So,we met again!
*Episode 12*
එතකොටයි මං දැක්කේ මගේ දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න Jin ව.එදා මං හැප්පෙන්නේ නැතුව බේරුනේ මෙයාගේ වාහනේටනේ.මෙයා doctor කෙනෙක්ද එතකොට?..
"Oh!Jia!...Hi!So...we met again right?anyways nice to meet you!"
Jin මගේ දිහාට අත දිග්කරේ හිනාවෙන ගමන්.
"Me too Jin!"
මාත් එයාට හිනාවෙලාම අත දිග්කරා.
🐹"මගේ නමත් මතකයි නේද?"
"ඔව්!ඉතිං ඔයාටත් මතකයිනේ මගේ නම.."
මං එහෙම කියද්දි Jin හරි ලස්සනට හිනාවුනා.අක්කා කියපු විදියට එයාට අවුරුදු 30ක් විතර උනාට එයාට තිබ්බේ ඊට වඩා ගොඩක් වයස අඩු පෙනුමක්.
Jin එක්ක කතා කර කර ඉන්නකොට ඇත්තටම මට වෙලාව යනවා තේරුනේ නෑ.එයා මුලින්ම Germany ආපු විදිය,එයා medical student කෙනෙක් වෙලා ඉන්න කාලේ එයා කරපු දේවල් වගේ ගොඩක් විස්තර මාත් එක්ක කතා කරා.
ඒත් ඒ අතරතුර එකපාරටම මගේ බඩ කැලැත්තීගෙන එනවා වගේ දැනුන නිසා මං Jin ට excuse කරලා,washroom එකට ආවාමයි මට තේරුනේ වෙනදා වගේම යුන්ජියාගේ කෑම එක වැඩ කරන්න පටන් අරන් කියලා.මං බඩත් නිදහස් කරගෙන ඇවිත් Jin ලඟින් වාඩිවෙන්න හදනකොටම ආයෙත් බඩ රිදෙන්න ගත්ත නිසා,මං එයාට මුකුත් නොකියම washroom එකට දුවන් ආවේ යුන්ජිගේ හත්මුතු පරම්පරාවම මතක් කර කර.වනේ වන සතුරෙකුටවත් මේ වගේ විපතක් නම් වෙන්න එපා..ඇයි දෙයියනේ first date එක දවසෙම මෙහෙම සන්තෑසියක් උනාම කාට කියලා කියන්නද මං අහන්නේ..
මං washroom එකෙන් අමාරුවෙන් එලියට ඇවිත් table එක ලඟට යනකොටම,Jin නැඟිටලා මගේ ලඟට ආවේ බය වෙලා වගේ.
"Jia,are you okay?"
මං කොහොමද දෙයියනේ මේ මනුස්සයට ලැජ්ජා නැතුව කටක් ඇරලා කියන්නේ යාලුවා හදපු කෑම කාපු නිසා බඩ upset වෙලා කියලා.
"I think so..."
මං අමාරුවෙන් වචන ගැට ගහනකොට මට මතක Jin එකපාරටම වැටෙන්න ගියපු මාව පැනලා අල්ලගත්ත එක විතරයි.
******************************************
මං යාන්තම් ඇස් අරිද්දි මගේ අතට ගහලා තිබුන කැනියුලා එකෙන් මං දැනගත්තා මං ඉන්නේ hospital එකේ කියලා.
"ආහ්!Jia!..ඔයා නැඟිට්ටද?..ඔහොම ඉන්න.මං උදව් කරන්නම්"
මගේ ඇඳ ලඟට වෙලා patient's report එක check කර කර හිටපු Jin කිව්වේ මං ඇඳෙන් නැඟිටලා වාඩිවෙන්න try කරද්දි.
"දැන් ඔයාට කොහොමද Jia?ම්ම්..?"
Jin ඇහුවේ කොට්ටයක් බිත්තියට හේත්තු කරලා මාව පරිස්සමට ඇඳෙන් වාඩිකරවන ගමන්.
"දැන් නම් බඩේ කැක්කුම අඩුයි Jin"
"තයේගිදා...මං බයවුනා ඔයා එකපාරටම faint උනාම.."
"මං කොච්චර වෙලාවක් faint වෙලා හිටියද Jin?"
"දැන් පැය දෙකක් විතර.අද ඔයා නිසා මගේ duty on වෙන වෙලාවටත් කලින්ම මං hospital එකේ.."
"අනේ sorry Jin..මං නිසා ඔයාට කරදරේ නේද?"
"අයියෝ..මං විහිලුවක් ලමයෝ කෙරුවේ.ඔයාව මට කරදරයක් නෙවෙයි..ආහ්!ඔයාගේ reports මං දැන් check කරා.ඒවාගෙත් අවුලක් නෑ.ඔයා faint වෙලා තියෙන්නේ diarrhea නිසා ඔයාගේ body එකට ආපු dehydration තත්වයක් නිසා. "
"ඔයා මොනවාහරි බඩ අජීර්ණ වෙන කෑමක් කාලා තියෙනවා.ඔයාට මතකද Jia ඔයා වෙනදට කන කෑම වලට අමතරව අද මොනවාහරි කෑවා කියලා?"
"එහෙමනම් මුකුත් කෑවේ නෑ Jin.හැබැයි අද මං දවල් pastry shop එකකින් dumpling වගයක් කෑවා.ඒක නිසාද දන්නේ නෑ මෙහෙම උනේ?"
මොනවා උනත් මං යාලුවගේ නම්බුව බේරන්න ඕන නිසා පොඩි බොරුවක් කිව්වා ඉතිං.අනේ ඇත්තමයි,කවදාහරි මං වලපල්ලට යන්නෙත් යුන්ජියගේ කෑම test කරන්න ගිහින්.
"ආහ්!ඒක තමයි එහෙනම්.මේ....ඔයා dumpling කන්න ආසයි නම් මං දවසක ඔයාට හදලා ගෙනත් දෙන්නම්කෝ හොඳද?මෙහෙම හිටියට මාත් හොඳ chef කෙනෙක් තමයි ඉතිං"
Jin කිව්වේ එයාගේ කොලර් එකත් උස්සන ගමන්.එයා ඇඳන් හිටියේ එයාගේ doctor uniform එක.එහෙම ඉන්නකොට නම් එයා kdrama වල ඉන්න නලුවෙක් වගේමයි කියලා මට හිතුනේ.එතකොටම තමයි එයාගේ phone එක ring උනේ.
"ආහ්!ඔව් නූනා!එයා මාත් එක්ක ඉන්නේ"
"නෑ.නෑ.ප්‍රශ්නයක් නෑ.සේලයින් එහෙමත් දුන්නා.දැන් හොඳයි එයාට"
"දැන් ගෙදර යන්න පුලුවන්.හරි මන් කියන්නම් එයාට"
"Okay!take care!bye!"
------------------------------------------
"ඔයාගේ නූනා කතා කරේ.ඔයාගේ number එක වැඩ කරන්නේ නැති නිසා එයාලා බය වෙලා.ඔයාට කියන්න කිව්වා එයාලට call එකක් ගන්න කියලා"
"ආහ්!ඔව්නේ!මං coffee shop එකට ඇතුලට යනකොට phone එක off කරානේ"
මං කිව්වේ එකපාරටම වගේ මතක් වෙලා ඔලුවත් කසන ගමන්.මං එහෙම කියපු විදියට Jin ටත් හිනා.
"හ්යොන්ග්!මං එයාව හම්බවුනා!.."
එකපාරටම කෑගහගෙන hospital room එක ඇතුලට දුවගෙන ආව Tae ව දැක්ක ගමන් මට උන්හිටි තැන් අමතක වුනා.හිනාවෙලා දුවන් ආපු Tae ගේ හිනාව මාව දැකපු ගමන් නැතිවෙලා ගියා.මේ මනුස්සයා මොනවද මෙහේ කරන්නේ?..
"මොකද මනුස්සයෝ කෑගහගෙන එන්නේ?මේක hospital එකක් කියලා අමතක වුනාද?..
කාවද දැන් හම්බවුනේ?..."
"හ්යොන්ග්...මෙ...මෙයා මොකද?..."
"ආහ්!මට කියන්න බැරි උනානේ!මං කිව්වේ උඹට මං අද blind date එකකට යනවා කියලා.මෙයාව තමයි මං අද meet වුනේ.මේ ඉන්නේ Jia.Jia,මේ ඉන්නේ මගේ නෑදෑ මල්ලි කෙනෙක්,Tae!"
Jin හිනාවෙලා කිව්වේ Tae ගේ කරට අතකුත් දාගෙන.Jin එහෙම කිව්වත් Tae හිටියේ මුකුත් කියන්නේ නැතුව බයවෙලා වගේ මගේ දිහාම බලාගෙන.
"ඇයි හ්යොන්ග් මෙයාට මොකද වෙලා තියෙන්නේ?"
"ආහ්!Jia ට පොඩි බඩේ කැක්කුමක් ආවනේ.ඒකයි..දැන් නම් අවුලක් නෑ"
අනේ ඇත්තමයි මේ මෝඩයාටත් වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද මන්දා මේ වෙලාවටම රිංගුවේ..
"අතට අහුවෙන හැමදේම කටේ ඔබා ගන්නකොට ඔහොම වෙනවා තමයි ඉතිං"
🦓"ඔයා මෙයාව දන්නවද?"
"යේ හ්යොන්ග්..අපේ hotel එකේ මෙයා වැඩ කරන්නේ.අනිත් එක මේ මූන දැක්කම ඕන මනුස්සයෙකුට ඒක හිතාගන්න පුලුවන්"
මේ මනුස්සයා තාමත් මාව විහිලුවට ගන්න එක නතර කරලා නෑනේ අප්පා.මං හිතුවේ Tae දිහා හොඳට රවලා බලන ගමන්.
"යාහ්!පොඩි එකා!තමුන්ගේ ඔය මෝඩ විහිලුවලට මේ කෙල්ලවත් අල්ලගන්න ලෑස්ති උනාද ඒ පාර?"
"මං එහෙනම් යන්නම් Jin..තවත් රෑ උනොත් එහෙම මට hospital එකේ තමයි ඉන්න වෙන්නේ"
අයියටයි,මල්ලිටයි කතා කරගන්න දීලා,මං ඇඳෙන් බැහැලා මගේ handbag එකත් කරේ දාගත්තේ යන්න කියලා හිතාගෙන.
"ආහ්!යමු Jia..මං ඔයාව drop කරන්නම්"
"ඒකට කමක් නෑ Jin.මට තනියම යන්න පුලුවන්.මට දැනටමත් ඔයා සෑහෙන්න උදව් කරානේ"
"ඒක මොකක්ද ලමයෝ..අනිත් එක මෙච්චර රෑ වෙලා ඔයාව තනියම යවන්න බෑ මට"
"හ්යොන්ග්,ඔයා ඉන්න.දැන් ඔයාගේ duty time නේ.මං එයාව එක්කන් යන්නම්"
"කුමාවෝ Tae!එහෙනම් එයාව පරිස්සමට එක්කන් යන්න.Jia,මෙයා ඔයාව පරිස්සමින් එක්කන් යයි හොඳද?මට ගෙදර ගියපු ගමන් call එකක් දෙන්න.ම්ම්.."
"Okay Jin!Thanks අද මට කරපු හැමදේටම"
දැන් ඉතිං මේ මනුස්සයත් එක්ක පලයන්කෝ..ඇත්තමයි Jia අද නම් ඔයා නැඟිටලා තියෙන්නේ ඇඳේ අනිත් පැත්තෙන්ම තමයි.ඒ තරම් දවස සුබයි මගේ...
******************************************
මං Jin ට thank කරලා hospital room එකෙන් එලියට එනකොටත් Tae මඟක් දුර ගිහින් ඉවරයි.මෙච්චර රෑ වෙලා taxi එකක් හොයන්නත් අමාරු නිසා,ඕන මඟුලක් කියලා මං Tae ගේ පස්සෙන් දුවලා ගියේ මේ මනුස්සයා බැරි වෙලාවත් මාව දාලා ගියොත් කියලා හිතලා.මං car park එකට එනකොටත් Tae හිටියේ එයාගේ car එකට හේත්තු වෙලා,මං එන දිහා බලාගෙන.
"නඟින්න!"
මං පිටිපස්සේ seat එකේ දොර ඇරලා නඟින්න හදනකොට,Tae මගේ කරේ එල්ලන් හිටපු handbag එක ගලවලා අරන් driving seat එකේ එහාපැත්තෙන් තියලා මගේ දිහා බැලුවේ තරවටු බැල්මකින්.Tae එනපොට නම් හොඳ නෑ වගේ හිතුන නිසා මං පූසා වගේ ගිහින් ඉස්සරහා seat එකෙන් වාඩිවුනා.
******************************************
Car එකේ මඟක් දුර එන ගමන් එක පාරක්වත් මං Tae දිහා බැලුවේ නෑ.මං නිකමට වගේ එකපාරටම Tae දිහා බලද්දී,Tae මං දිහා බැලුවෙත් එකටමයි.ඒ සැනින්ම මං අහක බලා ගත්තා.
"ට්‍රීං...ට්‍රීං.."
"Hello.."
එතකොටම තමයි මගේ phone එක ring උනේ.දන්නේ නැති number එකක් නිසා,මං call එක answer කරේ සැකෙන්.
"Jia,මං Jin!ඔයාගේ number එක මං ගාව තිබුනේ නැති නිසා මං ඔයාගේ නූනාගෙන් ඉල්ල ගත්තේ.ඔයා ගෙදර ගියාද?"
"ආහ්!Jin!තාම නෑ.දැන් ලඟයි"
"Jia,ඔයාගේ ---------"
"Hello...Jin..මට ඔයා කියන මුකුත් ඇහෙන්නේ නෑනේ"
එකපාරටම Tae car එකේ play වෙවී තිබුන සිංදුවේ සද්දේ වැඩි කරපු නිසා මට Jin එහාපැත්තෙන් කියන කිසිම දෙයක් ඇහුනේ නෑ.මේ මනුස්සයගේ කන් බීරි වෙලාද එකපාරටම?ඇයි දෙයියනේ මෙච්චර වෙලා හිමීට play වෙවී තිබුන සිංදුව කන පැලෙන්න දාලා තියෙන්නේ...Jin කියන දේවල් ඇහෙන්නේ නැති පාර,මං call එක cut කරේ ගෙදර ගිහින් එයාට call කරන්නම් කියන පොරොන්දුවෙන්.
මං phone එක තිබ්බා විතරයි මෙන්න ඒ පාර මේ මනුස්සයා player එකේ සද්දේ අඩුකරා.මටත් ඕන මඟුලක් වෙන්න කියලා taxi එකක එන්න තිබ්බේ.එහෙම වුනා නම් මෙයාගේ ලොකුකම් බලන්න ඕන නෑනේ.
******************************************
"Jia,හෙට වැඩට එන්න ඕන නෑ.මං HR එකට inform කරන්නම් ඔයා sick leave එකක් ගත්තා කියලා"
Tae කිව්වේ car එක අපේ ගෙදර ලඟින් නවත්තපු පමාවට,මං එයා දිහා බලන්නෙවත් නැතුව car එකෙන් බහින කොටමයි.එහෙම කියලා Tae යන්න ගියේ මං එයා දිහා කටත් ඇරන් බලන් ඉන්න කොට.
"ඈ බොලේ!ඒ කිව්වේ Tae මට නිවාඩුවක් ගන්න කියලා නේද?...."
කොච්චර නපුරු පාටට හිටියත්,එයාගේ ඉස්සර ගති නම් වෙනස් වෙලා නෑ වගේ.මට හිනා ගියේ Tae මට නිවාඩු ගන්න කියපු විදිය මතක් වෙලා...
To be continued......
******************************************