1

22 4 0
                                    

- Moko ane oya Hama welema duwanne katha karanna hamba une na ne appa

- Me man? :)

- Oww
- Heta tikak katha karamuda
- 1st floor eke washroom gaawa thiyana seti eke
- Naththam canteen eka unath kamak na 

- Monada?

- Mona hari
- Bai nam kamak na

- Oya kiyana deyak thma ithin

- Na oni na akamaththen enna oni na ithin

- Ha.. katha karamu

- Kamathi na wage oni na ehenam

- Ha kiyala kiwwe ane dan

- Ehenam canteen ekata yan da
- Ude apu gaman enna ehenam canteen eke outside ekata hada?

- Echchara welassana enna oneda..
yaluwa awama enna bari weida

- Yaluwa mokatada
- Eya naththam katha karanna bai da

- Nikan ithin

- Yaluwek oni na ane enna oya

- Ekkenek innawane kohomath..

- Ekkenek wath oni na thaniyen katha Karannai oni

- Man ekka udeta ena kkena innawane

- Eyawa thiyala enna
- Baida
- Ehenam kamak na ithin

- Hari hari.. ennamko

- Ah Anna ehema inna

මන්දා.. මිනිස්සු කියන ජාතිය මොන තරම් රැවටිලිකාරද.. ඇත්ත, බැඳීමක් තිබුනෙ නෑ.. ඒත් මුලදිම මම කියද්දී ⁣එයාට තිබ්බා ඇත්තටම බැඳීමක් ඕන නැත්නම් බලාපොරොත්තු නොදී ඉන්න.

Gay කියන්නේ  අමුතු දෙයක්ද, කොල්ලෙක් gau කියලා දැනගත්තම මිනිස්සු හිතන්නේ පැයට දෙකට රූම් ගානේ රිංගන උන් ගානට.. ටිකක් ආදරෙන් කතා කරලා වැඩේ කරගන්න බැරි වුනාම හරියට සෙල්ලම් බඩු ව⁣ගේ අතෑරලා දාන්න, නැත්නම් දාන්න පුළුවන් පහලටම ඇදලා දාන්න, මන් දන්නෑ මිනිස්සු හිතන්නේ උන් සෙල්ලම් බඩු කියලාද කියන්න.. මන් දන්න එකම දේ gay උන්ටත් තියෙන්නේ අනිත් උන්ට තියෙන හෑඟීම්, උනුත් හැදිලා තියෙන්නේ ලේ මස් නහර වලින්.

' මහී.. අන්න අයෙ අශාන්‍ය බාල්දියක් පෙරලගෙන, ඌ සෙකන්ඩ් ෆ්ලෝ එකේ වොශ්රූම් එකක තූල් තියන් ඉඳලා ස්ටෙෆාන් කාරයට අහු වෙලා.. මේ පාර නම් බඩු බනිස් ව⁣gay. ස්ටෙෆාන් කාරයාට ඕකත් එක්ක ඇරියස් එකක් තිබ්බ කොහොමත් අද ඊයක ඉඳලා නෙමෙයිනේ '

'ම්ම්.. ඒක එයා බේරගනියි '

ශෙනුක් අනිත් ටේබල් වල අයට ඇහෙන්නේ නැති විදියට කියද්දී මම හිටියේ කැන්ටීන් එකේ ටේබල් එකක ඔළුව ගහගෙන. වෙනදට නම් අශාන්‍යට ප්‍රශ්නයක් කියල කිව්ව ගමන් ඒකට මම තරම් කලබල වෙන අය නැතුව ඇති. ඒත් මම හිතනවා තවදුරටත් මම එහෙම වෙන්න ඕන නෑ. සමහරවිට ඒක, එයාට ප්‍රශ්නයක් කිව්ව ගමන් ඒක ඇදෙන්න නොදී ලේසියෙන් බේරෙන එක වෙන්නැති හේතුව එයාට මං ගැන හැඟීමක් තියෙනවා වගේ පෙන්නලා ලගින් තියාගන්න.

' අම්මෝ.. පුදුමයි දැන්වත් මේකගේ මොළේ පෑදිලා තියෙනවා දැක්කම. '

ආලෝකගේ සද්දෙට වටේ හිටපු ළමයින්ගෙන් බාගයක් විතර අපේ ටේබල් එක දිහා බලද්දී මම බීලා ඉවර වුන නෙස්කැෆේ කප් එකත් අතේ තියාගෙනම නැගිට්ටා.

' හ්ම්.. මන් මේක විසි කරලා වොශ්රූම් එකට ගිහින්ම එන්නම්, උඹලා පලයල්ලා.. '

' ශවර්නේ වොශ්රූම් කියලා? '

' ඔව් ඔව්.. නැතුව වෙන කොහෙ යන්නද..'

මං දන්නවා මං කොච්චර නෑ කිව්වත් අශාන්‍යව බේරනවා කියන එක උන් දන්නවා.. මනා සේ දැනගෙන ගොනාසේ ඉඳලා අන්තිමට වැරදි ඔක්කොම එකතු කරලා සලකනවා.
ඒත්, අර කවුද කියනවා වගේ බැඳීම් මැරුණට හැඟීම් මරන්න බෑනේ.. එයාගේ හිතෙ නැති උනත් මගේ හිතේ එයා වෙනුවෙන් බැඳීමක් තිබ්බනේ.




_________

To be continued !!

yun_sm 🤎

Mahee | Bl |Where stories live. Discover now