගෙ ඔළුව නං මේ වෙලාවෙ රිද්මයක් තියා පිළිවෙළක්වත් නැති අවුල් ජාලයක්.

කට්ටිය ම විඳවන්න ඕන නෑ කියල මං දැන් මෙතන තනියෙන් විඳවන් එක මට ම අසාධාරණයක් නේ ද කියල එයාලගෙ මූණට ම කෑ ගහන්න හිතුණත් මට Seo Haගෙ මූණට එහෙම කියන්න තරං හයියක් නෑ. එයාගෙන් මට පෙරළා ලැබුණෙ නැති වුණත් මේ අවුරුදු දෙක හමාරක් තිස්සෙ වෙනසක් නැතුව මං එයාට ආදරේ කළා. මට කොච්චරවත් තේරුණත් එයා බොක්කෙන් ම නෑ නේ ද කියල, එයා කවම්දාවත් මට එහෙම මූණට නොකිව්වත් එකේ මං දිගට ම ආදරේ කළා.

වෙලාවකට එයා මා ව පාවිච්චි කරනව නේ ද කියල දැනෙද් දි අර Jimin-ahත් එක්ක ම මරාගෙන මැරෙන්න තරං තරහක් ආවෙ නැතුවමත් නෙමේ. මට කොච්චර ඉරිසියා හිතුණ ද කියල මට ම හිතාගන්න බෑ. ඌ අඩු ම මං නොදන්න එකෙක්වත් උණා නං කියල කී වතාවක් නං හිතිල ඇත් ද.. ඒ හැම වෙලාවෙ ම හරකෙක් වගේ ඌ රටනෙ කියල හිතට බොරු කරපු එකයි කළේ.

මං එක්ක ම උන්නත්, කොච්චර concerned කියල පෙන්නන්න උත්සාහ කළත්, එයාගෙ හිත මං එක්ක නෑ කියල තේරෙද්දි දැනුණෙ පුදුම වේදනාවක්. අද බස් එක වෙලාවට ආවෙ නැහ්නං ඒක එයා ඉස්සරහ ම expose වෙන්න තරං tension එහෙක මං ඒ වෙලාවෙ හිටියෙ. ඒක නොපෙන්න මං හිනාවුණේ කොහොම ද කියල මට ම තේරෙණ්නෑ. සමහර වෙච්චි සිද්ධි නිසා මං මුළු රැයක් ඇහැරගෙන ඉඳල ඇති ඕන තරං..

ඒත් එක අතකින් මාත් වැරදියි.. හිමි වෙන්නෑ කියල හොඳට ම දැන දැනත් පිස්සුවෙන් වගේ පස්සෙන් ගියේ මම. එයාගෙන් ඇහුවෙත් මම. එයා කොච්චර ලිස්සල යන්න හැදුවත් මෝඩය වගේ ආයෙ ආයෙ ම ගිහින් වාතයක් උණෙත් මම ම තමයි. දැන් හිතෙන්නෙ මැද්දට ඇවිත් මේක සංකීර්ණ කළෙත් මම ම ද කියල..

අද ඒ දෙන්න දෙකෙන් එකක් බේරුමක් කරගන්න එක කොහොමත් කාටත් හොඳයි. එතකොට මට එයත් එක්ක කතා කරල මේ පටළැවිල්ල ලෙහා ගත හැකි.

අකැමැත්තෙන් උණත්.., ඒක කරන්න ම වෙනව.

Jimin's POV

මං Seo Haගෙ අත අල්ලගෙන ම එයා දිහා බලන් හිටිය ටිකක් වෙලා... එයා ටිකක් සන්සුන් වෙනකං. ඊට පස්සෙ මං ම කතා කළා.

"ඉන්න.. මට කතා කරන්නෝන. ජෙබල්.. ඉන්න.. යන්න එපා.."

"මොකද් ද කියන්නෙ?" එයාට තාමත් කඳුළු එනව.

"මට කියන්න දෙන්න.."

"මට අහන්න ඕනි නෑ." කදුළු පිරිච්ච ඇස් ලොකු කරල මං දිහා බලල එයා හැදුවෙ අනිත් පැත්ත හැරිල යන්න. මට තවත් බලාගන ඉන්න බැරිවුණා.

එයාව ඇදල අරන් මං හයියෙන් බදාගත්ත.

"Stay..."

***



මතු සම්බන්ධයි...

A/N

බුහ් හහ් හහ් හහ් හා!!!

කලින් මැද්දෙන් හෙණ හෑල්ලක් කියවන්න සැලැස්සුව හින්ද මගෙ ඌරු පැටව් ටිකගෙ මහන්සිය සලකල ඕං චැපියත් ටිකක් කොට කරල මේං මෙහෙම නැවැත්තුව.✨

බලන්න සූකරයිනි ඔහෙලට මගෙ ඇති ප්‍රේමේ..! මා වැන්නවුන් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත.😌💜🔥

උම්මා!<3


Writing again on 06/07/2021

Reads 1200යි.. 😭💜️ තෑම්ෂ් ❣️
මේ ම සීයෙන් සීය වැඩි වෙන එකත් පොතේ ම ඔබන එක සමහරෙක්ට පිස්සුවක් වගෙ පේන්න පුළුවම්.. ඒත් කමන්නෑ..

😌මොක ද මේ ඌරු ඕටර්ට පිෂ්ෂු ටමා..🐷💅🏻

Fortsätt läs

Du kommer också att gilla

2.4K 215 24
"That day was the first time I realized," I take a deep breath, anxious to finally admit what I had been attempting to deny since the beginning. "My...
1.7M 112K 200
**Story is gonna be slow paced. Read only if you have patience. 🔥** Isha Sharma married a driver whom she had just met. She was taking a huge risk...
302 90 8
ඔයත් හරියට කැලෑ මලක් වගේ...... ඇයි එහෙම කියන්නෙ....... නෑ හැමෝම කැලෑ මල් වලින් ගන්න ඕනෙ ප්‍රයෝජනේ අරගත්තට. කවදාවත් කැලෑමල් අගයන්නෑ ....... හ්ම් මං...
476 90 10
I'm a player .. Why did you marry me? Just for fun .. You said you love me .. I told u, I'm a player. . . . . . I'm not a murderer . You are!!!! ...