සප්‍රයිස්

2K 379 190
                                    


.......................................................................

Six months later

එක පාරටම මගෙ කම්මුලක් කිති කැවෙනවා වගේ දැනුන හින්දා ඇස් වහගෙනම මං කල්පනා කලේ මොකක්ද යකෝ මේ මගෙ මූනෙ ගෑවෙන්නෙ කියලා. ඒත් එක්කම මට මතක් වුනේ මගෙ ජීවිතේ ඒ අඳුරු දවස. එදා මගෙ දොළොස් වෙනි උපන්දිනේ. ඉස්කෝලේ ඇරිලා කේක් ගෙඩිය කපලා කන්න කියලා හිතාගෙන කහඹිලියා ගෑවිලා වගේ නට නට ගෙදර එද්දි මගෙ කේක් ගෙඩිය නෑ. නෑ කියන්නේ එහෙම එකක් ගෙනල්ලා නෑ. කේක් නැති උපන්දිනේ කින් වැඩක් තියෙයිද? නෑනෙ.... නෑනෙ.... ඉතින් මං කේක් එකක් ගෙනත් දෙනකල්ම ඇඬුවා. පස්සෙ බැරිම තැන තාත්තා ගියා කේක් ගේන්න. මාත් ඉතින් කට්ටියම එක්ක තරහා වෙලා ඇඳට පැනලා නිදාගත්තා.

හදිස්සියේ අමුතු සීතලකුත් එක්ක නහය කිති කැවෙනවා වගේ දැනෙද්දියි මං ඇහැරුනේ. කිති කැවෙන එකේ ඔන්න ඔහෙ ආතල් එකේ මාත් ඇස් පියාගෙන හිටියා. ටිකකින් ඇස් ඇරලා බලද්දි මෙන්න බොලේ හරියටම මගෙ ඇස් දෙක ඉස්සරහා නාගීනා.

මේ තේරී දුශ්මන්.. දුශමන් තූ මේරා.....

තේරා මේරා නෙවෙයි නයෙක් නේද කියලා දෙපාරක් නොහිතම කෑ ගැහුවා කෑ ගැහිල්ලක් අහල පහල ගම් හතේම ගෙවල් වල උළු උඩයන්න.

ආයෙ බය වුන පාරට තව පොඩ්ඩෙන් නූල් බැඳලා තොවිලෙකුත් නටන්න වෙනවා. මට නෙවෙයි අපේ අම්මට. මං නයාට බය වුනාට වඩා අම්මා මගෙ මරලතෝනියට බය වෙලා.

කොහොමහරි දඟලලා දඟලලා ඌව එලවගත්තා. මගෙ කාමරේ ඇරලා තිබුණ ජනේලෙකින් තමයි පොර ගෙට රිංගලා තියෙන්නේ. පස්සෙයි දැනගත්තෙ ඌ නයෙක් නෙවෙයි ගැරඬියෙක් කියලා.

ඕන කෙනෙක්ගෙ උපන්දිනේට අම්මා තාත්තා සහෝදර සහෝදරියො නෑදෑයො ඔය එකී මෙකී නොකී නානාප්‍රකාර ජීවීන්ගෙන් තමන්ට කිස් හම්බවෙනවනෙ. ඒ වුණාට ගැරඬියෙක්ගෙන් කිස් එකක් හම්බවුන එකම මනුස්ස ප්‍රාණියා මං වෙන්න ඇති.

ඔන්න ඕක මතක් වෙලා පෙට්‍රල් ගහපු හරකා වගේ කෑ ගහගෙන මං ඇඳෙන් පැන්නා. පැනලා ඇඳ දිහා බලද්දියි දැක්කේ අර මහසෝනා ගහපු බැල්මට් එක. ආ.... දැන්නෙ තේරුනේ. මට කිස් එකක් නම් හම්බවෙලා. හැබැයි ගැරඬියෙක්ගෙන් නෙවෙයි. හූනෙක්ගෙන්. සුදු හූනෙක්ගෙන්.

*•.¸♡ The Proposal ♡¸.•* ✓|| JHS || Sinhala FanfictionWhere stories live. Discover now