සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

由 ___Sky-Heart___

22.2K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... 更多

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• තුන් වන දිගහැරුම •

725 155 60
由 ___Sky-Heart___


උදේම කැම්පස් එකට ආපු යුගාන් සුපුරුදු පරිදි ලෙක්ච හෝල් එකට වෙලා බලන් හිටියේ තීනු එනකල් . පුටුවේ දිගා වෙලා කකුල් දෙකත් මේසේ උඩින් තියා ගත්තු යුගාන් සිතිජ එක්ක පොඩි කයියකට වැටුනා . ලෙක්ච හෝල් එකට තීනුගේ හොදම යාලුවා උනු තීර්ථ ඇතුලට එද්දි මේසේ උඩ තිබුනු තමන්ගේ කකුල් දෙක යුගාන් පහලට දාන ගමන් පුටුවෙන් කෙලින් උනා . තීර්ථ ආපු නිසාම යුගාන් හිතුවේ තීනුත් ඇතුලට ඒවී කියලා . ඒත් තීනු නැති නිසාම යුගාන්ගේ මූණ මැල උනා .

" ඕයි කොට බෙලෙක්කේ කෝ තීනු !! "

" ඌ අද ආවේ නැහැ "

යුගාන් තමන් හිටපු තැන ඉදලම තීර්ථගෙන් කෑ ගහලා අහද්දි යුගාන්ගේ හඩටත් නොදෙවෙනිව තීර්ථත් උස් හඩින් පිළිතුරු දුන්නා . මොකද තීර්ථගේ කැම්පස් එකේ පට්ටම උනු කොට බෙල්ලෙක්ගේ නමින් තමන්ට කතා කරනවට තීර්ථ අකමැති උනු නිසා . තීනු කැම්පස් ආවේ නැහැ කියලා තීර්ථ කියනවත් එක්කම යුගාන් වාඩි වෙලා හිටපු පුටුවෙන් ඉබේටම නැගිට්ටා . තීනු කැම්පස් ආවේ නැති විස්තිය කලින්ම දන්නවා නම් අද යුගානුත් කැම්පස් එන්නේ නැතුව ඉන්න තිබුනා .

තීනු ආවේ නැත්තේ ඇයි කියලා දැන ගන්න ඕනේ උනු නිසාම යුගාන් තීර්ථ දිහාවට ලං උනේ ප්‍රශ්න වැලක් අහන ගමන්මයි . අතුත් හරහට බැද ගෙන තමන්ගේ ඇසුත් රෝල් කරමින් තීර්ථ යුගාන් දිහා බැලුවේ කටත් ඉරක් කර ගෙන . යුගාන් කියවන් කියවන් යන විදිහට තීර්ථට තමන්ගේ බෑග් පැක් එකෙන්ම යුගාන්ට දමලා ගන්න නොහිතුනාමත් නෙමේ .

" මොකද ඕයි ඔහොම බලන් ඉන්නේ කියනවකෝ එයාට මොනවද උනේ ? ඇයි අද කැම්පස් ආවේ නැත්තේ ? තීනු බබාට අසනීපයක් වත් හැදිලද ? නැත්තම් වෙන මොකක් හරි දෙයක්ද ? එයාට කරදරයක් නෑනේ ? ආර්ර්ර්හ්හ් කියපන්කෝ වොට්ටෝ කටේ පිට්ටු ඔබලා වගේ ඉන්නේ නැතුව !! "

" ආපූ උබත් අනේ මන්දා බං මම විහිලුවක් කලේ ඌ අද කැම්පස් ආවා .. ලයිබ්‍රි එකෙන් මොකක්දෝ පොතක් අර ගන ඕනේ කියලා ඌ ලයිබ්‍රි එකට ගියා තව ටිකකින් එයි ඕකා .. ඒක නිසා බොරුවට නහින්නේ නැතුව ඉදපන් !! "

තීර්ථ බොරුවක් කිව්වත් යුගාන් නම් තීනු ගැන ගොඩක් වද උනා . යුගාන් කැම්පස් එන්නේ තීනු නිසා ඒ ඇවිත් ඉගෙන ගන්නෙත් තීනු නිසා මොකද යුගාන් දැනන් හිටියා තමන් රස්තියාදු ගහන එකට වගේම රණ්ඩු වලට පටලැවෙනවට තීනු පොඩ්ඩක් වත් කැමති නැති වග ඉතිම් යුගාන් තීනු නිසාම වෙනස් වෙන්න උත්සාහ කලා . යුගාන්ගේ බෙරි වෙලා තිබුනු මූණ පුරාම මල් මල් හිනාවකින් පිරිලා ගියා ඒත් යුගාන්ට තීර්ථ එක්ක පොඩ්ඩක් තරහා ගියේ මුලින්ම තීර්ථ තමන්ට බොරුවක් කියපු නිසා .

" මේ උබ මගෙන් මැරුම් කනවා ගස් බල්ලා ඊලග පාර ඔය වගේ විහිලු කරොත් හරිද !! "

" උබ මට අතක් හරි ඉස්සුවොත් මම තීනුට කියනවා ආයේ ඉතිම් උබටමයි හොදේ කෙලවෙන්නේ "

තීර්ථ මහ කුපාඩි හිනාවක් දාලා කියද්දි යුගාන් තීර්ථට රවන ගමන් අහක බලා ගත්තා . තීර්ථ සාමාන්‍යයෙන් පණ්ඩිතකම් කියවන නිසා යුගාන්ට නම් තීර්ථව එච්චර දිරෙව්වේ නැහැ තීර්ථ සමහර වෙලාවට යුගාන්ට හෙන ලොකු සීන් දාගෙන ආවත් යුගාන් ඒ සේරම දේවල් ඉවසන් ඉන්නේ තීනු නිසා මොකද තීර්ථගේ වැඩේ උඩේ යුගාන් තමන්ට බැන්නත් ඒකත් දෙක කරලා තීනුට කියලා යුගාන්ට ගස්සපු එක .

ගුටි කන එක යුගාන්ට ගානක් නොවුනත් තීනුව තරහ කර ගන්න එක නම් යුගාන්ට කර ගන්න ඕනේ වුනේ නැහැ . මොකද දැනට මත් තීනු පොඩ්ඩ ඇත්තම් තමන් එක්ක එල්ලි එල්ලි එද්දි ඕනේ නැති දේවල් කරන්න ගිහින් තියෙන හොදත් නැති කර ගන්න ඕනේ නැති නිසා . යුගාන්ගේ ඇගේ වැදී ගෙනම තීර්ථ තමන්ගේ මේසෙන් බෑග් එක තියලා පුටුවෙන් වාඩි උනේ තමන්ගේ ෆෝන් එකත් අතට අර ගන්න ගමන් .

තීර්ථ දිහා ඇස් හීනි කරලා බලපු යුගාන් තීර්ථගේ කකුලත් පාග ගෙනම ආයෙම සිතිජ හිටපු තැනට ඇවිත් වාඩි උනා . යුගාන්ටත් බැන බැන තීර්ථ තමන්ගේ සපත්තුව අතින්ම පිහිදාද්දි සිතිජගේ නපුරු බැල්මත් තීර්ථ දිහාවට යොමු උනා . සිතිජත් තමන් දිහා බලන් ඉන්නවා කියලා තේරුනු නිසාම තීර්ථ තමන්ගේ තොල් තද කර අහක බලා ගත්තා . ඇත්තටම කිව්වොත් තීර්ථ යුගාන්ටත් වඩා සිතිජට ගොඩක් බය උනා .

" තීනු නිසා ඉවසන්නේ නැත්තම් අරූ මගෙන් මැරුන් කාලා මෙලහටත් "

" උබ කැමති නම් මට පුලුවන් මගේ කොල්ලො සෙට් එක දම්මලා ඌට ගස්සන්න "

" එපා බං අන්තිමේදී තීනුගේ හිත නරක් වෙයි එයා කොහොමත් මට කැමති නෑනේ ඔය මගුල් වලින් වෙන්නේ එයාට තවත් එපා වෙන එක "

" තීනුට හොරෙන් ගහමු අනික පීඨේ කොල්ලෝ ටිකකුත් ඉන්නවා මම අදුරන ගේමක් දෙන්න කතා කලොත් උන් ඕන වෙලාවක එයි "

" අහක යන නයි රෙද්ද අස්සේ දා ගන්න ඕනේ නැහැ බං අනික ගැරඩි පැටව් මරලා පව් පුරව ගන්නේ මොන එහෙකටද ? "

" ඒකත් ඇත්ත හැබැයි "

සිතිජ තීර්ථට ගේමක් දෙන්න යුගාන් එක්ක කතා කලත් යුගාන් ඒකට අකමැති උනේ තීනු නිසාමයි . කොල්ලෝ දෙන්නගේ කතා බහ අතරෙම පොත් ටිකකුත් බදා ගෙන ලෙක්ච හෝල් එකට ආවේ තීනු . තීනුව දැකපු ගමන් ඇඹලයා ගැහුවා වගේ යුගාන් කෙලින් වෙලා හෙන පැණි බේරෙන හිනාවක් දැම්මා . තීනු රෝස පාට ශර්ට් එකක් ඇදලා හිටපු නිසා යුගාන්ට නම් අද තීනුව පෙනුනේ ගොඩක් හුරතල් විදිහට .

තීනුගේ ලස්සන හුරතල්කම දරා ගන්න බැරුව යුගාන් ලග හිටපු සිතිජගේ අත තදින් මිරිකද්දි සිතිජ යුගාන්ව අහක තල්ලු කලේ තව ටික වෙලාවක් ගත උනොත් යුගාන්ගේ අතින් තමන්ගේ පතිවත පවා කෙලෙසෙන්න ඉඩ තිබුනු නිසා . තමන්ගෙ අතේ තිබුනු පොත් ටික මේසෙන් තියලා බෑග් එක පුටුවෙන් තියපු තීනුගේ කනට ලග හිටපු තීර්ථ මොනවදෝ මුමුණන්න ගත්තා .

පිටි පැස්සේ හිටපු යුගාන් මේ දිහා උගුඩු ඇහැ දාගෙන බලන් හිටියේ තීර්ථයා මොකක් හරිම ගින්නක් අව්ලන්න යනවා කියලා තමන්ගේ වම් කනට යාන්තමින් තේරුන් ගිය නිසා . තීර්ථ කියන දේවල් අහන අතරෙම තීනුගේ ඇස් මුලු ලෙක්ච හෝල් එක පුරාවටම ගියා . අවසානයේ තීනුගේ ඇස් පිටි පැස්සෙම ඉන්න යුගාන් ගාවින් නතර වෙද්දි තීනු ගෙත් යුගාන් ගෙත් ඇස් එකිනෙක පැටලැවුනා .

ඒ ක්ෂණිකෙන් තමන්ගේ ඇස් යුගාන් ගෙන් අහකට ගත්තු තීනු තවමත් ඉවරයක් නැතුව තමන්ගේ කනට රහස් කොදුරන තීර්ථගේ කතාවට කන් යොමුවා . තීර්ථ තමන්ගේ කුචු කුචුව නතර කරද්දි තීනු තීර්ථ එක්ක හිනා වෙලා ලෙක්ච හෝල් එකෙන් එලියට ගියා . තීනු එලියට යනවා දැකපු යුගාන් ලග හිටපු සිතිජවත් තල්ලු කර ගෙනම තීනු ගේ පස්සෙන් දිව්වා .

තවමත් තීනු කොරිඩෝවේ මගක් හරියේ හිටපු නිසාම යුගාන් දුවලා ගිහින් තීනුගේ අතින් අල්ලලා තීනුව නතර කර ගත්තා . යුගාන්ගේ ස්පර්ශයෙන් තීනු එක පාරින්ම යුගාන් දිහා හැරිලා බැලුවා . තවමත් යුගාන් තීනුගේ අතින් අල්ල ගෙන හිටපු නිසාම තීනු යුගාන්ගේ අත ගසලා දාලා තමන්ගේ අත් හරහට බැද ගත්තා . ඒ මූණ පුරාවටම තිබුනේ පොඩි උද්දච්ච බවක් .

" අද මගෙ හොර බඩු කෑල්ල රෝස පාටින්ම ඇදන් කැම්පස් ආවේ බාබි බලන්න ගිහින් එන ගමන්ද "

" මෝඩ කතා කියන්න එපා මෝඩයෝ අනික මට හොර බඩු කෑල්ල කියන්න එපා ඕනෙම නම් කලින් වගේ තීනු බබා කියන්න "

අන්තිම කෑල්ල ඇහෙන නොහෙන ගානට තීනු මුමුණද්දි යුගාන්ගේ මූණට ඉබේම හිනාවක් ආවා .

" මම ඔයාට තීනු බබා කියනවට ඔච්චරටම ආසයි නම් කෙලින් කියනවා ඒත් ඔය වගේ බොරු කතා කියලා හැංගෙන්නේ නැතුව "

යුගාන් තීනුගේ නලලට ඇගිල්ලෙන් අනින ගමන් කියද්දි තීනු යුගාන්ට හැටට හැටේ රවන්න ගත්තා

" යනවද යන්න පාඩුවෙ මගෙන් ගුටි නොකා "

තීනු යුගාන්ට අතත් දික් කර කර මූණත් පුම්බන් බනිද්දි යුගාන් දිවෙන් තමන්ගේ කම්මුල් තෙරපන්න ගත්තා . තීනුට තරහා ගියාම තීනුගේ කන් රතු පාට වෙනවා හැබැයි එහෙම වෙද්දි තීනු ගෙන් පේන්නේ බය හිතෙන විදිහේ ලුක් එකක් නම් නෙමේ ගොඩක් හුරතල් විදිහේ සොෆ්ට් ලුක් එකක් . යුගාන්ගේ අතටත් පාරක් ගහන ගමන් තීනු තාමත් මොනවදෝ මන්දා කිය කිය යුගාන්ට බනින්න ගත්තා .

" සිරාවටම කියන්නේ තීනු බබා තමුසේ ඔහොම කේන්ති අරන් කෑ ගහද්දි මාරම හුරතල් ඕයි !! මට තමුසෙව හපලා හපලා කන්න හිතෙනවා "

" දෙකට නැවිලා හපලා කාපන් තොගෙ එක මගෙන් අසභ්‍ය වචන අහ ගන්නේ නැතුව ඉන්නවා යුගාන් !! "

" ශික් තමුසෙගේ කතා විලාසය නම් හරිම අසික්කිතයි තමුසෙ ටීච කෙනෙක්ගේ පුතෙක් කියලා වත් කියන්න බැහැ "

" අනේ මේ තමුසේ හරියට හැදිච්ච එකානේ "

තීනු යුගාන්ට ඇද කරද්දි යුගානුත් තීනුට ඇද කලා . තීනුගේ අම්මා රජයේ ඉස්කෝලෙක සිංහල ගුරුවරියක් තාත්තා නම් ප්‍රයිවට් කම්පැනි එකක මැනේජර් කෙනෙක් . තව තීනුට අවුරුදු දහ හතක පූජා මන්දාරමී කියලා පොඩි නංගි කෙනෙකුත් හිටියා . තීනුගෙ අම්මයි තාත්තයි තීනුට කොච්චර හොදට ඉගැන්නුවත් තීනුගේ වාචාල කට හදන්න නම් එයාගේ දෙමව්පියන්ටත් තවම බැරි උනා .

හැබැයි තීනු ගෙදර හැසිරෙනවටත් වඩා කැම්පස් එකේදී තවත් තිරිසන් විදිහට හැසිරෙනවා කියලා තීනුගේ අම්මා දැන ගත්තා නම් අනිවාර්යයෙන්ම තීනුව හම ගහලා කොට්ට මෙට්ට මහලා පිට කොටුවේ පේමන්ට් එකේ තියලා විකුණන්න උනත් තිබුනා . ඒත් කැම්පස් එකේදීත් තීනු ප්‍රොෆිසෙර්ලගේ හිත දිනා ගෙන වැඩ කරපු නිසා තීනු ගැන නරක කිසිම දෙයක් තීනුගේ අම්මගේ කනට ගියේ නම් නැහැ .

" දැන් මොකද කියනවා තකහනියක් දුවගෙන ඇවිත් මාව නතර කලේ ? "

" අහ් හොද වෙලාවට මොලේ තියෙන ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ "

යුගාන් තමන්ගේ සාක්කුවේ දාගෙනම හිටපු පොඩි කාඩ් එකක් වගේ එකක් අතට අරන් තීනු දිහාවට දික් කලා .

" මේ මොකක්ද මේ "

" හෙට මගේ බර්ත්ඩේ එක නිසා තාත්තා ලොකු පාර්ටි එකක් ඇරේජ් කරලා මේක තමුසෙගෙ invitation card එක අනිවාර්යයෙන්ම එනවා "

" මට නම් එපා ඔය Invitation card මම කොහොමත් ඔය පාර්ටි එකට එන්නේ නැහැ "

තීනු අඩුම ගානේ කාඩ් එක අතට ගන්නේ වත් නැතුව කියද්දි යුගාන්ට නම් ටිකක් විතර තරහත් ගියා .

" අනේ ඕයි මේ තමුසෙ හෙට පාර්ටි එකට එන්නම ඕනේ නැත්තම් මම තමුසෙට හොද වැඩක් කරනවා හෙට හවස හය වෙද්දි මම තමුසෙගෙ ගේ ගාවට එනවා ඒ එද්දි තමුසේ පාර්ටි එකට යන්න රෙඩි වෙලා හිටියේ නැත්තම් බලා ගමු !! මාව තරහ ගස්සන වැඩ විතරක් කරන්න එපා මොකද මම කැමති නැහැ මගේ තීනු බබාට වචනෙකින් වත් රිද්දන්න ඒක නිසා තමුසේ හෙට එන්නම ඕනේ තේරුනාද ?!! "

යුගාන් උස් හඩකින් තරමක් විතර සැර කිරීමකියන් තීනුගෙන් අහද්දි තීනු මූණත් බෙරි කර ගෙන ඔව් කියන්න වගේ ඔලුව වැනුවා . යුගාන්ගේ සමහර වචන වලින් පිට යන්න තීනු ඇත්තටම බය උනා මොකද තීනු නොදන්නවා නෙමේ යුගාන්ට තරහා ගියාම මොන වගේ කෙනෙක්ද කියලා ඉතිම් අකමැත්තෙන්ම හරි හෙට යුගාන්ගේ බර්ත්ඩේ පාර්ටි එකට යනවා ඇරෙන්න තීනුට වෙන කරන්න පුලුවන් දෙයක් නම් තිබුනේ නැහැ .

" ඔතන Invitation card දෙකක්ම ඇති එකක් තමුසෙගෙ අර කොට බෙලෙක්ක යාලුවට දෙනවා .. ඌත් ආවම තමුසෙට පාලුවක් නැති වෙයි "

එහෙම කියන ගමන්ම යුගාන් තමන්ගේ අතේ තිබුනු කාඩ් දෙක තීනුගේ අතින් තිබ්බා . තීනු මුකුත්ම නොකියා ඒ කාඩ් දෙක තමන්ගේ අත් අතර ගුලි කර ගත්තා .

" දැන් ඉතිම් යන්න ගියපු තැනක යනවා මම ආවේ ඕක දෙන්න විතරයි "

" යනවා තමා මෙතන පැල වෙන්න ආවේ නැහැ !! "

තීනු යුගාන්ට ගස්ස ගෙනම කොරිඩෝව දිගේ ආපහු යද්දි යුගාන් තමන්ගේ තොල් අතර සිනහවක් රදව ගෙන තීනු යන දිහා බලන් හිටියා . යුගාන්ට තේරෙන්නේ නැහැ තීනුට කොහොම නම් ආදරේ දෙන්නද කියලා ඒත් යුගාන් දැනට මත් හැම විදිහකින්ම තමන්ගේ ආදරේ තීනුට දීලා තිබුනා . ඒත් අවාසනාවකට තීනුට ඒ ආදරේ දැනුනේ නම් නැහැ !!

කොරිඩෝවෙන් තීනු නොපෙනී යද්දි යුගාන් ආයෙත් ලෙක්ච හෝල් හෝල් එකට ආවා ඒ එද්දි නම් සිතිජ මේසෙට ඔලුව තියා ගෙන හොදටම නිදි . කොහොමත් හැම ලෙක්ච එකකම වගේ සිතිජ කලේ හොදට සැපෑන් එකේ නිදා ගත්තු එක හැබැයි ඒ හැම ලෙක්ච එකකම නෝට්ස් ටික හෝල් එකේ හිටපු කෙල්ලො ටික නම් ගානට සිතිජගේ පොතේ ලියලා තිබුනා . ඒක නිසා සිතිජය බය වෙන්න කිසිම උවමනාවක් තිබුනේ නැහැ .

විනාඩි විස්සක් විතර ගත වෙලා යද්දි තීනු ආයේ ලෙක්ච හෝල් එකට ඇවිත් තීර්ථ ගාවින්ම වාඩි උනා . ඒ ආපු වෙලේ ඉදන් තීර්ථයි තීනුයි කලේ කියවපු එක . යුගාන් තමන්ගේ බර්ත්ඩේ පාර්ටි එකට එන්න කියලා දීපු invitation කාඩ් දෙකෙන් එකක් තීර්ථට දීපු තීනු කොරිඩෝ එකේදී සිද්ද උනු හැම දෙයක්ම තීර්ථට කිව්වා . ඒ අතර තුර ලෙක්ච හෝල් එකට ප්‍රොෆිසෙර් එද්දි හැම කෙනෙක්ගෙම කසු කුසුවන් නතර උනා .

යුගාන් නම් කොහොමත් ලෙක්චස් අහන් ඉන්න කෙනෙක් නෙමේ වටේ ඉන්න උන්ට වද දිදී අවදානය ඉල්ල ගන්න පොරක් . ලෙක්ච එක මැදදි යුගාන් තීනුට චිට් යව යව වද දෙන්න ගත්තා ඒත් තීනු නම් යුගාන් තමන්ට එවන කිසිම චිට් එකකට රිප්ලේ යවන්න නම් ගියේ නැහැ . තීනු තමන්ව ගානකට වත් ගත්තේ නැති නිසා යුගාන් මුලු ලෙක්ච එක පුරාවටම කලේ තීනු දිහා බලන් හිටපු එක .

තීනු නම් හරි හරියේ නෝට් ලිය ලිය බරටම වැඩ ඒත් යුගාන් නම් ආසාවට වත් පොතක් දිග ඇරලා තිබුනේ නැහැ . ලෙක්ච එක ඉවර වෙන්න ලං වෙලා තිබුනු නිසාම යුගාන් නම් හිටියේ මාරම හැපි එකේ මොකද යුගාන්ට ඕනේ උනා අදත් ලෙක්ච එක තමන්ට නොතේරුනා කියලා තීනුට වද දීලා කොහොම හරි මුලු ලෙක්ච එකම තීනුට කියලා කවර් කර ගන්න .

ලෙක්ච එක ඉවර වුනු සැනින්ම ප්‍රොෆිසෙර්ත් යද්දි හෝල් එකේ හිටපු ලමයිනුත් එක්කෙනා දෙන්නා යන්න ගත්තා . සිතිජ නම් තාම නිදි . තීනු තමන්ගේ බෑග් එකට පොතුත් දාගෙන බෑග් එකත් එල්ල ගෙන තීර්ථ එක්කම ලෙක්ච හෝල් එකෙන් එලියට යන්න හදද්දි යුගාන් තමන්ගේ බෑග් එකත් කරේ දාගෙන ඉක්මනින් ඇවිත් තීනුව නතර කර ගත්තා . තීර්ථට නම් තේරුනා යුගාන් අදත් තීනුව තියා ගන්න හදන්නේ කියන වග .

" තීනු බබා මට අද ලෙක්ච එක තේරුනේම නැහැ අනේ ඔයාට පුලුවන් ද මට ආයේ කියලා දෙන්න "

" චිට් කෑලි එව එව මටත් වද දිදී මුලු ලෙක්ච එක පුරාවටම මගේ දිහා බලන් හිටියම ලෙක්ච එක නොතේරෙන එක අහන්නත් දෙයක්ද ? "

" හරි ඉතිම් ඕකට ඔච්චර කෑ ගහන්න ඕනේ නෑනේ මට කියලා දෙනවද "

" හරි මල වදේ කියලා දෙන්නම් "

යුගාන්ගේ අමුතු නැලවිල්ල තීනුට වැඩිය ඇල්ලුවේ නැති නිසාම අදත් තීනුට සිද්ද උනා මුලු ලෙක්ච එකම යුගාන්ට කවර් කරලා දෙන්න . තීර්ථ නම් තරහින් පිම්බිලා හිටියේ අදත් තමන්ට තනියම ගෙදර යන්න සිද්ද වෙන නිසා .

" තීනු එතකොට උබ අද මාත් එක්ක යන්න එන්නේ නැද්ද ? "

" පේනවනේ බං කොහෙ එන්නද උබ පලයන් මම පස්සේ එන්නම් "

" උබ ඕන මගුලක් කර ගනිම් මම යනවා "

" ඉතිම් පලයන්කෝ උබ ඉන්නවට මම කොහොමත් කැමති නැහැ "

තීර්ථ කියපු දේට යුගාන් මැද්දෙන් පැනලා හොද දෙකක් කියද්දි තීර්ථ තීනුටයි යුගාන්ටයි දෙන්නටම ගස්ස ගෙන ලෙක්ච හෝල් එකෙන් ගියා . යුගාන්ට නම් ගානක් නැති උනාට දැන් තීනු එපැයි තමන්ගේ හොදම යාලුවව යාලු කර ගන්න .

" මේ තමුසේ තීර්ථට අනන් මනන් කියන්න එන්න එපා අද උදෙත් මොනාදෝ කියලනේ තීර්ථ මට කිව්වා හරිද !! "

" අම්මෝ අරූ එහෙනම් ගෑණි වගේ දාගෙන රහස් කිව්වේ ඒකයි එහෙනම් "

" යුගාන්න් !! තමුසෙ මගෙන් ගුටි කනවා හරිද පාඩුවේ ඉන්නවකෝ තීර්ථ එක්ක පැටලැවෙන්නේ නැතුව "

" ඌත් එක්ක පැටලෙන්ම මට හරි වැඩේනේ !! අනේ නිකන් ඉන්නවා "

" පුහ් !! එනවා යන්න හැමදාම එනවා මෙතන මට වද දෙන්න !! "

යුගාන්ට බනින ගමන්ම යුගාන්ගේ අතින් අල්ල ගත්තු තීනු යුගාන්ව ඇද ගෙන ආවේ ලයිබ්‍රි එකට . සුපුරුදු විදිහට අදත් ලයිබ්‍රි එක කෙලවරේ තියෙන මේසෙන් දෙන්නම වාඩි උනා . තීනු කොච්චර යුගාන්ට පාඩම ගැන පැහැදිලි කලත් යුගාන් නම් ඒ කිසිම දෙයක් තමන්ගේ ඔලුවට ගත්තේ නැහැ මොකද යුගාන්ගේ ඔලුව පුරාම හිටියේ තීනු විතරයි ! ඉතිම් යුගාන් කොහොමද ඒ ඔලුව ඇතුලේ තියරීස් පුරව ගන්නේ .

යුගාන් පාඩම අහන් ඉන්නේ නැති නිසා තීනු තමන්ගේ පැන්සල් පෙට්ටියෙන් කීප වතාවක්ම යුගාන්ට ගැහුවා තීනුගෙන් ගුටි කනවා ඇරෙන්න යුගාන් පාඩම අහන් හිටියේ නම් නැහැ . බැරිම තැන තීනු යුගාන්ට නෝට් එක ලියන්න කිව්වත් අදත් යුගාන් විකාර හේතුවක් කියලා තීනුට කියලම නෝට් එක ලියා ගත්තා . හැම දවසක් වගේම අද දවසත් ගෙවුනේ යුගාන් තීනුව තරහ ගස්සලා ....

To be continue

______________________________________________

Update ගෙනාවෝ

ආයේ චුට්ටක් පරක්කු වෙයි Update ගේන්න

අද කොටස කොහොමද ඉතිම්

මං නංගියෙක්ට කියලා කවර් එකක් හදා ගත්තා අනේ එයා හරි ලස්සනට ඒක හදලා තිබුනා ❤️


Thank u so much Freya_Celestie පැටියෝ ඒක හරිම ලස්සනයි ❤️

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

繼續閱讀

You'll Also Like

1.8K 244 7
දගකාර මුරන්ඩු හිත් දෙකකුයි දඩබ්බර ආදරනීය හිත් දෙකකුයි එකතු උනොත්...ඒක කොයි වගේ තියෙයිද..♡ මේ එයාලගෙ කතාව♡ ʏɪᴢʜᴀɴ ᴛᴏᴘ- ʏɪʙᴏ ʙᴏᴛᴛᴏ- ᴢʜᴀɴ ᴛᴀᴇᴋᴏᴏᴋ ᴛᴏᴘ...
1.9K 298 3
හැම ලස්සන මලක්ම පිපෙන්නෙ වසන්තෙට නෙවෙයි මන්ධාර........ සමහර මල් තියෙනවා අවාරෙට පිපෙන......... වසන්තෙට පිපෙන මල් වලටත් වඩා ලස්සන....... පිපෙන්න ඕනි කා...
3.4K 656 4
" ඒ බන් ටේ..." " කියපන් ශාන්" " අපේ කොල්ලො දෙන්නගෙන් බොටම් එකා කවුද?" " මටත් හිතාගන්න බෑ බන්...යිබෝ නේද බොටම්" " නෑ මගේ කොල්ල බොටම් නෙවෙයි...ජන්කුකා...
141K 1.1K 29
Edit : I'm not taking anymore requests for any ship for sometimes, I'll tell you wheb I'll open it again This book is dedicated for writing Enhypen...