𝗛𝗶𝘀 𝘀𝗺𝗶𝗹𝗲 ||𝘁𝗮𝗲�...

Od sew_shika

9.8K 1.2K 376

'උඹ දන්නවද මන් ආසම උඹේ හිනාවට කියලා...' 'මන් කියන්නෙ නෑ මන් නිසා උඹට හැමදාම හිනා වෙන්න පුලුවන් කියලා..ඒත් පුල... Více

INTRO
2.
3.
4.
NEW STORY
5.
6.

1.

1.7K 220 63
Od sew_shika

' මගේ මැණික අම්මට සමාව දෙනවා නේද....' බොහොම ආදරෙන් සාරා ඒ විදිහට කියනකොට එයාට පුලුවන් උනේ කදුලු ගලන බෝල ඇස් වලින් බිම බලාගෙන ඒක අහගෙන ඉන්න විතරයි...ඔව් එයාට දුක හිතුනා....ඒත් එයාට කරන්න පුලුවන් කිසිම දෙයක් තිබුනේ නෑ..ටිකකින් එයාට තේරුනා එයාගෙ කොන්ඩේට මොනාහරි වැටෙනවා වගේ කියලා.....හිමීට ඔලුව උස්සලා බලපු එයා දැක්කෙ සාරා අඩනවා....සාරා ඔහේ පැත්තක් බලාගෙන අඩනවා...ඔහුට දැනුනා පපුව කීතු කරනවා වගේ හැගීමක්..

එයාට කෑ ගහලා අඩන්න ඕනි උනා..ඒත් බෑ..එයාට දැනුනා එයාගෙ උගුරෙ මොකක් හරි හිර වෙලා තියෙනවා කියලා.....

'අම්..මේ..හ්'

හ්ම්ම්...ඔව් අම්මා....මවක් නොවී කෙනෙක්ට මවක් වෙන්න බැරිද...නැහැ පුලුවන්..ඔහුගේ විතරක් නෙවෙයි අනාත නිවාසේ ඉන්න හැම ලමයෙක්ගෙම අම්මා ''සාරා''............

'' අම්මා අඩන්න එපා..මම හොදින්.ම්ම්ම්..අම්මාම නේද මට කිව්වෙ ජීවිතේ අපිට සිද්ද වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේම හොදට කියලා..ම්ම්..ඉතින් අම්මා මේකත් ඒම වෙන්න ඇති...මම හොදින් අම්මා..මම එන්නම්කෝ ආපහු අම්මව බලලා යන්න...අම්මා තරහා නෑනේ මාත් එක්ක...''


යන්තම් අවුරුදු 18ක් වෙච්ච තමන්ගෙ පුන්චි හුරතලා මේ කියන දේවල් දිහා සාරා බලාගෙන හිටියේ ලොකු වේදනාවකින්..කොහොම දරා ගන්නද...අම්මෙක්ට තමන්ගෙ හැම ලමයම එක වගේ...කොහොමද තමන්ගේ ලමයෙක් රාක්ශයෙක් ලගට යනකන් ඒ අම්මා බලාගෙන ඉන්නේ..ඒත් සාරට බලන් ඉන්න උනා....ලමයි සීයකගේ ජීවිත බේරගන්න සාරට ලමයි දහදෙනෙක්ව විකුනන්න උනා....💔

''හ්ම්ම්ම්..මගේ පැන්චා ලොකු වෙලා..මෙච්ච්ර දේවල් වෙලා තියෙද්දිත් මම හොදින් කියන්න තරම් ඔයා ලොකු වෙලාද මගෙ රත්තරන්..කොහොමද ඔය පුන්චි හිත ඔච්චරටම හොද උනේ..මාව බලා යන්න එන්නම් කියන්නෙ මගේ හිත හදන්න නේද මගේ පැටියෝ..එපා...කොහොමද මම ඒක කරන්නෙ..මට බැහෑ..අනේ මම අසරණයි රත්තරන්....''

කදුලු ගලන ඇස් වලින් සාරා ඒ බෝල ඇස් දිහා බලාගෙන හිතුවා....සාරගෙ පපුව ඇතුලින් ලෝදිය ගලනවා වගේ පිච්චීමක් ඇති උනේ ඔහුගේ ඒ වචන කීපයට...ඔහුට ඇය ගොඩාක් ආදරය කලා...තමන්ගෙම පුතෙක්ට වගේ ආදරය කලා.

''තමුසේ ඔය කොල්ලව තියාගෙන නලවනවද..ඔන්න ඕකව එක්කගෙන වරෙන් නැත්තම් උබටයි මටයි දෙන්නටම වෙන්නෙ උන්ඩ දෙකක් ඔලුවට බස්සගන්න...'' ගොරෝසු කට හඩකින් එහෙම කියනකොට දෙන්නගෙම අවදානය ඒ පැත්තට යොමු උනා...පිස්සෙක් වගේ කලබල වෙලා ඉන්න මනුස්සයා එහෙම කියලා එතනින් යන්න ගියා.....

''අ..ම්ම්..මා......ඔයා මා එක්ක තරහා වෙලාද...''අඩලා අඩලම රතුවෙච්ව බෝල කම්මුල් එක්ක කදුලු පිරුනු ඇස් වලින් තොල් දෙකත් උල් කරගෙන අහන මේ සුරංගනා පැටියගේ මූන් අදිහා සාරා බැලුවේ ඒ වෙලාවෙදී.

''මගෙ මැණික..මේ අහන්න..අම්මට බෑනේද එයාගේ චූටි කොටි බබූ එක්ක තරහා වෙන්න ම්ම්..ඉතින් මගෙ පැටියා මේ අහන්න...අම්මා කියන දේ හොදට අහගන්න..ඔයාට ඉඩක් හම්බෙච්ච ඕනෙම වෙලාවක් එතනින් පැනලා යන්න!!!!.....තේරුනාද...''

''අ..ම්..මා..''පුදුම උන ස්වරයකින් එහෙම අහපු ඔහු එක එල්ලෙ ඇයගෙ ඇස් දිහා බැලුවා..

''ඔව් මැණික පැනලා යන්න ...පුලුවන්නම් අනික් අයවත් බේරගන්න.... මගේ මැණික අම්මා දන්නවා ඔයාට පුලුවන්..බය වෙන්න එපා අම්මට මුකුත්ම වෙන්නෙ නෑ..මොකද එයාට බෑ අම්මට මුකුත්ම කරන්න...අම්මා කියන දේ කරනවා නේද..ම්ම්ම්''සාරා ඇහුවේ බලාපොරොත්තු සහගත කටහඩකින්...

''ඒ..ත්..ඕ..ම්'' ඔහු කියන්න හදපු දේ නතර උනේ වාහනයක නලා හඩ නිසයි...

''මහත්තයා ඇවිත්...ඉක්මනට ඔය කොල්ල එක්ක ඉතුරු ලමයි ටික අරන් එනවා... ''ඔහු කුපිත වූ ස්වරයෙන් කියමින් පිටව ගියා...

සාරා එක මොහොතක්වත් ගත නොකර පුන්චි අතත් අල්ලාගෙන ඉදිරියට ගියා..කලු පැහැති රථ දහයකට නොඅඩු ගානක් එහි නතර කර තිබුනා..ඒ එක්කම හැඩි දැඩි සිරුරක් හිමි පුද්ගලයෙක් ඉදිරියෙන්ම තිබූ රථයේ දොර විවර කරා.....ඒකෙන් බැස්සෙ නපුරු නමුත් ගාම්භීර පෙනුමින් යුත් තරුණයෙක්.

''වැඩේ ඉක්මන් කරන්න..මට ලමයි හුරතල් කරන්න වෙලාවක් නෑ...''ඔහු තම සේවයෙක්ට ඉතා දැඩි හඩකින් කතා කරමින් පැවසුවා...

'හරි බොස්'

''ඉතින් මිස් සාරා...කොහොමද'' ඔහු කට කොනින් හිනා වෙමින් ඇසුවෙ ඇයව තවත් අසරණතාවයට පත් කිරීමේ උමනාවෙන්..

'වරදක් නෑ මිස්ටර්......මම ගොඩක් හොදින්' තමන්ට කොච්ච්ර ලොකු වේදනාවක් තිබ්බත් ඔහු ඉස්සරහ දෙකට නැවෙන්න සාරා කැමති උනේ නෑ...

ඒ උත්තරේ එක්ක ඔහු පුදුම උනත් ඒක නොපෙන්වා ඉන්න ගොඩාක් උත්සහ කලා...

ඒත් එක්කම වගේ ඇහුනෙ පුංචි ලමයි අඩන සද්දයක්.....ඔක්කොගෙම අවධානය ඒ පැත්තට යොමු උනා...හැඩි දැඩි සිරුරු හිමි මිනිස්සු පුංචි ලමයි ටිකව ඇදගෙන ආවෙ කිසිම හිතක් පපුවක් නැති ගානට..මෙච්චර වෙලා මේ සේරම දිහා බලාගෙන හිටපු ඔහුගේ බෝල ඇස් වල කදුලු ආයෙම අලුත් උනේ ඒ සද්දෙට....ඔහු තාමත් සාරා ලග..සරා අසරණයි...සාරා හේමීට ඔහුව තමන්ගේ පිටුපසට කරගත්තෙ අරන් යන්න දෙන්න බෑ කියන්න වගේ...ඒත් පුංචි ඔහු නිර්භීතයි..ඔව් ඔහු ඉදිරියට ගියා...සාරගෙ අත අතහරිමින් ඔහු නිහඩවම ඉදිරියට ගියා......සරා පුදුම උනේ නැහැ මොකද ඇය හොදහැටි ඔහුව අදුරනවා......

ටිකකින් අඩමින් කෑගසමින් හිටපු පුංචි ලමයින්ව කලු පැහැති විශාල ට්‍රක් රථයකට නග්ගමින් තිබුනා.....ට්‍රක් එකට නගින්න අන්තිම පියවර තියෙද්දි ඔහු හැරුනා....සාරා බලාපොරොත්තු උනා ඔහු හැරෙයි කියලා...කදුලු පිරුනු ඇස් වලින් ඇය දෙස බලා ලස්සන හිනාවක් ඇයට සංග්‍රහ කරපු ඔහු ට්‍රක් එකට ගොඩ උනා......


'බොස් වැඩේ හරි'

'ම්ම්ම්..එහෙනම් යමු..එහෙනම් මිස් සාරා මෙන්න ඔයාගෙ ලමා නිවාසෙට මන් ගානේ පුන්චි තෑග්ගක්..බය වෙන්න දෙයක් නැ ඕක ගන්න...ආපහු ලබන අවුරුද්දෙ හම්බෙමුකො එහෙනම්...' ඔහු එහෙම කියන ගමන් ඔහුගේ කාරය ට නැගුනා..

සාරා එක පාරම බිම ඉන්දුනා...වාහන පෙල නොපෙනී යනකන්ම සාරා බිම වාඩිවෙලා ඇඩුවා...

''දැන් ඉතින් තමුසෙ ඔහොම ඇඩුවා කියලා වැඩක් වෙන්නෙ නෑ..මේ බලනව..අපිට දැන් මේ ඉතුරු ලමයි ටික ජීවත් කරන්න සල්ලි තියෙනවා..අනික ඒ මිනිහා මරන්න අරන් යනවා නෙවේනේ...වැඩකාරකමට ගන්නවා කියලනේ කිව්වෙ..''

සාරා නිහඩයි...!

''මගේ මැණික ඔම්මව දාලා ගියා..ආයෙ කවදාවත් මට මගේ මැණිකව බලන්න වෙන්නෙ නෑ කියලා දැන දැනම ඔම්මා ඔයාව යැව්වා..සමාවෙන්න මට..ඌ ඇවිල්ලා ඔයාව ඉල්ලුවම ඔයාව දෙන්න බෑ කිව්ව එක මගේ වැරැද්ද..ඌ දැන ගත්තා ඔයා තමයි මේ ඔම්මගේ දුර්වලතාවය කියලා...මට සමාවෙන්න මැණික....ඔයා ඔම්මා දිහා අන්තිමට පාරට බලලා හිනා උනේ ඇයි..ඇයි හිනා උනේ...ඔම්මා ආසම දේ ඒක නිසාද..ම්ගෙ මැනික..ඔම්මා ඔයාට ගොඩක් ආදරෙයි ආපහු එන්න ඔම්මා ලගට..අනේ එන්නකෝ...මගේ ටේටේ....''





අදුරුයි...හුගාක් අදුරුයි...ඒ අදුර අතරින් එන පුන්චි ලමයින්ගේ අඩන සද්දය නිසා එතන හරිම මූසල පාටක් ගත්තා...ඔක්කොමලා අඩනවා...එක්කෙනෙක් ඇරෙන්න

ඒ ඔහු....කිම් ටේහියුන්,අවුරුදු 18ක් වෙච්ච පුන්චි රෝස මලක්...එයා ඇඩුවේ නෑ..මොකද එයා දැනගෙන හිටියා එයා හිත හදාගෙන හිටියා මේක එයාගෙ දෛවය කියලා....

එක දිගටම ට්‍රක් එක ගමන් කරලා එක පාර නැවත්තුවා...පුන්චි ලමයි මීයට පිම්බා වගේ සන්සුන් උනේ එතකොටයි..ලොකු බූට් සපත්තු වලින් නැගෙන පියවර වල හඩ තියුණුව ඇහෙන්න ගත්තා.....හෙමීට ට්‍රක් එකේ දෙර ඇරෙන්න ගන්නවත් එක්කම පුන්චි පුන්චි ඉකි බිදුම් ආපහු ඇහෙන්න පටන් ගත්තා...ඒත් පුන්චි ටේ තාම නිහඩයි...

'හැමෝම බහිනවා එලියට...ඉක්මන් කරනවා'

එහෙම කියමින් එතනට ආවෙ හැඩි දැඩි සිරුරක් තිබූ කෙනෙක්....ඔහුගේ වම් ඇස හරහා තියුණු ආයුධයකින් සිද්ද වුනු තුවාල කැලලක් තිබූ නිසා ඔහුගේ පෙනුම යම්තාක් දුරට බියජනක ස්වභාවයක් ගත්තා...පුන්චි ලමයි විලාප දෙන්න පටන් ගන්නකොට ඒ ඇස් කේන්තියෙන් පිරෙන්න ගත වුනේ තත්පරයකටත් අඩු කාලයක්.....තමන් ඇද සිටි කලු පැහැති ලෙදර් ඇදුමේ බූට් එක අස්සෙන් රෝල් කර තිබූ යමක් එලියට ගත් ඔහු එය වේගයෙන් බිම පතිත කලේ ඉන් තියුණු හඩක් වටාපිටාවෙ දෝන්කාර දෙන අතරේදී...

'මට හිතෙන්නෙ මේ පුංචි වදකාරයෝ ටිකට මේකේ රස බලන්න ඕනේ වෙලා වගේ...හ්ම්ම්..එහෙම නේද..මන් ආපහු තමුසෙලාට කියන්නෙ නෑ..ඉක්මන් කරනවා..නැත්තම් හැම එකාටම පුලුවන් මේකෙ ඇති පදම් රස බලන්න'

කට කොනට හිනාවක් ගත් ඔහු පැවසුවේ යම්තාක් දුරට උපහාසාත්මක නමුත් ගර්ජනාත්මක හඩකින්.....

ඒත් එක්කම ට්‍රක් එකේ මෙච්ච්ර වෙලා වාඩි වෙලා හිටපු ටේහියුන් එතනින් නැගිට්ටෙ හරියට තමන්ගේ පුන්චි සහෝදර සහෝදරියන්ට ශක්තියක් වෙන්න වගේ...ටේ පුන්චි අඩි තියමින් ඇස් දෙකත් පොඩි කරගෙන හෙමින් එලියට බැස්සෙ වටේ තියෙන ආලෝකය තමන්ගෙ පුංචි ඇස්වලට දරා ගන්න අමාරු උන නිසා....

අහම්බයක්ද...

නැත්තම් දෛවය ලියවිලා තිබුනු විදිහද කියන්න තේරෙන්නෙ නැති උනත් අවාසනාවකටද වාසනාවකටද මන්ද ඔහුගේ ඇස් මානයට හසු උනේ ඔලුවත් බිමට හරවගෙන් බිමට බහින පුංචි ටේහියුන් දිහාවට.....ඉර එලියත් එක්ක දිලිසෙන ටේහියුන්ගෙ කිරි ගරුඩ පැහැයති හම...අඩල අඩලම රතු උන කම්මුල්......චෙරි පාට පිරුණු හීනි දිහ තොල්...එක් උරහිසකින් පහලට වෙන්න වැටිලා තිබුනු කමිසයෙන් පෙනෙන නිකැලැල් උරහිස්...මේ හැම දෙයක්ම ඔහුගේ ඇස් වලට හසු වුනෙ තත්පරයකටත් වඩා අඩු කාලයකදී....ඇත්තටම ලස්සනයි හරියට මලක් වගේ...ඔහුට එහෙම හිතුනා...

'ලස්සනයි' ඔහුටත් නොදැනිම ඔහුගෙ කටින් එය පිට උනා..

'බො..බොස් මොනා හරි කිව්වද...' බොඩිගාර්ඩ් එහෙම අහනකොට පියවි සිහියට අපු ඔහු නැවතත් තමන්ගේ මුහුනට ආවේණික දරුණු පෙනුම ආරූඩ කර ගත්තා...

'නෑ නෑ මුකුත් නෑ....තමුන් මෙහෙට එනවා'

ඔහු ටේහියුන්ට අඩ ගැසුවා....නිහඩවම තමන් දෙසට එන මේ හුරුබුහුටි කොල්ල දිහා ඔහු බලාගෙන හිටියේ තිගැස්සමකින් වගේම අමුතු ආසාවකින්...හෙමීට ඔහුගේ කන් පෙත්තක ගෑවී නොගෑවි සිටින ලෙස පහත් උනු ඔහු,

'නම මොකක්ද..ම්ම්..'

'ට්...ටේහියුන්..කිම් ටේහියුන්'

'හ්ම්..වයස කීයද..'

'දහඅටයි'

'හ්ම්...මෙයා මෙහෙ තියෙන කිසිම වැඩක් කරන්නෙ නෑ.. තේරුනානේ ..කවුරුත් මෙයා දිහා ඇහැක් ඇරලා බලලා අහුවෙන්න එපා..he is mine..only mine! got it? තියුණු සේම ගර්ජනාත්මක රලු හඩකින් පලාතම දෝංකාර දෙමින් ඔහු පැවසූ දේට සියලු ආරක්ශයින් විස්මයට පත් උනා..

විස්මයට පත් වීම සාධාරණයි...කවුද හිතුවෙ තමන්ගේ කලු ගලක් වගේ බොස් මේ හෙන්චයි අනාථ කොල්ලෙක්ට මෙහෙම සලකයි කියලා....

'යස් මාස්ටර්' සියල්ලන්ම තම හිස් පහත් කරමින් එයට එකග උනේ එකග නොවීමට තරම් ධෛර්යක් ඔවුන් සතුව නොතීබීමත් ඇයි යන ප්‍රශ්නය ඇසුවත් ඊලග ක්ෂනයෙහි තමන්ගේ ඔලුව පසාරු කර ගනිමින් වෙඩි උණ්ඩයක් බස්සවා ගැනීමට සිදු වන බව හොදාකාරවම දන්නා නිසාවෙනි.

'අනික් උන්වත් බස්සපන් ඉක්මනට..එයාලව පුරුදු තැනට එක්කගෙන පලයං'

'ඕකේ බොස්'

'එතකොට ඔයා එන්න මන් එක්ක...පැනලා යන්න හිතන්නවත් එපා..ම්ම් තේරුනාද ඔයාට..'ඔහු එහෙම කිව්වෙ ටේහියුන් දිහා බලාගෙන

'ඕ..ඕ ත්..තේරුනා' සිහින් නමුත් පැහැදිලි හඩකින් ටේහියුන් මිමුනුවේ ඔහු දෙස නොබලාමයි.

'හ්ම්..good..come with me!'එහෙම කියමින් ඔහු ටේහියුන් එක්ක යන්න හැදුවත් එතනම නතර උනේ තමන්ගේ ආරක්ශකයෙකුගේ කෑගැසීම නිසයි......

'ආහ්...අතෑරපන් මාව..මේ පොඩි එකා මාව හපාකනවා..අයිකරපන් මූව'

💥

💥

💥

💥

එක පිට එක තැබුනු වෙඩි පහරවල් කිහිපයක් පසු මුලු පළාතම නිහඩ උනේ ටේහියුන් තම කන් දෙක සිය අත් වලින් වසාගෙන බිම වාඩි වෙන අතරේදීය...

'ඕකව ඔතනින් අයින් කරපන්..ජරා හැතිකරේ'

ඔව් ඒ ඔහු........කිසිම හිතක් පපුවක් නැති ගානට ඒ පුංචි ලමයට වෙඩි තිබ්බෙ ඔහු...ඒත් කවුද මොහු.....

මේ අතරේදී ටේහියුන් බිම වාඩි වී සිටියේ කම්පනය දරා ගැනීමට බැරි නිසා.. තමන් ඉස්සරහම මීට සුලු මොහොතකට කලින් තමන්ට විකාර වචන කියමින් කතා කරපු මනුස්සයා පුංචි දරුවෙකුට කිසිම හිතක් පපුවක් නැති විදිහට වෙඩි තියලා මරලා දැම්මාම..එ කම්පනය දරා ගන්න පුංචි ටේහියුන්ට බැරි උනා.....

'ඔයා හොදින් නේද' රලු කටහඩක් ඇහෙනකොට ඒ දිහා ගැස්සිලා බලපු ටේහියුන් දැක්කෙ එක් අතකින් පිස්තෝලයක් අතින් තියාගෙන ඉන්න මනුස්සයව....බයටම ඉදගෙන ඉදපු විහටම බිම වැටෙමින් ටික ටික තමන් ඉන්න තැනින් පිටිපස්සට උනේ ඔහු ටික ටික තමන් ලගට ලන් වෙනකොටයි.

'බය වෙන්න එපා මන් ඔයාව මරන්නෙ නෑ' කට කොනට අමුතු සිනහවකින් සංග්‍රහ කරපු ඔහු ටේහියුන්ට නැගිටින්න අත දික් කරත් එතන සිද්ධ උනෙ ඔහු හීනෙන්වත් නොහිතපු දෙයක්...




'තමුසේ මහා ජරා මිනිහෙක්'💥

*

*

*

# ඉදිරියට

⁓𝚆𝚒𝚜𝚑❄️⁓

Pokračovat ve čtení

Mohlo by se ti líbit

1.2M 52.1K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
415K 12.6K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
167K 6K 92
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
154K 4.1K 79
Stray Kids is on tour! Ella wins a prize at the concert that ends up turning her entire life upside down. She uncovers the dark secrets to K-Pop and...