හතලිස් හත්වන දිගහැරැම.

Începe de la început
                                    

"හරි හරි දැන් කට්ටියම ඇවිත් වාඩිවෙන්න. .... ඔන්න මෙතන ඔක්කොම රෙඩි කරේ කෙල්ලො ටික හොදද....... .... අදින් ට්‍රිප් එක ඉවරයිනේ ... ඒ නිසා පුංචි නයිට් එකක් අදිමු .... හොදයිනෙ. ..... "

මල්ෂ අක්ක එයාගෙ කතාව අදිද්දී කෙනුල අයියත් ඇවිත් එයාට එහා පැත්තෙන් වාඩිඋනා වගේම  ඒ කනට කරල මොනවදෝ කීව. .....  මට විශ්වාසයි  ඒ මන්ගැන.... කටින්  නොකීවත්  ඒ ඇස් වලින් මම ඒක  දැක්ක  ......

" හරි මුලින්ම කවරැ හරි සෝන්ග් එකක් කියන්න. ..... අයාන් මල්ලී කියමුනෙ....ඔයාට හොදට ගිටාර් ප්ලේ කරන්නත් පුළුවන්නෙ..... උත්තරා උඹට මතකද අපි සෙට් එක එකසැරයක් සීගිරි ගිහින් එද්දී අයාන් මල්ලී සින්දුවක් කීව..... හැබැයි ඉතින් ඒ දවස්වල කොල්ල පොඩියි..... කියමුනේද කොල්ලො...... ආ ගිටාර් එක. ....."

" ආ....අ... මේ.... ඒ පුංචි කාලෙනෙ මල්ෂ.... "

උත්තරා අක්කට වචන නැතුව ගියා.....මල්ෂ අක්ක ප්ලේ කරන්න කියල ගිටාර් මගෙ දිහාවට දික්කරා වෙනකොට මම පුදුම තරම් අසරණ උනා. .... මම කොහොම ගිටාර් එක ගහන්න ද..... ගමේ හැදුන මම ගිටාර් එකක් අතින් අල්ලනව තියා හිතලවත් තිබුනෙ නැති කොට දුන්න ගිටාර් එක අතට ගත්ත මම ඔහේ බලන් උන්න. ....... කොහොම දෙයියනේ මන් මේක ගහන්නෙ . .... ..... . ඒත් තත්පරයයි තිවාන් මගෙ අතේ තිබුණු ගිටාර් එක ඇදල අරගත්ත. ....

"මන් ගිටාර් එක ප්ලේ කරන්නම්.... උඹගෙ අත තවම රිදෙනවනෙ... උඹ සින්දුව කියපන් ...... "

මම ඇස් දෙක පියාගත්ත...... දැනෙන හැගීම් වලට පණ දෙන්න මට පුළුවන්කමක් නැතිඋනත් මම වින්ද.....

මන් ඉතින් යන්න යනවා ....
මට යන්න අවසරයි .....
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි. .

මන් ඉතින් යන්න යනවා ....
මට යන්න අවසරයි .....
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි. .

නුඹ සදක් වෙලා පායා
මට එලිය උනු වගයි
නුඹ සදක්සේම බැස යයි
මට අයිති කලුවරයි
මට මතක එපමණයි

නුඹ සදක් වෙලා පායා
මට එලිය උනු වගයි
නුඹ සදක්සේම බැස යයි
මට අයිති කලුවරයි
මට මතක එපමණයි

එයා මුමුණනව. .... මන් කිව පද පෙළ මාත් එක්කම එකට මිමිනුව මට ඇහුන. ...... ලස්සනයි ඇත්තටම ඒ ගැඹුරැ කටහඩට මට වඩා සින්දුව ගැලපුනේම එයාට..... ඒත් ගීතෙ ඇතුලාන්තය මට විතරයි.....

The white  lotus   ( Complete )Unde poveștirile trăiesc. Descoperă acum