Black knight chapter 02

10 4 2
                                    

ජේක් ව දැක්ක ගමන් එයා කලබලෙන් වගේ හැසිරෙන්න ගත්තේ. ඒ වගේම ජේක් වගේම හිටිය කෙනා. ජේක් ට මොනව හරී කිය කිය බනිනවා වගෙයී රශ්මීකට පෙනුනේ.. ජේක් වචනයක් දෙකක් කීවත් පුදූම සන්සුන් කමකින් හිටියේ . එක පාරටම එයා එයාගේ කලූ ජැකට් එක ඇතුලේ සාක්කුවක තිබිලා ගත්ත පිස්තොලයක් ජේක් දිහාට දික් කරා.

මේ දෙයින් කලබල උන රශ්මීක වහනයෙ දොර ඇරගෙන කොච්චර එලියට බහින්න හැදුවත් වාහනය ලොක් කරලා .

“ ශෙට් වැඩක් නෑ “
කියන ගමන් දොර ට එකක් ගහන ගමන් රශ්මීක දොර අරින වැඩේ නතර කලා.

ඒත් එක්කම ඉස්සරහා වාහනේ ඉදන් කට්ටියක් එලියට බැස්සා. පිටිපස්ස වාහනේ ඉදලත් කට්ටියක් එලියට බැහැලා ඉස්සරහට එනවා රශ්මීක දැක්කා. එයා ඉන්න වහනේ දොර ලගත් ඒ එක මනුස්සයෙක් නතර වුනා. ඒ මිනිස්සූ කලූ ඇදුම් දන් කලූ සන්ග්ලස් දාන හිටිය අමූතූ කට්ටියක්.

එක පාරටම ජේක් එයාගේ පෙනුමම තිබුන කෙනාට තමගේ දකුනූ කකුලින් වේගයෙන් තමන් දිහාට තූවක්කූව එල්ල කරන් හිටිය අතට වේගෙන් පාරක් ගහන ගමන් අකුනක වේගෙන් ඒ තුවක්කූව තමන්ගේ වම් අතට ඇදලා ගන්න ගමන් වේගෙන් අර කෙනාගේ කකුලටම තියලා දැම්මා

අර තුවක්කූ වෙඩීල්ල වැදුන ජේක් වගේ කෙනාව එයා ගේ දෙඇත්තේ හිටිය අය අල්ලා ගත්තා. එතන හිටපූ අනික් අය ජේක් ට ගහන්න වගේ ඉස්සරහාට ආවාත් ජේක් තමන්ගේ ජැකට් එකෙන් ගත්ත මොකක් හටී කාඩ් එකක් පෙන්නනවාත් එක්කම එයාලා ටග් ගාලා පිටීපස්සට ගියා ඊට පස්සේ ගොඩක් අනාරූ තත්වයේ හිටිය වෙඩී පාර වැදුන ජේක් වගේ එක්කනව වාහනයට දා ගත්ත එයාලා එතනින් වාහනය අයින් කර ගත්තා . රශ්මිල වාඩී වෙලා හිටිය වාහනය ලග හිටිය අයත් එහාට වෙලා ජේක් ට වාහනයටනගින්න ඉඩ හදලා දුන්නා.

" එයාලා පොලීසීය ලග ඉදන් ම අපීව follow කරා. මට ඔන උනේ ඇත්තටම එයාලා අපෙ පස්සේම ද එන්නෙ කියලා දැන ගන්න. ඒකයී වහනේ එක එක පැතී වලට හැරෙව්වේ . ඒකෙන් මොකක් හරී අපහසුතාවක් ව්ුනාන නම් සමවෙන්න රශ්මික "

" it's ok.. "
……………………………..

ජේක් ගේ නිවසේ කාර්‍යාලය

Black knight [ Non-fiction ]Where stories live. Discover now