Chapter 01 ˁˑˀ ➤

299 36 109
                                    

'සුදුදෝණි ලැහැස්ති උනාද අප්සරා?'

'ඕං ඔහේ ලැහැස්තිවෙනවා දැක්කා අක්කේ...'

'සෙනග වැඩිවෙන්න කලින් තැනක් අල්ලගන්න ඔනේ අප්සරා.. නැත්තන් බෑ...'

'මන් දූව එක්කන් එන්නම් ඉන්නකො..'

කනින් කොනින් ලොකුමම්මගෙයි අම්මයි කතාව ඇහුනම මම ඇදෙන් බැහැලා ගිහින් ජනෙල් රෙද්ද එහාට කරලා එළිය බැලුවා.

ලොකුමම්මා කිටිකිටියේ ඩෙනිමකට බැහැලා ලා රෝස කුර්තා ටොප් එකක් ඇදලා රත්තරන් වළළු 3ක් දාගෙන බෙල්ලෙත් හොද ලොකු රත්තරන් චේන් එකක් දාගෙන තොල් වල පේන නොපෙනෙන ගානට රෝස කරගෙන හැන්ඩ්බෑග් එකත් එල්ලගෙන බලාගෙන හිටියා.

හෑයි හෑයි ශුඩුඩෝනිව එක්කන් පෙරහැර බලන්න යන්නනේ මේ ඔක්කොම ඉතින්. ලොකුමම්මා මම ලොක්කා කියලා වෙනස් කම් කරන එක වැරදි!

ජනෙලෙන් වදුරු පැටියෙක් වගේ එල්ලිලා හිටපු මාව දැක්ක නිසාද මන්දා ලොකුමම්මා ලෝබ නැතුව හිනාවුනාම මා මගේ සිරිමත් හිනාව පාකරලා ඇරියා.

'පුතා පෙරහැර බලන්න එන්නෙ නැද්ද?'
ලොකුමම්මා ජනෙලෙට කිට්ටු වෙලා ඇහුවම මම ජෙනෙල් රෙද්ද ජනෙලෙ ග්‍රිල් එකක පටලොලා ඒකේ එල්ලුනා.

ඕපයක් උනත් හරියට කතා කරන්නැපැයි..

'නෑ ලොකුමම්මේ.. අම්මා තනියමනේ..
ගිය අවුරුද්දේ බලපු එකේ ගානක් නෑ..'

'ආ.. අපි නම් මේපාර ආවෙම මාලිගාවේ පෙරහැර බලන්න හිතාගෙන....'
ලොකුමම්මා කිව්වම මම හිනා උනා. ලොකුමම්මා ඉන්නේ කොළඹට කිට්ටුව. ඒ නිසා නුවර පෙරහැර බලන්න එනවා කියන්නේ ලොකු දෙයක් වගේ.

යන්න පුළුවන් කම තියාගෙන අමුතු කම්මැලි කමක් ඉහට ගැහුවනේ මගෙත්.

'ලොකුමම්මා ඉතින් පෙරහැර බලන්න එක්කන් යන්නේ සුදුදෝණිලා විතරනේ. අපි කළු නිසාද මන්දා වෙනස්කම්..'
මන් කටත් ඇදකරලා කිව්වම ලොකුමම්මා හිනාවෙලා ග්‍රිල් එකෙන් එළියට තිබ්බ අතට ගහලා ගැස්සුවා.

'අමො ඔව් ඔව්.
කලු නිසාතමා..'
ලොකුමම්මා එයාගේ ආවෙනික කොකා හිනාව දැම්මම මම ලාවට හිනාවෙලා පිළ කෑල්ල දිහා බැලුවම අපේ ෂුඩුඩොනි ගවුමක් ඇදලා ලැහැස්ති වෙලා.

දේදුණු | namjin Where stories live. Discover now