❄️02☃️

Beginne am Anfang
                                    

තත්පර ගානක් ඵෝන් එක දිහා බලාගන උන්න මං හුස්මක් අරන් මැසේජ් එකක් දෙකක් උඩින් බැලුවා....

අම්මගෙ නම කෙටි කරලා ඔලී....

අප්පගෙ නම කෙටි කරලා විලි....

විලීගෙනුයි ඔලීගෙනුයි තිබුනෙ එකම මැසේජ් එක......

කොහෙද කොල්ලා උඹ ඉන්නෙ....

උඹ කොහෙද පැනල දිව්වෙ........

ඵෝන් එක ආන්ස්වර් කරපන් අභී......

අභී....අප්පට කෝල් එකක් ගනින්...අප්පා බනින්නෙ නෑ...කොහෙද ඉන්නෙ......?


ගහන්නෙ නෑ කියලා ගහනවා වගෙ තමයි  විලියා  බනින්නෙ නෑ කියලා කන් ගොඩ වෙන්න බනින්නෙ....

දන්නවද......පවුලෙ තනි ළමයා වෙනවා කියන එක මහ වදයක් .........ආදරේ නම් උතුරන්න හම්බ උනත් මොකද වෙලාවකට තනිකම කියන එක දරුනුවටම ඔලුව පොඩි කරනවා.........අම්මා අප්පගෙ හීන...බලාපොරොත්තු මෙ  හැම දේම තියෙන්නෙ එකා යකා උන මගෙ ගාව........

හිත හදාගන අකීකරු කමක් වත් කරන්නෙ කොහොමද .......

තව එකෙක් උන්නා නම් ඕන බම්බුවක් කියලා මට මුරන්ඩු කම් කරන්න තිබුනා...මොකද මට බැරි උනත් මගෙන් පස්සෙ එකා හරි අම්මා අප්පගෙ හීන ආසාවල් වලට පන දෙනවනෙ....

ඒත්.......

ඒත් වෙලාවකට අම්මා අප්පත් වැරදි....අපිටත් හීන තියනවනෙ........එයාලගෙ හීන....ආසාවන්...බලාපොරොත්තු අපි ලව්ව කරගත්තම......... අපේ හීන බලාපොරොත්තු ...ඒවා...ඒවට මොකද වෙන්නෙ....ඒවා අපේ ළමයි ලව්වා කරගන්නද......පරම්පරා කීයකටද......??

මන්දා....මෙතනින් සීයට පනහක් එයාලා වැරදි....ඉතුරු සීයට පනහා අකීකරු කම් කරන්න හදන අපි වැරදිද කොහෙද .......

අම්මා අප්පට විරුද්දව කට ඇරපු ගමන් අම්මාට පුලුවන් මට කට උත්තර නැතිවෙලා නන්නතාර වෙලා යන තරමට ප්‍රබලම ආයුදෙ උන වචනයි කදුලුයි එලියට ගන්න..........

වෙන මොකුත් නෙවෙ...." උඹව නව මාසයක් තියන් ඉදලා කේ කිරි කරලා පොවපු මටනෙ ඔහොම කියන්නෙ" කියපු ගමන් මගෙ කට වැහෙනවා....කන් පාත් වෙනවා......

අප්පට පුලුවන් නිදි නැති රැයවල් දාහක් අරගන අරාබි නිසොල්ලාසයක කතන්දර ගොතන්න.........

❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )Wo Geschichten leben. Entdecke jetzt