මිතුදමෙන් එහා

بواسطة lyz_8105

33.5K 5.6K 368

ස්ටේජ් එක මැද්දෙ ගිටාර් එක ප්ලේ කරන ගමන් සිංදුව කියන එයාගෙ ඇස් කෙලින්ම තිබ්බෙ මගෙ දිහාවට....ඒ ඇස් දිළිසෙනවා... المزيد

01
02
03
04
05
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22

06

1.3K 253 16
بواسطة lyz_8105

සූරියකාන්ත මල 🌻

සූරියකාන්ත කියන්නෙ මලක් විතරක් නෙමෙයි,
ඒක හැඟීමක්..

නිල්ම නිල් පාට අහසක් යට, ඇස් පුන්චි කරලා කවදාවත් හිමි නොවෙන, ඉර දිහා බලන් ඉන්න හැඟීමක්..

කිසිදිනක හිමි නොවෙන බව දැන දැනම, කිසිවක් බලාපොරොත්තු නොවීම ආදරේ කරන හැඟීමක්..

උත්සහය අත් නොහැර,  කවදා හරි මිලින වන තෙක්ම,  නොඑන කෙනෙක් වෙනුවෙන් මග බලන හැඟීමක්...

චණ්ඩ හිරු තාප දරාගෙන, සිනිදු මල් පෙති පරවුනත්, සදාකල් නොවෙනස්ව පවතින හැඟීමක්...

ඉතිං ,

සූරියකාන්ත මල කියන්නෙම
තනියෙන් ආදරේ කරන හැඟීමක්..

සරලවම කීවොත්,
ඒකපාර්ශ්වික ප්‍රේමයක් ගැන කතාවක්...

   

"අඩේ වතීෂ්....ඒකෙ ලස්සන....තමුසෙද ලීවෙ ඕයි....ඔයාට ලස්සනට ලියන්න පුලුවන් වතීෂ්....මේ ඇත්තමයි...."

"...."

"හෑ පොඩ්ඩක් හිටහන්...මේ උඹට වන්සයිඩ් ලවක් වත් තියෙද....කියපන්....කියපන් මට බෙල්ල මිරිකන්න කලින්....මොකීද මොකීද ඒකි....ආයිෂ් මට කේන්ති යාගෙන එන්නෙ ඕන්...."

"මොන කෙල්ලොද බන්....මැරෙන්නැතුව හිටපන්....ඕක මම නිකමට ලීවෙ..."

"ඒක මිසක්....මනමාලකම් කරන්නැතුව ඉගෙනගනින්...."

"ඇයි යුවේන් උඹට ඊරිසියද මම කෙල්ලෙක්ට දාගත්තොත්...."

"අනේ වැඩේමයි....උඹ එකක් බැයිනම් පනහක් දාගනින් මට මොකද බලන්න....හැබැයි උඹෙයි මගෙයි යාලුකමේ වෙනසක් උනොත් අන්න එදාට තමා මං උඹෙ බෙල්ල ගලවන්නෙ...."

පොලිටිකල් පොත පිටිපස්සෙ මම ලියපු නිසඳැසක් එයාට අහුවෙලා....උඹ දන්නෑ බන් මගේ ඒකපාර්ශ්වික ආදරේ වෙන කවුරුත් නෙවෙයි උඹමයි කියල....

කෙනෙක් අහයි ඇයි ඉතිං නොකියා ඉන්නෙ කියල....කෙනෙක් කියයි ඔයාගෙ හැඟීම් එයාට කියල බලන්න කියල....

ඒත්....

පාඩම් පොතේ සුවඳ
අකුරින් ලියා දුන්
උන්මාද ගීතේද ගැයුවේ ඔයා...
ඒ පොත් කොනේ ලියුව
හසුනත් ඔයාටයි
මේ පෙම් හැඟුම් නැද්ද
දැක්කේ ඔයා...




𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹


නිසඳැස උපුටාගන්නා ලද්දක් බව කරුණාවෙන් සලකන්න....

واصل القراءة

ستعجبك أيضاً

11.7K 914 21
မြောက်အရပ်က အလင်းဆုံးကြယ်ဟာ ဘာလဲလို့ မေးရင် လူတိုင်းက ဓူဝံကြယ်လို့ ဖြေကြလိမ့်မယ်။ ဒါဆို တောင်အရပ်က ကြယ်ကိုရော ခင်ဗျားတို့ သိသလား ? Start Date - 4/ 11...
22.6K 3.1K 19
එකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්...
819K 7.5K 21
အလြန္ရိုင္းပါတယ္ ဘာဗဟုသုတမွမရွိပါဘူး ကိုယ္စိတ္ကိုႏႈိင္ေအာင္ထိန္း wattpad ကိစၥ wattpad မွာထားခဲ႔ ဖင္မယားနဲ႔ ok အသက္မျပည့္ေသးရင္ ေဝးေဝးေဂ်ာင္း not for...
966 88 16
උඹ කවද්ද ඔය අරක්කු බොන එක නවත්තන්නේ... උබ cigarettes බොන එක නවත්තපු දවසට ....