24th~

1.2K 319 62
                                    

"අදත් වීනස් අහසෙ තනි මකන්න පායලා.. එයා කවදාවත් තේරුම් ගන්න එකක් නෑ අහස එයාව පාවිච්චි කරන්නෙ හඳ අහසට එනකල් විතරයි කියල.. වීනස් මොනතරම් අහසෙ පාලු මකන්න ළඟින් හිටියත්, අහස ආදරේ හඳට.. එහෙම නේද ටේහ්‍යුන්?"

ඒ වචන ටේහ්‍යුන් ව ලැජ්ජාවට පත් කලා. මොකද ටේහ්‍යුන් දැනගන හිටියා ජන්ග්කුක් කතා කරන්නෙ මොනව ගැනද කියන එක.. ඒත් ටේහ්‍යුන් ට තමන්ව නිවැරදි කරගන්න විදියක් තිබ්බෙ නෑ.. මොකද ටේහ්‍යුන් දැනගන හිටියා.. තමන් වැරදි බව..

"පෙට් මට.."

"මට ජන්ග්කුක් කියන්න ටේහ්‍යුන්.. මම දැන් ආස ඒ නමට!"

ජන්ග්කුක් නැවත නැවතත් ටේහ්‍යුන් ව රිද්දුවා. ජන්ග්කුක් ගෙ එක වචනෙකට පුලුවන් උනා ටේහ්‍යුන් ට මාරාන්තික වේදනාවක් දෙන්න. හැමදේටම වඩා ටේහ්‍යුන් ව රිද්දුවෙ ජන්ග්කුක් ගෙ හිනාව. ඒ හිනාව අස්සෙ ජන්ග්කුක් නොකියන කතා හුගාක් හැංගිලා තියන බව ටේහ්‍යුන් තේරුම්ගත්තා..

"හරි ජන්ග්කුක් ... මම කෙලින්ම කියන්නම්.. මට කියන්න ඕන උනේ මේකයි.. ඔයා රෙබෙකාව කසාද බදින්න එපා.."

ටේහ්‍යුන් ගෙ වචනත් එක්ක ජන්ග්කුක් ගෙ මූන සම්පූර්නයෙන්ම වෙනස් උනා.. විශ්වාස කරන්න බැරි බැල්මකින් ටික වෙලාවක් ටේහ්‍යුන් දිහා බලාගන හිටපු ජන්ග්කුක් එකපාරටම මහ හයියෙන් හිනාවෙන්න ගත්තේ ටේහ්‍යුන් වත් ගස්සලා..

ජන්ග්කුක් සෑහෙන්න වෙලාවක් එකදිගටම හිනාවුනා..

"ට්-ටේහ්‍යුන්! ඔයා විහිලු කරනව නේද! "

ජන්ග්කුක් හිනාවෙවීම ටේහ්‍යුන් දිහා බලල එහෙම ඇහුවත් ටේහ්‍යුන් ගෙ මූනෙ තිබ්බේ රලු හිස් හැගීමක්..

"මම රෙබෙකාව කසාද බදිනව ටේහ්‍යුන්.."

ජන්ග්කුක් හිනාවෙන එක එකසැරේටම නතර කරල ටේහ්‍යුන් දිහා බැලුවා. ඒ වචන ජන්ග්කුක් කිව්වෙ හුගක් ස්තීර කටහඩකින්..

"නෑ ජන්ග්කුක් ඔයා රෙබෙකාව කසාද බදින්නෑ! මම ඒක වෙන්න දෙන්නෙත් නෑ"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ මූනට එබිලා මහ සද්දෙට එහෙම කිව්වාම ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ ඇස් දිහා මාරුවෙන් මාරුවට බලල කට කොනකින් හිනාවුනා.. ටේහ්‍යුන් ගෙ හිනාව දැන් ජන්ග්කුක් පුරුදු වෙලා..

VOLCANO✔️Where stories live. Discover now