intro pt 2

521 63 44
                                    

Yibo's pov

ලුටු පුටු ගයා............. පුටු ගයා.....
මේ......ලා........ලා........ලා.......
ලුටු පුටු ලුටු පුටු ............

" මමා........ කෝල්........"

" ....... "

" මමා..........."

" පොඩී මමාට කියනවා කෝල් එකක් කියලා. නැත්තන් මේක ගිහින් දෙනවා "

" මමා........අන්න ඔයාගේ ටෙලිෆෝනේ.......පුටු පුටු ගානවෝ......"

" දැන් තමුසෙට කවුද මෙතන ඉදන් බෙරිහන් දෙන්න කිව්වේ. යනවා ඕක අරගෙන ගිහින් දෙනවා "

" හරි ඉතින් රවන්න ඕන නෑනේ. හුහ් රටක් වටින දරුවෙක්ටනේ මෙහෙම සද්ද දන්නේ. "

හොදින් කිව්වට කියන දෙයක් අහන්නෙම නෑ. මේකානම් අකලට වයසට ගිහින් තියෙන්නේ. 24ක් කියන්නේ පොඩිද. යන හැටි මටත් බැන බැන. මමා තමා මූව හුරතල් කරන්නේ. ඔක්කටම හපන් දැන් මුන්ගේ ටීම් එකේ උනුත් පොඩි එකානේ කියලා මේකව ඔලුවේ තියාගෙන දැගලිල්ල වැඩිවෙලා තියෙන්නේ.

එහෙන් අම්මගේ රිගින් ටෝන් එක. මට ඒක පේන්න බෑ. කොච්චර කිව්වත් වෙන එකක් දාගන්න කියලා එයාට නෙවේ ගානක් තියෙන්නේ. යාහ්......ඉදලා ඉදලා නිවාඩුවක් හම්බෙලා ගෙදර ආවම මට නිකන් පිස්සු වගේ. මේවා දැක්කම ඊට හපන් පිස්සු. පපා උදේ ඉදන් ටීවී එක ලගින් හෙල්ලෙන්නෙ නෑ. පොඩිත් අද නිවාඩු හින්දා කන පැලෙන්න සින්දු දාගෙන නටනවා. ලොකු ගෙදර හිටියත් උන්නද මලාද හොයන්න බෑ. හැමෝම ගෙදර ඉන්න දවස කියලා මමා කුස්සිය බදු අරගෙන. මොනවා හදනවද මන්දා මෙච්චරලා. ඒවා දැක්කම මටත් විකාරයි. උදේ වරුව හොදට නිදාගත්තා දැන් ටිකක් වෙලා නැගිටලා. ඇයි අනේ හැමදාම ඩියුටි විතරක්නේ. ඒක හින්දා අද හවස යාලුවෝ ටික එක්ක සෙට් වෙන්න කියලා ඉන්නේ. තව ටිකකින් මට කියලා හැම මගුලකටම ඉන්න එකා මෙහෙට එනවා කිව්වනේ පොර එක්කම යනවා.

පපාත් එයිද දන්නෙ නෑ. කෝකටත් එයාගෙනුත් අහලා බලනවා. මොකද පපා කියන්නේ තාමත් අපේ රටේ මිනිස්සු මාරෙට ආදරේ කරන කෙනෙක් හින්දා අපේ සෙට් එකත් පුදුම ආසයි පපා එනවට. ඒත් මන් කලපනා කරේ අර ටීවී එක ලගින් එයාව කොහොම අයින් කරන්නද කියලා. මන් කොච්චර තදයා පිටට ලොක්කා වැඩ්ඩා උනත් මොකෝ පපා මැච් බලද්දි එයාව නැගිට්ටවන එක මම නෙවේ සක්‍රයා ආවත් කරන්න බෑ. ලයිව් මැච් එකක්නම් බලන්නේ හිත හදාගන්න තිබ්බා. ඒත් නෑ මේ දැන් සති දෙකකට විතර කලින් ලංකාවයි ඇෆ්ගනිස්තානෙයි ගහපු මැච් එකක්නේ මේ දමාගෙන බලන්නේ. ඒකත් ලංකාව ෆීල්ඩ් කරන එක. මොකට බලනවද මන්දා එච්චර. මට නම් ඇති විශේශයක් නෑ. ඔය දින්නේ. කොහොමත් දැන් ලංකාවේ ටීම් එක ආපහු අනූ ගනන් වල ටීම් එක තිබ්බ විදිහට හැදීගෙන ඉන්නේ. ඒත් අපේ රටේ ටීම් එකත් එක්ක හැරෙන්න බෑ තාම එයාලට. ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ටීම් එක කිව්වම වෙලාවකට icc යත් කොරයි.

Hat TrickWhere stories live. Discover now