සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• විසිහතර වන දිගහැරුම •

501 112 113
By ___Sky-Heart___

ලෙක්ච හෝල් එකට ආපු හැටියෙම යුගාන්ට පී බරක් සෙට් උනු නිසා කොල්ලා බෑග් එකත් මේස උඩින් තියලා සොනික්ගේ නැන්දම්මා වැහිලා වගේ වොශෘම් එකට දිව්වා . වොශෘම් එකේ දොරත් ඇරලා කලිසමේ ශිපර් එක යුගාන් ගලවද්දි තමයි දැක්කේ වොශෘම් එකේ තියෙන එකම පෝච්චියට පී කරන තීනුව . ඒත් තියෙන හදිස්සියට තීනුවත් තල්ලු කරපු යුගාන් ඒ පෝච්චියට පී කරද්දි තීනුගේ බිබික්කම අවාසනාවකට වගේ ශිපර් එකට අහු උනා .

" ආව් ආව් !! "

ශිපර් එකට අහු උනු තමන්ගේ බිබික්කම යහතින්ද කියලා බලපු තීනු බිබික්කම කලිසම අස්සට දාලා වැහුවා . තමන්ගේ දිවත් හපා ගෙන තීනු යුගාන් දිහා බලද්දි යුගාන් ඇස් දෙකත් පියා ගෙන පෝච්චියට පී කරන හැටි දැක්කම තීනුට සෙරප්පුවෙන් යුගාන්ට ගහන්න හිතුනා . ලගම තියෙන පොඩි ටැප් එකෙන් තමන්ගේ අත යාන්තමින් වගේ හෝද ගත්තු තීනු තමන්ගේ ශර්ට් එකෙන්ම අතේ තිබුනු වතුර ටික පිහිදාලා යුගාන් දිහා බැලුවා .

" ඉක්මනට චූ කරලා අහකට යනවා මට තව චූ කරන්න ඕනේ "

" චූ කරන්න ගත්තම මගින් නවත්තන්නේ කොහොමද ඉන්නවා ටිකක් මං චූ කරලා ඉවර වෙනකල් "

" යකෝ මිනිහෝ හෝස් එක ඇරලා වගේ උබ චූ කරලා ඉවර වෙනකල් මට බලන් ඉන්න බැහැ !! තෝ මට චූ කරන්න දෙන්නෙත් නැහැ තෝ ඉක්මනට චූ කරන්නෙත් නැහැ !! මල හුත්ත !! "

තීනු තමන්ගේ අත් දෙකත් ඉනට තියා ගෙන යුගාන්ට කෑගැහුවත් තිබුනු බරට යුගාන්ගේ වැඩේ දැන්මම ඉවර වෙන පාටක් නම් තිබුනේ නැහැ . මගින් චූ කරන එක නතර කරන්න සිද්ද උනු නිසාම තීනුට දැන් ඉවසන්න බැරි විදිහටම ආයෙම චූ කරන්න ඕනේ වීගෙන ආපු නිසා තීනු ඇඹරෙන ගමන් ලග ඉන්න යුගාන්ගේ උරහිස මිරිකලා අල්ල ගත්තා .

" ඉක්මන් කරපන් මිනිහෝ !! "

" ආර්ර්ර්හ්හ් මොන රෙද්දක්ද යකෝ මේ !! නිදහසේ කොල්ලෙක්ට චූ කරන්න බැරි රටක්නේ මේක !! තෝ මේ රටත් කෑවා  "

" රට කෑවේ මමද යකෝ ?? තොගෙ තාත්තයි අනිත් දේසපාලුවෝ ටිකයිනේ මේ රට විනාස කලේ !! "

" උබ ඔය බනින්නේ උබේ අනාගත මාමණ්ඩිට තීනු "

" අහ් සොරි සොරි අමතක උනානේ මට .. මාමණ්ඩිට එහෙම කියන්න එපා මං එයාට බැන්නා කියලා කිව්වොත් එහෙම උබගේ ඇට දෙකට පලනවා දැන ගනිම් !! "

හෑලියා වගේ කියව ගෙන ගිහින් මාමණ්ඩියට බැනලා යුගාන් ගෙන් නිකරුණේ ගුටි කන්න බැරි නිසා තීනු හිමිච්චා වගෙ කට වහ ගත්තා . යුගාන් පී කරලා කලිසමේ ශිපර් එකත් වහලා ලග තිබුනු පයිප්පෙන් තමන්ගේ අත් දෙක හෝද ගන්න ගද්දි තීනු තමන්ගේ කලිසමේ ශිපර් එක ගලවලා පෝච්චියට පී කරන්න ගත්තා . එහෙන්මම බිත්තියට හේත්තු උනු යුගාන් තීනු දිවත් එලියේ දාගෙන පී කරන දිහා තමන්ගේ යටි තොලත් හපා ගන්න ගමන් බලන් හිටියා .

යුගාන්ගේ බැල්ම එච්චර තමන්ට දිරෙව්වේ නැති නිසාම තීනු තමන්ගේ ඇස් හීනි කරන් යුගාන් දිහා බලද්දි යුගාන් තමන්ගේ අත් සාක්කුවට ඔබා ගන්න ගමන් බිම බලා ගත්තා . විසිල් පාරකුත් ගහන ගමන් පී කරලා ඉවර උනු තීනු කලිසමේ ශිපර් එක දාගෙන අත් දෙක තමන්ගේ ඇදුමෙන්ම පිහිද ගත්තා . යුගාන් බිම බලා ගෙන බිංකුණ්ඩෝ හොයනවා වගේ ඉද්දි තීනු යුගාන්ට බිංකුණ්ඩෝ හොයා ගන්න දීලා වොශෘම් එකෙන් එලියට යන්න දොර ගාවට හැරෙද්දි යුගාන් තීනුගේ ශර්ට් එකෙන් අල්ලලා ඇදලා ගත්තා .

" පොඩ්ඩක් හිටපන් බබා මට තමුසෙ එක්ක ලොකූ කතාවක් තියෙනවා "

" මට නාස්ති කරන්න වෙලාවක් නැහැ ඉක්මනට කියන්න තියෙන දෙයක් කියනවා "

තීනු තමන්ගේ ඇදුමේ තියෙන යුගාන්ගේ අත ගසලා දාලා තරමක් දිගට වැවුනු තමන්ගේ කොණ්ඩ කැරැල්ලක් කන පිටු පසින් රදව ගන්න ගමන් කියද්දි යුගාන් ආයෙම තමන්ගේ කලිසම් සාක්කුවට අත් දෙක ඔබා ගන්න ගමන් තීනුගේ මූණට ලං උනා . යුගාන්ගේ දිගු තියුණු ඇස් එක එල්ලේ තීනුගේ ඇස් එක්කලා ගැටෙද්දි යුගාන්ට තීනුගේ හුරතල් බව හැම දෙයක්ම අමතක කරන්න සැලැස්සුවා .

ඒත් ඒ හුරතල් මූණ පිටු පස තියෙන කුපාඩි පඩත්තලකම් මතක් වෙද්දි යුගාන් ආයෙම තමන්ගේ මූඩ් එකට ආවා . තීනුගේ උරහිස් දෙපැත්තෙන් අල්ලා ගත් යුගාන් තීනුව එහෙන්මම බිත්තියට හේත්තු කරලා තමන්ගේ කලිසම් සාක්කුවෙ දාගෙන ආපු එදා තීනු දුන්නු චිට් අරන් තීනුගේ අත උඩින්ම තිබ්බා . ඒක දැක්කා ගමන් බඩු හරි කියලා තේරුනු තීනු හෙන අහිංසක හිනාවක් දැම්මත් තීනුගේ මායම් නම් මේ වෙලාවේ වැඩ කලේ නැහැ .

" මොකද තීනු බබා මේ වගේ සක්කිලි වැඩ කරන්නේ ?? "

" බෝයිෆ්‍රෙන්ඩ් ගෙන් පුක සුදුද කියලා අහන එක සක්කිලි වැඩක් වෙන්නේ කොහොමද "

" ඒක සක්කිලි වැඩක් තමයි උබව නම් හදන්න බැහැ තීනු බබා ශික් බලනවා ජීවිතේට මං ඔය වගේ ප්‍රශ්නයක් අහලා තියෙනවද කියලා !! "

" උබ ඒ වගේ ප්‍රශ්න අහන්නේ නැති එක තමයි මෙතන තියෙන එකම ප්‍රශ්නේ ඉතිම් උබත් ඒ වගේ ප්‍රශ්න ඇහුවා නම් මෙතන කිසිම ප්‍රශ්නයක් නෑනේ "

තීනු තමන්ගෙ අත් දෙක හරහට බැද ගන්න ගමන් කියද්දි යුගාන්ට තීනුගේ පුක රත් වෙන්න පාරක් දෙන්න හිතුනා . ආදරේ නාමයෙන් හැම වෙලාවෙම යුගාන් ඉවසුවා ඌ මේ වෙලාවෙත් ඉවසුවා . තීනු නොදන්නවා නෙමෙයි යුගාන්ගේ පුකේ පාට මොකක්ද කියලා දවසක් තීනුලගේ කාමරේම තීනුගේ ඉස්සරහම යුගාන් ඇදුම් මාරු කරද්දි තීනු ඒක නොදැක ඉන්න හේතුවක් නෑනේ . ඒත් ආයෙම පාරක් යුගාන්ගේ පුක දිහා බලන්න තීනුට ලොකු පෙරේතකමක් ඇති උනා .

" දැන් තමුසෙට ඕනේ මගෙ පුක සුදුද කියලා බලන්නනේ හිටපන්කෝ උබේ ආසාව මං ඉෂ්ඨ කරන්න "

යුගාන් තමන්ගේ බෙල්ට් එක ගලවන ගමන් කියද්දි තීනු කලබලයෙන් වගේ වටේ බැලුවේ තීනුයි යුගානුයි ඇරුනම වොශෘම් එකේ තව එක කොල්ලෙක් හිටපු නිසා . යුගාන් තමන්ට පුකේ පාට පෙන්නන එක තීනුට ගානක් නැති උනත් කොහෙදෝ යන එකෙක් ඒක දකී කියලා තීනු බය උනා . යුගාන්ව තීනු නතර කරන්න හැදුවට පොඩ්ඩ ඇත්තම් තද වෙන යුගාන් බිබික්කමව මේ වෙලාවේ නවත්තන්න බැරි උනා . යුගාන් හරියට මේ වෙලාවේ හිටියේ මාව නවත්තන්න බැහැ මාව නවත්තන්න බැහැ මං නතර වෙන්නේ නැහැ මං නවතින්නෙත් නැහැ කියන සීන් එකේ .

කලිසම ගලවලා බිමට දාපු යුගන් තමන්ගේ ජොකාගේ අත තියද්දි පාඩුවේ පැත්තකට වෙලා මූණ හෝද හෝද හිටපු අර කොල්ලා මූණත් බාගෙට හෝද ගෙන වොශෘම් එකෙන් එලියට දිව්වා . ඒ කොල්ලා ගියාට පස්සේ තමයි තීනුත් සීන් එකට ආවේ . තමන්ගේ යටි තොලත් හපා ගත්තු තීනු තමන්ගේ ඇස් ඉස්සර තියෙන ඇස් නටවන මන පිනවන දර්ශනය දිහා හරි වනචර විදිහට බලන් හිටියා . යුගාන්ගේ පුක වචනෙන් විස්තර කරන්න බැරි විදිහට මරු පුකක් !! ඇත්තටම ඒ පුක දුටු සැනින් වශී වෙන සුලුයි !!

" ඉදා බලා ගනිම් !! දැක්කනේ තෝ මගේ පුක සුදුද කලුද කියලා "

තීනුට පුක පෙන්නපු යුගාන් තමන්ගේ කලිසම ආයෙම ඇද ගන්න හදද්දි තීනු යුගාන්ගේ අතින් අල්ලලා යුගාන්ගේ පුක දිහා බැලුවා . වට්ටක්කා ගෙඩිය වගේ කිරි සුදු පාටට තියෙන යුගාන්ගේ පුකේ පොඩි ලපේකුත් තිබුනා . යුගාන්ගේ පුක දැක්කම ඒක හපන්න කියලා තීනුගේ හිත කොච්චර කිව්වත් තීනු හෙන ගේමක් දීලා තමන්ව කන්ට්‍රෝල් කර ගෙන හිටියා . හැබැයි තීනුට බැරි උනා නලියන තමන්ගේ අත නතර කර ගන්න . යුගාන්  දිහා තමන්ගේ තොල් උල් කරලා බැලුව තීනු ටුකුස් ගාලා තමන්ගේ අත් දෙකෙන් යුගාන්ගේ පුක මිරිකුවා .

" ටෞකන්ඩ දාලා මොන වේස වැඩක්ද හුත්තෝ මේ කරන්නේ ?? බබා උබට සක්කිලි මදනයා ගහලද "

" අනේ යුගාන් තමුසෙගෙ පුක දකිද්දි මට නගිනවා වගේ බං !! ආයේ පාරක් මං තමුසෙගෙ පුක අල්ලන්නද ඒක රබර් එක වගේ කන්න හිතෙනවා "

" තීනු බබා උබ ඔය හදන්නේ මගෙන් ගුටි කන්න තමා !! අනික උබ හෙන වනචරයි ඕයි තමුසෙ මහ කැරි වලෙක් "

තීනුගේ අතින් අල්ලලා අනිත් පැත්තට කරවපු යුගාන් තීනුගේ පුකට පයින් එකක් දෙද්දි තීනුව අඩි දෙක තුනක් විතර ඉස්සරහට විසික් උනා . බිම තියෙන තමන්ගෙ ජොකයි කලිසමයි ඉක්මනට ඇද ගත්තු යුගාන් බෙල්ට් එක දාගද්දි තීනු යුගාන් ගාවට ඇවිත් යුගාන්ගේ අතේ එල්ලුනා . පුක පෙන්නලා තීනුව බය කරන්න ගිහින් යුගාන්ට වෙච්චි දේ දැකලා වයිෆ් එක්ක ශොපින් ගියපු සක්‍ර දෙයියොන්ට වෙන වෙන තැන් වලිනුත් හිනා ගියා .

" ටිකක් වල් වෙනවකෝ යුගාන් එතකොට තමා ආදර කතා ලස්සන වෙන්නේ තමුසෙට ඉතිම් මං ඒවත් උගන්න ඕනෙනේ "

" උබ වගේ නෙමෙයි තීනු බබා මං වැදගත් පවුලක වැදගත් කොල්ලෙක් !! "

" උබේ වැදගත්කම ගැන මගෙන් අහ ගන්න එපා !! බියර් බෝතලේ කටේ ගහ ගත්තම උබේ වැදගත්කම තියෙන්නේ කොහෙද කියලා දන්නේ මමනේ "

සුපුරුදු පරිදි තීනු යුගාන්ගේ ඔලුවට අත දිගෑරලා පාරක් දෙද්දි යුගාන් තමන්ගේ අත් දෙකෙන් ඔලුව අල්ල ගත්තා . මොනවා උනත් තීනු කිව්වේ හෙන ගහන ඇත්තක් නිසා යුගාන් තීනුට අනිත් පැත්තට මුකුත් නොකියා කට පියා ගත්තා .

" කොලුකමට ඉතිම් ඕන එකෙක් බොනවා තමුසෙ අම්මට බයේ බොන්නේ නැති උනාට !! "

යුගාන්ගේ කටින් වැරදි දෙයක් එලියට පැන්නේ යුගාන් තමන්ගේ අත් දෙකෙන් කට තද කර ගනිද්දි . යුගාන් කිව්ව දේට තීනු තමන්ගේ අත් දෙක පපුවට තියා ගෙන ඉක්මනට බිත්තියට හේත්තු උනේ යුගාන්ගේ වචන නියගලා අලයක් තරම් විස උනු නිසා . තමන්ගේ අම්මා නිසා තීනු ජීවිතේට බීලා නැහැ මොකද කොලුකමට ඕවා කලොත් ආයේ අම්මාගෙන් බේරුමක් නැහැ කියලා තීනු දැනන් හිටියා .

හැබැයි යුගාන් තමන්ට ඔය කොලුකම කියලා හින්ට් එක දුන්නේ අම්මට බයේ බොන්නේ නැති එකට කියලා තීනු වැරදියට වටහා ගත්තා . කටින් පැන්න ඕනේ නැති දේ නිසා යුගාන් තීනුගෙ ලගට ගිහින් තීනුගේ අතින් ඇල්ලුවත් තීනු තමන්ගේ අත ගසලා දාලා හරි හිතේ වේදනාවෙන් යුගාන්ගේ උඩ ඉදලා පල්ලෙහට බලලා යුගාන්ට රැව්වා . සත්තකින්ම ඒ වෙලාවේ යුගාන් තීනුට බය උනේ නැහැ බය උනා වගේ බොරුවට රගපෑවා .

" තීනු බබා ආදරේට බෙල්ල පොඩ්ඩක් ඉඹින්නද "

" ඉඹ ගනිම් තොගේ අහවල් එක !! "

තීනු එක පාරටම යකා ගහලා වගේ යුගාන්ගේ ඇගට ගොඩ වෙද්දි යුගාන් තමන්ගේ දත් තිස් දෙක එකට තද කරලා හුස්මක් පිට කලා .

" අයියෝ තීනු බබා මොකද මේ ?? පොඩ්ඩක් එනවකෝ ලගට තමුසෙට උම්මා එකක් දෙන්න "

" උබේ උම්මා මට එපා !! මට උම්මා ඕනේ නම් මං ගිහින් තීර්ථ ගෙන් ඉල්ල ගන්නම් !! "

යුගාන් තීනුට උම්මා එකක් දෙන්න තොල් උල් කරන් තීනුගේ ලගට එද්දි තීනු අත දිගෑරලා යුගාන්ගේ කනට පාරක් දෙන ගමන් යුගාන්ට කෑ ගහද්දි තීනු ගහපු කම්මුලත් අල්ල ගෙනම යුගාන් සැර බැල්මක් තීනු දිහාවට දැම්මා .

" තමුසෙට දැන් මගේ උම්මා වලට වඩා උගේ උම්මද ලොකු ?? "

" ඔව් යකෝ උබ මට උම්මා දෙන්න කලින් මට උම්මා දුන්නේ ඌ ඒක නිසා උබේ ජරා උම්මා මට එපා !! අනික තීර්ථයා මගෙ කටත් කෑවා "

" ටෞකන්ඩ දාලා !! තීනු බබා උබ එහෙනම් පොල්ලට ගහලා නයා රෙද්ද අස්සේ දා ගත්තා කියලා හිතා ගනිම් !! මං කලින්ම දැන ගත්තා තමුසෙට අනියම් සම්බන්දයක් ඕකා එක්ක තියෙනවා කියලා "

යුගාන් තමන්ගේ ශර්ට් එකේ අත් දෙකත් නවා ගෙන කියද්දි තීනුත් තමන්ගේ ශර්ට් එකේ අත් දෙක නවා ගත්තා .

" ඔව් යකෝ තීර්ථ මගේ හොර මිනිහා !! ඇයි උබට ප්‍රශ්නයක්ද "

" මීට වැඩිය හොදයි තීනු බබා උබ මාව මරලා දැම්මා නම් "

" නිස්කාරනේ මට හිරේ නගින්න බැරි නිසයි මං නිකන් හිටියේ නැත්තන් තෝව මරලා මං ගොඩක් කල් "

තීනු යුගාන්ගේ පපුවට අනින ගමන් කියද්දි යුගාන්ට දැනුනේ තමන්ගේ කකුල් පණ නැතුව යන හැගීමක් !! ආදරේ දුකකි ඉරකි තිතකි කියලා යුගාන්ගේ දකුණු වකුගඩුවට තේරීගෙන එනකොට හිතේ දුක වැඩි කමට යුගාන්ට බොක බරකුත් සෙට් උනා . ආදරේට හොටුත් කලා මෙච්චර කැපකිරීම් කරපු තමන්ව මේ විදිහට තීනු අහක දාලා තමන්ගේ යාලුවා තමන්ගේ හොර මිනිහා කියද්දි යුගාන් ඇත්තටම මානසික වැටුනා . හිනා වෙන්න එපා ඒ අහිංසක හිතට උබලටත් හෙන ගහයි !!

" උබ මට එහෙම කලා සුදු මාත්තයා එහෙනම් !! මගේ පෙනහැල්ලක් පාසා ගැහුනේ උබේ නමින් තීනු බබා !! මං කද්දි නාද්දි ඒ විතරක් නෙමෙයි මං රෙන්න යද්දිත් උබව මතකේ තියා ගෙන ගියේ ආදරේට සුදු මාත්තයා !! එහෙම ආදරේ කරපු මට මෙහම දුක් දෙන්න තරම් උබ පතෝල සෙවලයෙක් උනේ කොහොමද ?? මට කියන්න කොහොමද ?? උබ පයින් ගැහුවේ ඇමති පුතෙක්ට බං ආදරේ නාමයෙන් මං උබට ගහන්නේ නැහැ බනින්නේ නැහැ ඒත් එක පාරක් හරි මට ඇත්තට ආදරේ කලා නම් ආදරේට ලග තියා ගන්න ජුන්ඩගේ ෆොටෝ එකක් එවන්න !! අල්ලන් යන්න බැරි අතක් ඇදලා අරන් දුවන්න මට බැහැ let's break up !! බුදු සරණයි දෙවි පිහිටයි ජය නියතයි !! "

හිතේ තිබ්බ සේරම සුකුරුත්තම් ගොරක කෑලි ටික තීනුට කියලා දාපු යුගාන් එක පාරටම වොශෘම් එකෙන් එලියට දුවලා ගියේ ආයේ නිකමට වත් පිටි පැස්ස හැරිලා බලන්නේ නැතුව . එක පාරටම උනු දේ හිතා ගන්න බැරුව තීනු වොශෘම් එකෙන් එලියට ඇවිත් යුගාන්ට කෑ ගහන්න ගත්තත් ඒ වෙනකොටත් යුගාන් ඩිස් මිස් වෙලා තිබුනා .

" උද්දික පුතෝ කොහෙද ඔය ලබ්බ හිර කරන් දුවන්නේ අනේ මෙහෙට වරෙන් සක්කිලියෝ !! මං උබට ආදරෙයි !! තීර්ථයගෙ කට කෑවේ නැහැ මං බොරුවට තෝව අවුස්සන්න කිව්වේ !! උබට බැහ්  යකෝ මාව දාලා මෙහෙම දාලා යන්න !! උබ මගේ මම උබේ අපි අපේ බේසමෝ දැන් වත් ඔහොම නැවතියන් හුත්තෝ !! "

ඕනවට වඩා රගන්න ගිහින් වැඩේ චොක උනු නිසා තීනු අන්ඩ කැඩිච්ච පොකිරිස්සා වගේ යුගාන්ව අල්ල ගන්න දිව්වත් යුගාන් කොහෙටද ගියේ කියලා හරි අදහසක් නැතුව තීනු කැම්පස් එක වටේම ඇවිදින්න ගත්තා . සිරාවටම යුගාන් බ්‍රේක් අප් උනා කියලා හිතන් තීනු අඩන සීන් එකෙන් දුකට වඩයක් කාලා ප්ලේන් ටී එකක් බොන්න කැන්ටිමට එද්දි තීනු දැක්කේ මීට කලින් තමන් කැම්පස් එකේ දැකලා නැති එකියක් එක්ක උකුළු මුකුළු කරන යුගාන්ව .

ඒක දැක්ක ගමන් තීනුට හාට් ඇටෑක් එකක් හැදීගෙන එන්න වගේ එකකුත් ආවා . යුගාන් ඒ කෙල්ලගේ අතින් අල්ල ගෙන හිනා වෙවී කතා කරන හැටි දැක්කම තීනු තමන්ගේ නිය පොත්තක් හව් ගාලා හපලා කන්න ගත්තේ තීනුගේ දේපලක් වෙන එකියක් විසින් අනසි ලෙස භාවිතා කරනවා දරා ගන්න බැරි උනු නිසා . බ්‍රේක් අප් කියපු සැනින් යුගාන් කෙල්ලෙක් සෙට් කර ගෙනද කියලා තීනුගේ යටි හිතට හිතට හිතෙන්න ගද්දි තීනු නම් ප්‍රාර්ථනා කලේ තියෙන සම්බන්දයක් වැඩි කල් නොයා කැඩිලම පලයන් කියලා .

" වෙන් වීලා ගිය දා පටන් ඔබ මාව

ආයේ නො එනා ලෙසින්

කදුලු අඩු නැතුව විදිනවා තවම

ඔබට සතුටුයිද දැන් ??

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මං උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන් ...

ස්තූතියි ආදරේ ගැන පාඩක් ඔබ ඉගැන්නුවා
අස්ථීරයි සෑම දේ ලොව ඕනෙ නම් යන්න්කෝ ඔයා ...

ආදරය සුන්දර වරදකි

කිසිදා සමාවක් නම් නැති

නුඹ පෙන්නලා ආලේ හැටි

මට දුන්නු දුක හොදටම ඇති .... !!! "

තීනු නහයෙන් අඩා ගෙනම ලෙක්ච හෝල් එකට දුවද්දි තීර්ථ සිතිජ එක්ක කතා කර කර හිටියා . තීර්ථව දැකපු ගමන් තීනු දුව ගෙන ඇවිත් තීර්ථව බදා ගෙන අඩන්න ගද්දි තීර්ථ එක පාරටම කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා වගේ ගල් ගැහිලා ඔහේ හිටියා . තීනු එළ හරකා වගෙ හොටු පෙර පෙර අඩන්නේ මොකක් නිසාද කියලා තීර්ථට හරි අදහසක් නොතිබුනත් සිතිජට නම් හිතුනා තීනු අඩන්න යුගාන් කොනකින් හරි හේතුවක් වෙන්න ඇතී කියලා .

" අඩෝ තීනු මොකද බං මේ අඩන්නේ මොකක්ද උනේ ?? අඩෝ බය කරන්නේ නැතුව කියපන්කෝ "

තීර්ථ තීනුව ඈත් කරලා ඇහුවත් තීනු නම් ආයෙම තීර්ථගේ බෙල්ලේ එල්ලිලා හොටුත් පෙර පෙර අඩන්න ගත්තා .

" යුගාන් ... බි..ජ්ජා මට .. බූට ති..බ්බා .. ඌට වෙන එකි..යක් ඉන්න..වා දැන් !! .. බොරු නම් කැන්ටිමට .. ගිහින් බලන්න ... ඒ පගයා .. ඒකි එක්ක ... හැමිනෙ..නවා හූස්ස්ස් ... "

තීනු තීර්ථගෙ බෙල්ල බදන් අඩද්දි තමන්ගේ පරම මිත්‍ර රත්තනයට යුගාන් සිද්ද කරලා තියෙන අපරාදය තීර්ථට දරා ගන්න බැරි උනා . ඔය කියන විදිහට යුගාන් හැමිනෙන කෙල්ල මොකාද කියලා සිතිජ පැත්තකට වෙලා සන්සුන්ව කල්පනා කලත් තීර්ථ නම් කුලප්පු උනු මී හරකා වගේ ලෑස්ති වෙලා හිටියේ යුගාන් ගෙන් ගේම ඉල්ලන්න . ඒත් එක්කම යුගානුත් විසිල් පාරක් ගගහා ලෙක්ච හෝල් එකට එද්දි තීනු තමන්ගේ කදුලු පිහිද ගෙන මූණ පුම්බ ගන්න ගමන් තීර්ථව බදා ගත්තා

" අර ඉන්නේ ලැජ්ජාවක් නැති වට පගයා උබ කිසි දේකට බය වෙන්න එපා තීනු අද මම ඕකගේ ඇට දෙක තලලා තමයි පස්ස බලන්නේ "

" අනේ තීර්ථ යුගාන්ට ගහන්න යන්න එපා ඌට මං හෙන ආදරෙයි ඕයි "

" අනේ උබ හුකාන් !! ඌට දෙකක් ඇන්නොත් තමා පගයගේ බලුකම් නැති වෙන්නේ !! උබ නහින් නැතුව හිටපන්කෝ බොරුවට "

තීර්ථ ගැම්මෙන් තමන්ගේ ඇදුමේ කොලර් එකත් උස්ස ගෙන යුගාන්ට ඇටෑක් කරන්න යද්දි සිතිජ තීනුගේ උරහිසට අත තියලා තීර්ථ දිහා බලන් හිටියේ අද නම් තීර්ථයා ලෙසටම ඉල්ලන් කනවා කියලා දැන ගෙන . තීර්ථ යුගාන් ගාවට ගියපු ගමන්ම යුගාන්ගේ ඇදුමෙන් ඇදලා අරන් යුගාන්ගේ මූණට එකක් ගහද්දි අනිත් පැත්තට යුගාන් තීර්ථගේ මූණට පාරක් දුන්නේ තීනුගේ කට ඕ අකුරෙ හැඩේට ලොකු වෙද්දි .

" මොකද හුත්තෝ ගහන්නේ ?? "

" මාත් අහන්නේ ඒකම තමයි මොකද හුත්තො ගහන්නේ ?? "

යුගාන් තීර්ථගේ කොලර් එකෙන් ගුලි කරලා අල්ල ගෙන තීර්ථව ඇදලා ගද්දි සිතිජ ඉක්මනට ඒ මැද්දට පැනලා යුගාන් ගෙන් තීර්ථව ඈත් කලේ යුගාන් හරියට පාරක් දුන්නොත් තීර්ථ එතනම ඔන් ද ස්පොට් නිසා .

" ඕක නවත්තපන් යුගාන් !! "

" මට කියන්නේ මූට කියහන්කෝ මූනේ නිකන් ගේම් ඉල්ලන්නේ !! "

යුගාන් සිතිජටත් රවන ගමන් කියද්දි ලෙක්ච හෝල් එකේ පිටි පැස්සට වගේ වෙන්න හිටපු තීනු ටිකෙන් ටික යුගාන් ඉන්න දිහාවට ලං උනා .

" උබ මොකටද තීනුට බූට තිබ්බේ ?? ඌ මෙතන මී හරකා වගේ අඩ අඩ හිටියේ මෙච්චර වෙලා "

තීර්ථ කිව්ව දේට යුගාන් තීනු දිහා බලද්දි තීනු අඩන්න ඔන්න මෙන්න ඉන්න මූණක් හදා ගත්තා . ඒත් යුගාන් නම් සත පහකට තීනුව ගනන් ගත්තේ නැහැ . යුගාන් තමන් දිහා බලන්නේ වත් නැති නිසා තීනුට යුගාන්ව බිම පෙරල ගෙන ගහන්න හිතුනත් නිකන් යුගාන් තමන්ගේ අත් දෙකෙන් අවසන් ගමන් යනවා දකින්න ඕනේ නැති නිසා තීනු නිකන් හිටියා  

" ඉතිම් ?? තීනු අඩනවා කියලා උබ මට කියන්නේ එයා එක්ක වාඩි වෙලා අඩන්න කියලද ?? "

" හම්මට කැරියා තීනුගේ පස්සෙන් ආපු කාලේ තමුසෙ ඔහොම කිව්වේ නෑනේ !! අනික ඒ ඉන්නේ උබේ බෝයිෆ්‍රෙන්ඩ් ඒක අමතක කරන්න එපා "

" බෝයිෆ්‍රෙන්ඩ් ?? අපි අතර එහෙම දෙයක් නැහැ !! ඒක නිසා ආයේ තීනු ගැන කිසිම දෙයක් මගේ කන් වලට ඈහෙන්න කියන් එන්න එපා !! "

මේසේ උඩ තිබුනු තමන්ගේ බෑග් එකත් එල්ල ගත්තු යුගාන් තීනුගේ උරහිසේ වැදී ගෙනම ලෙක්ච හෝල් එකෙන් එලියට යද්දි තීනු මූණ එල්ල ගන්න ගමන් බිම බලා ගත්තා . තමන් ඕනේ නැති විහිලු යුගාන්ට කරන්න ගිහින් කොර ගත්තු හරිය මතක් වෙද්දි තීනුට තමන් එක්කම තරහක් ආවා . කොහොමත් යුගාන් තීර්ථට අකමැති නිසා යුගාන් තමන්ගේ ජෝක් එක හොදටම සීරියස් අර ගෙන කියලා තීනුට තේරුම් ගියා .

" තීනු උබ අව්ල් ගන්න එපා ඉදපන්කෝ මං ගිහින් ඌ එක්ක කතා කරලා එන්නම් !! "

සිතිජ තීනුගේ උරහිසින් තට්ටුවක් දාලා ලෙක්ච හෝල් එකෙන් එලියට ගියේ යුගාන් එක්ක කතා කරලා මේක බේරුමක් කරන්න .

" සිරාවටම උබෙන් අහන්නේ අරූට අච්චර මල පනින්න තරම් මොනවද උනේ ?? "

තීර්ථ මූණත් දික් කරන් තීනු ගෙන් අහද්දි තීනු ඇඹරෙන්න ගත්තා .

" යුගාන්ව අව්ස්සන්න මං කිව්වා ඔයා මගේ කට කෑවා කියලා ඊට පස්සේ තමා යුගාන්ට තද උනෙ ම්හුක් ආදරේටනේ ඉතිම් තරහ ගැස්සුවේ "

" දැන් ඉතිම් හරිද පුකේ අමාරුව !! "

තීර්ථ පොල්ලෙන් ගැහුවා වගේ තීනු ගෙන් අහද්දි තිනු තමන්ගේ මූණත් පුම්බ ගෙන අහක බලා ගත්තා . කුම්භලා මාලු කෑවා නම් විදවපන් බළලෝ කියන්න වගේ තීනු යුගාන්ව අව්ස්ස ගෙන ලොකු ගොන් කමක් කර ගත්තා ...





To be continue

_________________________________________

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම්

තීනුයි යුගානුයි බ්‍රේක් අප් උනා කතාව ඉවරයි දැන් ඔය ලමයි ගිහින් රෑට කාලා නිදා ගන්න

ගුන බුස

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

4.5K 835 21
මට මාවම අමතක කරවන මගේ හිත අනන්තයක් තරම් දුරක ගිහින් අතරමං කරවන ඔය නපුරු දුඹුරු පැහැ ඇස් ඇත්තටම භාවනාවක්.... ...
5.5K 887 15
සුදු කොල කලු කරන්න ගොඩක් අයට පුලුවන්.... ඒත් කලු කොල සුදු කරන්න හැමෝටම බෑ..... හමුවූවන් මතකයේ තියාගන්න හැමෝටම බෑ.... ඒත්, කල්හාර මලට පුලුවන් ❀❀
34.9K 799 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Koneko), best friend (Ayumu), and mom (Kaede...
53.8K 652 28
Vivian Fisher was the nicest girl you could ever meet. Everyone loved her, but this summer was different. She got quiet, stayed in her room all the t...