"පුතු.... චුටි පුතු......"
"ඕඕඕ....... ඇයි අම්මා.... මොනා හරි තව අඩුයිද........"
"අනේ ඔව්නෙ පුතු..... අප්පච්චිට අයිස් ක්‍රිම් අරන් එන්න අමතක වෙලා..... ගිහින් අරන් එන්න පුළුවන්ද......."
"හරි අම්මා, මන් අරන් එන්නම්..... ජෙලි එක අව්ලක් නැ නෙද....."
"එක හරි පුතා...... අයිස් එක විතරයි අඩු......"
"හරි මන් අරන් එන්නම්....... තව පොඩ්ඩක් හොදට බලලා කියන්නකෝ මොනවද තව අඩු කියලා......."
"ආයෙනම් වෙන මුකුත් නැ පුතු......."
"හරි මන් ඉක්මනට ගිහින් එන්නම්......"
"කට්ටිය එන්න කලින් පරිස්සමින් ගිහින් එන්න පුතු......."
"අප්පච්චි......."
ගෙදර යුධ පිටියක් වගෙ හැමොම එහෙට මෙහෙට දුවනවා. ඔය අතරේ මන් අක්ක්ගෙ කාමරෙට වෙලා එයා ලස්සන වෙන විදිහ බලන් හිටියා. ජිව්තෙට සාරියක් ඇදලා නැති එකි අද සාරියක් ඇදලා, අද මගෙ අක්කව බලන්න මනමාලෙයෙක් එනවා. එයා මෙහෙම සාරි එක ඇදලා ඉන්නවා දැක්කම එයාව වෙන කෙනෙක්ට දෙන්නත් ලොබයි, එයා මට සහොදරියක්ට වඩා අම්මා කෙනෙක් කිව්වොත් හරි අම්මා වගෙම මගෙ වැඩ හොයලා බලනවා. වැඩිපුර මගෙ දෙවල් අම්මා නෙවෙයි අක්කා තමා කරන්නෙ ඉතින් අද එයාගෙ විශෙශ දවසක් එ එන අයගෙන් අඩුවක් පාඩුවක් අහන්නෙ නැති වෙන්න වැඩ ටික කරන්න ඔනි, මන් ඉක්මනට අප්පච්චිගෙන් බයික් එකෙ යතුර ඉල්ල ෆෘඩ් සියට ඇවිත් ඉක්මනට ගෙදර ආවා, බයික් එක වත්‍තට දානකොටම දැක්කෙ කාර් දෙකක් මිදුලේ නවත්තලා, කට්ටිය ඇවිත් වෙන්න ඇති, පොඩ්ඩක් ඉන්න මොකාද අර වැට අස්සෙ ඉන්න හොල්මන. හුටා අල්ලපු ගෙදර කාන්ති ඇන්ටි මොකක්ද මේ වැටෙ අස්සෙ රිංගන් කරන්නෙ.
"ඇන්ටි... මොකො මේ වැට අස්සේ...."
"ඇහ්.... අහ්... මේ... මේ... බුලියා නැනෙ දරුවෝ මන් මේ බැලුවේ ඔයාලගෙ ගෙවල් පැත්තටවත් ආවද කියලා....."
"අහ් අපෙ දිහා වෙන්න ඇති...... දන්නෙ නැද්ද..... මගුල් ගෙවල් තිබ්බම කොහොමත් හොර පුසියෝ රිංගනවනේ නේ ඇන්ටි......"
"අහ්.... ඔව්නේ එක තමා.... මන් යනවා දරුවෝ ගෙදර දහසක් වැඩ තියෙනවා.... බුලියා හිටියොත් කියන්නකෝ....."