Keahwara1
අම්මාගේ මරණයෙන් පස්සේ, යන්න තැනක් නැතිවුණු අවිරු අවුරුදු ගණනාවක් තිස්සේ වසා තිබුණු පැරණි වළව්වක් වෙත පැමිණෙයි - නීල මැදුර.
වැස්ස, අඳුර, සහ බිත්ති අතර සැඟවුණු රහස් වලින් පිරුණු ඒ මැදුරේ, ඔහුට හමුවන්නේ සීතල ඇස් දෙකක් ඇති අමුතු තරුණයෙකි - කේසර.
නමුත්, නීල මැදුර සාමාන්‍ය ගෙයක් නොවේ.
රෑ දොළහෙන් පසු කොරිඩෝවල ඇහෙන අඩි හඬ, වසා තිබෙන කාමර, සහ කිසිවෙක් කතා නොකරන අතීතයක්... මේ සියල්ල අතර අවිරු හිරවෙන්නේ බිය සහ ආදරය අතරය.
කේසර සඟවන රහස කුමක්ද?
ඇයි ඔහු අවිරුව මැදුරෙන් ඈත් කරන්න උත්සාහ කරන්නේ?
එමෙන්ම, මේ අඳුරු මැදුර තුළ උපදින ආදරය ඔවුන් දෙදෙනාම විනාශ කරයිද... නැත්නම් බේරාගනීද?
"සමහර මැදුරු රහස් සඟවනවා...
සමහර මැදුරු ආදරය."