" ජන්ග්කුක්..! ජන්ග්කුක්..! ඇහැරෙන්න ලමයෝ... අද කොලේජ් එකට යන්න ඕනේ රෙජිස්ටර් වෙන්න.."
මෙහෙම කියන්නේ, ජන්ග්කුක්ගෙ අම්මා ජන්ග්කුක්ගෙ කාමරේ දොරට තට්ටු කරන ගමන්.
ජන්ග්කුක් ලන්ඩන් වලට ගිහින් දවස් තුනක්ම ගෙවුනා.ජන්ග්කුක් නැවතිලා ඉන්නෙ එයාගෙ අම්මත් එක්ක අම්මගෙ ගෙදර.අම්මා වෙන විවාහයක් කරගත්තත් අම්මට ඒ විවාහයෙන් ලමයි ලැබුනෙ නෑ.ඒ නිසා අම්මා ජන්ග්කුක්ටත් නම්ජූන්ටත් හොඳට සැළකුවා.ඒකට අම්මගෙ දැන් හස්බන්ගෙනුත් කිසිම බාධාවක් තිබ්බේ නැහැ.
ඉතින්...අද තමයි ජන්ග්කුක් එයාගෙ කොලේජ් එකට රෙජිස්ටර් වෙන්න යන දවස.ජන්ග්කුක් ඇඳෙන් බැහැලා ඇවිත් වොශ් එකක් දාගෙන කොලේජ් එකට යන්න ලෑස්ති වුනා.කොල්ලා වෙනදටත් වඩා හරි ලස්සනට ඇඳගෙන...
" මං කොලේජ් එකට බැස්සොත් ලන්ඩන් කොල්ලෝ කැලේ..එතකොට ඉතින් කොලේජ් එකේ කෙල්ලෝ ඔක්කොම මගෙ තමයි...😏 "
ජන්ග්කුක් කන්නාඩිය ඉස්සරහට වෙලා හැඬ බලන ගමන් එහෙම හිතුවා.
" ජන්ග්කුක්..! තාම ලෑස්ති වෙලා ඉවර නැද්ද..? ඉක්මනට එන්න පරක්කු වෙනවා "
" ඉවරයි අම්මා... මේ එනවා... "
අම්මයි කුකියයි දෙන්නම කොලේජ් එකට යන්න ගෙදරින් එලියට බැස්සා..
"අම්මා..මං කාර් එක ගන්නම්. අම්මා නඟින්න."
ජන්ග්කුක් කාර් එක ගත්තට යන්න ඕනෙ කොහෙටද කියලා දැනගෙන හිටියෙ නැහැ..ඒ නිසා අම්මා ජන්ග්කුක්ට ලොකේෂන් දාලා දුන්නා.දෙන්නා යන ගමන් දෙන්නගෙ විස්තර කතා වුනා.ජන්ග්කුක් කොරියාවෙ ඉද්දි කරපු කියපු දේවල් වගෙම අම්මාගෙ ලන්ඩන් ජීවිතේ ගැනත්...
" අම්මා, ඔයා මෙහෙ ඉන්නේ සතුටින්ද..?
ජන්ග්කුක් අම්මගෙන් එහෙම ඇහුවේ ජන්ග්කුක් අම්මගේ ගෙදර නැවතිලා හිටපු දවස් කීපයෙදි දැකපු සමහරක් දේවල් නිසා.
" ඇයි පුතා එහෙම අහන්නේ..? පුතාට පේනවද මං සතුටින් නෙවෙයි කියලා "
අම්මා ජන්ග්කුක්ගෙන් එහෙම ඇහුවේ හිතේ ලොකු වේදනාවක් හිර කරගෙන වගේ.
" මම ඒක නිකන් ඇහුවේ අම්මා..මට ඕනෙ වුනේ අම්මා සතුටින් ඉන්නවද කියලා දැනගන්න විතරයි.."
ජන්ග්කුක් අහන්න හිතපු දේ හිර කරගෙන අම්මට එහෙම කිව්වා..ඇත්තටම ජන්ග්කුක් හිටිය දවස් දෙක තුනේදි දැකපු දෙයක් තමයි,අම්මගේ දැන් හස්බන්ඩ් අම්මා එක්ක වැඩි කතාවක් නැහැ කියලා.අම්මා දවල් වරුවට ගෙදර ඉන්නෙ තනියම.ඒ වෙලාවට හස්බන්ඩ්ගෙන් කෝල් එකක්වත් අම්මට එන්නෙ නැහැ.රෑ වෙලා ගෙදර ආවත් කෑම කාලා නිදාගන්නවා.අම්මත් එක්ක කතා කරන්නෙ නැහැ.අම්මත් එයා එක්ක කතා කරන්නෙ නැහැ.ජන්ග්කුක්ට වෙලාවකට හිතුනා එහෙම හැසිරෙන්නෙ ජන්ග්කුක් ඒ ගෙදර ඉන්න නිසාවත්ද කියලා..
" ඉස්සරහින් වමට දාන්න පුතා..දාපු ගමන්ම කොලේජ් එක තියෙන්නේ.."
" ආහ්.. හරි අම්මා."
ඔන්න කොලේජ් එක ලඟටම ආවා.සෑහෙන්න ලොකු කොලේජ් එකක්.ජන්ග්කුක්ට කොලේජ් එක දැක්කම එක පාරටම කියවුනා "වා....ව් දැන් නම් ඉතින් සැප තමයි..." කියලා.
කොලේජ් එක හරිම ලොකුයි.ඒ වගේම ලස්සන සුදු කෙල්ලෝ හැමතැනම.කොරියාවෙ සංස්කෘතියට වඩා හාත්පසින්ම වෙනස් සංස්කෘතියක් තමයි ලන්ඩන් වල තියෙන්නේ.අඳින පළඳින විදියෙ ඉදන් හැමදෙයක්ම.ජන්ග්කුක්ට මේවා දැකලා පිස්සු වගේ..
" කවුද හිතුවේ කොලේජ් එකක් කියලා කිව්වට මේක මේ වගෙ සුරපුරයක් කියලා...අවුරුදු දෙකක් නෙවෙයි මැරෙනකන්ම මං මේ කොලේජ් එකේ ඉන්නම්කෝ..."
ජන්ග්කුක් කොරියාවෙදිත් හරි දඩබ්බර ඒ වගෙම කෙල්ලන්ව ලඟින් ආශ්‍රය කරපු කොල්ලෙක් නිසා ජන්ග්කුක්ට මේ කොලේජ් එකේ කෙල්ලන්ව දැක්කම නිකන්ම එහෙම හිතුනා..
අම්මා ජන්ග්කුක් එක්ක කොලේජ් එකේ ඔෆිස් එකට ඇවිදගෙන යද්දි ජන්ග්කුක්ගෙ ඇස් තිබුනේ යන පාරෙ ඉන්න කෙල්ලො දිහා විතරයි.
"මේ කෙල්ලෝ ඇත්තටම මොනවද කන්නේ..මාර ෆිගර් එකක්නේ තියෙන්නෙ...😶"
ජන්ග්කුක් මේ වගේ කෙල්ලො දිහා බල බල විකාර හිත හිත යද්දි...
" Oh shit...I'm so sorry.. I didn't see ..Im sorry... Wait I'll get it"
වෙන වෙන දේවල් දිහා බලාගෙන ගියපු නිසා ජන්ග්කුක් ගිහින් කොලේජ් එකේ ලමයෙක්ගෙ ඇඟේ හැප්පිලා ඒ ලමයගේ අතේ තිබුන පොත් ඔක්කොම බිමට වැටුනා.ඒ පොත් ටික අරන් දෙන ගමන් ජන්ග්කුක් එයාගෙන් සමාව ඉල්ලුවා...
"Don't worry...Its okay😊"
.
.
.
.
.
.
.
.
.
.
ජන්ග්කුක්ගෙ ඇගේ හැප්පුනේ කවුද කියලා බලන්න නම් ඉතුරු chapter එක එනකම් ඉන්න වෙනවා....🤭👀
.
.
.
.
.
සීමා මායිම් නැති ආදරයක ආගන්තුක සම්ප්‍රාප්තිය 🥀
.............................🔞TRAINGLE🔞 ............................
( මේක මගේ පලවෙනි ff එක නිසා අඩුපාඩු ගොඩක් ඇති..🥺 ඒ නිසා හොඳ නරක තියෙනවා නම් කියන්න...)
ඊළඟ chapter එකත් coming sooooooooon...🤭👀
අදට බා......යි👋🤭