Yeontan's POV

2.4K 535 509
                                    

හරි වෙලාව හරි.දැන් ඩැඩී එන්න ඕනේ.ඔන්න හරි ආවා.

" ට්‍රීං ට්‍රීං "

ජන්මෙට වඩා පුරුද්ද ලොකු කරගෙන එළියට ගිහින් ඩැඩීගේ ඇගේ එල්ලෙන්න නම් එපා යොන්ටැන් එහෙම උනොත් ඔයාගේ ප්ලෑන් ඔක්කොම වතුරේ යනවා.මම දත කාගෙන අර කුණු ගද කාමරේට වෙලා හිටියේ අද මෙකෙ දෙකෙන් එකක් විසදගන්න ඕන හින්දා.

" හියුන් මම වොශ් එකක් දාගෙන එන්නම් "

හරිනේ හරිනේ හරි.මම හිතුවා හරි.අද පොර යන්නේ නැ.අද තමයි හොදම වෙලාව.මම තවත් ඇද අස්සට වෙලා හැංගිලා හොදට රබර් කන දාගෙන හිටියා.

" ටැනී "

" ඔයා කෝ "

" කො මගේ චූටි බූ බූ "

මම එළියට දුවගෙන යන්න කියලා උස්සපු හොම්බ ආයෙමත් අස්සෙ ගහගත්තා.අහුවෙන්න නම් එපා ඕවට ටැනි.එහෙම උනොත් ඔක්කොම ඉවරයි.

" ඔයා දොයිද.හරි එහෙනම් "

සමාවෙන්න ඩැඩී.මේ පව්කාරයාට සමාව දෙන්න.හොරේ අල්ලගන්න නිසානේ මේ ඔක්කොම.

ජන්කුක් කාරයා වොශ් දාලා ඉවර උනාට පස්සේ පොර කෙලින්ම කිචන් එකට ආව සද්දෙ මට ඇහුණා.ජන්කුක් කාරයාට කවලා ඩැඩීත් ගියා වොශ් දාන්න.

' ගහන්න කලින් මෙච්චර සැලකිල්ලක්.සා වෑව්.ඔයා ඩැඩිගෙන් ගුටි කෑවත් පාඩු නැ ටැනී ' මන් මගේ හිතටම එහෙම කියාගෙන අර දූවිලි පිරුණු ඇද යටට වෙලා හිටියා.

ඩැඩී වොශ් කරලා ආවට පස්සේ මම ටිකක් දොර ළගට ආවා වෙන්නේ මොනාද බලන්න.ඩැඩි කෙලින්ම ගිහින් ජන්කුක්ට කිස් එකක් දුන්නා.ඕක නම් ඉතින් මට දැන් දැකලම එපා වෙලා.ඊට වඩා හොදයි ගිහින් මින් හොලිට කිස් එකක් දෙන්නවා.කිව්වත් හරි දැන් තමයි මට එයාවත් මතක් උනේ.අනේ රැට කාලද දන්නෙත් නැ මගෙ ක්‍රශ් එක.

මම ක්‍රශ් උනාට මින් හෝලි මොනි එක්ක  ඉන්නවා වැඩි.මට මොකෑ එක්කෝ.ආදරේ කියන්නේ සෙලවෙන මනසට පුතා.

ජන්කුක් කාරයා ඩැඩීටත් කැව්වා..ඊට පස්සේ දෙන්නා බදාගෙන කිස් කරන්න ගත්තා.දෙයියනේ වතුර බිලා කට හේදුවෙත් නැ.රාමෙන් කැලි කොත්තු දානවා ඇති දැම්.සිකේ හෙට උදේට නම් ඩැඩි ගාවට යන්නේ නැ.

𝐘𝐄𝐎𝐍𝐓𝐀𝐍'𝐒 𝐏𝐎𝐕 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα