පස්වන කොටස

205 53 6
                                    


අභිශේක් pov:


"අම්මේ....! මගෙ ඔලුව.
ඔලුව පුපුරන්න වගේ රිදෙනවා.මොකද්ද වුණේ. එතකොට කොහෙද මගෙ රෝසමල."


මන් ඇදෙන් නැගිටලා පහළට ගියේ රෝස මල මන් එක්ක නැති නිසා.පහලට යද්දි කවුරුවත් පහල හිටියෙ නැහැ. ඉතින් මන් එලියට ගිහින් බැලුවෙ කවුරුවත් ඉන්නවද කියලා. මේ වලව්වෙ මිනිස්සුන්ට මොනවා වෙලාද හිටි ගමන් අතුරුදහන් වෙන්නෙ. විශේෂයෙන්නම අර සුදූද සදූද කියන කොල්ලා. මේ ඉන්නවා මේ නෑ අනේ මන්දා.
මන් යද්දි අප්පච්චි ඉන්නවා ඉස්සරහ සැටියෙ ඉදගෙන.



"අභිශේක් නැගිට්ටද ? ඇයි කතා කරේ නැත්තෙ.දැන් හොදද"



"ඕනේ නෑ අප්පච්චි. මේක නිකන් කැරකිල්ලක් විතරයිනෙ."



"පුතා ඕකට බෙහෙත් ගන්නවනෙ.මන් වෙද මහත්තයා ගෙන්නලා ඇහුවා ඊයේ හවස. ඔය කැරකිල්ල තියන්නෙ දැන් කොයි කාලේ ඉදන්ද තවම අඩු නෑනේ.මට බය හිතුනෙ නැගිටින්න පරක්කු වෙච්චි හන්දා.අර සදූ කොල්ලත් ඊයේ හවස ඉදන් නිවනක් නැතුව වැඩ පොඩි එකාව බලාගන්නයි, ගෙදර වැඩ කරන්නයි.තව වෙද මහත්තයා දුන්නු බෙහෙත් කෙටුවෙත් සදූ කොල්ලම තමයි.ඒ කොල්ලා ඇඩුවත් එක්ක.මන් හිතන්නෙ බය වෙන්න ඇති. තවම හරි බොලද කොල්ලනෙ."




ම්..මොකද්ද ඒ කතාව. අප්පච්චි මොනවද දෙයියනෙ මේ කියන්නෙ.රෝසමලව බලාගත්තට නම් කමක් නෑ.ඒත් ඒ කොල්ල මොන එහෙකටද මන් faint උනහම අඩන්නෙ. අනික මන් එයාගෙ කවුරුවත් නෙමෙයිනෙ.



"අප්පච්චි එතකොට කොහෙද විනූ ඉන්නෙ."



"සදූ කොල්ලා එක්කම තමයි ඇත්තෙ.දැන් අප්පච්චිවයි සීයා පප්පවයි දෙන්නවම එපා වෙලාද කොහෙද මගෙ පොඩ්ඩට."



"මන් ගිහින් එක්ක එන්නම් අප්පච්චි."



මන් මිදුලට ගිහින් වත්ත වටේම බැලුවත් කවුරුවත් පේන්න හිටියෙ නෑ.ඒ නිසා මම මට හිතෙන එයාලා ඉන්න පුලුවන් අන්තිම තැනට ගියා. ඔව් හිතුවා වගේම පහළ ලිද ගාව.ඒත් මට ඒ කොල්ලා සදූව තියන් ඉදන් ඉන්න තැන දැකලා උන් හිටි තැනුත් අමතක වුණා.මට දැන් ඒ කොල්ලව බෙල්ලෙන් අල්ලගන්න පුලුවන්.කාගේ දරුවද ඒ කොල්ල මෙහෙම හැම තැනම එයාට ඕනේ ඕනේ විදිහට ගෙනියන්නෙ.මට ආපු කේන්තය එක්ක එක තප්පරෙන් මන් හිටියෙ ඒ කොල්ලා ළග.




අහිමි මතක Where stories live. Discover now