අමාවක සඳ 🌙 Ongoing

بواسطة YUNHEE8431

12K 1.3K 240

⁣ඔබේ අදුරු ලොවට එළිය වී පැමිණියෙමි... المزيد

Soon...🍁
0️⃣1️⃣ දිගහැරුම
0️⃣2️⃣ දිගහැරුම
0️⃣3️⃣ දිගහැරුම
0️⃣5️⃣ දිගහැරුම
0️⃣6️⃣ වන දිගහැරුම
0️⃣7️⃣ වන දිගහැරුම 🥀
0️⃣8️⃣ වන දිගහැරුම
0️⃣9️⃣ වන දිගහැරුම
1️⃣0️⃣ වන දිගහැරුම
1️⃣1️⃣ වන දිගහැරුම
1️⃣2️⃣ වන දිග හැරුම
1️⃣3️⃣ වන දිග හැරුම
1️⃣4️⃣ වන දිගහැරුම
1️⃣5️⃣ වන දිගහැරුම
1️⃣6️⃣ වන දිගහැරුම
1️⃣8️⃣ වන දිගහැරුම ❃
1️⃣9️⃣ වන දිගහැරුම ❃
2️⃣0️⃣ වන දිගහැරුම
2️⃣1️⃣ වන දිගහැරුම ❃
2️⃣2️⃣වන දිගහැරුම ❃
2️⃣3️⃣ කොටස
2️⃣4️⃣ කොටස
25 කොටස

1️⃣7️⃣ වන දිගහැරුම

297 46 10
بواسطة YUNHEE8431

             🍁🍁🍁🍁

" තුහින නිලස් වීරසිංහ ..!!! "


" ඩොක්ටර් ? "


" ඔයාද තුහින "


" මගේ යාළුවා ඩොක්ටර් ...
එයා වෙෂ්රෑම් එකට ගියා "



" ආ... හරි එහෙනම් යාළුවාව දැන් ගෙදර එකකගෙන යන්න පුළුවන් , එයාව ඩිස්ජාර්ච් කරලා තියෙන්නේ ,
යන ගමන් OPD එකෙන් මේ බෙහෙත් ටික අරගෙන යන්න ..
යද්දී මෙතනට ඇවිත් සයින් කරලා යන්න "




" ⁣ඩොක්ටර් යාළුවාට කොහොමද දැන් ? "




" දැනටනම් එයාට මොකුත් ප්‍රශ්නයක් නැ...
එයා ෆේන්ට් වෙලා තියෙන්නේ සමහර විට හිත මොකක් හරි දේකට කලබල වෙලා වෙන්න පුළුවන් ...
එනිවේ........ අපි බලමු, ආයේ මොකුත් ආමාරුවක් තිබුනොත් අරන් එන්න "



" තැන්ක්යු ඩොක්ටර් "



" ඕකේ ! "

______


" තුහින !...... උඹ කල්පනා කරනවා "

තුහිනගේ යාළුවා ධනුක කියන්නේ තම ත්‍රිරෝද රථයේ ඉදිපස කණ්කාඩියෙන් පෙනන මිතුරා දෙස කිහිප විටක් බලලා ඉන් අනතුරුවයි ....

" එහෙම නැ බං "


" මට කියපන් තුහින මොකක් ද එකපාරටම වුනේ කියලා ,
උඹ හරියටම දවසක් සිහි නැතුව හිටියා "



" මටත් හිතාගන්න බෑ ධනා ...  එකපාරටම මොනවා වුනාද කියලා හිතාගන්න බෑ..පිස්සු හැදෙන්න වගේ ඔළුවේ කැක්කුමක් ආවා විතරයි මතක "




" අංකල් හොදටම බයවෙලා... "



" පව් තාත්තා .... එයා පොඩ්ඩක් ඇත්තන් කලබල වෙනවා "


" අංකල් හිතාගෙන ඉන්නේ උඹ කොළඹ ගිහින් ආපු මහන්සියට එහෙම වුනා කියලා ,
මාත් එක්කත් කියව කියව හිටියේ පාස්පොට් හදන්න තනියම යැව්වේ අපරාදේ කියලා ....
ඒත් ඇත්තටම පාස්පොට් හැදුවේ නුවරින් උඹ ගියේ අනුරාධපුරේ කියලා අංකල් දන්නවා නම් ???  "



" ඒ..ධනා.. තාත්තාට මේ ගැන දැනගන්න තියන්න එපා "



" පිස්සු ද ය|කෝ ! "


" මේ ඒකනෙවේ , සෙල්වමි⁣ගේ කඩෙන් උණු උණුවේ එළකිරි එකක් බීලා යමුද සීතල යන්නත් එක්ක "



ත්‍රිරෝද රථයේ දෙපසින් ගලා එන සීතලට ,
ධනුක පවසන්නේ උරහිස් හකුලවමින් ......
තුහිනත් එය අනුමත කලේ දැනටමත් සීතල වු ගත උණුසුම් කිරීමේ අවශ්‍යතාවය ඔහුට තදින්  දැණුන නිසා....

ඇටමිදුළු පවා හිරිවට්ටන සීතල...
තූනී මිදුමක් ඒ වෙද්දී  බණ්ඩාරවෙල වහගෙන තිබුනා,
සෙල්වමී ගෙනත් දුන්න කිරි වීදුරුව ,
තුහින අත්දෙකන්ම ගත්තේ ඒ නිසයි....

කිරිකෝපි එක උගුරෙන් උගුර පහලට යද්දී ......
තුහිනට දැනුනේ මුළු ඇගම උණුසුම් වෙනවා ,


" තු..හි..න "



" ම්..?  "

ඕ ඇස් ඉස්සුවේ ධනුකගේ හඩට...

" තුහින කියලා කිවේ "



⁣" මං කිව්වේ , අර තේ ගස්වල තියන පිණිවලට "

ධනුක කියන්නේ පොල් අතු පැලට එහායින් තියන තේගස් යායා පෙන්නලා හිනාවෙන ගමන්....


"  විකාරද බං ? "



" ඒකනෙවේ මං උබේන් අහන්න හිටියේ ?? "



" මොකක් ද ? "




" උබේ නමේ තියන නිලස් කියන එකේ තේරුම මොකක්ද , නම ලස්සනයි , ඒත් උඹට මැච් නැ වගේ හිතේන්නෙ නැද්ද ? "



" ඒ මගේ අයියා ! ,



" අයියා ??"




" හ්ම්..මං ඔය ප්‍රශ්නේ ඔය විදිහටම තාත්තාගෙන් ඇහුවා දවසක් "




"ඉතින් ?? "


▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔
︻︻︻︻︻︻
#අතීතයට
︼︼︼︼︼︼

" තාත්තා ! "



" ම් ? "


" ඇයි මගේ නමට නිලස් කියල තියෙන්නේ ?
ඉස්සර ඉදන් මගේ ක්ලාස් එකේ යාළුවෝ පවා ඕක මගේන් ඇහුවා "


" ඒ ඔයාගේ අයියා නිසා "



" අයියා නිසා.."




" ම්.... ඔයාලා ටුවින්ලා වුනාට, ඔයාගේ අයියට තිබුණේ නිල්පාට හරි ලස්සන ඇස් දෙකක් .....
ඔයාලා වෙන් කරන්න වුන එක ගැන අම්මා හැමදාම දුක් වුනා...
එයාට ඕනි වුනා ඔයා ළඟ එයා ඉන්න, එත් කරන්න දෙයක් නැති වෙද්දී අම්මම තමා කිව්වේ ඔයාට මේ නම ඔයාට දාන්න ඔිනි කියලා

එයා කිව්වේ .... ඔයාගේ නමේ හරි අයියා ජිවත් වෙන්න ඕනි කියලා "



" අයියත් මං වගේම ද ? "


" එයත් ඔයා වගේම ඇති දරුවෝ .. ඉපදිලා දවස් ගානෙන් කවුරු වගේද කියල කියන්න බැනේ "



" ම..ට   මට අයියාව හොයාගන්න ඕනි තාත්තා "


" තුහින ... පුතේ ! "



" බයවෙන්න එපා තාත්තා !  මං කවදාවත් ඔයාලා දාලා එයාලා ලගට යන්නේ නැ...
ඒත් මට ආසයි අයියව දකින්න "



" ඔයාගේ අම්මා නැති වෙනකන් මං මේ රහස හැංවේ ඔයාව අපිට නැති වෙයි කියලා "




" මං කිව්වනේ තාත්තා ..... මගේ අම්මයි තාත්තායි ඔයා මිසක් මාව ඇතැරලා ගියපු ඒ  අය නෙවේ,
ඒත් මං දන්නවා මගේ අයියා කිසි වරදක් කරලා නැ..."




" එයාලා කොහේ ඉන්නවාද, මොනවා කරනවාද කියලවත් අපි දන්නේ නැ...
හොයනවා කියන එකත් මං හිතන්නේ නැ පහසු වෙයි කියලා "

▁▁▁▁▁▁▁▁▁▁

   ︻︻︻︻︻︻
#වර්ථමානයට 
   ︼︼︼︼︼︼

" තාත්තා කියපු විදිහට ..... මගේ අයියට තිබිලා තියෙන්නේ ලස්සන නිල් පාට ඇස් දෙකක්ලු,
අම්මට එයාව මතක් කරලා මගේ නමට ඒ නම තියලා තියෙන්නේ ....


" එතකොට උ|ඹ ගියපු ගමන   ? "




" කිසි දෙයක් හොයාගන්න බැරි වුනා ධනා... අඩුම හොස්පිටල් එකේවත් විස්තරයක් නැ "

තුහිනගේ හඩේ තිබුණේ බලාපොරොත්තු බිඳුන හඬක්..
තුහින එයාගේ සහෝදරයා හොයන්නේ අද ඊයෙක ඉදලා නෙවේ,
තුහින ඉන්නේ ලොකු වේදනාවක කියලා ධනුක දන්නවා ..

දන්න කාලේ ඉදලා තමන්ගේ එකම මිතුරා තුහින...
ධනුක පුළුවන් විදියට ඔහුට උදව් කරන්නේ ඒකයි,


" මට මහ අමුත්තක් දැනේනවා ධනුක , මට කියාගන්න තේරෙන්නේ නැ...
කවදාවත් ඇස් දෙකට දැකලා නැති , කටහඬක් අහලා නැති එයාව මට මතක් වෙනවා,
හීනෙන් මට මාවම පේනවා..... ඒකත් මහ විකාර විදියට "




" තුහින ..... මේ අහපන් ,
උඹ ඔය ගැන හිතුවා වැඩි, ඒකයි බං ඔය......
ටික දවසකට ඕක අමතක කරලා උඹ රට යන වැඩේ ගැන බලපන් ,
හැමදාම තුට්ටුදෙකට මේ ෆාමසියේ වැඩ කරලා කවදා ගොඩ යන්නද ?
කෙහේ හිටියත් උඹේ අයියා හොදින් ඇති "


" ....... "

තුහින කලේ නිහඬවීමයි..
ඈතකට ඇස් අල්ලන් තුහින කල්පනා කරේ ඇත්තටම තම සහෝදරයා හොදින් ඇති ද කියලා ,
ඔහුත් තමා වගේම කෙහේ හරි ඉන්නවා ඇති ද ?
නැත්නම් සැබෑ දෙමාපියන් හා ඇත්ත ද ?

පිළිතුරු නැති ප්‍රශ්න මහ ගොඩක් ඒ හිතේ ගොඩ ගැහිලා

▔▔▔▔▔▔▔▔▔▔

#මහින්ස

දින එක දෙක ගෙවිලා ගිහින් සතියක් ගියේ දන්නේම නැතුව....
තව දවස් තුනකින් මගේ වෙඩින් එකලු,
අම්මා , තාත්තා , අක්කා හැමෝම ඒ වැඩ වලට බිසි වෙද්දී... හැගීම් දැනිම් නැති එකෙක් වගේ මං බලන් උන්නා.
වෙච්ච දේවල් ..... වෙන්න යන දේවල් ,
දවල් දකින හීනයක් වගේ......
මං කොච්චර ප්‍රතික්ෂේප කරත් අවසානයේ වුනේ එයාලට ඕනි දේ...

මං ඇස් ඉස්සුවේ කාමරේ දොර ඇරුන සද්දේට
' විමංසා රණබාහු '  මගේ අක්කා ,
එයා විටින් විට ඇවිත් කොච්චර මගේ හිත හදන්න හැදුවත්,
හදන්න බැරි තරම් මේ හිත බිදිලා කියලා එයා දන්නේ නැ...

" මල්ලී ..."


"......"



" සහත්ම ලයින් එකේ ? "



සහත්ම ....
මගේ යාළුවා ....ඌට මාව මතක් වෙලා තියෙන්නේ දැන්ද ?,
නෑ... මං ළඟ ෆෝන් එක නැති ඌ කියලා කොහොම මට කතා කරන්නද ?
මං දන්නවා තාත්තා ඒකටත් ඉඩ දෙන්න නැතිව ඇත.

' සමහර විට ඒ කතා කරන්නේ සර් නම් ? '

ඉක්මනින් ගත්තු ෆෝන් එක මං කනේ තියාගත්තා....



" මහියා  !... "



" ස හ ත් ම "

මහ⁣ ලොකුවට ගොඩගැහුන බලාපොරොත්තු සුනුවිසිනු වුනේ එහා පසින් ඇහුන හඬට....

.
තමන් දන්න මහින්ස ...
මේ කතා කරන්නේ තමන් දන්න මහින්ස නෙවේ කියලා සහත්ම දන්නවා ,
මොනවා කියන්නද අහන්න ද කියලාවත් ඔහුට තේරුණේ නැ......

දුරකථන ඇමතුම මහින්සට දෙන්න පෙර මහින්සගේ තාත්තා දුන්න අවවාදය සහත්මගේ හිතේ දෝංකාර දෙනවා..

" හොදින් ඉන්නවා ද බං "






" මං හො දි න් බං ...උඹ කොහෙද ඉන්නේ "

කොහොම කියන්න ද හොදින් නැති විත්තිය...
ඒ කිසි දෙයක් කතා කරලා තේරුමක් නැ, ඒකයි මං එහෙම කිවේ...


" මං ගෙදර බං ඉන්නේ ,  අනිද්දා දිහාට මං ඇවිත් යන්න එන්නම් බං "




" ම්.... ස හ ත් ම ! "

පිළිතුරක් දෙන්න බැරි ප්‍රශ්නයක් ,
සහත්ම හෙදටම දන්නවා අහන්න යන දේ ගැන........
ඒත් එකට දෙන්න ඕනේ උත්තරය සහත්මට දෙන්න බැ,


" පරිස්සමෙන් ඉදපන් බං, මං එහෙනම් තියන්නම් "


එහා පසින් ඇමතුම විසන්ධි වුනේ මහින්සගේ හිත තවත් පාරලා...
සහත්ම වැරදි නැ...

" ම..ල්..ලී..! "



" මට ටිකක් තනියම ඉන්න දෙන්න අක්කා "


" ඒත් ?  "



" ප්ලීස් !! "

ඉල්ලීමකට වඩා ඒ හඩ ආයාචනාත්මක වෙද්දී ....
විහංසාට ඉන් එහා කතා කරන්න දෙයක් තිබුණේ නැ,
මෙහෙම වැටිලා ඉන්න තම සහෝදරයා  ගැන ඒ හිතත් රිදිලා තිබුණේ .....
නමුත් ඇ කියා කුමක් කරන්න ද?
ඈටවත් බැ පියාට තේරුම් කරවන්න .

…………………………

' වික්‍රම රණබාහු ' තම ස්වාමිපුරුෂයා රාජකාරි කටයුත්තක් වෙනුවෙන් හවස පිටත් වන තුරු මහින්සගේ මව උන්නේ නොවිසිල්ලෙන් .....

දිවා කාලේ සිට තම සිතට වදදෙන කරුණක් ඈ  හිතේ සඟවාගෙන ඈ හිටියේ කලබලයෙන්

ඔහු යන්න හැර ඈ දිව්වේ මහින්ස සොයා...

" සයුල් !! සයුල් !! "

මහින්ස හිටියේ බැල්කනියේ ...
කලබලයෙන් තමා සොයා පැමිණි ඈ දෙසට මහින්ස පියවර එසෙව්වා...

" සයුල් ! "

කෙදිනකවත් ඈ මෙසේ කලබල සිටිනවා දුටු බව මහින්සට මතක නැ...
ඕ හිතත් මොහොතකට කලබල වුනේ ඒකයි.


" අම්මා !..ඇයි මේ "



" මැණික .. සයුල් , ඔයා දැන් මෙහෙන් යන්න ඕනි පුතා "




" අ..ම්..මා ! "

මහින්සට හිතාගන්න බැ ඇ කුමක් පවසනවද කියා...


" මං.. මං කියන දේ හොදට අහගන්න පුතා,
ඔයා දැන් මේ ගෙදරින් යනවා...
කොහෙද .. කොහොමද ..?
ඒ කිසි දෙයක් මං දන්නේ නැ පුතා.....
ඒත් ඔයා මෙහෙන් යන්න ඕනි, තාත්තාට හොයාගන්න බැරි තරම් දුරකට , අඩුම මංවත් නොදන්න "





" අම්මා ඔයා දන්නවා ද දැන් ඔයා මේ කියන දේ ගැන ? "




" මට සමාවෙන්න මගේ පුතේ..
අම්මා කෙනෙක් විදියට මට මෙච්චර කාලෙකට ඔයාලා වෙනුවෙන් කිසි දෙයක් කරගන්න බැරි වුනාට..

ඒත් අද මං ඔයා වෙනුවෙන් මේ දේ කරන්නම්.."


" අ..ම්..මා !! "



" තාත්තා ගෙදර නෑ....
හෙට දවල් වෙනකන් තාත්තා ඔයා ගැන දන්නේ නැතිවෙයි..
හැබැයි ඒ වෙද්දී ඔයා මෙහෙ කොහෙවත් ඉන්න බැ.. තේරුනාද ?

මං  ඉස්සරහ ඉන්න තාත්තාගේ අර මදාවියෝ ටික , ටිකකට එහෙ මෙහෙ කරන්නම්..
ඔයා මේන් ගේට් එකට අහු නොවෙන්න යන්න "


අගක් මුලක් නැති මවගේ කතාව මහින්ස අවුල් කරලා තිබුනා ....



" අම්මා , කලබල නැතුව කියන්න මොනවද වෙලා තියෙන්නේ කියලා "




" ඒක ඔයා දැනගනී... ඉක්මනින්,
ඔයාට ඕනිම දෙයක් තියනවානම් අරගෙන යන්න පුතා "


මහින්සගේ හිස සිබ යන්න ගිය අෑ නැවත හැරුණා..
ආයිම ආවේ ඔහු ලගට..


" මං දන්නේ නැ පුතා ඔයා යන්නේ කොහෙද කියලා ....
ඒත් , මං හිතන කෙනා ලගට ඔයා යනවානම් ..
මට පොරොන්දු වෙන්න ඔයා ශක්තිමත්ව ඉන්නවා කියලා "


" අ..ම්.... "

ඔහු කියන්න ගිය දේ නැවතු ඈ...

" මං දන්නවා පුතා මේක අම්මා කෙනෙක් කියන දෙයක් නෙවේ කියලා ....
ඒත් , මේ ගොඩක් දේවල් වලට ඔයාගේ තාත්තා තමයි හේතුව,
ඉවසන්න අමාරු දේවල් ඇහෙන්න දකින්න වුනොත් කොහොම හරි දරාගෙන ජිවත් වෙනවා කියලා මේ අම්මට පොරොන්දු වෙන්න  "


" මං... මං පොරොන්දු වෙනවා අම්මා "



ඊට ටිකකට පස්සේ ඇහුවේ කිචන් එක පැත්තේ කලබලක්...
අදුරෙම නිවස පසෙකින් පැමිණි මහින්ස තාප්පේන් පැන ගත්තා ,

යන්තමට එළිය තියන මාවතේ මහින්ස දිව්වා..
⁣නිවසින් එලියට ආවත් ඔහු දන්නේ නැ කොහෙ යන්නද කියලා ..
ඒකත් මේ මහ රෑ..

" සර්.."

ඒ හිතට ආ එකම කෙනා,
තමන්ට දැන් පිළිසරණක් විය හැකි එකම කෙනා ඔහු පමණි..

තමාට අවැසි වේලාවේ වාහනයක් හොයගන්න බැරි වෙද්දී ඔහු හිටියේ තිගැස්මකින්..
නිවසින් පැමිණියාට..
කොයි මොහොතක හෝ පියාගේ කවුරුන් හෝ තමා දුටුවොත් කියන බය හිතේ ඇවිලුනා..

ලගම තිබුනු බස් රථය ගොඩ වු ඔහු,
මඟක් පැමිණ කේශ්වර නිවසට එනතුරු පයින් එන්න වුනේ තවමත් මහමඟ කාලට නාස්ති නොකිරමට ඇති බිය නිසාමයි..

කේශ්වරගේ නිවසට යන පාරේ ඔහු ගියා නොව දිව්වා..
මෙතරම් හවස් වෙලා කළු හුඩියෙන් සැරසී..
දුවන මෙම තරුණයා ගැන ඉඳහිට පාරේ ගමන් ගන්නා අයෙක් විමසුම් දැසින් බැලුවත්,
මහින්සට ඉන් වගක් නොවිය..
ඔහුට අවැසි හැකි ඉක්මනින් ඔහු වෙත යාමටය.

ඔහු නිවසට කිට්ටු වෙද්දී දැනෙන අමුතු හැගිම...
මහින්සගේ ගමන දුර්වල කලා..

අඟුළු නොදා තිබු ගේට්ටුව මහින්ස විවර කලේ වෙවුලන දැතින්..
නිවස ඉදිරිපිට නවතා ඇති ත්‍රිරෝද රථය..
නිවසට අමුත්තෙකු පැමිණ ඇති විය හැකිය,

මේ වෙලාවේ එතනට යන්න ඒ හිත අදිමදි කරත්,
අවසානයේ ඔහු නිවසට පා තැබුවා ..

නිවසට ගොඩ වුනත් ඒ දෙපා එතනම නතර විනි..
ඇහිපිල්ලමක් වත් නොගහා මහින්ස බලා උන්නේ ඒ දකින රෑපේ දිහා...
කදුළු ඉස්සර වුනේ ඔහුටත් කලියෙන්..

' ම..ගේ ස..ර් '

කැඩිච්ච වචන වලින් මහින්ස මිමිණුවා..

වාරුනැති දෙපා ...
ඊලට මහින්ස උන්නේ සීතල ටයිල් පොලවේ මත දනිනි වැටිලා,

'නැ.. නැ... ඒ..ක.. ඒක බොරුවක් "

ආයිම නැගිට්ට මහින්ස වැටි වැටි ගිහින් නතර වුනේ ඒ රෑපේ ඉස්සරහ ..
පිංතුරේ හරහා වැටිලා තිබ්බ සුදු මල් මලේ ගලවලා විසි කරේ අසිහියෙන් වගේ..

" සර්... මගේ සර්..!! "



" කේශ්වර ස..ර් !!, ඔයා කොහෙද සර්,
මේ.. ෆෝටෝ එකට මෙහෙම කරේ කවුද ?"



" ස්..ස..ර් !!! "

කේශ්වරගේ නිවසේ ඇහුණේ එකම හඩයි..
මහින්සගේ හඩ විතරයි !
ඒ වේදනාත්මක හඬ ගේ අස්සේ රැව්පිලිරැව් දුන්නා..


" අනේ..සුදු මහත්තයා..
මගේ දෙයියෝ !! "

එකටම හවුල් වුනේ මැගී අම්මගේ හඬ




🍁 𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲.....

| ©Yąʂɧ.....✍️
   02/16

واصل القراءة

ستعجبك أيضاً

සක් بواسطة Ranuk Bandara

غموض / الإثارة

16.4K 3.1K 11
මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් මතින් ජීවිතයේ අරුත් සොයන ඔවුන්....යුක්තිය...
30.5K 5.2K 14
සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආද...
5.3M 715K 199
Main Story ( Completed ) ~~~~~~~°°°°°~~~~~~~ Title - Transmigrated into the film empreor's death-seeking finance (穿成影帝作死未婚夫) Author - Lin Ang Si (林盎...
1.1K 95 6
පුදසුන අභියස දාල හරියටම අවුරුද්ද වගේ වෙනව...තවත් කතාවක් ගොඩක් අය ඉල්ලපු නිසා ගේන්න කියල බැලුවෙ 🙊❤️ "නිල් අහස යට" මේකත් මාර ලස්සන කතාවක්.ඇත්ත කතාවක්...