🖤Chapter 12🖤

Bắt đầu từ đầu
                                    

ටේ ජිමින්ගෙ බෙල්ල අත ඇරියෙ තව ටික වෙලාවක් හිටියනම් ජිමින්ට නිකන්ම පරලොව යන්න වෙන නිසා......

" මොනාද ගොනෝ කරන්නෙ.....තව ඩිංගෙන් පාටි නෙමෙයි මගෙ මල ගෙදරට කට්ටියට එන්න වෙන්නෙ.....කැහ්....කැහ්.......හ්හ්හ්......."

" ඊට කලින් කියපං ඇයි උඹ විහිලු කරේ......"

" මං කරපු විහිලුවක් නෑ බං....මම මේ දැන් ආවෙ.....උබේ ඔලුව කොහෙ හරි වැදුනද....."

" ම්වෝ.......දැන් ද ආවෙ......"

" ඔව්......කෝ නූනා.....මං යනවා නූනා ගාවට...උඹ දැන් මට සලකන විදිහ හරි නෑ කුකීට බැන්නයින් පස්සෙ....😑"

" කිචන් එකේ ඉන්නවා......."

ජිමින් බෙල්ලත් අල්ලන් ටේටත් රව රව ටේගෙ නූනා හොයාගෙන කිචන් එකට ගියා...හැබැයි ටේ තාම ෆුල් අන්දොස්....

කවුද දෙයියනේ එහෙනම් දොරට තට්ටු කලේ.....ඕනෙ මගුලක්....කුරුල්ලෙක්වත් වෙන්න ඇති.....පව් අරකගෙ බෙල්ල මිරිකුවා වැඩිද මන්දා......

ටේ දොරත් වහලා ආපහු ගේ ඇතුලට ගිහින් කෙලින්ම කිචන් එකට ගියා.ඒ යනකොට ජිමින් මූණත් බෙරි කරන් කටත් උල් කර කර නූනාට හෝ ගාලා මොනාද කියෝනවා....ටේට එවෙලෙ ජිමින්ව මිරිකන්න හිතුනෙ නැති උනාම නෙවෙයි....

🦄 ටේ මොනාද මේ ලමයට කලේ....

🐯 අනියෝ....මේ මම.....

🐥බලන්න නුනා....ගෙදරට එන කට්ටියට මෙහෙමද සලකන්නෙ.....අම්මෝ බයේ බෑ.....හියුන්ග්ලටත් මොනා කරයිද දන්නෑ.....(යුන්ගි හියුන්ග් කිව්වානම් මොකෑ බොරුවට අනිත් අයවත් අල්ල ගන්නෙ 😑)

🐯 අනේ මේ කොටෝ.......මට ඒ තරං පිස්සුවක් නෑ එහෙම කරන්න...ඕනෙ නම් යුන්ගි හියුන්ග්ට කරතැහැකි 😏

ටේ එහෙම කියලා ජිමින්ට කින්ඩියට හිනා වෙනකොට ජිමින්ගෙ මූන තවත් ඇඹුල් වෙලා ගියා......නූනාට මේ මුකුත් හිතා ගන්න බෑ.....ඒත් එයාටත් තේරිලා තිබ්බෙ ජිමින්ගෙ මේ හැසිරීම් එක්ක යුන්ගිගෙයි ජිමින්ගෙයි මොකක් හරි පල හිලව්වක් තියෙන බව.....

🖤❤️To The Dark Side❤️🖤[completed]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ