1.හමු වෙන්නට ආසයි

141 9 12
                                    

ඒ ලේවල් කරපු ළමයෙක්ගෙ ජීවිතයේ වැදගත්ම දවසක් තමයි ඒලෙවල් results  එන දවස....ඒ වගේම හොඳ result  එකක් තියෙන කෙනෙක්ට ඊළඟට වැදගත් දවස තමයි cutoff marks රිලීස් වෙන දවස.... ඒ කියන්නෙ තමන් තේරුන කැම්පස් එක සහ කෝස් එක මොකද්ද කියලා එන දවස..... ඉතින් මේ , ඒ වගේ දවසක්...... 

"හහ්.... මොකද්ද ... යස්ස්.... මන් ඉල්ලපු එකම ඇවිල්ලා..... අම්මේ... අම්මේ ....... "

සතුට වැඩි කමට මන් අම්මාගෙ කාමරේට දුවගෙන ගියත් ඒ කාමරය පාලුවට ගිහින් තිබුනා.... අම්මා හැමදාම වැඩට ගිහින් එන්නෙ හවස හයට විතර...ඉතින් අදත් අම්මාගෙ වැඩ දවසක්......

 ඉස්සර ඉඳන්ම අම්මා වැඩට ගියාම මාත් එක්ක හිටියෙ අපෙ ලොකු අම්මාගෙ දුව.... එයාත් දැන් මැරි කරලා වෙන ගෙදරකට ගිහින් ... ඒක නිසා මන් දැන් ගොඩක්ම තනියෙන් ගෙදර ඉන්නේ.......

තනියෙන් ඉන්න මට කවදාවත් තනිකමක් නොදැනුනේ එයා නිසා.....එයා තමයි ශෙනූ.. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්... 

"හලෝ ශෙනූ..... "

"හලෝ කවිශ්..... මේ cut off marks ආවා නේද ..."

"ඔව් ශෙනූ....මන් ඉල්ලපු එකම ඇවිල්ලා...ලඟම කැම්පස් එකේ මෙඩිකල් ෆැකල්ටි  එක.."

"වාව් මට ගොඩක් සතුටුයි බබෝ...ඔයා ගෙ z score  එකට වඩා  අඩු  කැම්පස් එකක් උනත් ඒක ලඟ නිසා ඔයාට මාව හැම වෙලාවෙම හම්බවෙන්න එන්න පුලුවන් නේද.... "

"ඔව් බබී... මේ ඒක නෙවෙයි ඔයාගෙ කොහොමද...."

"මන් ඉල්ලපු එක නෙවෙයි අනෙ ආවෙ.. කොහොමත් මන් දෙවෙනි පාරත් කරනවා"

"ඔව් බබී ..ඔයාට පුලුවන් .. තව ටිකයින් අඩු..."

ශෙනූ මට හම්බුනේ ඒලෙවල් ක්ලාස් යන කාලෙ....එයා මැත්ස් කලේ...ඉතින් අපෙ දෙන්නම එක ම physics  ක්ලාස් එකකට ගියේ... එයා ගම්පහ මික්ස් ස්කූල් එකකට ගියේ.... මන් කොළඹ බෝයිස් ස්කූල් එකකට ගියේ...ඉතින් කෙල්ලෙක් හම්බවෙනවා නම් මේ වගේ ක්ලාස් වලින් තමයි හම්බවෙන්නෙ..

අපි දෙන්නා ගොඩක් වෙලාවට එකම පේලියෙ වගේ හිටියෙ.... එයා නම් ලස්සනයි... තනියෙන් හිටපු මට ආදරය කියන හැගීම ආවේ ශෙනූව දැක්කම පස්සෙ... ගොඩක් වෙලාවට එයා මන් දිහා හොරෙන් බලනවා කියලා මගෙ යාලුවොත් මට කිව්වා... ඒ කියන්නෙ මන් එයාගෙ ක්‍රශ් එකක්....

සැඟ වූ සෙනෙහේ 🥀❤️‍🩹Where stories live. Discover now