සහස් pov
"තනු... i love you......."
"හහ් හා හා...... නියමෙට ආවා බන්..... දැක්කනේ අන්න එහෙම තමා ප්රපොස් කරන්නේ....."
"අපිම ඉන්න ඔනි බන් මුන්ට ඔව්වා කියලා දෙන්න......."
එහෙම කියන් දන් ගහන් හිටිය තැනින් නැගිට්ට මන් රොස මල පවන් අතේ ගැහුවේ ඌට එ විදිහා පුරුදු වෙයන් කියලත් කියන ගමන්
"මචන් සහස්..... උබේ මස්සිනාගේ යාලුවා වගෙ එකෙක් ඇවිත් ගියානේ...."
"කවුද....."
"ඇයි බන් උබේලගේ අක්කා බදින්න ඉන්න ඩයල් එකගේ යාලුවා..... අර මොකක්ද කාර් කම්පැනි එකෙ අයිති කාරයා....."
"කොයි..... දෙව්?......"
"අන්න ඌ තමා.... උබට කතා කරන්නද කොහෙද මේ පැත්තට ඇවිත් ආපහු හැරිලා යන්න ගියා....."
"කොයි වෙලෙද හු#තෝ..... තෝ දැන්ද මට කියන්නේ....."
"උබ මෙකිට රොස මල් දික් කරන් ඉන්න වෙලාවේ ආවේ බන්.... මම ඉතින් කියන්න ගියේ නැ උබේ ඇක්ටින් එකට අව්ලක් වෙයි කියලා....."
"අයිශ් හු#ත......"
වගිශ කිව්ව දේත් එක්ක මම කොන්ඩෙ අතින් ඇද ගන්න ගමන් කැ ගහන්න ගත්තා. දෙයියනේ එ මොඩයා හිතන්න ඇතිද මම අරකිට ප්රපොස් කරා කියලා. අයිස් එ පිස්සු හු#තා. එදා ඉදලා ගියා ගියාමයි ආය කොල් එකක්වත් දුන්නේ නැ. දැන් ඇවිල්ලත් දැක්ක දේ පිලි අරන් ගොනා වගෙ යන්න ඇති.
"වගියා මම යනවා..... උබ කැලුම් එක්ක වරෙන්..... ගායිස් මම ගියා......."
යාලුවොන්ටත් කියන් මන් එයා ගිය පැත්ත වගිශගෙන් අහන් බයික් එකත් අරන් එන්න ආවා. අරු කිව්ව විදිහටනම් අපෙ ගෙවල් පැත්තට යන පාරට හැරෙව්වා කිව්වේ. ඉක්මනට පුලුවන් තරම් බයික් එකත් රෙස් කරන් මන් අපෙ ගෙදර ආවා. ශිට් ගෙදර කවුරුත් නැ. අප්පච්චිත් ස්කොලෙට ගිහින් අම්මයි අක්කයි හොස්පිටල්. මේ මොඩයා ගෙදර ඇවිත් නැතුව කොහෙ යන්න ඇතිද. බැරි වෙලාවත් එතනටවත්,
ආයෙත් බයික් එක ස්ටාර්ට් කරන් මන් කෙලින්ම ගියේ වැවට. වැවට ටික ටික ලන් වෙනකොට මන් දැක්කා එයාගෙ කාර් එක නවත්තලා තියෙනවා. රෙස් කරන් ගිහින් දුවිල්ලත් අව්ස්සන ගමන් මන් එයාගෙ කාර් එක ලග බයික් එක නැවැත්තුවම එයා හැරිලා මන් දිහා බැලුවා.