අපි හිටියේ London heathrow airport එකේ waiting area එකට වෙලා ලංකාවට එන්න බලාගෙන.. අම්මටයි අප්පච්චිටයි හදිසියේම වැඩක් වැටුන නිසා අපිත් එක්ක එන්න වෙන්නේ නෑලු.. ඒ නිසා මායි මල්ලි තනියම fly කරන්නේ.. ඒ තරම්ම මහන්සි වෙන එකක් නෑ බිස්නස් ක්ලාස් යන නිසා.. මට කොහොමත් fly කරලා හොඳට පුරුදුයි මොකද මං වැඩිමල් කෙනා නිසයි අනාගතේ පවුලේ බිස්නස් බාරගන්න ඕන නිසයි අප්පච්චි ගොඩාක් වෙලාවට මාව එයත් එක්ක බිස්නස් ට්‍රිප් වලට එක්කගෙන යනවා...
ඇත්තම කිව්වොත් මට එයාගේ බිස්නස් බාරගන්න කිසිම ඕන කමක් නෑ.. මට කවදාවත් ඕනේ නෑ එයා වගේ බිසී වෙන්න.. ඇත්තටම මං කැමති හරිම නිදහසේ පාඩුවේ ඉන්න.. ඉස්සර නම් මං අප්පච්චිත් එක්ක රණ්ඩුවෙලා තියෙනවා මට එයාගේ බිස්නස් ඕනේ නැහැ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා ඒත් වැඩක් නෑ ඒ වෙනකොටත් එයා මට ඒවෑන් බාගයක්ම ලියලා දීලා ඉවරයි.. ඒ නිසා දැන් මම එයත් එක්ක ඕවා ගැන රණ්ඩු කරන්නේ නෑ.. පාඩුවේ කියන දෙයක් කරලා ඉන්නවා මිසක්...
මම අනන් මනන් හිත හිත ඉන්නකොට හෑන් ලගේජ් එකත් අරගෙන මගේ ඉස්සරහට ඇවිදගෙන ආවේ වෙන කව්රුත් නෙමේ මගේ මෝඩ මල්ලි පගා..
" අයියේ ෆලයිට් එක කීයටද බං තියෙන්නේ...?"
" 9:20 බං.. ඇයි මොකෝ් අවුල...??"
" අනේ නමයට තියනවනම් අහවල් ලබ්බකටද අයියේ අටේ ඉඳන් waiting area එකේ ඉන්නේ.. අනේ මගේ හොඳ අයියනේ මොනවා හරි කාලා එමුකෝ..... බඩගිනි අප්පා.. අනික තව පැයක්ම තියෙනවනේ..."
" අපෝ මොනවද බං.. උඹ සෝමාලියිවෙ ඉඳලද ආවේ නැත්තං UK වල ඉඳලද ඔච්චර ගින්න.. එනගමනුත් තඩි පීසා එකකට වැඩේ දුන්නා නේද..."
" තමුසෙට මොකද මං කොච්චර කෑවත්.. අනේ එක්කගෙන පලකෝ..."
" හරි හරි වරෙන් යන්න..."
ෆලයිට් එකට කිව්වත් වගේ තව සෑහෙන වෙලාවක් තියෙන නිසා මමයි මල්ලි airport එක ඇතුලට ගිහින් restaurant එකක් හොයාගෙන කාලා ආපහු එනකොට ෆලයිට් එකට තව විනාඩි පහයි තිබුනේ.. මමයි මල්ලි Plane එක ඇතුලට ගිහින් ෂීට් එක- ඇත්තටම ඒක ෂීට් එකක් නෙමේ තනිකරම fives star hotel room එකක් වගේ මාර කොම්ෆි.. මල්ලි ඉන්නවා ඇත්තේ වෙන තැනක වෙන්න ඕනේ..
YOU ARE READING
වලා තීරයෙන් එහා| Non-fic | Bl
Non-Fictionදෛවය හරි අපූරුයි නේද.. දෙපැත්තක හිටපු අපි දෙන්නව එකතු කරලා එයාම දැන් අපිට කතා කරනවා.. කමක් නෑ මැණික අපි අපේ හීන වලට ගිහින් ඉවරයි.. ඒත් මේ විදියට වෙන් වෙන්න ලෝබයි මගෙ පන.. ඊලඟ ආත්මෙදිත් මගේ වෙනවද.. මගේම විතරක්.. මම ආදරෙයි මැණික.. මහ ගොඩාක්... -යෙහාන...