Prohibited Love 6
හන්සොන්ග් ලීයොන්ග් යුවරජතුමා එක්ක හ්වරන්ග් පාසල වටේම ගියා.. මේ දිහා ඈත ඉදන් සොක්ජින් බලන් හිටියේ ඊර්ෂ්‍යාව තරහ මිශ්‍ර හැගීමකින්.. ඔහුටත් නොදැනීම ඔහු සිටි එලිමහන් කුටියට කුමාරයා ඇවිත් ලගම තිබුන බංකුවේ වැතිරුනා..
"මොනවා දිහාද ඔය තරම් බලන්නේ?"
"කුමරුනී.."
එක පාර ඇහුන කටහඩට සොක්ජින් ගැස්සිලා පිටි පස්ස බැලුවා, යුන්ගී කුමාරයා උඩුබැලි අතට බංකුව උඩ ඇස් දෙක පියාගෙන..
"සොක්ජින්.. මෙතනින් ඉදගන්න.."
"කුමරුනී, ඇයි ?"
"කීවම අහලා ඉදගන්න.."
සොක්ජින් කුමරුගේ හිස අද්දරින් ඉදගන්නකොටම කුමාරයා ඔලුව උස්සලා සැප පහසුවට සොක්ජින්ගේ කකුල් දෙක උඩින් ඔලුව තියාගත්තා..
"කුමරුනී.."
"ආහ්හ්හ්හ් කටවහන් ඉන්න.. මට ටිකක් නිදාගන්න ඕනී.."
තප්පර කීපෙකින් කුමාරයාගේ ඒකාකාරී හුස්ම නිසා ඔහුට නින්ද ගිහින් කියලා දැනුනා... සොක්ජින් හෙමින් වට පිට බැලුවේ හන්සොන්ග් පේන දුරක ඉන්නවද කියලා.. ඒත් ඔහු පේන දුරක හිටියේ නෑ..
ටිකකින් සොක්ජින්ටත් කනුවට හිස බර කරගෙන හිටිය නිසා හොදට නින්ද ගියා.. ඔහුටත් නොදැනි ඔහුගේ එක් අතක් කුමරයා පපුවට තුරුල් කරගෙන අනෙක් අත කුමරුගේ හිස මතත් තිබුනා..
"ඔතේයෝ??"
"මට හැමදාම උනත් ඉන්න හිතෙනවා.."
"ඒකනේ.. ඔබ වසන්ත උත්සවයට ඉන්නවා නේද?"
"ඔව්.. ඔබේ රංගනය බලන්න මං අනිවාර්යයෙන්ම ඉන්නවා.."
"එතකොට..."
හන්සොන්ග් කියන්න ගිය එක නැවතුනේ සොක්ජිනුත් කුමාරයාත් ඉන්න විදිය දැකලා..
"ඔවුන් ගොඩක් සමීපයි වගේ.."
ලීයොන්ග් කුමාරයා කියනකොට හන්සොන්ග්ට දැනුනේ කියාගන්න බැරි තරම් දුකක් තරහක්...
"ලීයොන්ග්, සමාවෙන්න මට දැන් පුහුණුවක් තිබෙනවා මගේ සහෝදරයා සමග.."
හන්සොන්ග් බොරුවක් කියලා ආයෙත් සොක්ජින් හා කුමාරයා දිහා බලලා එතනින් යන්න ගියා..
"කුමරුනී, අවදිවන්න.. යුවරජතුමා පැමිණියා.."
පාලකතුමා කියනකොට මුලින්ම ඇස් ඇරියේ සොක්ජින් ඔහු ලීයොන්ග් දෙස බලලා වටපිට බැලුවේ හන්සොන්ග් කෝ බලන්න..
"හන්සොන්ග් ඔහුගේ සහෝදරයා සමග පුහුණුවට පිටත් උනා.."
සොක්ජින්ගේ හිත තේරුන ලීයොන්ග් කියලා යුන්ගීගේ පැත්තකින් ඉදගත්තා.. තවමත් ඔහු සොක්ජින්ගේ අත තුරුල් කරගෙන..
"ඔබ දෙදෙනා බොහෝ සමීපයි වගේ.."
ඒ එක්කම යුන්ගී ඇස් පිහමින් නැගිට්ටා..
"ආහ්හ් ඔබ නැවත පැමිනියාද?"
ටිකක් වෙලා ඉදගෙන ඉදලා කුමාරවරු තිදෙනාම යන්න පිටත් උනා.. සොක්ජින් යන්න පෙර හැරි හැරි බැලුවේ හන්සොන්ග්ව.. ඒත් හන්සොන්ග් හිටියේ හොදටම හිත රිදිලා.. හන්සොන්ග් හරිම අහිංසක කෙනෙක් ඒ වගේම චූටි දේටත් හිත රිදවගන්න කෙනෙක්.. ඒ නිසා සොක්ජින් කුමරයාට ඒ තරම් ලගින් ඉන්න එක හන්සොන්ග් ඊර්ෂ්‍යාවකට වඩා ගෙනාවේ හිත් වේදනාවක්..
"මොකද මෙතන?"
"හ්‍යොන්ග්?"
හන්සොන්ග් ගැස්සුනේ එයාගේ සහෝදරයාගේ කටහඩට.. ඉක්මනට කදුලු පිහදගෙන හන්සොන්ග් නැගිට්ටා..
"මොකද මේ? මොකක්ද ප්‍රශ්නේ?"
"අනීයා.. මොකුත් නෑ.."
හන්සොන්ග් ඔහුව මගැරලා යන ගමන් කිවා.. හන්සොන්ග් එයාගේ සහෝදරයා මගැරලා ගියේ හ්වරන්ග් පාසලේ පැත්තක තිබුන චෙරි ගස් අතරට.. එතන හරිම ලස්සනයි.. ලා රෝස පාට සුදු පාට මල් පෙති බිම පුරාම.. හෙමින් හමාගෙන යන හුලගේ මල් පෙති එක්ක චෙරි මල්වල සුවදත් එකතු වෙලා.. හන්සොන්ග් හෙමින් මල් පෙති උඩ වැතිරිලා ඇස් දෙක පියා ගත්තා..
"එහෙනම් ඔබ මෙතනයි හිටියේ.."
බලෙන්ම වගේ හන්සොන්ග්ගේ ඔලුව අරගෙන තමන්ගේ කකුල් දෙක උඩින් තියාගන්න ගමන් සොක්ජින් කීවා.. ඒත් හන්සොන්ග් ඇහුනේ නෑ වගේ එහෙමම හිටියා..
"අයිගෝ.. මගේ හන්සොන්ග් තරහා වෙලා.."
සොක්ජින් බොරුවට නිදාගෙන ඉන්න හන්සොන්ග්ගේ කම්මුලක් මිරිකුවා.. ඒත් හන්සොන්ග් සද්දයක් නෑ.. වටපිට බලලා සොක්ජින් හෙමින් පාත් වෙලා හන්සොන්ග්ගේ රෝස පාට තොල් දෙකට පුංචී හාදුවක් දුන්නා.. හිතපු නැති වෙලාවක හම්බුන හාදුවට නම් හන්සොන්ග්ගේ ඇස් ඉබේම ඇරුනා..
"හ්‍යොන්ග් එක්ක මං තරහයි.."
"වේ??"
"මං දැක්කා කුමාරයා එක්ක හිටිය හැටි.."
"ඉතින්?"
"හ්‍යොන්ග් එහෙම ඉන්න ඕනී මං එක්ක විතරයි.."
"ඕඕඕඔ.. ඇත්තට?? එතකොට උදේ මං ඉන්න තැනම ලීයොන්ග් කුමාරයාව බදාගත්තේ?"
"ආහ්හ්හ්හ් ලීයොන්ග් මගේ මිත්‍රයානේ.."
"එහෙනම් කුමාරයාත් මගේ මිත්‍රයා.."
සොක්ජින් හන්සොන්ග්ගේ නහය මිරිකලා කියලා හිනා උනා..
"මං දැන් යන්න ඕනී.. කුමාරයා මාව හොයනවා ඇති.."
"අනේ හ්‍යොන්ග් තව ටිකක් ඉන්නකෝ.."
"හ්ම්ම්ම්.. මියාන්.. යුවරජතුමාට මරණ තර්ජන නිසායි ඔහුව සිල්ලාවට එවලා තියෙන්නේ.. ඒ නිසා ඔවුන්ව තනි කරන්න බෑ මට.."
සොක්ජින් අඩන්න ඔන්න මෙන්න ඉන්න හන්සොන්ග්ගේ කම්මුල් දෙකම අල්ලගෙන කියලා නලල පුංචි හාදුවක් දුන්නා..
"පරිස්සමින් ඉන්න.. ආහ්හ් ඒ වගේම ඉගෙනීමේ වැඩ ටික හොදට කරන්න.. නැත්නම් මං ඊලග පාර අල්ලන්නේ කනෙන්.. තේරුනාද?"
"නේ.. චල්ජායෝ.."
හන්සොන්ග් ඉක්මනට සොක්ජින්ගේ කම්මුලට හාදුවක් දිලා අත වන වනම ඉක්මනට හ්වරන්ග් පාසලට දිව්වා.. හන්සොන්ග්ගේ දග වැඩවලට සොක්ජින්ට ලාවට හිනාවක් ගියා..
"පිස්සු කොල්ලා.."
සොක්ජින් තනියම හිත හිතම නැවතත් මාලිගයට යන්න පිටත් උනා.. ඒ වෙනකොටත් පරිසරය සම්පූර්ණයෙන්ම අදුරෙන් වැසි ගිහින් අවසන්.. ලී යොන්ග් කුමාරයා සැහැල්ලු ඇදුමකින් සැරසිලා මාලිගයේ උද්‍යානයේ බංකුවක ඉදගෙන අඩ සද දිහා බලාගෙන බර කල්පනාවක.. ඔහුට සොක්ජින් ලගට එනකම්වත් දැනුනේ නෑ..
"සේජා.."
චුට්ටක් ගැස්සුනත් ලී යොන්ග් සොක්ජින්ට සිනාවකින් සංග්‍රහ කලා..
"ඔබතුමා මෙතන?"
"හ්ම්ම්ම් මාලිගය ඇතුලේ හිරවෙලා වගේ.. ඒ නිසා ටිකක් එලියට ආවා.."
"නමුත් ඔබ මෙලෙස සිටිම ඒ තරම් හොද නැහැ යුවරජුනී.."
සොක්ජින් කීවේ වටපිට බලනගමන්..
"අර බලන්න ඒ හද ඔබට කවුරුහරි මතක් කරනවද?"
ලීයොන්ග් ලස්සන හිනාවක් එක්ක කියනකොට සොක්ජින්ට මතක් උනේ හන්සොන්ග්..
"සිත්තරෙක්ගේ සිතුවමක් තරම් සුන්දර කෙනෙක්.."
ලීයොන්ග් කියලා හිනාවෙලා මාලිගය තුලට යන්න නැගිට්ටා..
"යුවරජුනී.. ඔබ ඔය පවසන්නේ??"
"මා පැවසුවේ මගේ කෙනා ගැන.. ඒ කෙනා මගේ විතරමයි.."
ලීයොන්ග් සොක්ජින් දෙස හැරි නොබලාම පවසා මාලිගය තුලට ගියා..
"සිතුවමක්?? ඔහු පවසන්නේ හන්සොන්ග් ගැනද??"
සිල්ලාවම හන්සොන්ග්ව හැදින්නුවේ 'සිත්තරකුගේ තෙලිතුඩින් ඇදුන සිතුවමක්' කියලා.. සොක්ජින්ට දැනුනේ ලීයොන්ග් හන්සොන්ග්ව ඔහුගෙන් ඈත් කරවනවා වගේ හැගීමක්.. ඇස් අගට ආව කදුලු සගවගෙන ඔහු බටහිර මාලිගයට ගියා..
"ඔබ පරක්කුයි.."
"සමාවෙන්න.. මගේ පුස්තක කීපයක් රැගෙන එන්න නැවත යන්න උනා කුමරුනී.."
කුමරු සොක්ජින්ගේ බොරුවට හිනා වෙන්න ඕනී උනත් ආයාසයෙන් තද කරගෙන ලේන්සුවක් අතට දුන්නා..
"ඔය තොල් ආලේපන පිහදගන්න.. මෙතන.."
කුමරු සොක්ජින්ගේ කම්මුලක් පෙන්නලා කියනකොට ඔහු ලැජ්ජාවටම රතු උනා..
"කුමරුනී.. ලී යොන්ග් යුවරජතුමා මෙහි පැමිනි හේතුව ඔබ දන්නවද?"
සොක්ජින් කතාව වෙන පැත්තකට හරවන්න හැදුවත් කුමාරු ඉස්සර උනා..
"ඊට කලින් කියන්න ඇය කවුද ?? ලස්සනද?"
"කුමරුනී.."
සොක්ජින් කම්මුල් රතු කරන් කියනකොට කුමාරයාට හිනා ගියා..
"සොක්ජින්.. ඔබ මගේ මිත්‍රයා.. ඔය තරම් සගවන්න හේතුව කුමක්ද??"
"එහෙම දෙයක් නෙමෙයි කුමරුනී.."
"එහෙනම් මං මෙහෙම අහන්නද? කවුද ඔහු??"
- මතුසම්බන්ධයි -