JUST FRIENDS 🤷 [ COMPLETED ]

Autorstwa JinNu97

13.1K 3.6K 2K

"කවදාවත් හිතෙන් ආදරේ කරන්න එපා .. ඒක ආදරේ කරලා අහිමිවෙනවට වඩා වේදනාවක්... "🥀 මං මින් යුංගි.. යාලුකමයි ආදරෙය... Więcej

Intro ✌️
1st Chapter ✌️
2nd Chapter ✌️
3rd Chapter ✌️
4th Chapter ✌️
6th Chapter ✌️
7 th Chapter ✌️
8th Chapter ✌️
9th Chapter ✌️
10th Chapter ✌️
11th Chapter ✌️
12th Chapter ✌️
13th Chapter ✌️
14th Chapter ✌️
15th Chapter ✌️
16th Chapter✌️
17th Chapter ✌️
18th Chapter ✌️
19th Chapter ✌️
20th Chapter ✌️
21th Chapter ✌️
22th Chapter ✌️
Final Chapter ✌️
Postscript ✌️

5th Chapter ✌️

532 149 40
Autorstwa JinNu97

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

Time Passed ...

හරි ඉක්මනට දවස්, මාස ගෙවිලා ගියා...ස්කූල් Graduation එකත් ලගයි..මින්හා උඩින්ම කොලේජ් එකට තේරෙද්දී මං යන්තම් ගැටගහන් දෙවනි වටෙන් කොලේජ් එකට තේරුනා..😪 ..... මං මින්හා එක්ක රණ්ඩු වුනාට පස්සේ එයා එක්ක කතා කෙලේම නැති තරම්.. මින්හාත් මට වැඩිය මූණ දුන්නේ නැහෑ.. මං වැරැද්දක් කලා . ඒත් ඊටත් වඩා කවදාවත් නැතුව මින්හා මාත් එක්ක කියවන් ආවා.. ඒ අරූ නිසානම් ඇයි මං මින්හාගේ ජීවිතේට වදයක් වෙන්නේ...මින්හා ජන්ග්කුක් එක්ක ඉන්න එක මට ඉරිසීයාවක් වගේ දැනුනත් ඒක මින්හාගේ කැමැත්ත.. ඒත් මේ හැගීම මොකද්ද කියන්න මටවත් තේරෙන් නෑ.. මින්හා මට මූන නොදි ඉන්න නිසාම මාත් එයාට කරදර නොකර මගෙ වැඩක් කරන් හිටියා.. එයා මහන්සි වෙනවා.. ඉගෙන ගන්නවා...ඒත් මං.. මං මොකද්ද මේ කරන්නේ ...කෙල්ලෝ එක්ක තැන තැන .. ශිට්.. මටම මේ ජීවිතේ එපා වෙනවා...ඇත්තටම මට මෙහෙම වුනේ ඇයි... ඇයි මං මෙහෙම ජීවිතයක් ගෙවන්නේ.. මං මෙහෙම ඉදලා හරියනවද?.. කවදා හරි මින්හා එයාගේ ජීවිතේ හොයන් ගියාම මං තනි වෙනවා නේද.. එතකොට මං මොකද කරන්නේ.. මං හැම වෙලේම හිතුවේ ජීවිතේ විදින්න විතරයි... ඒත් දැන් මට එකේ බරපතල කම තේරෙනවා .. මං මගේ ගමන යන්න ඕනේ.. ඔක්කොටම කලින් මම අනාතයෙක් වුනේ ඇයි කියලා හොයා ගන්න ඕනේ... මින්හාගේ ඔම්මා , අප්පා එයා පොඩි කාලෙදිම නැති වෙලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකකින්.. පස්සේ එයාගේ හල්මොනී එක්ක ජීවත් වෙලා එයාත් මින්හාව දාලා ගියම මින්හා මං හිටිය ළමා නිවාසෙට ආවා. එතකොට අපිට වයස අවුරුදු 6ක් වගේ.. මින්හා පොඩි කාලේ හරි බයයි.. කා එක්කවත් කතා කරන් නෑ.. පැත්තකට වෙලා ඉන්නවා.. ඒ නිසාම ළමා නිවාසේ ළමයි එයාට කරදර කරනවා.. මං ඉතින් පොඩි කාලේ ඉදන්ම චණ්ඩියා නිසා ගේමට බැහැලා කෙල්ලව බේර ගත්තට පස්සේ ඉදන් මින්හා මට ඇලිලමයි ඉදියේ.. 🙂 පව්.. ඒත් ලොකු වෙද්දිනම් මින්හා මටවත් බය වුනේ නෑ.. මාව බය කරන් තියා ගත්තා මිසක්.. කොල්ලෙක් වෙලත් මං මින්හා එක්කම ඉදියේ මින්හාව ආරක්ෂා කරන්න ඕනේ කියලා මට හිතුන නිසයි.. ඒත් එදා වුන දේ මගෙ හිත ගොඩක් පෑරුවා .. ඒ නිසාම මං මං වෙනුවෙන් දෙයක් කරන්න හිතුවා.. පොඩි කාලේ ඉදන් මට තිබුන එකම අරමුන මගේ පවුලේ අය හොයා ගන්න එක්ක. ඒත් කෙල්ලෝ එක්ක කාලේ කන්න ගත්තට පස්සේ ඒක මගෙන් මගඇරුනා.. දැන් ආයෙත් කාලේ හරි ඒ දේවල් හොයා ගන්න....

යුංගි ස්කූල් එකේ අන්තිම දවස් ටික ගත කලේ ගොඩක් වෙලාවට තනියෙන් එහෙම නැත්නම් ජින් එක්ක කැන්ටිමේ.. ඒ ඇරෙන්න යුංගී කෙල්ලෙක් එක්ක ඉන්නවා කවුරුත් දැක්කෙම නැති තරම්... මින්හාට වුනත් මේ දේ පුදුමයක් වුනත් ඒ ගැන වැඩිය නොහිතුවේ යුංගී ගැන තිබ්බ කෙන්තිය නිසයි...

ඒ වගේම මින්හාට තිබ්බ ලොකුම ප්‍රශ්නේ වුනේ යුංගී හැමදාම උදෙන්ම ගෙදරින් ගිහින් පරක්කු වෙලා ස්කූල් එකට එන එක..

----------------------

🙎 : මින් යුංගී මං ඔයාට කීවානේ ඊට වඩා දෙයක් මං දන් නෑ..

" මිස් අඩුම ගානේ මාව ගෙනාපු කෙනා ඉන්න ඇඩ්‍රස් එකක්වත් නැත්ද .?"

🙎 : මේ අහන්න පුතා.. ඔයාව මෙහෙට ගෙනාවේ ඔයාගේ කෙනෙක් නෙවේ .. ඒ ගෙනාපු කෙනා ගෙදරක වැඩ කරන කෙනෙක්.. එය එතකොටත් ගොඩක් වයසයි. සමහර විට දැන් එයා නැති වෙලත් ඇති...

" හරි මට ඒ කෙනා වැඩ කල තැන කියන්න.. "

🙎 : එයා ඒ ගැන කියන්න එපා කීවා.. මට කීවේ ඒ දේ රහසක් විදිහට තියන්න කියලා.. මොකද ඒකෙන් ඔයාගේ ජීවිතේට හානියක් වෙයි කියලා..

" මට ඇයි එහෙම වෙන්නේ?.. අනේ චේබාල්.. මට ඒ ගෙදර ඇඩ්‍රස් එක දෙන්න.. මං ඔයා ඒ දේවල් දුන්නා කියන් නෑ.. "

යුංගී ඇස් වල කදුලු පුරවන් අසරණ බැල්මකින් බලන් ඉද්දි ඒ ගෑනූ කෙනාගේ හිත උණු වෙලා ගියේ අසරණ ළමයි එක්ක ගෙවන ජීවිතෙත් එක්ක ඒ අය හිත් වල තියන් ඉන්න දුක වේදනාව දන්න නිසයී..

"Ae Hyung Childrens Home " ඒ තැන තමයි යුංගී වගේම මින්හාත් හැදුන වැඩුන තැන ... යුංගී හැමදාම උදෙන්ම එහෙට ගියේ එයාගේ අනන්‍යතාව ගැන මොනාම හරි හෝඩුවාවක් ලබා ගන්න කියලා හිතා ගෙනයි.. දවස් ගානක් ගියත් ළමා නිවාසේ භාර මේට්‍රන්ගෙන් ඒ කියන්නේ මිසිස්.ජන්ග් ගෙන් කිසිම දෙයක් දැන ගන්න නොලැබුනත් යුංගී වැඩේ අත ඇරියේ නැහෑ...

" මට මගේ ජිවිතේ හොයා ගන්න ඕනේ ඔම්මා.. මට තවත් මෙහෙම කාලකන්නියෙක් වගේ ජීවත් වෙන්න බෑ.. "

යුංගී මිසිස්.ජන්ග් ඔම්මා කියලා කතා කලේ පොඩි කාලේ ඉදන්ම යුංගිව හදා ගත්තේ ඒ කෙනා නිසයි..

🙎 : හරි.. මං කියන්නම්.. ඒත් යුංගී ඔයා පරිස්සම් වෙනවා කියලා මට පොරොන්දු වෙන්න..

" හරි මං ඔම්මාට පොරොන්දු වෙනවා... මං අමාරුවක වැටෙන් නෑ කියලා.. මට කියන්න ඒ තැන ගැන. "

යුංගිගේ බලකිරීමටම මිසිස්.ජන්ග් ෆයිල් වගයා ඇදලා අරන් ඒකේ තිබ්බ දෙයක් කොලේක ලියලා යුංගිගේ අතේ තිබ්බා..

🙎 : පුතා...

මුනේ ඇදුන හිනාවක් එක්ක යුංගී ආයෙත් යන්න හැරෙද්දී මිසිස්.ජන්ග් යුංගිව නැවැත්තුවා..

" දේ ඔම්මා.. ".

🙎 : ඔයාට ඔය ගමනෙදී ලොකු කරදර වලට මූන දෙන්න වෙයි.. ඒ හැමදේකටම පරිස්සමෙන් මූන දෙන්න.. මේ දේවල් තවත් හංගන් ඉදලා තේරුමක් නැති නිසයි මං කියන්න හිතුවේ.. දවස් ගානක් ඔයා මෙහේ ඇවිත් මට වද දුන්න නිසාම නෙවේ.. ඔයා මේ දේවල් දැන් හොයා ගන්න කාලේ හරි නිසයි.. "

" දේ ඔම්මා.. බය වෙන්න එපා.. "

යුංගි ආයෙත් මිසිස්.ජන්ග් ලගට ඇවිත් හග් කරලා ස්කූල් එකට ගියේ වෙනදටත් වඩා සතුටෙන්..

Meanwhile ...

" බලනවා මේ රිපෝර්ට්ස් ජන්ග්කුක් ... මං තමුන්ට උගන්වන්නේ මෙහෙම ග්‍රේඩ් එකක් ගන්නද?.. මට ඕනේ තමුන් මෙඩිකල් ෆැකල්ටි යන්න.. ඒත් ඔය ලකුණු වලින්ද තමුන් මෙඩිකල් ෆැකල්ටි යන්න හදන්නේ?... "

මිස්ට.ජොන් , ජන්ග්කුක් ගේ මූනට රිපෝර්ට් වලින් දමලා ගහලා කෑගැහුවේ මුලු ගෙදරම දෝංකාර දෙන තරම් හයියෙන්... රිපෝර්ටස් ටික වැදුන පාරට ජන්ග්කුක් ගේ ඇහැට පහලුන් පේපර්කට් එකක් ඇවිත් ලේ ගලන් ගියත් ජන්ග්කුක් ට ඒක දැනුනෙවත් නැති විදිහට බිම බලාගෙන හිටියේ අත් දෙක පස්සට කරන් ගැටහන් කේන්තිය පාලනේ කරන් හිටියා...

" කියනවා... තමුන් මට හොරෙන් මොනාද කරන්නේ?.. අහ්හ්හ්.. ජන්ග්කුක් උත්තර දෙනවා මට.. "

" අප්පා.. ඕක නවත්තන්න .. "

ඉවසගෙන ඉදලා බැරිම තැන ජන්ග්කුක් කට අරිද්දී මිස්ට.ජොන් ගේ අතක් ගිහින් නැවතුනේ ජන්ග්කුක් ගේ කම්මුලේ .

" මගේ කටවහන්නත් එනවද තමුන් දැන්... තමුන්.. තමුන්ට ආයේ කිසි නිදහසක් නෑ.. කොලේජ් යනවා.. එනවා.. පාඩම් කරනවා.. එච්චරයි ... කොහොමත් කොලේජ් එකේ මේන් සබ්ජෙක්ට් එක තෝර ගන්න කල් තියෙන නිසා ඒ කාලේ තමුන් තමුන්ගේ ග්‍රේඩ් එක වැඩි කර ගන්න ඕනේ.. ඒ වගේම ඒ ඔක්කොම වෙන්න ඕනේ මගේ ටයිම් ටේබල් එකට.. අරස්ස්සෝ ...? "

"😖😖😖😖 "

මිස්ට.ජොන් ජන්ග්කුක් ට අවවාද කරලා එතනින් යන්න හැදුවත් එක පාරට නැවතුනේ ජන්ග්කුක් එක පාරට අහපු දේ නිසයු ..

" අප්පාට ඔච්චරටම මාව ඩොක්ටර් කෙනෙක් කරන්න ඕනේ ඇයි . ? ඔයාගේ හොර වැඩ වලට මගෙන් උදව් ගන්නද? "

" මොකද්ද තමුන් කීවේ? "

" අප්පා.. ඔය දේවල් නවත්තන්න .. හරි මං අප්පා කියන විදිහටම ඉන්නම්.. ඒත් අප්පා ඔය වැඩ නවත්තන්න ඕනේ.. නැත්නම් අප්පට කවදා හරි මේ දේවල් වගේම මාවත් නැති වෙයි ..

" ජන්ග්කුක් 😡😡😡 "

මිස්ට .ජොන් තරහෙන් කෑගැහුවත් ජන්ග්කුක් බෑග් එකත් අරන් ගෙදරින් එළියට බැහැලා ඇවිත් එයාව ස්කූල් එකට එක්ක යන කාර් එක ගාවට වෙලා හිටගෙන ගේ දිහා ටික වෙලාවක් බලන් ඉදලා කාර් එකට නැග්ගා...

" ආජුස්සී ... මාව දෝහ්වන් එපාර්ට්මන්ට් එක ගාවට එක්ක යන්න.. "

---------------------

ජන්ග්කුක් කෙලින්ම ගියේ මින්හා හිටිය එපාර්ට්මන්ට් එක ගාවට .... වාහනේටම වෙලා මින්හා එනකම් බලන් හිටිය ජන්ග්කුක් ඈතින් මින්හා එනවා දැකලා වාහනෙන් බැස්සා ..

" ජන්ග්කුක් ...? "

" මින්හා එන්න. මාත් එක්කම යන්.. "

" ඒත්.. "

" එන්න අනේ ..."

ජන්ග්කුක් මින්හාව අත් වලින් ඉස්සරහාට තල්ලු කරගෙනම වාහනේ ලගට එක්ක ගිහින් කාර් එකේ දොරත් ඇරලා මින්හාව කාර් එකෙන් ඉන්දවලා දොරත් වහලා මින්හාගේ එපා පැත්තෙන් ගිහින් වාඩි වුනා..

" ආජුස්සී යන් .... "

මින්හා තවමත් හිතා ගන්න බැරුව බය වෙලා වගේ ඉද්දී ජන්ග්කුක් මින්හා දිහා බලලා ලස්සන බනී හිනාවක් දැම්මා..

ස්කූල් එක ලගට එනකම්ම දෙන්නා කතාවක් කලේ නැහෑ.. ස්කුල් ගේට් එක ගාව වාහනේ නවත්තනවත් එක්කම මින්හා ජන්ග්කුක්ටයි වාහනේ ඩ්‍රයිවර් ටයි දෙන්නටම ස්තූතී කරලා ඉක්මනින් බැහැලා ස්කූල් එක ඇතුලට දුවගෙන ගියා..

යුංගී මින්හා ජන්ග්කුක් ගේ වාහනෙන් බැහැලා යන දිහා බලාගෙන හිටියේ අත් දෙකම සාක්කුවට දාගෙන.. වාහනෙන් බැස්ස ජන්ග්කුක් යුංගී ව දැකලා යුංගි ලගට ආවේ කට කොනකින් හිනාවක් අරන්...

" මින් යුංගී .. 😈 "

" ජන්ග්කුක් 😈 "

" හහ්.. ඔහේට ගානක්වත් නැත්ද මින්හා මාත් එක්ක ඉද්දී?. "

" මං ඇයි ගනන් ගන්නේ?.. මින්හා මගේ කවුරුත් නෙවේනේ.. "

" 😑 ඇත්තටම තමුසේ මහා මෝඩයෙක් යුංගී.. "

" ඇයි.. 🤨 "

" මින්හා වගේ කෙල්ලෙක් නැති කර ගන්න එක.. "

ජන්ග්කුක් යුංගීගේ ශර්ට් එකේ උරිස්ස ගාව අතින් පිහදාලා හිනාවක් දාලා එතනින් යන්න හැරුනා...

" මින්හා මගෙන් ඈත් වෙන්නේ තමුසේ නිසා.. "

" ම්වෝ?. මං නිසා?. 😄 යහ්.. තමුසෙගෙම වැඩ නිසයි ඒ කෙල්ල තමුසෙගෙන් ඈත් වෙන්නේ.. දැන්වත් මොලේ පාවිච්චි කරනවා.. "

ජන්ග්කුක් යුංගී තරහෙන් පුපුරන කොට ගානකටවත් නොගෙන කියලා දාලා ස්කූල් එක ඇතුලට ගියා..

" ( ඇත්තටම මින්හා මගේ කවුද...ඇයි මං මෙච්චර එයා ගැන වදවෙන්නේ.. එයා කා එක්ක ගියත් මොනා කලත් ඇයි ඒක මට මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ.. මට මොකද්ද මේ වෙලා තියෙන්නේ.. ඇයි මං මේ මින්හා ගැනම හිත හිත ඉන්නේ.. )"

" යුංගියාආආආආආආ "

යුංගිගෙ කල්පනාව බිදවැටුනේ එක පාරට යුංගිගේ ලග ඇවිත් නවත්තපු කාර් එකෙන් බෙල්ලයි ඇගයි ඔක්කොම එලියට දාන යුංගිට අත වැනුව ජින්ගේ කෑගැහිල්ලටයි...

" අහ් 😒 උදේ පාන්දරම ආතල් දෙන්න එපා මනුස්සයෝ ... "

" අහ් වෙහ්හ්හ් 😙 මයේ උංගියා.. "

" එහාට පලයන් බන්.. අර කෙල්ලොත් හිනා වෙනවා.. "

" හනේ ඉතින් ..🙂 අද විතරනේ අපිට මෙහෙම ඉන්න පුලුවන්.. තව දවස් දෙකකින් .........තව...දවස්... දෙකකින්.........😭😭😭😭😭😭😭 හැහ්හ්හ්හ්හ්හ් අහ්හ්හ්හ් අහ්හ් ඔතොක්කේ ... මං කොහොමද යුංගියා උබ නැතුව ඉන්නේ.... හනේ.... අහ්හ්හ්හ්හ්. "

" 😒😒😒 මොන විකාරයක්ද බන් ඔය කරන්නේ.. "

" මට ටිකක් අඩන්න දෙන්න.. මේ වේදනාව යනකම් අඩන්න දෙන්න ... 😪 "

ජින් කීවේ යුංගිව බදා ගන්න ගමන්...

" 😒😒 උබ මගේ කෙල්ලද...? ආයිෂ්... එහාට යනවා... "

යුංගි ටිකක් වෙලා ඉවසන් ඉදලා ජින්ව එහාට තල්ලු කරලා දැම්මා.. ඒත් ජින් ආයෙම විකාර හිනාවක් එක්කම ඇවිත් යුංගිගේ අතේ එල්ලුනේ හරියට කෙල්ලෙක් වගේ....

--------------------------------

2 Days Ago....

" යුංගියා photos ගමු.. "

ජින් කැමරාවත් උස්සන් ආවේ කට්ටිය එක්කන high School Graduation දවසේ photo ගන්න ආසාවෙන් ...කට්ටිය ඔක්කොම බරටම photo ගන්නවා.. ඒත් මින්හා විතරක් පේන්න හිටියේ නැහෑ... යුංගිගෙ ඇස් හැමතැනම හෙව්වේ මින්හාව.. ඒත් කෙල්ල පේන්න නොහිටිය නිසා යුංගී ජින් එක්ක ගියේ photo ගන්න කියලා හිතන්...

" ඕකේ . හනා.....දුල්....සෙත්... 😊 ... අහ්හ් යුංගියා පොඩ්ඩක් හිනා වෙනවකෝ.. "

" හරි හරි.. 😒 "

" ඕකේ හනා.... දුල්...සෙත් .... 😊

"😊✌️ "


Photos අරන් ඉවර වුන ගමන් යුංගී දුවගෙන ගියේ මින්හාව හොයාගෙන.. හැමදාම වගේ මින්හා rooftop එකේ ඇති කියලා හිතුන නිසා යුංගි අඩියට දෙකට පඩිපෙල නැගලා rooftop  එකට ගියා..

--------------------------

මින්හා Graduation එකටත් ඉදලා ස්කූල් එකේ ඉන්න අන්තිම දවස නිසා හිත නිදහසේ ඒ හැගිම විදින්න හිතන් හැමදාම වගේ rooftop එකට ආවේ කාටවත් නොකියා ....

" මින්හා... "

මින්හාට පිටිපස්සෙන් ඇහුන ජන්ග්කුක් ගේ කටහඩ නිසා ගැස්සිලා ගියා.

" ජන්ග්කුක් ඔයා.. "

" මොකද මෙතන.. photo ගන්න තැන හිටියේ නැති නිසා මට හිතුන මෙතන ඇති කියලා... ".

" ජන්ග්කුක් photo ගන් නැත්ද?.. "

" ගත්තා.. "

"ම්ම්ම්ම් "

" ඇයි දුකෙන් වගේ.... "

" අනී.. අද වගේ දවස ඇයි දුක් වෙන්නෙ.. 😊 "

" ඒකනේ.. ඒත් යුංගි ලග නැති එක දුකක් නෙවේද? "

" ම්ම්.. දුකයි.. ඒත් මට එයාට මූනදෙන්න බෑ.. "

" ඔයා වැරැද්දක් කලේ නැහැනේ.. "

" ඔව් ඒත්.. අනේ මන්දා... එයා මගෙ යාලුවා.. මං ඒක ගැන නොහිතා ආදරේ කල නිසා මට මං ගැනම ලැජ්ජයි... "

" හිතන්න එපා.. කොලේජ් ගියාම ඔය ඔක්කොම අමතක වෙයි... ඒක නෙවේ.. අපි දෙන්නම එකම කොලේජ් එකේ නේද? "

" ම්ම් යුංගිත්.. "

" ම්වෝ?. "

" ඔව්.. එයාව දෙවන වටෙන් තේරුනා.. "

" වහ්... මේක වෙන්න ඇති දෛවය කියන්නේ... ඔය දෙන්නව මවලා තියෙන්නේ එකටම ඉන්නද කොහෙද. "

" 😄 මොනවද අනේ කියන්නේ.. ".

මින්හා හිනා වෙන ගමන් ජන්ග්කුක් ගේ පපුවට අතින් ගහලා දෙන්නා එක්කම හයියෙන් හිනා වෙන්න ගත්තා.. මින්හා පලවෙනි වතාවට ජන්ග්කුක් ගේ ඒ වගේ හිනාවක් දැක්කේ...

" ලස්සනයි ... "

" 😐 මොනවද..? "

" ජන්ග්කුක්ගේ හිනාව.. මං හිතන් හිටියේ ඔයා හිනා වෙන්න දන් නෑ කියලා... "

" මට හොදට හිනා වෙන්න පුලුවන්.. 😌 ඒත් ඒ හිනාව ආයේ දුන්නේ ඔයා මින්හා ... මගෙ හිතේ තියෙන බර ඔයා එක්ක ඉද්දී නැති වෙනවා... ඔයා හොද යාලුවෙක්.. "

" ඔයත්.. "

මින්හා ජන්ග්කුක් එක්ක කතා කර කර ඉන්න අතරේ යුංගි එතනට ආවා.. ටික වෙලාවක් ඒ දිහා බලන් ඉදලා යුංගි එතනින් ආවේ අදුරු වුන මුහුණකින්..

Few Days Later ...

" සුගා . ඔයා කොහෙද මේ යන්න හදන්නේ... ?"

" මං.. මං වෙන තැනක නතර වෙන්න යනවා.. කොලේජ් එක කිට්ටුව.. ඔයත් හොස්ටල් එකට යන නිසා මාත් මෙහෙ ඉදලා තේරුමක් නෑනේ.. "

" ඒත්.. ඇයි මට කීවේ නැත්තේ?."

" නිකන්.. ඔයාට බරක් වෙන්න බැරි නිසා.. මං පාර්ට් ටයිම් ජොබ් කිහිපයක් බැලුවා.. කොලේජ් යන ගමන් ඒ ටික කරලා කොලේජ් එකේ වියදම බලා ගන්නවා.. කෑමත් අවුලක් වෙන එකක් නෑ.. හොස්ටල් එකේ ඉඩ නැති නිසයි මං වෙනම ඉන්නේ.. මොකද මං දෙවනි වටෙන්නෙ ගියේ.. අවුලක් නෑ.. 🙂 ඔයා මං ගැන බය වෙන්න එපා... "

මින්හාට වචනයක්වත් කතා කරන්න ඉඩ නොතියා යුංගී බඩු ටිකත් අරන් යන දිහා මින්හා බලන් හිටියේ ඇස් වල කදුලු පුරවන් ....

" යුංගියා... පරිස්සමෙන් .. "

ඇහෙන නෑහෙන ගානට මින්හා කීවේ පපුවෙන් දැනුන වේදනාව අමාරුවෙන් ඉවසගෙන..

Yoongi Pov...

මට මින්හාව බදන් අඩන්න ඕනේ වුනා.. මට සමාව ගන්න ඕනේ වුනා.. ඒත් මගෙ හිත ඒකට ඉඩ දුන් නෑ.... ඒ ඇස් වල කදුලු පිරෙද්දී මගෙ පපුව පැලෙන්න තරම් වේදනාවක් ආවා.. පොඩි කාලේ ඉදන් මං ආස වුනේ නෑ මින්හාගේ කදුලු දකින්න.. අදටත් එහෙමයි.. ඒත් දැන් අපි පොඩි ළමයි නෙවේ මින්හා. ඔයා ජීවිතේට මං නැතුව මූණ දෙන්න ඕනේ.. ඔයාට දැන් ජන්ග්කුක් ඉන්නවා.. මං නිකන්ම නිකන් වැඩකට නැති එකෙක් විතරයි මින්හා.. මට සමාවෙන්න.. ඔයාව රිද්දුවට.. අද ඉදන්.. අපි නිකන් යාලුවෝ විතරක් වෙමු... 😔

යුංගි ගියාට පස්සේ මින්හා රූම් එකට වෙලා පැය ගානක් අඩන්න ඇති.... හිතේ දුක යනකම් ඒ තරහා වේදනාව ආදරේ කදුලු කරන්න ඇති.. ඒත් අද මින්හා ලග ඒ දුක අහන්න යුංගිවත් ජන්ග්කුක් වත් නැහෑ...

" මං හිතුවේ නෑ යුංගි ඔයා මාව තනි කරයි කියලා.. 😔 මට එදා කෑගහන් නැතුව ඉන්න තිබ්බේ... මියන්හේ ... මං ආත්මාර්ථකාමී වුනා.. මං ...මං ගැන විතරයි හිතුවේ.. මට..😭 මට හිටිය එකම පවුලත් නැති වුනා.... "

මින්හාගේ හැඩුම වෙදානවක් වෙලා කාමරේ පුරාම දෝංකාර දෙන්න ගත්තේ මින්හාගේ කදුලු වලින් බිම තෙත් කරමින්...

Time Passed ...

@ College ...

" අද කොලේජ් යන පලවෙනි දවස යුංගියා.. 🙂 ගැම්මේ යන්න ඕනේ.. ලස්සන කෙල්ලො එහෙමත් ඇති... හැබැයි ඉතින් ඉස්සර වගේ නටලා බෑ.... 😌 පොඩ්ඩක් ඩීසන් එකේ ඉන්න ඕනේ කොල්ලෝ... ආර්ට් පැත්තේ ඉන්න නිසා මින්හාව සෙට් වෙන් නැති වෙයි මට.. කොහොමත් හම්බුන් නැත්නම් තමයි හොද..මොකද ආයේ පරණ දේවල් මතක් වෙද්දී ආයේ මං පිස්සෙක් වෙයි..ඕකේ කොල්ලෝ... ඇතුලට යන්න්න්.. අනේ බයත් වගේ.. මෙහෙ සොම්බෙලා මාව මඩවයිද දන් නෑ... ජිනත් නැ. 😭 හනේ ජිනා... තව්සේ නැතුව මයේ අත් දෙක පාලුයි මනුස්සයෝ .... "

යුංගී හිතලා ඇතුලට යනවත් එක්කම එක පාරට ගැස්සිලා ගියේ අතේ එල්ලුන කෙනාව දැකලයි...

" ජි....ජිනා... 😲 උබ කොහෙද මෙහේ.. "

" Surprise ... 😌 ඔත්තේ? කොල්ලා ෆුල් හොල්මන් නේද? "

" යහ්හ්... උබ මොකද මෙහේ කරන්නේ..? "

" ම්ම්. මාත් මේ කොලේජ් තමයි.. හැබැයි උබලා වගේ නෙවේ.. මං ඔන්ලයින් කරන්නේ . මං ඩිසයින් පැත්ත කරන නිසා මට හැම වෙලේම කොලේජ් එන්න බෑනේ.. ඉතින් ඒක නිසා ඔන්ලයින් කරන්නේ .. ෆැශන් ඩිසයින් ගැනම.. 😌 කොල්ලා දස්සයි නේද.. ඒක නේද උබ ඔය හිතන්නේ? "

" දස්සයි?.. මුසන්.. ( මගුල තමයි) 🙂 මට උබෙන් ගැලවීමක් නැත්ද බන්?.. "

" මගෙන් ඇත් වෙන්න් බෑ මයේ පන ඔයාට.. 😗😙😙"

" යා යා අයින් වෙනවා.. මේක කොලේජ් එක ඕයි.. ස්කුල් එක නෙවේ.. ".

" 🙂🙂 මියාන්.. "

" ඉතින් උබට ඔන්ලැයින් නම් ඇයි උබ මේ ආවේ..?"

" මං ආවේ රෙජිස්ටර් වෙලා ඒ ලෙක්චර්ස්ලව බලන්න.. "

" ම්ම්ම් ම්ම්ම්.. කජා..
.
.
.
.
.
මං මේ නොකීවට උබ නැතුව පාලුවෙන් හිටියේ 😐 "

" අරා ( දන්නවා.) 😗 "

" ඕක තමයි එපා වෙන්නේ 😒 පලකෝ එහාට.. "

හැමදාම වගේ යුංගී ජින් එක්ක රණ්ඩු වෙවි කොලේජ් ලයිෆ් එක පටන් ගත්තේ එහෙම...
ටික දුරක් ඇවිදන් ගිහින් යුංගී එයාගේ ලෙක්චර් තියෙන පැත්තට යන්න හදද්දීම එක පාරට නැවතුනේ දැකලා පුරුදු මූනක් ඉස්සරහින් එනවා දැක්ක නිසයි...

" තමුන්.. 🤨 "

" උප්ස්... 🙂 ඉගෙ නුගු ? (මේ කවුද) වහ්හ්.. මේකනම් මරු.. එහෙනම් අපි ආයේ හම්බුනා.. 😄 හෙලෝ මගේ Junior ... මං මෙහේ මැනේජ්මන්ට් වල Senior කෙනෙක්.. 😉 Nice To Meet You.. Im Jung.........Ho.......Seok.... 😈 "

හෝසොක් යුංගීට අතට අත දෙන ගමන් කීවේ ඔලුව පැත්තකට හරවලා කට කොනකින් කපටි හිනාවක් පෙන්වන්..
.
.
.
.
.
.
.


___________________________________________

අන්න්‍යොන්ග් චින්ගුලා 🤫❤️

යුංගී හොසොක් දෙන්න අදුරන්නේ කොහොමද? 🙄

ඔන්න වීරයා කතාවට ආවා.. 😉 ඔක්කොම බලන් හිටියේ හෝබී එනකම් නේ.. එහෙනම් දැන් තමයි යුද්දේ පටන් ගන්නේ.. කේ බායි..

Borahae 💜️

Czytaj Dalej

To Też Polubisz

12.6K 1.7K 31
ඇතුලත ලාවා ගංගාවක් මෙන් පිටාර ගැලුවත් පිටතින් මං දැවී දැවී සියල්ල දරාගත්තෙමි.... 🚫𝐎𝐍𝐋𝐘 𝐅𝐀𝐍 𝐅𝐈𝐂𝐓𝐈𝐎𝐍🚫 sinhala❥ 𝐠𝐢𝐫𝐥♡𝐛𝐨𝐲 𝐤𝐢𝐦...
3.9K 765 10
කොරියාවට ඉගෙන ගන්න එන තරුණියක් . ඇයට අහම්බෙන් හම්බෙන අපූරු මිතුරෙක්. ඇයගේ ජීවිතයට පැමිණෙන අහංකාර තරුණයෙක්. බාදක රැසක් අතරින් ගලා යන ආදර කතන්දරයක්. හ...
89.9K 12K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
108K 18.5K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...