2.ඇත්තටම මේ එයා ද..

46 6 12
                                    

Author 's note-

පුංචි දෙයක් මතක් කරන්න ආවෙ...😁.. ඔයාලා පලවෙනි කොටස කියවන්න ඇතිනෙ. . ඉතින් මට කියන්න තියෙන්නෙ Author කෙනෙක් විදියට මන් තාම අලුත්... වැරදි .අඩුපාඩු ඇති..ටිකෙන් ටික මන් මගෙ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්නෙ...ඉතින් ඒ විදියට ඔයාලට හොඳම දේ දෙන්න මන් උත්සාහ කරනවා..ඔයාලා දිගටම මාත් එක්ක ඉඳීවි කියලා මන් බලාපොරොත්තු වෙනවා...😍 එහෙනම් වැඩි කතා නැතුව ඊලඟ කොටසට යමු..🥰

____________________________________________

" අම්මේ.... අම්මේ....... ශිට්... මේ මඟුල් ටයි පටිය.......

අම්මේ.... මේක ගැට ගහලා දෙන්නකෝ....."

"පුතේ .... මන් මේ තාම ලෑස්ති වෙන ගමන්..... අක්කිට කියන්නකෝ....."

ෆැකල්ටි එකට ළමයි බාරගන්න දවස උදේ.. ගෙදර එකම කලබලයක්...හැමෝම Inaguaration ceremony එකට යන්න ලෑස්ති වෙනවා...ඒ වෙද්දි ලොකු අම්මායි , ලොකු තාත්තායි ,අක්කියි අපේ ගෙදරට ඇවිල්ලා හිටියෙ.....

මට හෙනේකට වගේ මේ ටයි පටිය තමයි උදේ පාන්දර ම වද දුන්නෙ...

"අක්කි ..... අනේ මේ ටයි එක ගැට ගහලා දෙනවාකො..."

"හ්ම්..මහ ලොකුවට දොස්තර මහත්තයෙක් වෙන්න නේද යන්නෙ... තාම ටයි එකවත් හරියට ගැට ගහගන්න බැ... "

"හරි හරි අනේ ඒ කාලෙට වයිෆ්ටවත් කියනවා..."

අක්කාගෙ හිනාව නවත්තන්න මමත් පණ්ඩිතයා වගේ එහෙම කතාවක් කිව්වා..හැබැයි ඒක කිව්වෙ පවුලෙ ඔක්කොම ඉස්සරහ නේද කියලා දැනෙන කොට පොලොව පලාගෙන යන්න වගේ හැඟීමක් දැනුනේ මූනත් රතු කරගෙනයි....

"අම්මෝ මේන් මෙයා....පුංචි... ඔන්න අනාගත ලේලි දැන්ම හරි වගේ..."

"අනේ ඇති ඇති කට වහගෙන යනවාකො..."ඕයි ඕයි බෙල්ල...හිරකරන්න එපා මෝඩියේ...."

"වැඩිය දඟලන්න එපා...මෝඩයෝ...නිකන්ම ඕක හිර වෙනවා....

පොඩි කාලෙ ඉඳන්ම තමුසෙගෙ ටයි එක ගැට ගහපු නිසා තමයි දැන් මේ සේරම... දැන්වත් තනියම ගැටගහගන්නවා..."

"හරි හරි..." එහෙම කියාගෙන බැග් බඩු ඔක්කොම ලොකු තාත්තාගෙ වාහනෙට දාලා ආපහු කාමරේට ගියේ ෆෝන් එක ගන්න...ඒ වෙද්දිත් ශෙනූගෙන් කෝල් 3ක් විතර ඇවිල්ලා තිබ්බා...

සැඟ වූ සෙනෙහේ 🥀❤️‍🩹Where stories live. Discover now