අද නම් වැඩ ගොඩාක් තියෙන දවසක්, මොකද අමතර ආදායමක් වෙනුවෙන් පාර්ට් ටයිම් ජොබ් දෙකක්ම කරන්නේ හැම සතියකම අද තමා.
සෙනසුරාදා කියන්නෙ ඔළුව උස්සන්නවත් වෙලාවක් නැති, හරියටම කිව්වොත් කොරියාවෙ ජනාධිපති ඉස්සරහට හම්බ වුනත් මේ එයානෙ කියලා අදුනා ගන්න බැරි දවසක්.
මේ වෙද්දි මං කොරියාවට ඇවිත් අවුරුදු 3ක් වෙනවා, ඒ කාලේ ඇතුලත සෑහෙන කට්ටක් කෑවා,
ඒත් පොඩි හරි සැනසීමක් තිබ්බේ, හිත ආස කරන හිත සනසන මගෙ සැනසීම ඉන්නෙත් මෙහෙනෙ කියලා හිතෙන කොට.
මෙහෙ ආපු පළවෙනි අවුරුද්දෙම එයාව දෛවයේ අහඹුවකින් වගේ හම්බ වෙන්න පුළුවන් වෙයි කියලා මං කවදාවත් හිතුවෙ නෑ,
දෙවෙනි අවුරුද්දෙත් එයාව හරියටම කලින් අවුරුද්දේ හම්බවුන දවස් වලම හම්බ වුනාට පස්සේ එයා කිව්වේ අපිව ආපහු සැරයක් අනිවාර්යයෙන්ම හම්බ වෙයි කියලා. ඒත් ඒ දවස් වෙනකොට ඔයා මෙහෙ නෑ කියන්න මං දන්නවා මොකද ඔයාලට මේ රට වෙනුවෙන් කරන්න තියෙන යුතුකම කරන්න යන්න තියෙනවනෙ.
ඔයා යන්න තව දවස් 9ක් තියෙනවා, හිත එකලස් කරන් මුකුත්ම කරන්න හිතෙන්නෙ නෑ මට, ඒත් මොනා කරන්නද ඔයා යන්නම එපැයි.
....:..:.:.:.:.:.:.:.:.:::.:.:.::.:.:
"හරු... හරූ.... කොහෙද ළමයෝ..."
"මේ එනවෝ...."
"අහන්න දරුවෝ, ඔයා දැන් ඕෆ් නේද, ඔයා යන ගමන් මේ ඕඩර් එකත් දීගෙන යනවද, මොකද මේක පරිස්සමෙන් ඉක්මනටම ගිහින් දෙන්න ඕනි, ඒ වගේම මේ කස්ටමර් අපේ පරණම කෙනෙක්, ඒ නිසා වෙන අය අතේ යවන්න බෑ මට ඒ අය විශ්වාස නෑ, ඒ නිසා හරුවෝ මේක ගිහින් දෙන්න පුළුවන් ද "
"අයියෝ ඕක අහන්නත් දෙයක්ද, මං ගිහින් දෙන්නම්...."
මං චේන්ජ් එකක් දාගෙනම ආවේ මේක දීලා එහෙම්මම ගෙදර යන නිසයි. ඒකේ තිබ්බ ලිපිනය දැක්කාම මට තරු පෙනුනා.
මොකද ඒ ලිපිනය තිබ්බ පැත්තේ ඉන්නෙ හෙන සල්ලිකාර මිනිස්සු, ඇයි එයාලා මේ වගෙ තැනකින් කෑම ඕඩර් දාන්නේ.
YOU ARE READING
Never Will Change
Fanfictionටේ birthday special මේකට කලින් තව කතා දෙකක් තියෙනවා 2021 (දෛවයේ අහඹුවක් ) ලිව්ව එකයි, 2022 (නැවත හමුවෙමු) ලිව්ව එකයි, කියන්න දෙයක් තියෙනවා, ඉතිං යන්න කලින් මේ දේ අහගෙන යන්න.