Chapter 36

503 106 76
                                    


"ඕක සිහියෙන් කරපන් පෘථිවි බලපං ඔක්කොම තින්ත බිමනේ.. තොට මදන යකා ගහලද උදේ ඉදන් පිස්සු කෙලින්නේ.. මන් ඊයේ රෑ ඉදලා නෝට් කරන් ඉන්නේ... ඇත්ත කියපං මොකක්ද කරේ.. නැත්තම් කවුරුහරි මොනවහරි කිව්වද.. සිහියෙන් වැඩක් කරන්න බැරිනම් පලයං යන්න මෙතනින්"


"යනවා තමා මෙතන ලගින්න ආවේ නෑ රෙද්ද"


මන් එහෙම්ම තින්ත පින්සල බිම පොළවේ ගහලා පවිරුටත් රවාගෙන ක්ලාස් රූම් එකෙන් එලියට ආවා.. මට දැන් හේතු නැතුව තරහා යනවා.. ඔලුවත් එක්ක අවුල් වෙලා තියෙන්නේ.. මේලෝ සිහියක් නැතුව බිත්ති පේන්ට් කරලා ඔලුවේ ඉදන් පේන්ට්ස් ගෑවිලා.. ඔක්කොටම කලින් නාගන්න- නාන්න- එක්කෝ ඕන්නෑ!

අපි දැන් ඉන්නේ අර ඉස්කෝලේ.. උදේ පාන්දරම ටීම් එකත් එක්ක පන්සල් පාර දිගේ පයින්ම ආවා.. හිතුවට වඩා ස්කූල් එක මාරම පොඩි.. ඉරිදා දවසක් නිසා ළමයි කවුරුත් නෑ.. හෙටනේ එයාලා එන්නේ.. මුළු ස්කූල් එකටම බිල්ඩින් තුනක් වගේ තියෙනවා ඒවත් හරියට නෑ දිරාපත් වෙලා.. ඒ උනාට මාරම ලස්සනයි වටපිටාව.. ඒ වගේම පුදුම සීතලයි.. හැම තැනම එක එක ජාතියේ පැල හදලා ග්‍රීන් හවුස් එක්කුත් තියෙනවා.. එක කොනක තිබ්බා බෝලයක් වගේ ලොකු සිමෙන්ති ටැංකියකුත්..

අපේ උන් ආව වෙලේ ඉදලා දාගෙන වැඩ.. කොල්ලෝ වහලවල් වල නැගලා සුද්ද කරනවා.. කෙල්ලෝ ටික ඩෙස් පුටු පේන්ට් කරනවා.. සෙට් එකක් බිත්ති පේන්ට් කරනවා.. ඒ අස්සේ අපේ ෆැකල්ටියේ උන් බිත්ති වල ඩ්‍රෝවින් අදිනවා.. ඉන්ජෝ කැඩිච්ච බල්බ් අනම් මනන් හදලා කරන්ට් එක අදිනවා.. ඇග්‍රි සෙට් එක ළමයින්ගේ වගාවක් අස්සට වෙලා ඒවගේ අඩුපාඩු බලනවා.. කට්ටිය බෙදාගෙන කරගෙන වැඩ..

අපි එනවා කියලා දන්න නිසා ගමේ ස්කෝලේ ළමයින්ගේ අම්මලා තාත්තලා පවා ඇවිත් අපිට උදව් කරන්න ගත්තා.. අපිව බලන්න කියලා වතු වල මිනිස්සු පවා ඇවිත් ගියා.. එයාලට මෙහෙම මිනිස්සු එන එකත් අලුත් දෙයක් වගේ.. ගමේ හිටියේ මාර හොද මිනිස්සු.. සල්ලි අතින් දුප්පත් උනාට මනුස්සකම අහස උසට.. මහ ලොකු සල්ලියක් නැතත් අපිට කන්න පවා එක එක ජාති හදන් ඇවිල්ලා තිබ්බා.. දන්නවා වගේ අපිත් එක්ක කතාව.. අපේ උනුත් එහෙමයි.. මුළු ස්කූල් එකම අපේ සද්ද වලින් පිරිලා ඉතිරිලා..

SITHTHARA Where stories live. Discover now