හතලිස් එක් වන දිගහැරැම

Comincia dall'inizio
                                    

" ඇත්තමයි අයාන් මොනා උනත් thank you very much මූව ඊයෙ රෑ බලාගත්තට. .... .... ඒවගේම අංකල්ටයි ආන්ටිටයි උත්තරාටයි නොකීවට... .. "

" ඇයි ඊයෙ බීවෙ.....? "


"ආ... ඒකද... අයාන් මල්ලී. ...මූ marry කරන එකේ සතුටට පොඩ්ඩක් විතර බීව.... එච්චරයි. .... "

. මට අහන්නම ඕන කරල තිබුන ප්‍රශ්නෙ මම ඇහුව. ....... මගෙ ආදරේ කෙරැව කෙනා හැටියට නොවුනත් එයා මැරි කරන්න ඉන්න කෙනාගෙ මල්ලී හැටියට ඒකට අයිතියක් මට තියෙනව කියල හිතුන..... ඒත් ඒකට උත්තරයක් මට හම්බ උනෙ මම බලාපොරොත්තු උන කෙනාගෙන් නොවෙද්දි එයා ඈත පේන අහස දිහා දැන් ටිකකට කලින් මම උන්න වගේම බලන් උන්න. .... කෙනුල අයියා කීවෙ බොරැවක් කියන්න දැන දැනම උනත් මම ආයෙමත් ඒ ප්‍රශ්නෙ අහන්න ගියෙ නෑ වගේම එයත් ඒ ප්‍රශ්නෙ මගහැරිය.....


" මූට උදව් කරපු එකනම් හරි අයාන් මල්ලී ඒ උනාට පොඩි ප්‍රශ්නයක්. ....."

"ප්‍රශ්නයක්. ... ඒ මොකක්ද. ..."

"මේකයි ඉතින්. ..... විෂේන් තාම උත්තරාව marry කරල නෑනෙ අයාන්...... ඒ කියන්නේ මු තාම unmarried නෙ... එහෙම තියෙද්දි ඉතින් මූව ගෑනි විතරක් දකින්න ඕන විදියට වෙන්න මස්සිනා දැක්ක කියන්නේ ........ඉතින් ...... . ?

" What ....."

අඩුවක් නැතුවම ඉස්සර වගේම කෙනුල අයියගෙ වාචාල කටින් ඒ වචන ටික පිටවෙද්දී මෙච්චර වෙලාවක් අහක බලන් උන්න එයා මන් දිහාවට හැරැණ වගේම කෙනුල අයියට හොදවයින් රැව්ව වෙනකොට දැනටමත් ඒ වචන ටිකට මගෙ කන් දෙකත් රතු වෙලා තිබුන. ..... . ....


" දරැවනේ.... යන්නැද්ද .... එන්න එන්න ඔක්කොමල.... "

"විෂේන් යමන් බන් ආන්ටි කතා කරනව....."

කෙනුල අයියා යන්න යද්දි එයා විතරක් ඉතිරි උනා වගේම එයා මන් ගාවට ඇවිදන් ආව. ...මට දැනුන .... එක මොහොතකට ඒ මගේ විෂේන් කියල මට දැනුන .... මගෙ පුංචි හාමු .........ඒ එක බැල්මකින් කිසි වෙනසක් නැතුව අදටත් එයා ඉස්සර පිස්සුවෙන් වගේ මගෙ හදවත ගැහුන..... ..

" රතු වෙලා. ... "

මගෙන් අවසරයක් නැතුවම එයාගෙ අත ඇවිත් නතරවුනේ මගෙ රතු වෙලා තිබුන කන්පෙත්තක් උඩ උනා වගේම එයා හෙමීට මගෙ කන්පෙත්ත අතගෑව....... ඇත්තමයි මම ඇහිපිල්ලමක් නොගහ එයා දිහා බලන් ඉන්න ඇති... ...... ඒත් අන්තිමේට වෙන්නෙ මේකෙන් ආයමත් මගෙ ඇස් රතු වෙන එක විතරයි.... අන්සතු හිතක් ලග නවතින්න මට අවසර කොයින්ද. ... මම අපි දිහාට ඇවිදන් එන උත්තරා අක්ක දිහා බැලුව. ..... මගෙ පොරොන්දුව. ...... දැනටමත් මම මගෙ පොරොන්දුව කඩ කරන ගමන් උන්න .........

The white  lotus   ( Complete )Dove le storie prendono vita. Scoprilo ora