End 🍃

276 63 111
                                    

Present -

" ජන්ග්කුක් එපා.. 😥 යන්නෙපා.. 🥺 "

" ජියා මේ අහනවා.. මේක මගෙ හීනේ ඇයි හැමදාම එකම දේ කියන්නෙ 😑 "

කොලේජ් ඉවර වෙලා එනගමන් තමන්ව පහු කරන් යන ජන්ග්කුක්ගේ අතින් අල්ලලා ජියා කළ ආයාචනාව ජන්ග්කුක් කනටවත් නොගෙන වචන දෙක තුනක් දිග හැරලා දැම්මා...

" මේ අහන්න.. මං ඔයාව අමතක කරන්නෑ.. අනික මේවා හරියන්න පුලුවන් අවස්ථාව අඩුයිනෙ.. බය වෙන්නෙ නැතුව ඉන්නවා.. දෙයක් පටන් ගද්දිම නවත්තන්න හදන්නෙ.. 😑 "

" නැහැ ජන්ග්කුක්.. මට හිතෙනවා..මට දැනෙනවා.. ඔයා මාව මේ දාලා යන්නෙ.. ඔයාට මාව අමතක වෙයි.. 😥 "

" මං පොරොන්දු වෙනවා.. දාලා යන්නෑ.. 🙂 "

" 😑 "

" එනවකො යන් දැන්.. කලුවර වෙනවනෙ.. අහ්හ් මේ.. හෙට ඔඩිශන් එක.. එන්න හරිද.. 🙂 "

" ම්ම්ම් එන්නම්...😒 "

ජියා ජන්ග්කුක්ට රවාගෙන ගෙදර යන්න පිටත් වුනා..

ජියා , ජන්ග්කුක් එකම කොලේජ් එකෙ එකම පංතියෙ ඉගෙනගන්න හොදම යාලුවො.. ජියා ජන්ග්කුක්ගේ නැට්ට වගේ... පස්සෙන්මයි.. ගෙදර ගියත් ඔම්මා එක්ක කියවන්නෙ ජන්ග්කුක් ගැන විතරයි.. ජන්ග්කුක් කෙල්ලට ගොඩක්ම කිට්ටුයි.. මේ දෙන්නට දෙන්නා නැතුව බැරි මොකක්දෝ බැදීමක හිරවෙලායි ඉන්නෙ.. ඒක ආදර සම්බන්ධයක් නෙමෙ.. ඒත් එහෙම නොවෙනවත් නෙමෙ..

ඒක යාලුකමට එහා ආදරයට මෙහා නතර වුනු ප්‍රෙක්ට්‍රෝනික ආදරයක්..

ජීයා ගෙදර ආව ගමන් වෙනදා වගේ වොශ් දාලා කාලා කරලා ඔම්මා එක්ක කියවන්න ගත්තෙ ජන්ග්කුක් ගැන..

" ඔම්මා.. හෙට ජන්ග්කුක්ගේ පළවෙනි ඔඩිශන් එක... මට එන්න කිව්වා...අපි යමුනෙ.. "

" හ්ම්ම්ම්.. යමු.. මටත් බලන්න ඕන ඔය ජන්ග්කුක්ව.. 😒 "

" ඒ ඇයි.. 🙄 "

" ඔය හොදම යාලුවව මං දැකලා නෑනෙ ඉතින්...😑 "

" හරි හරි හෙට යමූත..😥😂🤭 "

" 😒 "

ජීයා ඔම්මව අව්ස්සලා නිදාගන්න ගියේ හෙට දවස ගැන හීන මව මව..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Next Day Morning -

You've reached the end of published parts.

⏰ Last updated: Sep 10, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

보고 싶었어요 | I Missed You | JJK | Short🍃Where stories live. Discover now